දුම්බර බන්ධනාගාරය තුළදී සිදුවූ වෙඩි තැබීමකින් රැඳවියෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාරයේ තාප්පයෙන් පලායාමට උත්සාහ කළ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් අදාළ රැඳවියා මියගොස් ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා මත දින 10කට පෙර බන්ධනාගාරගත කළ ගලගෙදර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.


