20.2 C
Sri Lanka
3 October,2022

ඉන්දීය ආධාර බෙදන්න තොන්ඩමාන්ගේ බලපෑම්

Must read

■ ධනුෂි ලිහිණිකඩුව


නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලට ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ලද ආධාර බෙදා දීමට ලංකා කම්කරු කොංග්‍රස් නායක ජීවන් තොණ්ඩමන්ගේ අත පෙවීමක් ඇති බවත්, වතුකර ජනයාට පමණක් ඒවා බෙදාදීමට ඔවුන් උත්සාහ කරන බවත් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සුමිත් කොඩිකාර චෝදනා කරයි.


රාජ්‍ය නිලධාරීන් වශයෙන් ජාති ආගම් කුල භේද නොසලකා යම් නිශ්චිත ක්‍රියා පටිපාටියකට අනුව කටයුතු කිරීමට තමා ඇතුළු පිරිස බැඳී සිටින බවත් එකී බලපෑම් හේතුවෙන් ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, ආර්ථික නිලධාරීන් සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර යන ප්‍රතිලාභීන් තෝරා ගැනීමට පත් කළ කමිටු සාමාජිකයින් සියලු දෙනා මෙම කටයුත්තෙන් තාවකාලිකව ඉවත් වී සිටින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.


පසුගිය මැයි 22වන දින ඉන්දියාවෙන් මෙරටට ලැබුණු මානුෂීය ආධාර තොගය පීඩාවට පත් ජනතාවට බෙදා දීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින් නිකුත් කරන ලද චක්‍රලේඛයකට අනුව ප්‍රාදේශීය නිලධාරීන්ට පැවරී ඇත.


දේශපාලන අතපෙවීම් නවතා දැමීම, තම පෞද්ගලික වියදමින් එම භාණ්ඩ ප්‍රවාහනය කිරීමට නොහැකි බැවින් ඒ සඳහා නියමිත ක්‍රියාවලියක් සකසා දීම සහ නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නේ නම් පමණක් ඔවුන් මේ සඳහා සම්බන්ධ වන බවත් ස්ථීර හා විශ්‍රාම වැටුප් හිමි අය හැරුණු විට අනෙක් සියලු දෙනාට මේවා ලබා දීමට කටයුතු කරන ලෙස යෝජනාවක් ද ඉදිරිපත් කරන බවත් ඔහු පැවසී ය.


එම කරුණු පිළිබඳව ජුනි 03 වැනිදා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අදාළ බලධාරීන් සමග පැවැත්වෙන සාකච්ඡාවේ සාර්ථකත්වය මත ඉදිරි තීරණ ගන්නා බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි