No menu items!
28.4 C
Sri Lanka
2 November,2026

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 13 වැනිදාට කල් යයි

Must read

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති තවත් නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 13 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

අදාළ නඩුව අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විත්තිකාර හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

නඩු විභාගයේදී අල්ලස් කොමිසමේ නිලධාරිනියකගේ මෙහෙයවීම යටතේ නඩුවේ විමර්ශන නිලධාරියකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු විය. අනතුරුව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම යටතේ එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කෙරිණි.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 13 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේය.

2013 මැයි 10 වැනිදා සිට ජුනි 6 වැනිදා දක්වා කාලය තුළ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් නීති විරෝධී ලෙස වෙසක් කාඩ්පත් 3,000ක් මුද්‍රණය කිරීමෙන් රජයට රුපියල් 128,520ක පාඩුවක් සිදු කිරීම මගින් ‘දූෂණය’ නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර තිබේ.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි