No menu items!
27.5 C
Sri Lanka
21 September,2024

ලංවිම සමාගම්වලට කැඩීම – ඉංජිනේරු සංගමයේ මතය එන සතියේ

Must read

ලංකා විදුලි බල මණ්ඩලය අහෝසිකර එහි කාර්යයන් සමාගම් කිහිපයක් වෙත පැවරීමට ඉදිරිපත් කර ඇති නව විදුලි බල පනත සම්බන්ධයෙන් එම මණ්ඩලයේ ඉංජිනේරු සංගමය නිල වශයෙන් සිය මතය ඉදිරි සතියේදී ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී එම සංගමයේ ඉහළ නිලධාරියකු පැවසුවේ එම පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර සාකච්ඡාවට බඳුන් කිරීමට උත්සාහ කළද එය වැළැක් වූ බවත්, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු නිරීක්ෂණ හා යෝජනා සඳහා ලබාදෙන බවට විෂය භාර ඇමතිවරයා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය හා බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයින් වෙත නොවැම්බර් 07 වැනිදා ලබාදුන් පොරොන්දුව ඉටු නොකළ බවයි.

එමෙන්ම මෙම පනත සකස් කර ඇත්තේ විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, බලශක්ති විශේෂඥයින්, මහජන උපයෝගිතා කොමිසම හා විදුලි සේවකයින් යන පාර්ශවකරුවන් සමග කිසිදු සාකච්ඡාවකින් තොරව බවත්, ඒ පිළිබඳව සිය සංගමයේ බලවත් අවධානය යොමු වී ඇති බවත්ය.

මෙම පනත සම්බන්ධයෙන් ආර්තික අර්බුදයට හේතු සේවීමේ පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාව හමුවේ අදහස් දක්වමින් ඉංජිනේරු සංගමයේ නිලධාරීන් ප්‍රකාශ කර තිබුණේ පනතට අධිකරණය හමුවේ අභියෝග කිරීමට ප්‍රමාණවත් කාලයක් නොලැබෙන සේ එය ඉදිරිපත් කර ඇති බවයි.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි