No menu items!
25.6 C
Sri Lanka
4 November,2024

දේශබන්දුට නඩු පවරන්න – නීතිඥ සාමූහිකය

Must read

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රංජිත් සුමංගල යන අයගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් ලබාදී ඇති තීන්දුව අනුව වධහිංසා පැමිණවීමේ වරද සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන්ට එරෙහිව වහාම නඩු පැවරීම පරම යුතුකම බව නීතිපතිවරයාට ලිපියක් යොමු කරමින් නීතිඥ සාමූහිකය දැනුම් දී ඇත.

එම වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පති තනතුරේ තබා ගනිමින් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකළ නොහැකි බවත්, විමර්ශන අවසන් වනතුරු දේශබන්දු තෙන්නකෝන් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවන ලෙසට සුදුසු බලධාරීන්ට උපදෙස් දීමද නීතිපති සංජය රාජරත්නම්ට පැවරී ඇති බලවත් යුතුකමක් ලෙසද නීතිඥ සාමුහිකය එහි වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය අංක 107/2011 දරන මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව ලබාදෙමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති පෙත්සම්කරු වන රංජිත් සුමංගල යන අයගේ මූලික අයිතිවාසිකම් දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් කඩකර ඇති බව තීන්දු කර තිබුණී.

-ඉඳුවර බණ්ඩාර-

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි