No menu items!
24.5 C
Sri Lanka
2 November,2026

මහින්ද රාජපක්ෂ රඟහලට පුටු මිලදී ගැනීමේදී රජයට පාඩු කළැයි හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු අත්අඩංගුවට

Must read

පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේදී රජයට රුපියල් ලක්ෂ 79කට අධික මූල්‍ය පාඩුවක් සිදු කළ බවට එල්ල වී ඇති දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද (02) පෙරවරු 9.45ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇත. පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේදී නියමිත ප්‍රමිතීන් සපුරාලමින් අවම මිල ගණන් ඉදිරිපත් කළ පෞද්ගලික සමාගමෙන් ඒවා මිලදී නොගෙන වෙනත් පෞද්ගලික සමාගමකින් මිලදී ගැනීමට කටයුතු සැලැස්වීමෙන් මෙම වංචාව සිදුකර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

එමගින් රජයට රුපියල් 7,973,114.50ක මූල්‍ය පාඩුවක් සිදු කරමින් බාහිර පාර්ශ්වයකට අයුතු වාසියක් ලබාදීම හරහා ‘දූෂණය’ නමැති වරද සිදු කළ බවට සැකකරුට චෝදනා එල්ල වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි