No menu items!
28.4 C
Sri Lanka
2 November,2026

විමල් වීරවංශට එරෙහි නඩුව දෙසැම්බර් 7 වැනිදාට කල් යයි

Must read

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව දෙසැම්බර් 7 වැනිදා යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අදාළ නඩුව අද (02) කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින විමල් වීරවංශ මහතා ඇතුළු සැකකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නඩුව දෙසැම්බර් 7 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.

2016 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වීමෙන් මහජන පීඩාවක් සිදු කළ බවට චෝදනා කරමින් කුරුඳුවත්ත පොලිසිය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල්, වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, පියසිරි විජේනායක සහ රොජර් සෙනෙවිරත්න යන මහත්වරුන් නම් කර තිබේ.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි