ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා සමඟ ඇති වූ ගැටුමකට අදාළව වැඩ තහනමට ලක්ව සිටි සූරියකන්ද පොලිස් ස්ථානයේ කොස්තාපල් සුසන්ත හෙට්ටිආරච්චි මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කිරීමට ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මාර්ගය අවහිර කිරීම, සාපරාධී බියගැන්වීම සහ සාපරාධී අඩත්තේට්ටම් කිරීම යන චෝදනා යටතේ පොලිසිය විසින් පවරා තිබූ මෙම නඩුව අද (02) කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇත.
නඩුවට අදාළ චෝදනා ගොනු කිරීමට පොලිසිය අපොහොසත් වීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා කරුණු විමසූ අවස්ථාවේදී, ඒ පිළිබඳ නීති කොට්ඨාසයෙන් උපදෙස් ලබාගත යුතු බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ. එහිදී කොස්තාපල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විජිත ජී. පුංචිහේවා මහතා පොලිසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළේය.


