ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් නොවැම්බර් 20 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කර තිබේ.
අදාළ නඩුව අද (06) කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාර නිලධාරීන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
එම නඩුවේ තවත් සැකකාරියක වන ජානකී සිරිවර්ධන මහත්මිය නොවැම්බර් 20 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණය නියෝග කළේය.


