Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Author: කේ ඩබ්ලිව් ජනරන්ජන

දේශපාලන

හෙට වෙන මහේස්ත්‍රාත්වරයකු ‘ඇඳිරි නීතිය වැරදියැ’යි කිව හැකිය 

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පසුගිය කාලයේ ගිලී සිටි ප්‍රශ්නයකට මඳ අස්වැසිල්ලක් ලබාදෙමින්, ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න, ‘ඇඳිරි නීතිය නීත්‍යනුකූල’ යැයි කිව්වේය. ඒ තීරණයෙන් මහත් සොම්නසට පත් අජිත් රෝහණ මහතා, (ඔහුද නීතිඥයෙකි.) මාධ්‍ය ඉදිරියට පැමිණ, මෙතෙක් කල් ඇඳිරි නීතිය නීත්‍යනුකූල නැතැයි  කියූ අයට හතර අතේ අවලාද…

දේශපාලන

ව්‍යවස්ථාව කුණුකූඩයට දමා ගෙනයන පාලනයක් 

ගෝඨාභය රාජපක්‍ෂ මහතාත් ඔහුගේ ආණ්ඩුවත් මේ දිනවල පාලනය ගෙනයන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කුණුකූඩයට දමාය. රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් කැඳවුණු උපදේශක සංඝයා, ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පිටින් නම් කිසිම දෙයක් කරන්නට එපා ජනාධිපතිතුමා’යැයි උපදෙස් දෙද්දීත්, ජනාධිපතිවරයා දැන් පාලනය ගෙනයන්නේ එම ‘යතිවර අවවාදයට’ද නිගා කරමින්, ව්‍යවස්ථාවට පිටතිනි. අපේ‍්‍රල් 30 වැනිදායින් පසු…

දේශපාලන

අගමැතිගේ රැස්වීම් උගුලට හෙසු නොවිය යුතුය 

අගමැතිවරයා විසින් කැඳවන ලද, මැයි 4වැනිදා සාකච්ඡාවට දැනටමත් ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය සහභාගි නොවන බව තහවුරු කර තිබේ. එය ගත යුතුව තිබුණු බුද්ධිමත් දේශපාලන තීන්දුවකි. මේ මොහොතේ අවශ්‍යව තිබෙන්නේ පාර්ලිමේන්තුව නීත්‍යනුකූලව කැඳවීම ම පමණකි. ඒ වගකීම එන්නේ ජනාධිපතිවරයාට, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේය. අපේ‍්‍රල්…

දේශපාලන

ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගේ නැති වියත් වහල්ලූ 

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට උපදෙස් දෙන තුන් කොටසක් සිටිති. පළමුවැනි කොටස, වියත්තුය. දෙවැනි කොටස දේශපාලකයෝය. තුන්වැනි කොටස භික්‍ෂූහුය. මින් අවසන් කොටස වන භික්‍ෂූන් පසුගිය දිනයක රැස්කළ විට කී කතා ජනමාධ්‍යවල පළවිය. ඒ අදහස්වලින් පෙනෙන කාරණා කිහිපයකි. එකක්, ඔවුන් ව්‍යවස්ථාව ගැනවත්, නීතිය ගැනවත්, රට පාලනය ගැනවත් කිසිවක්…

දේශපාලන

ජනාධිපති ව්‍යවස්ථාව කඩනු ඇත 

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, 2018 ඔක්තෝබරයේදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කඩා, අගමැති සිටියදී අලූත් අගමැතිවරයකු පත්කෙළේය. නොවැම්බර මුලදී පාර්ලිමේන්තුව විසුරුවා නැවතත් ව්‍යවස්ථාව කඩකළේය. ශ්‍රේෂ්ඨාධිකරණය, ඒකමතිකව, සිරිසේන ජනාධිපතිවරයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කඩකර ඇති බව තීන්දු කෙළේය. සිරිසේන ජනාධිපතිවරයා මේ අපකීර්තිමත් තත්ත්වයට පත්වුණේ තමාගේ ධුර කාලයේ අවසාන භාගයේය. අද ඔහුට සිදුවී…

දේශපාලන

හමුදා මනසකින් වසංගත මර්දනයට යාමේ විපාක 

කොරෝනා වසංගතය, දැන් ආණ්ඩුවේ ගණන් හැදීම්වලින් මුළුමනින්ම අපගමනය වෙමින් තිබේ. අපේ‍්‍රල් 19වැනිදා වන විට, සම්පූර්ණයෙන්ම වසංගතය පරාජය කිරීමට කළ ගණන්බැලීම් දැන් සීසීකඩය. දැන් දිනකට ආසාදිතයන් වාර්තා වන්නේ ඉහළ ගණනකිනි. ඒ ආසාදිතයන් අතරින් බහුතරය හමුදා සාමාජිකයන් වීම ආණ්ඩුව කිසිසේත් බලාපොරොත්තු වූවක් නොවේ. අපේ‍්‍රල් 26 වැනිදා මේ…

දේශපාලන

නීතියේ පාලනය වල් වදින කාලයක් යළිත් ඇරඹී තිබේද? 

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීම ගැන දැනගන්නට තිබෙන කරුණුවලින්, 2015 දී පරාජය කරන ලද, නීතියේ ආධිපත්‍යයට සතුරු දේශපාලන බලවේග නැවතත් හිස ඔසොවා ඇතිදැයි සැකයක් මතුවෙයි. නීතියේ නියම කර ඇති පිළිවෙළට පිටින් ගොස් අත්අඩංගුවට ගැනීම්, රඳවාගැනීම්, පහරදීම්, පැහැරගෙනයෑම්, අතුරුදහන් කිරීම්, ඝාතනය කිරීම් හා…

දේශපාලන

කොමිසම ජනඝාතක තීන්දුවක් ගනීවිද? 

මැතිවරණ කොමිසම 20 වැනිදා රැස්වෙයි. ඒ මහමැතිවරණය පැවැත්වීම ගැන තීරණයක් ගැනීමටය. මේ මොහොතේ, මැතිවරණය පැවැත්වීමට දිනයක් නියම කිරීම බෙහෙවින් අසීරු දෙයකි. ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කපන්නාහේ ජනාධිපතිරයාත් ආණ්ඩුවත් හදන්නේ, ඒ අසීරු තීරණය ගැනීම කොමිසම මතම පවරා අත් සෝදා ගැනීමටය. එවිට, ඉන් ඇතිවන භයානක විපාකවලට…