රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අද (03) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවීමට නියමිතය. එම නඩුවට අදාළව පෙනී සිටීම සඳහා නාමල් රාජපක්ෂ මහතා මෙලෙස අධිකරණයට රැගෙනවිත් ඇති බව වාර්තා වේ.


