21 C
Sri Lanka
6 October,2022

හිරුණිකාගෙන් එ.ජාතීන්ට පැමිණිලි කරයි

Must read

තමන්ගේ පෞද්ගලික දූරකථන සංවාද විකෘති කොට ප‍්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු නොකිරීම ගැන පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර ඇත.

ඊට අමතරව ඇය ඒ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයටද ලිඛිතව දැනුම් දී ඇත.

මෙම හඬපට ප‍්‍රසිද්ධ වීමෙන් පසු තමන් සහ පවුලේ සාමාජිකයන් අපහසුතාවට පත්වී ඇති බවත් මේ වන විට තමන්ට සමාජ මාධ්‍ය හරහා මරණ තර්ජන පවා එල්ලවෙන බවත් ඇය එම පැමිණිලිවලින් කියා තිබේ.

මීට පෙර ජනවාරි 23 වන දින හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්ත‍්‍රීවරිය එම සිදුවීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටද පැමිණිල්ලක් කරනු ලැබීය.

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි