යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පවරා තිබූ නඩුවෙන් ඩේසි ෆොරස්ට් මහත්මිය නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
විත්තිකාරියට නඩුවකට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙම නියෝගය ලබා දී ඇත.


