No menu items!
19.6 C
Sri Lanka
29 March,2024

බහුතරය මුග්ධ නොවේ

Must read

මෛත‍්‍රිපාල සිරිසේන මහතා 2015 ජනවාරි 9 ජනාධිපති වරයා හැටියට කල මුල්ම කර්තව්‍යය වූයේ දි.මු. ජයරත්න මහතාව අගමැති ධූරයෙන් ඉවත් කිරීමයි. එයට ඔහුගේ හෝ ජනතාවගේ විරෝධයක් නොවූ අතර ඉන් පසුව රනිල් වික‍්‍රමසිංහ මහතාව අගමැති ලෙස පත් කරන ලදී. ඒ මහ දවාලේ නිදහස් චතුරස‍්‍රයේදී දස දහස් සංඛ්‍යාත ජනී ජනයා හා දෙස් විදෙස් ජනමාධ්‍ය හා ප‍්‍රභූන් ඉදිරියේය. අනෙකුත් අය රූපවාහිනී හා ගුවන් විදුලි හරහා උත්සවය සජීවීව ඇසුවෝය බැලූ‍වෝය. එම අවථාවේම රතිඤ්ඤා පත්තු කළහ. කිරි බත් ඉවූහ. එම කටයුත්ත ජනතා වාදී එකක් වූ අතර ජනතාවද අගමැති වරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතාව පත් කරන වග මුල සිටම දැන සිටියහ. පාර්ලිමේන්තුවේ හෝ වෙනත් කිසිඳු විරෝධතාවයක් එයට එල්ල වුනේ නැත.

මා දන්නා තරමින් ලෝකයේ කිසිම රටක රාජ්‍ය නායකයෙකු රාත‍්‍රි කාලයේ හොර රහසේ දිව්රැුම් දී නැත. සාමාන්‍යයෙන් සොරකම් කිරීම් කොටු පැනීම්, හදි හූනියම් වැනි අසම්මත ක‍්‍රියා සිදු කරන්නේ රාත‍්‍රි කාලයේය. ළමුන් දෙදෙනෙක් හොරා පොලිස් සෙල්ලම කරන ආකාරයට ”‍මං පොලිස් ඔයා හොරා කියා”‍ අගමැති වරයෙක් පත් කරනු ලැබ ඇත. සිද්ධීන් සිදු වී ඇති ආකාරයත් ලෝක සම්මතයත් අනුව සිරිසේන ජනාධිපති වරයා ඉදිරියේ මහින්ද රාජපක්ෂ ඔක්තෝබර් 26 වැනිදා රාත‍්‍රියේ කර ඇත්තේ අනීතික ක‍්‍රියාවක් බව අවබෝධ කර ගන්නට සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට පුළුවන. පවතින නීතියට අනුව ද රටේ පරමාධිපත්‍ය බලය ඇත්තේ ජනතාවට වන අතර 2015 සිරිසේනට ඡුන්දය දුන් පිරිසෙන් 20% ක් වත් ඔහු සමඟ නොමැති බව කවුරුත් දන්නා හෙයින් ජනතාව අපුලක් නොමැතිව තවදුරටත් ඔහුව ජනාධිපති ලෙස සැලකිය යුතුද යන ප‍්‍රශ්නයද මතු වන අතර ජනමතය වඩා නිවැරදිව පෙන්නුම් කෙරෙන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි වරු හරහාද වන බව කිව යුතුය.

මෙම ජනතා විරෝධී ක‍්‍රියාව නිසා මේ ලිපිය ලියන ඔක්තොබර් 31 වැනිදා වන විට රට පත්ව ඇති තත්වය පිළිබඳව විමසා බැලූ‍වහොත් පෙනී යන්නේ බෙදුම් රේඛාවක් හරහා බලවේගයන් 2ක් ඇති වෙමින් යන බවයි.

එක් පසක රාජපක්ෂ පවුලත් සිරිසේන පවුලත් ඔවුන්ගේ නෑදෑ හිතමිත‍්‍රාදීන් පෙරටු කොට ගත් හෙන්චයියන්, ගැත්තන් හා බැතිමතුන් හා සිටිති. (පසුව කී කණ්ඩායම් දෙක සිරිසේනලා සම්භන්ධව එතරම් අදාල නැත.) මේ පිරිස අතර තම බල ව්‍යාපෘතිය සාරථක කර ගැනීමට කුමන්ත‍්‍රණ න්‍යාය ද කදිමට පාවිච්චි කල පිරිසක්ද සිටිති. මෙකී සිරිරාජ පාර්ශවයට චීනය, චීන මුදල් හා ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ සහයෝගය ලැබෙන අතර අසීමිතව කලූ‍ සල්ලිද ඇත. ඒවා භාවිතා කර මැති ඇමති කම් ලබා දී මේ වන විට එක්සත් ජාතික පක්ෂය හරහා ඡුන්දය ලබා ගෙන නීති සමපාදකයන් බවට පත්වූ 4 දෙනෙක් ඔවුන්ගේ ගැත්තන් බවට පත් කරගෙන ඇත. මේ කල්ලියට සිරිරාජ ගජමිතුරු හවුල SiriRaja Croney Joint Venture) යයි කීවාට වරදක් නැත.

