No menu items!
27.3 C
Sri Lanka
5 November,2026

ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම පිළිබඳ තීරණය නොවැම්බර් 25දා

Must read

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධ විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස ඉදිරිපත් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් තීරණය නොවැම්බර් 25 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (05) නියෝග කළේය.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා විදේශගත වීමෙන් පසු නැවත ශ්‍රී ලංකාවට පැමිණේද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි.

කෙසේ වෙතත්, විදේශගත වීමෙන් පසු ඔහු නැවත මෙරටට පැමිණීම සහතික කිරීම සඳහා සුදුසු නීතිමය ක්‍රියාමාර්ග පවතින්නේ නම් විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට විරෝධය පළ නොකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. එවැනි ක්‍රියාමාර්ග නොමැති නම් ඔහුගේ විදෙස් ගමනට විරෝධය පළ කරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එහිදී මහේස්ත්‍රාත්වරයා නිරීක්ෂණය කළේ හිටපු ජනාධිපතිවරයා මෙම නඩුවේ සැකකරුවකු ලෙස නම් කර නොමැති බැවින්, විදෙස් ගමන් තහනම ඉවත් කිරීමෙන් පසු ඔහු නැවත මෙරටට ගෙන්වා ගැනීම සහතික කිරීම සඳහා නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවයි. ඒ අනුව විදෙස් ගමන් තහනම ඉවත් කිරීමේ ඉල්ලීම පිළිබඳ තීරණය නොවැම්බර් 25 වැනිදා ලබාදීමට නියමිතය.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි