No menu items!
30.4 C
Sri Lanka
17 September,2024

නාමල්ගේ මාමණ්ඩියගේ ව්‍යාපාරය ඇතුළු පෝට්සිටි ව්‍යාපාර නීත්‍යනුකූල නෑ – නීතිපති

Must read

නාමල් රාජපක්ෂ මහතාගේ මාමණ්ඩිය වන තිලක් වීරසිංහට අයත් Lanka Sportsrizen සමාගම ඇතුළු රාජපක්ෂ පවුලේ හිතවත් ව්‍යාපාරිකයන් සඳහා කොළඹ වරාය නගරය තුළ ව්‍යාපාරයන් සිදුකරගෙන යාමට දී ඇති අවසරයන් නීත්‍යනුකූල නැති බව නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් පාර්ලිමේන්තුව වෙත දන්වා යවා ඇත.

කොළඹ වරාය නගරයේ ක්‍රියාත්මක ව්‍යාපාරික සමාගම් ලියාපදිංචිය පිළිබඳව පසුගිය අවුරුද්දේ ඔක්තෝබර් 27 දා පැවති රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (COPF) තුළ දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා, ඒ පිළිබඳව නීතිපතිවරයාගේ මතය විමසූ අතර, එම විමසුමට ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා විසින්, AG/41/2023 අංකය යටතේ, පසුගිය දෙසැම්බර් 18 දා විද්‍යුත් තැපෑල හරහා පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත ලිපියක් යවමින් තමන්ගේ නිරීක්ෂණ යවා ඇත.
එම ලිපිය මගින් 2021 අංක 21 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනතේ විධිවිධාන උපුටා දක්වමින් තම නිරීක්ෂණ ප්‍රකාශයට පත් කරන නීතිපතිවරයා 19.07.2021 – 22.07.2021 කාල සීමාව තුළ චයිනා හාබර් ඉන්ජිනේරින් කම්පැනි CHEC සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිසම CPCEC අතර විද්‍යුත් තැපැල් ලිපි හුවමාරුව අනුව සහ ඉහත පනතට අනුව Preclous house – Aqua Golf, Entertainment Unlimited & Event Works – Beach Park, Lanka Sportsrizen – Water Sports,  W15 Angel Beach Club – Beach Club, Playbook – Mini Golf යන පාර්ශ්වයන් බලයලත් පුද්ගලයන් නොවන බවට පැහැදිලිවම සාක්ෂි තිබෙන බවට සඳහන් කර ඇත.
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනතට අනුව බලයලත් පුද්ගලයෙක් හෝ ආයතනයක් වන්නේ කෙසේද යන්න නීතිපතිවරයා මෙහිදී කරුණු දක්වා තිබෙන අතර එම පනතේ විධිවිධානයන්ට අනුව බලයලත් පුද්ගලයෙකු නොවන්නේ නම් ඔහුට හෝ ඇයට කොළඹ වරාය නගරය තුළ ව්‍යාපාරික කටයුතුවල නිරතවිය නොහැකිය.

මෙම ව්‍යාපාරික සමාගම්වලට අමතරව එම සමාගම්ද ඇතුළත්ව දැනට කොළඹ වරාය නගරය තුළ ව්‍යාපාරික කටයුතු සිදුකරමින් සිටින සමාගම් 12ක නාමාවලියක් පිළිබඳව සඳහන් කරමින් නීතිපතිවරයා පාර්ලිමේන්තුව වෙත දන්වා යවා ඇත්තේ තම දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති කරුණු හොඳින් සලකා බැලීමේදී, David Pieris city developments (pvt)ltd, One Property Lanka Investments (pvt)Ltd, Asvaya Holdings (pvt)Ltd, Tang Dynasty Ceylon Chinese Restaurant (pvt) Ltd, Lu Fortune Investment (pvt)Ltd  යන සමාගම් ද කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතට අනුව, කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ සහ ඉන් පිටත ව්‍යාපාරවල නිරත වීමට නීත්‍යනුකූල අවසරය ලබා ඇති බලයලත් පුද්ගලයන් හෝ සමාගම් නොවන බවය.
නීතිපතිවරයාගේ මෙම නීරීක්ෂණයන් අනුව පෙනී යන්නේ දැනට කොළඹ වරාය නගරය තුළ ව්‍යාපාරික කටයුතු කරගෙන යන පුද්ගලයන් සහ සමාගම් එම කටයුතු සිදුකරගෙන යනු ලබන්නේ නීත්‍යනුකූල අවසරයක් නොමැතිව අනීතිකව බවය.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි