28.3 C
Sri Lanka
30 June,2022

තැන්පතු කඩා මුදල් ගෙවන්නැයි මහින්දානන්ද බලපෑම් කරලා

Must read

ජාතික පොහොර ලේකම් කාර්යාලය සතු ස්ථිර තැන්පතු අවලංගු කර එම මුදලින් පොහොර සැපයුම්කරුවන්ට මුදල් ගෙවන ලෙස හිටපු කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ බලපෑම් කර ඇත.


ඔහු මෙම බලපෑම කර ඇත්තේ මැයි 04 වැනිදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීය. එම සාකච්ඡාවට හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමට පෙර කෘෂිකර්ම ඇමති හා රාජ්‍ය ඇමතිවරුන් වශයෙන් කටයුතු කළ ජානක වක්කුඹුර, ශාන්ත බණ්ඩාර, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් හා ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහභාගි වී ඇත.


ජාතික පොහොර ලේකම් කාර්යාලය සතුව රුපියල් මිලියන 400ක ස්ථීර තැන්පතු තිබෙන බව වාර්තාවන අතර දේශීය වශයෙන් කාබනික පොහොර ලබාදුන් ව්‍යාපාරිකයින්ට රුපියල් බිලියන 6ක මුදලක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගෙවීමට ඇතැයි වාර්තාවේ. එහෙත් එම කාබනික පොහොරවල නයිට්‍රජන් ප්‍රතිශතය නියමිත පරිදි නැති බැවින් එම ගෙවීම් කිරීමට නොහැකි බව නිලධාරීන් දැනුම් දී ඇතත් දේශපාලනඥයින් කියා ඇත්තේ කෙසේ හෝ එම මුදල් ගෙවිය යුතු බවයි.


රසායනික පොහොර ආනයනකරුවන්ටද කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් බිලියන 06ක මුදලක් ගෙවීමට ඇති අතර රජයට මුදල් නොමැති නිසා එම ගෙවීම් සිදු කිරීමටද පසුගිය කාලයේ හැකිවී නැත.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි