කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් සැරයන්වරයා මෙම මස 12 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නිකවැරටිය මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඊයේ දිනයේදී අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් සැරයන්වරයා අද (02) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීට පෙර නියෝග කර තිබිණි.
ඒ අනුව අද යළි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිකවැරටිය මහේස්ත්රාත්වරිය විසින් ඔහු නොවැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.


