Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Author: කේ ඩබ්ලිව් ජනරන්ජන

දේශපාලන

ඡන්ද තීන්දුව ජනපති අතේ නැත 

අපේ‍්‍රල්  18 වැනිදා, ලංකාදීප පුවත්පතේ ප‍්‍රධාන සිරස්තල දෙකෙන් එකක් ‘ඡන්ද තීන්දුව ජනපති අතේ’  යනුවෙන් විය. ‘නීතිවේදීහු කියති’ යනුවෙන් උපශීර්ෂයක්ද එහි විය. ‘කොරෝනා වෛරසය හේතුවෙන් දින නියමයක් නැතිව කල් දමා ඇති මහමැතිවරණය පැවැත්වෙන දිනය, මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබන 25 වැනිදාට පෙර ප‍්‍රකාශයට පත් නොකළහොත්, එම…

දේශපාලන

ජනාධිපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න 

ආණ්ඩුවත්, ආණ්ඩුවට හිතවත් මාධ්‍යත්, මේ මොහොතේ පාර්ලිමේන්තුව නැතිව ඉදිරියට යායුතුයි කියන මතයක් සමාජයේ වගා කරනවා. මුලින්ම, පාර්ලිමේන්තුවේ තියෙන වැදගත්කම මොකක්ද? ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක වන ආකාර කිහිපයක් තියෙනවා. ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුව තුළින්. විධායක බලය ජනාධිපති සහ කැබිනට් මණ්ඩලය හරහා. අධිකරණ බලය අධිකරණ හරහා….

දේශපාලන

මැතිවරණ කොමිසම එක්ක තරහ ඇයි? 

මැතිවරණ කොමිසම දැන් සමහරුන්ට අරහං වී තිබේ. බැලූ බැල්මට පෙනෙන්නේ, ආපදාවට පත් මිනිසුන්ට සහන සැලසීමේදී දේශපාලන වාසි නොගන්නා ලෙස කොමිසම පසුගියදා දේශපාලනඥයන්ට කළ අවවාදය ඒ තරහට හේතු වී තිබෙන බවයි. කිපුණු ආණ්ඩුවේ වාචාල ඇමතිවරු, මැතිවරණ කොමිසමට පාතාල චණ්ඩින් සේ අවලාද කියති. කොමිසම කළ අවධාරණය වැරදිද?…

විශේෂාංග

බලහත්කාරයෙන් විසුරුවා හැරියේ නීත්‍යනුකුල පාර්ලිමේන්තුවකි 

කොරෝනා අර්බුදයෙන් ගොඩඒමට සහායක් වශයෙන් පාර්ලිමේන්තුව රැස්කළ යුතුය යන අදහස ඉස්මත්තට පැමිණීමත් සමග ඊට එරෙහිව අවි අමෝරාගත් පොහොට්ටු භික්‍ෂූන්, විසකුරු ජාතික චින්තකයන් හා ව්‍යාජ උගතුන් කියන කතාවලින් මේ දිනවල ආණ්ඩුවට හිතවත් මාධ්‍යවල ප්‍රවාත්ති ප්‍රකාශ පිරී තිබේ. මේ පිරිසගේ අවශ්‍යතාව වන්නේ පාර්ලිමේන්තුව රැස් නොකර, ගෝඨාභය රාජපක්‍ෂගේ…

දේශපාලන

ජනාධිපති කොමිසම අධිකරණය ඉදිරියේ යටත් වූ හැටි 

‘ජනාධිපතිවරයා විසින් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීම සඳහා කොමිසමක් පත්කර තිබෙන්නේ ඉතාම යහපත් චේතනාවකින් වුවත්, මෙවැනි අත්තනෝමතික ක‍්‍රියාකලාපයන් හරහා එම කොමිසමේ කොමසාරිස්වරුන් ජනාධිපතිවරයාගේ කීර්තිනාමයටද හානි කරමින් සිටිනවා.’ අලි රොෂාන් හෙවත් නිරාජ් රොෂාන් ඇතුළු විත්තිකරුවන් පස් දෙනකුට එරෙහිව, අලි ඇතුන් පස්දෙනකු නීති විරෝධීව තබාගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන්…

දේශපාලන

ගෝඨාභයගේ ඇඟට මහන අලූත් ව්‍යවස්ථා ඇඳුම 

යහපාලන ආණ්ඩුව අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා අතගැසුවේ 2016 ජනවාරි 9 වැනිදා සිටය. එදින, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ සමාරම්භක කතාවෙන් පසුව, මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත්කෙරෙන යෝජනාවක් ඒකමතිකව සම්මත විය. ඒ ක‍්‍රියාවලියට කිසිදු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු විරුද්ධ වුණේ නැත. අලූත් ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා මහජන…

මනුවර්ණගේ සතිය

නීතිපති ජනාධිපතිගේ විසකුරු කොමිසම නොකවුට් කළ හැටි 

පසුගිය ආණ්ඩුව විසින් කළ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පත්කළ ජනාධිපති කොමිසම, සිය විසකුරු අඬු විහිදුවන්නට පටන් ගත් මොහොතේම, පසුගිය සතියේ නීතිපති දප්පුල ද ලිවේරා විසින් නොකවුට් කර දමනු ලැබීය. මේ කොමිසම පිහිටුවීමේ අරමුණ පසුගිය ආණ්ඩුවෙන් කළ දේශපාලන පළිගැනීම් ගැන සොයාබලා ඒවා ගැන…

දේශපාලන

වීරයන් නැති කාලයක වීරයන්දෙදෙනෙක් 

තමා සමග කතාකළ අයගේ සංවාද පටිගත කිරීම ගැන රන්ජන් රාමනායක දක්වන ක්‍ෂමාලාප කිසිසේත් පිළිගත හැකි ඒවා නොවේ. ඔහු කියන්නේ ආරක්‍ෂාව සඳහා ඒවා පටිගත කළ බවයි. එහෙත්, තමන්ගේ යහළු යෙහෙළියන් සමග කරන ලද අතිශය පෞද්ගලික ස්වභාවයේ සංවාද පවා පටිගත කළේ කුමන ආරක්‍ෂක හේතුවක් නිසාදැයි ඇසුවහොත් ඔහුගේ…

දේශපාලන

කතානායක පාර්ලිමේන්තුවේ බලය රැකගත යුතුය 

මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුවලට අදාල වෝහාරික විගණන වාර්තාව එම විගණනය කළ සමාගම් දෙක විසින් මහබැංකුවට බාර දෙන ලද්දේ පසුගිය වසරේ නොවැම්බරයේදීය. මෙලෙස වෝහාරික  විගණනයක් කැඳවීමට සිදුවුණේ, පසුගිය ආණ්ඩුවේ පාලන සමයේ මුල් මාස කිහිපය ඇතුළත සිදුවුණු කුප‍්‍රකට මහ බැංකු බැඳුම්කර වංචාව ගැන විමර්ශනය කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල…

දේශපාලන

රෝයල් පාර්ක් ඝාතකයාට ජනාධිපති සමාව දීමේ තිත්ත කතාව 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, නොවැම්බර් 16වැනිදා සිය එකම ජනාධිපති ධුරකාලය අවසන් කරන්නේ, ලංකාවේ පහළවූ අපකීර්තිමත්ම ජනාධිපතිවරයා හැටියට යැයි කිවහොත් වරදක් නැත. ඒ කාලය තුළ ඔහු කළ කී බොහෝ දේ, එක පැත්තකින් රජවාසල කවටයකුගේ භූමිකාව සංකේතවත් කළ අතර, අනෙක් පැත්තෙන් රටේ යහපැවැත්මට බරපතළ ලෙස හානිදායකද විය. එවැනි…