අය වැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ලබාදෙන්නට එකඟවී සිටි ඩොලර් මිලියන 500ක ආධාර මුදල නොලැබී යන තත්ත්වයක් උදාවී ඇතැයි කරුණු වාර්තා වෙයි.
පසුගිය කාලයේ පැවති ආර්ථික තත්ත්වය නිසා විනාශයට පත්වූ ව්‍යාපාර නඟාසිටුවීම වැනි කටයුතු සඳහා ණය ලබාදීම වැනි අයවැය සහන යෝජනා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මෙම ආධාර මුදල් වෙන් කර තිබුණත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආදී අයිඑම්එෆ් වැඩසටහනේ සිදුව තිබෙන පසුබෑම හමුවේ ඉහත ආයතන දෙක ආධාර මුදල් ලබාදීම අත්හිටුවන්නට කටයුතු කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් ප්‍රකාශයට පත්වෙයි.
මෙම තත්ත්වය නිසා ලංකා බැංකුව මහජන බැංකුව ආදි බැංකු ක්‍රියාත්මක කරන්නට බලපොරොත්තුවෙන් සිටි ණය යෝජනා ක්රමයන් නවතා දමා ඇතැයි තවදුරටත් කරුණු වාර්තා වෙයි.