No menu items!
24.3 C
Sri Lanka
6 November,2026

අල්ලස් චෝදනා මත හිටපු නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයකු අත්අඩංගුවට

Must read

අල්ලස් ලබාගැනීමේ චෝදනා සම්බන්ධයෙන් විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයකු සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ කෝප්‍රල්වරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නොවැම්බර් 05 වෙනිදා අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි සහ මාතර සුරාබදු ස්ථානයට අනුයුක්තව සේවය කරන සුරාබදු කෝප්‍රල් සම්පත් රණසිංහ යන අයයි.

නීත්‍යනුකූල බලපත්‍රයක් සහිත තම අධීක්ෂණය යටතේ පැවති සමාගමක ගිණුම්වලින් නිකුත් කළ චෙක්පත් අල්ලස් වශයෙන් ලබාගැනීම සම්බන්ධයෙන් විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයාට චෝදනා එල්ල වී තිබේ.

ඔහු කළුතර සුරාබදු අධිකාරීවරයා ලෙසත්, අලුත්ගම ස්කාගාර සම්බන්ධ වැඩබලන සුරාබදු අධිකාරීවරයා ලෙසත් සේවය කළ කාලසීමාව තුළ මෙම චෝදනා එල්ල වන සිදුවීම් සිදුව ඇති බව කොමිෂන් සභාව සඳහන් කළේය.

අදාළ සමාගමේ ස්කාගාරයේ සේවය කළ සුරාබදු කෝප්‍රල්වරයාට ද එම චෙක්පත් අල්ලස් වශයෙන් ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ලෙස එම චෙක්පත් ලබාගැනීමට ඔහුට නිල බලයක් නොතිබූ බව ද කොමිෂන් සභාව සඳහන් කරයි. සැකකරුවන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි