Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: Anidda Newspaper

තීරු ලිපි

ගෝඨාභය ජනාධිපති කාලයේ මුස්ලිමුන්ගේ දුක්ඛප්‍රාප්තිය 

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති පදවියට පත්වුණේ 2019 ජනාධිපතිවරණයේදී සුළුතර වාර්ගික ජනතාවගේ සැලකිය යුතු දායකත්වයක් නැතිවය. එහි ප්‍රතිඵලයක් ලෙස ධුරප්‍රාප්තියත් සමගම හේ, සුළුතර වාර්ගික විරෝධය ප්‍රකාශිතවම පළකරන්නට පටන්ගත්තේය. ඒ, මුලින්ම, දමිළයන්ට කනේ පහරක් ගැසුවා වැනිව, රුවන්වැලි සෑය අබියස දිවුරුම් දීමෙනි. තමා පත්වුණේ සිංහලයන්ගේ ඡුන්දයෙන් බව ඔහු…

දේශපාලන

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කළ යුත්තේ ඇයි? – ජයදේව උයන්ගොඩ 

මේ දිනවල ලංකාවේ දේශපාලන-ආණ්ඩුකරණ ක්‍රියාවලියේ විශේෂ පරිවර්තනීය ප්‍රවණතාවක් ප්‍රකාශ වෙමින් පවතී. එය නම්, ජනාධිපතිවරයා නායකත්වය දෙන විධායකය තුළත්, ජනාධිපතිධුරය වටාත්, රාජ්‍ය බලය කේන්ද්‍රගත වීමයි. පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබියද, පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි වීම නිසා ව්‍යවස්ථාදායකය අකර්මණ්‍ය වීම මෙම ක්‍රියාවලිය පසුබිමෙහි ඇති එක් සාධකයකි. දෙවැන්නක්ද තිබේ….

කතුවැකිය

රාජ්‍ය සේවය ගැන අවිශ්වාසය 

සෞඛ්‍ය අමාත්‍යාංශයටත්, මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයටත් ජනාධිපතිවරයා විසින් පිළිවෙළින්, සේවයේ සිටින හා විශ්‍රාමික ඉහළ හමුදා නිලධාරීන් දෙදෙනකු පත් කරනු ලැබ තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීම ජනාධිපතිවරයාගේ කාර්යයක් වන අතර, ඒ සඳහා රාජ්‍ය පරිපාලන සේවයෙන් ම කිසිවකු තෝරා ගත යුතු…

විශේෂාංග

නිහඬතාවේ හඬ – කැත්ලීන් ජයවර්ධන 

වෙසක් සද කිරණ උත්තම ආලෝක පූජාවක් බවට පත් කරමින් යථානුරූපී වෙසක් රැයක් උදා වුවේ ය. ගෙවී ගියේ ය. වෙසෙ`ගහි සැබෑ අරුත පසක්කර ගැනීමට පු`ඵල් අවකාශයක් විවර කළ මුල් ම, නිස්කලංක ම රැය එය වූවේ ය. අප එසේ කියන්නේ අපගේ ජීවිත කාලය මු`ඵල්ලේ උදා වී, ගෙවී…

දේශපාලන

පකිස්තානය වළ දැමූ ලංකාව ගොඩ නොගත යුතු අවශ්‍යතාවේ මූලධර්මය 

ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න අවශ්‍යතාවේ මූලධර්මය මුල් වරට සාකච්ඡාවට බඳුන් වුණේ අපරාධ නීතියේ මූලධර්මයක් ලෙසය. එමගින් මෙතෙක් අනීතික නොවූ යම් කිසිවක්, ඒ වන විට මතු වී තිබෙන අවශ්‍යතාව හේතුවෙන් නීතිමය බවට පත් කරනු ලැබේ. අපේ දණ්ඩ නීති සංග්‍රහයේ 74 වගන්තිය පැහැදිලි කිරීමට යොදාගන්නා උදාහරණයකට…

දේශපාලන

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලකේන්ද්‍ර දෙකක් ඇතිවූයේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් නොවේ – හර්ෂ ගුණසේන 

දහ නව වන ව්‍යවස්ථා සංශෝධනය මගින් බලකේන්ද්‍ර දෙකක් ඇති කිරීම හරහා රට අස්ථාවර භාවයකට හෙළනු ලැබූ බවට පසුගියදා චෝදනා එල්ල විය.  ව්‍යවස්ථාවේ  19 වන සංශෝධනය අහෝසි කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් අවශ්‍ය බවත් ජනාධිපතිවරයාද  පවසා තිබුණි. ඔහුගේ මැතිවරණ ප්‍රකාශනයේ…

දේශපාලන

ඩිංගි ගැහිල්ල නැටුමක්ද? 

 කලකට ඉහත මා ලියූ දේශපාලන විචාරයක් අතර, ඩිංග ගැසීම ගැන සඳහනක් විය. එය කියැවු කිහිප දෙනෙකු කළ විමසීම් අනුව, ඔවුනට ඒ වචනය ආගන්තුක මෙන්ම නුහුරු තේරුම නො දන්නා යෙදුමක් බව මට හැ`ගිණ. එක් ප‍්‍රාමාණික බුද්ධිමතෙකු මගෙන් විමසා සිටියේ ඩිංගි ගැසීම නැටුමක් නොවේද කියාය. එය ඇසූ…

විශේෂාංග

කොරෝනා සමයේ ලංකාවේ පාසල් දරුවන්ගේ දුරස්ථ අධ්‍යාපනය පිළිබඳ ඇගයීමක් 

මාර්තු 12දා හදිසියේ පාසල් වසා දැමීමත් සමග ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළ අර්බුදයක් නිර්මාණය විය. එක රැයින් තම ඉගැන්වීම් ක‍්‍රමය අන්තර්ජාලය පාදක කරගෙන දුරස්ථ ආකාරයට හැඩගස්වා ගැනීමට ගුරුවරුන්ට සිදු විය. අගෝස්තු මාසයේ සිට ඉදිරියට පැවැත්වෙන පහ ශේණියේ ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. උසස් පෙළ හා සාමාන්‍ය පෙළ…

විශේෂාංග

කුරුණෑගල අධ්‍යක්ෂට එරෙහිව එදා නොතිබුණු විරෝධයක් අද මතුවුණු හැටි 

‘සාෆිගේ වැඬේ ඇද්දේ මම තමයි.’ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ දන්ත වෛද්‍ය සරත් වීරබණ්ඩාර පසුගිය දිනෙක ලියුම්කාරිය කළ විමසීමකදී එසේ කීවේ ආඩම්බරයෙනි. එහෙත් ඒ ආඩම්බරය පසුපස අසරණකමක්ද ඇති බව ලියුම්කාරියට හැඟුණි. මීට මාස කිහිපයකට පෙර ඔහු සාෆිට එරෙහි සටනේ ‘වීරයෙක්’ විය. අද ඔහු තනතුරෙන් පහ කරන්නට…

පුවත්

වැලිසර නාවික හමුදා සිද්ධිය සහ නිරෝධායනයෙන් රිංගන කොවිඞ් 

පසුගිය අප්‍රේල් 20 දින බස්නාහිර පළාත, පුත්තලම දිස්ත්‍රික්කය ඇතුළු සීමිත ප්‍රදේශ කිහිපයක් හැරෙන්නට ඉතිරි ප්‍රදේශ සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය දහවල් කාලය සඳහා ඉවත්කරනු ලැබිණි. ඒ සමග ජනාධිපති කාර්යාලය නිවේදනය කළේ කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම යන දිස්ත්‍රික්කවල සීමිත පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හැර ඉතිරි ප්‍රදේශවලද…