Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Author: කේ ඩබ්ලිව් ජනරන්ජන

දේශපාලන

අධිකරණයට අපහාස කළ ජනාධිපති 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, ජූඞ් ශර්මන්ත ජයමහට දුන් සමාව නීතියේ ආධිපත්‍යය පවතින රටක නොසිදුවිය යුත්තකි. එක පැත්තකින් එය නීතියේ පාලනයට එරෙහි වීමක් මෙන්ම අධිකරණයටද අපහාස කිරීමකි. මේ නඩුව මහාධිකරණය ඉදිරියේ විභාග කිරීමෙන් පසුව, අවුරුදු 12ක සිරදඬුවමකට විත්තිකරු යටත් කරන ලදි. දඩයක්ද නියම කෙරිණ. නීතිපතිවරයා මේ දඬුවම…

දේශපාලන

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ කෑලි කඩා කම්මුතුකාරයාට පාවාඩ එළමුද? 

අනුරාධපුරයේ පැවැති මංගල ප‍්‍රචාරක රැුලියේදී, ගෝඨාභය රාජපක්‍ෂ කීවේ අත්අඩංගුවේ/සිරගතව සිටින ‘රණවිරුවන් ’ තමා බලයට පැමිණ පසුදිනම නිදොස් කොට නිදහස් කරන බවය. ඒ කියන මොහොතේ ඔහුගේ මුහුණේ තිබුණේ, මෙතෙක් කාලයක් අපහසුවෙන් සිය මුහුණේ රඳවාගෙන සිටි ‘අහිංසක සිනාව’වත්, ‘නිවුණු මුහුණ’වත් නොවේ. ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය වූ පසු විදෙස්…

දේශපාලන

රාජපක්‍ෂ ආණ්ඩුවේ කැලෑ නීතියට උදාහරණ දුන් 43 වැනි අගවිනිසුරු දෝෂාභියෝගය 

හිටපු අගවිනිසුරු ෂිරාණි බණ්ඩාරනායක මහත්මිය පසුගියදා ‘උත්තරීතර’ නමින් පොතක් පළකළාය. එහි විස්තර වන්නේ පසුගිය රාජපක්‍ෂ පාලන සමයේදී ඇය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම සඳහා රාජපක්‍ෂවරුන් ගත් නීති විරෝධී, බිහිසුණු එසේම අවමන් සහගත උත්සාහයයි. දිවිනැගුම නිසාම නොවේ හිටපු අගවිනිසුරුවරිය හෙවත් ලංකාවේ 43 වැනි අගවිනිසුරු, එමෙන්ම ලංකාවේ පළමුවැනි…

දේශපාලන

ලිපි ගොනු අසම්පූර්ණ වන්නේ ජනාධිපතිවරයාගේ බලපෑම නිසාය 

ගම්පහ රතුපස්වලදී පිරිසිදු වතුර ඉල්ලූ මහජනතාවට වෙඩි තබා තිදෙනකු ඝාතනය කිරීමත් විශාල පිරිසකට එලව එලවා පහරදී තුවාල කිරීමත් යන චෝදනා යටතේ යුදහමුදා බි්‍රගේඩියර්වරයකු හා තවත් හමුදා සෙබළුන් ගණනාවකට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කරන්නට අගවිනිසුරුවරයා තීරණය කර තිබේ. ඒ…

දේශපාලන

ටර්මිනේටර්ට හා ටර්මිනේට්වාදයට මුහුණදීම 

අගෝස්තු 11 වැනිදා දේහපාලනයේ පැහැදිලි බෙදුම් රේඛාවක් ඇඳිණ. ඒ ගෝඨාභය රාජපක්‍ෂ මහතා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම්කිරීමත් සමගය. සුගතදාස ක‍්‍රීඩාංගණයේ වේදිකා සැරසිල්ල වූ පරණ වලව්වත්, ඉදිරියේ පසෙක නවතා තිබු බක්කි කරත්තයත්, කුමන අරමුණකින් සැලසුම් කෙළේදැයි පැහැදිලි නැතත්, පොදුජන පෙරමුණේ වැඩවසම් මානසිකත්වය නම් මැනැවින් සංකේතවත්…

