20.2 C
Sri Lanka
3 October,2022

හෙජාස්ට ඇප දෙන්න නීතිපති එකඟයි

Must read

■ ඉඳුවර බණ්ඩාර


පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගත් නීතිඥ හෙජාස් හිස්බුල්ලාට ඇප ලබාදීම ගැන විරුද්ධ නොවන බව නීතිපතිවරයා දැනුම් දී ඇත.


ඒ හෙජාස් හිස්බුල්ලාට අප ලබාදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධන අයැදුම්පතක් ජනවාරි 20 දින අභියාචනාධිකරණයේදී සලකා බැලූ අවස්ථාවේදීය.


එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා අධිකරණයට දැනුම් දී ඇත්තේ ජනවාරි 28 දින හෙජාස් හිස්බුල්ලාට එරෙහිව පුත්තලම මහාධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයෙන් පසු එම ඇප ඉල්ලීම කරන්නේ නම් ඊට විරුද්ධ නොවන බවය. ඒ අනුව ඇප ඉල්ලීමේ එම ප්‍රතිශෝධන පෙත්සම පෙබරවාරි 09 වැනිදා නැවත කැඳවීමට නියම කර ඇත.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි