හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර ඇති චෝදනාවලට ඔහු අද (03) කොළඹ මහාධිකරණය හමුවේ වරද පිළිනොගෙන තිබේ.
අධිකරණය හමුවේ විවෘතව චෝදනා කියවා දැනුම් දුන් අවස්ථාවේදී යෝෂිත රාජපක්ෂ මහතා මෙලෙස වරද පිළිනොගෙන ඇත.