පුවත්

ජනාධිපතිගේ නීති ලේකම් විනිසුරු ධුරයට නම් කරයි 

විනිසුරු එම් එම් ඒ ගෆූර් මහතා අපේ‍්‍රල් 23වැනිදා සිට විශ‍්‍රාම යෑම නිසා අභියාචනාධිකරණයේ පුරප්පාඩු වී තිබෙන විනිශ්චයකාර ධුරය සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සිය කාර්ය මණ්ඩලයේ නීති ලේකම්වරිය පත්කරන ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කර යැවීමෙන් අධිකරණ ක්‍ෂෙත‍්‍රයේ අලූත් අර්බුදයක් ඇතිවී තිබේ. අගෝස්තු 2 වැනිදා ආණ්ඩුක‍්‍රම…

දේශපාලන

සජිත් කර උඩ තියාගෙන යන්නේ ඉතිහාසයේ ආපස්සටද? 

2015 ජනවාරි 8 වැනිදා, මෛත‍්‍රීපාල සිරිසේන පොදු අපේක්‍ෂකයා ලෙස ගෙනෙන විට, අද ඉන්නා වැනි මෛත‍්‍රීපාල කෙනකු අනාගතයේ ඇතිවෙතැ’යි එකි දේශපාලන වෙනසට දායකවූ කිසිවකුට හිතන්නට කාරණාකාරණ තිබුණේ නැත. මෛත‍්‍රීපාල සිරිසේන විශ්වාස කළ හැකි කෙනෙකුදැ’යි රනිල් වික‍්‍රමසිංහ මහතා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගෙන් විමසූ විට, ඇය තම පපුවට අත…

දේශපාලන

බහුබූත ජනමත විචාරණයකට කෝටි 400ක් ගිලින්නට ඉඩදෙමුද? 

ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව වැය කළ යුතු මුදල රුපියල් කෝටි 400කි. මේ සා විශාල මුදලක් යනු, ලංකාව ඉන්නා තත්ත්වයේ හැටියට විශාල වැයබරකි. එවැනි මුදල් කන්දරාවක් වැය කොට ජනමත විචාරණයක් තබා, මහජනතාවගෙන් ඍජුව අසා පිළිතුරු දැනගත යුතු ප‍්‍රශ්නයක් ලංකාවට මේ මොහොතේ තිබේද? පසුගිය…

දේශපාලන

ඥානසාර හිමිට සමාව දීමෙන් ජනාධිපති, අධිකරණයට අපහාස කරයි 

මුස්ලිම් ජනතාව තවත් බියපත් කරයි බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගල ගොඩඅත්තේ ඥානසාර හිමිට සමාව දීමට ජනාධිපතිවරයා ගත් තීරණය ගැන පැහැදිලිව කිවයුත්තේ, කිසිසේත් සිදු නොවිය යුතු යමක්, කිසිසේත් සිදු නොවිය යුතු වේලාවක සිදුවන බවය. එහෙත්, නීතිය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කුණු කූඩයට දමමින් මේ අවුරුදු හතරහමාර පුරා…

දේශපාලන

මහින්ද ප්‍රතිතස්ත පනතට විරුද්ධ භීෂණය පවත්වාගැනීම සඳහාය 

ප්‍රතිත්‍රස්ත පනත නමින් හැඳින්වෙන පනත් කෙටුම්පතට විශාල විරෝධයක් පැනනැගී තිබේ. පසුගියදා අගමැතිවරයා කීවේ, ත්‍රස්තවාදය මර්දනය කරන්නට නම්, පොල් ගාමින් ඉන්නේ නැතිව ප්‍රතිත්‍රස්ත පනත ඉක්මනින් සම්මත කළ යුතු බවය. ප්‍රතිත්‍රස්ත පනත යනුවෙන් හැඳින්වෙන්නේ, 1979 සම්මත කරගත් අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික) විධිවිධාන පනත රටේ නීතියෙන්…