අනෙක් පස සිටිනුයේ පක්ෂ පාට ජාති, ආගම්, කුල, ලිංග ආදී කිසිදු භේදයකින් තොරව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන සිරිසේන හා මහින්දගේ හොරා පොලිස් සෙල්ලම පිළිකුල් කරන ශ‍්‍රි ලාංකික සහෝදරත්වයයි. (Srilankan Siblinghood) ලොව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන ශී‍්‍ර ලංකාව හා වෙළෙඳ සමග රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා ඇති රාජ්‍යයන් ද ඇතුළත් ජාත්‍යන්තර ප‍්‍රජාව හා සංවිධානද එම පිරිස සමග සිටිති. දැනට රට තුළ ආයෝජනය කර ඇති ඉදිරියේදී ආයෝජනය කරන්නට බලාපොරොත්තුවෙන් සිටින චීන හා චීනානුබද්ධ නොවන ආයෝජකයෝද ඒ අතරය.

මෙම කණ්ඩායම් දෙක තුල සිටින සාමාන්‍ය ජනතාවගේ හැසිරීම, අවබෝධය කුමන ආකාරයේද, ප‍්‍රමාණාත්මකව කොතරම්ද යන්න පසුගිය මස රාජපක්ෂලා සංවිධානය කල ‘‘ජන බලය කොළඹට”‍ රැුලියත් ඊයේ පැවති ‘‘පාර්ලිමේන්තුව වහා කැඳවනු”‍ නමැති හොරා පොලිස් සෙල්ලමට එරෙහි රැුලියත් සංසන්දනය කිරීමෙන් අවබෝධ කර ගත හැකිය. තම ඡුන්ද දායකයින් ට කොකා පෙන්නා බිලියන ගණන්වලට ගැත්තන් බවට පත්වූවන්ගේ ආසන වල ජනතාවද එම රැුලියට පැමිණ උන්ගේ අම්මා අප්පා සිහි කරමින් සිටියහ.

ලංකා දේශපාලන කරලියේ ජාත්‍යන්තර හා ජාතික කුම‍න්ත‍්‍රණ පිළිබඳව නිතර කථා කරන පිරිසකි. උන් සුළු දෙයටත් උප්පරවැට්ටි දමති. කුමන්ත‍්‍රණ කරති. එවැනි සමහරු සිය දේශපාලන ගමන පුරාම විවිධ කුමන්ත‍්‍රණකාරී වැඩ පිළිවෙලවල් අනුගමනය කර ඇති අතර කුමන්ත‍්‍රණ භීතිකාව ජනතාව තුළ ඇති කර ජනතාව ද රවටා ඇත. ජනාධිපති සිරිසේනද එක්කෝ එවැනි කුමන්ත‍්‍රණ භීතිකාවකට රැුවටී ඇත. ඝාතන කොන්ත‍්‍රාතුව භාර දුන්නා හා භාර ගත්තා යයි කියන දෙදෙනෙකු මිස කාගේ උවමනාවට එය කලා දැයි යන්න පිළිබඳව සාක්ෂි ඇති බවක් නොකියවේ. භාර ගත්තා යයි කියන කෙනා පටිගත කල සමහර සංවාද හා කොටස් ඔහුම ඩිලීට් කලා යයි ද කියයි. කෙසේ වුවද දැන් නම් පෙනී යනේ කුමන්ත‍්‍රණ පිට කුමන්ත‍්‍රණ සිඳු කර ඇති බවත් කුමත‍්‍රණයක් හරහා සිරිරාජ ගජමිතුරු හවුල රටේ බලය අල්ලා ගෙන ඇති බවත්ය. ජනපති හා ගෝඨාභය ඝාතන කුමන්ත‍්‍රණ නාටකය ප‍්‍රබධයක් යයි සිතෙනේ ඒ හරහා වාසිය ලැබෙන්නේද ඒ දෙපිරිසටම නිසාය. ඇත්ත කුමන්ත‍්‍රණය බලය ලබා ගැනීම බව දැන් කාටත් පැහැදිලිය.

අප 2015 දී එක්ව ඒකාධිපතිත්වය කරා ගමන් කරන රට එයින් මුදවා ගතිමු. මහාචාර්ය හැරල්ඞ් ජේ ලැස්කි යම් ප‍්‍රජාතත‍්‍රවාදී රටක දේශපාලකයන් කපටි හා අවස්ථා වාදී රොත්තක් වන විට බහුතර ඡුන්ද දායකයින් මුග්ධයන් ලෙස කටයුතු කල හොත් බිහිවන රජය ඉතාම භයානක එකක් වන බව පවසා ඇත. පසුගි ය මස ‘‘‍ජනබලය කොළඹට”‍ රැළියත් ඊයේ පැවති සිරිරාජ ගජමිතුරු හවුල විරෝධී ‘‘‍පාර්ලිමේන්තුව වහා කැඳවනු”‍ රැුළියත් සැසඳීමේදී රටේ බහුතරය මුග්ධ නොවන බව පෙනේ. එයද සැලකිල්ලට ගෙන ජනතා මතය පිළිවිඹු වන ලෙස ගණුදෙනුව නීත්‍යනුකූලව පාර්ලිමේන්තුවේදී විසඳිය යුතු බව පවසා සිටිමි.

පි‍්‍රයදර්ශනී ආරියරත්න

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි