No menu items!
18.9 C
Sri Lanka
9 December,2024

සෞඛ්‍ය අංශ වහන්න කියද්දී පාසල් ඇරලා – ගුරු සංගමය

Must read

■ ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර

පාසල් වසා දමන්නැයි සෞඛ්‍ය අංශ කියා තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් විවෘත කර පවත්වාගෙන යන බව ලංකා ගුරු සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කරයි. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්දේශවල කෝවිඞ් 19 තෙවන මට්ටමට ව්‍යාප්ත වීමේදී පාසල් වැසිය යුතු බව පැහැදිලිව ප්‍රකාශ කර තිබුණත්, අධ්‍යාපන අමාත්‍යාංශය පූර්ව සූදානමකින් හෝ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදවලින් තොරව නොවැම්බර් 23 දා බස්නාහිර පළාත සහ හුදකලා කළ ප්‍රදේශ හැර අනෙක් ප්‍රදේශවල පාසල් ආරම්භ කළ බව එම නිවේදනයේ සඳහන්ය.

එහි සඳහන් ආකාරයට මේ වන විට ශ්‍රී ලංකාව තුළ කෝවිඞ් 19 වෛරසයේ ව්‍යාප්තිය තෙවන මට්ටමේ පවතින බව කෝවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්යසාධක බලකාය නොවැම්බර් 24 දින පැවැත් වූ සාකච්ඡාවේදී සඳහන් කර ඇත. එම සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධනද සහභාගි වී තිබේ.

මේ නිසා ලක්ෂ 43 ක් පමණ වන පාසල් දරුවනුන්, 247,000ක් පමණ වන ගුරුවරුන් හා විදුහල්පතිවරුන් කෝවිඞ් අවදානමට ලක් කර ඇති බවත් මේ පරස්පර තත්වය සම්බන්ධයෙන් කෝවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්යසාධක බලකාය වහා පැහැදිලි කිරීමක් කළ යුතු බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්ගේ අත්සනින් යුතු එම නිවේදනයේ සඳහන්ය.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි