සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 20ක් ඉදිරිපත් කර ඇති බව නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා අද (03) පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.
පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළ නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කළේ, එම පෙත්සම්වල පිටපත් කථානායකවරයා වෙත ලැබී ඇති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වැනි වගන්තිය යටතේ මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


