රැඳවුම් භාරයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව පැවසෙන ශිරාන් බාසික්ට නිවසින් ලබාදෙන ආහාර ලබාගැනීමට සහ ඔහුගේ නීතිඥවරුන් හමුවීමට අවස්ථාව ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බලා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (05) නීතිපතිවරයාට නියම කර ඇති බව වාර්තා වේ.
ශිරාන් බාසික් රඳවා තබා ගැනීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම අද විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබේ. පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් නිකුත් කරන ලද රැඳවුම් නියෝගයක් යටතේ ශිරාන් බාසික් මේ වන විට රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බව වාර්තා වේ.
ඒ අනුව ඔහුට නිවසින් ආහාර ලබාගැනීමට සහ නීතිඥවරුන් හමුවීමට අවස්ථාව සැලසිය හැකිද යන්න පිළිබඳව සොයා බලා අධිකරණයට කරුණු වාර්තා කිරීමට නීතිපතිවරයාට නියම කර ඇත.


