මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇති සංශෝධිත මන්ත්‍රී ධුර වෙන් කිරීමේ ක්‍රමය අනුව කොළඹ දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 18 සිට 19 දක්වා ඉහළ දමා තිබේ.
ඒ සමඟ බදුල්ල දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ධුර සංඛ්‍යාව නවයේ සිට අට දක්වා අඩු කර ඇත.
මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ 2026 ප්‍රධාන ඡන්දහිමි නාමලේඛනය සහ 2026 (1) පරිපූරක ඡන්දහිමි නාමලේඛනය පදනම් කරගෙන එක් එක් මැතිවරණ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාව සහ එම දිස්ත්‍රික්කයෙන් තෝරා පත් කර ගත යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව තීරණය කර ඇති බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 98(8) වැනි වගන්තියට අනුව මෙම තීරණය ගෙන ඇති බව ද කොමිෂන් සභාව සඳහන් කර තිබේ.
ඊට අදාළ අංක 2511/02 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය 2026 ඔක්තෝබර් 19 වැනිදා නිකුත් කර ඇත.
2026 ඡන්දහිමි නාමලේඛන පදනම් කරගනිමින් එක් එක් මැතිවරණ දිස්ත්‍රික්කයට වෙන් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව පහත පරිදි වේ.



