No menu items!
21 C
Sri Lanka
8 October,2024

මාලිමා නාමයෝජනාවට විද්වත් අකමැත්ත

Must read

ජාතික ජන බලවේගය සමග කටයුතු කළ කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා විශ‍්‍රාමික පරිපාලන නිලධාරීන් ඇතුළු ජාතික මට්ටමේ ප‍්‍රකට සිවිල් ක‍්‍රියාකාරීන් බොහෝදෙනෙකු ඉදිරි මහමැතිවරණයේදී අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට අකැමැත්ත පළකර ඇති බව වාර්තා වෙයි.

අනිද්දා කළ විමසීමකදී විශ‍්‍රාමික පරිපාලන නිලධාරීන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු කිහිපදෙනෙකු ප‍්‍රකාශ කළේ තමන්ට මැතිවරණයට ඉදිරිපත් වන ලෙස පැමිණි ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කළ බවයි. එයට හේතුව ලෙස ඔවුන් සඳහන් කළේ මැතිවරණ දේශපාලනය තමන් වැනි පුද්ගලයන්ට නොගැළපෙන බවත්, සිවිල් ක‍්‍රියාකාරිකයන් ලෙස කටයුතු කිරීම වඩා සුදුසු බවත්ය. එහෙත් ජාතික ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරයට උපරිම සහයෝගය දෙන බව එම පුද්ගලයෝ පැවසූහ.

ඉදිරි මහ මැතිවරණයට අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් ජාතික ජන බලවේගය ඉදිරිපත් වන බව එම ක‍්‍රියාකාරිකයෝ පැවසූහ.

මේ වනවිට ජාතික ජන බලවේගයේ නාමයෝජනා සකස් කිරීමට අදාළ මූලික කටයුතු සිදුකරමින් පවතින බව එලෙස අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ක‍්‍රියාකාරිකයෙක් කීවේය. ජනතා විමුක්ති පෙරමුණේ දිස්ත‍්‍රික් මට්ටමේ නායකයන්ට එම නාමයෝජනා ලැයිස්තුවල ප‍්‍රමුඛස්ථානයක් ලැබෙනු ඇතැයිද ඔහු පැවසීය. ඊට අමතරව ප‍්‍රාදේශීය වශයෙන් ගෞරවයක් අත්පත් කරගත් ප‍්‍රකට චරිත නාමයෝජනාවලට එකතු කිරීමට බලාපොරොත්තු වන බවද කීය. ප‍්‍රධාන දේශපාලන පක්ෂවලින් ප‍්‍රාදේශීය මට්ටමෙන් මැතිවරණවලට ඉදිරිපත් වන දේශපාලනඥයන්ට තරගයක් දිය හැකි මට්ටමේ පුද්ගලයන් තෝරාගැනීමට මේ වනවිට වැඩි අවධානයක් යොමුකර තිබෙන බව ඔහු කීය.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි