ජාත්‍යන්තර කාන්තා දිනයේදී කුරුඳුවත්ත පොලිස් වසම තුළ මංමාවත් අවහිර කරමින් වීදි නාට්‍ය පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාරියන් පිරිසකට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට අදාළ නඩුව ජනවාරි 25 වැනිදා යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අදාළ පැමිණිල්ල අද (02) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි. ඒ අනුව, නඩුව ජනවාරි 25 වැනිදා යළි කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා, එදින නීතිපති උපදෙස් ලබාගැනීම සම්බන්ධයෙන් සිදුකර ඇති කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස ද පොලිසියට නියෝග කර තිබේ.


