No menu items!
24.3 C
Sri Lanka
6 November,2026

රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් හතරක් සහ වාහන දෙකක් මාස තුනකට අත්හිටුවයි

Must read

අල්ලස් කොමිසම විසින් අත්හිටුවීමට පියවර ගෙන තිබූ හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ මහතාට අයත් බැංකු ගිණුම් හතරක් සහ සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් මාස තුනක කාලයක් සඳහා අත්හිටුවීමට කොළඹ මහාධිකරණය නොවැබ්ර් 05 වන දින නියෝග කර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නඳුන් චින්තක හෙවත්  ‘හරක් කටා’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත සිටියදී, ඔහු එම රැඳවුම් භාරයෙන් මුදාගෙන ආරක්ෂිත බන්ධනාගාරයක රඳවා තැබීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනකු අල්ලස් කොමිසම විසින් මීට පෙර අත්අඩංගුවට ගනු ලැබීය. පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරුවන් ඇප මත මුදාහරිනු ලැබීය. කෙසේ වෙතත් සැකකරුවන් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන රුපියල් කෝටි 12ක මුදල මෙතෙක් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන්, අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත යටතේ ඔවුන්ගේ දේපළ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව රඛිත රාජපක්ෂ මහතාට අයත් බැංකු ගිණුම් හතරක් සහ සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මීට පෙර අත්හිටුවීමට පියවර ගෙන තිබිණි. එම බැංකු ගිණුම්වල රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් තිබූ බව අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාළ තහනම පිළිබඳව රඛිත රාජපක්ෂ මහතා වාචිකව දැනුම්වත් කිරීම සඳහා විමර්ශන නිලධාරීන් අවස්ථා කිහිපයකදී රාජගිරියේ පිහිටි ඔහුගේ නිවාස සංකීර්ණයට ගොස් ඇතත්, ඔහු එහි නොසිටි බැවින් එම දැනුම්දීම ඔහුගේ බිරිඳ වෙත සිදු කළ බව ද අල්ලස් කොමිසම වැඩිදුරටත් සඳහන් කර තිබේ.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි