No menu items!
21.5 C
Sri Lanka
8 October,2024

ලියන්න ඕනෑ ෆොන්සේකාස් වෝ කියලා පොතක්

Must read


එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ



ඇල්පිටියේ ඡන්ද ප‍්‍රතිඵලයෙන් එක්සත් ජාතික පක්ෂය දුර්වල වී ඇතැයි පෙනෙන බවට අදහසක් තියෙනවා..
ඇල්පිටිය ඡුන්ද ප‍්‍රතිඵලය ගැන මහින්ද රාජපක්ෂ මහතාම කතාකළානේ. මගේ පිළිතුරත් මහින්ද රාජපක්ෂ මහතාගේ පිළිතුරම තමයි. ඔහුම කිව්වා ඇල්පිටිය කියන්නේ ලංකාවම නොවන විත්තිය. එය මීට කලිනුත් ඔවුන් ජයගත් ආසනයක්. ඒ වගේම ඒ ඡුන්දය පැවැත්වුවේ පළාත් පාලන ආයතනයක් වෙනුවෙන්. ඇල්පිටියේ ඡුන්දය ලංකාවටම ලඝු කරන්න ඕනෑ නැහැ.


පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රීලනිපයට හා පොදුජන පෙරමුණට ලැබුණු ඡන්ද එකතු කොට, ඔවුන්ගේ කඳවුරට ජනාධිපතිවරණයේදී ඡන්ද බහුතරයක් තියෙනවායැයි තර්කයක් ඉදිරිපත් වෙනවා..


ඡුන්ද ඔක්කෝම එක තැනකට එකතු වුණා නම්, වෙන්න ඕනෑ ඇල්පිටිය ඡුන්දයේදී හැමෝම පොහොට්ටුවට ඡුන්දය දෙන එකයි. පැහැදිලිවම පොහොට්ටු විරෝධී ඡුන්ද ශ‍්‍රීලනිප කඳවුරේ තියෙනවා. ඉදිරි කාලයේ රටේ දේශපාලනය හැසිරෙන විදියට ඒ ඡුන්ද ටික ඉදිරි මැතිවරණයේදී යන්නේ කාටද කියලා තීරණය වේවි. විශේෂයෙන්ම ඉදිරි කාලසීමාව තුළ අපේක්ෂකයන් හැසිරෙන ආකාරය අනුව එය තීරණය වේවි. ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දිනෙක පැවති මාධ්‍ය සාකච්ඡුාවේදී හැසිරුණ විදිය දැක්කානේ. ඔය විදියට ගොත ගගහා උත්තර දෙන නායකයෙක් රටට ඕනෑ නැහැනේ. ඒ කාරණා බලලා ශ‍්‍රීලනිප පාක්ෂිකයන් හා රටේ ජනතාව උත්තරයක් ලබාදෙන බව අපට විශ්වාසයි.


අපේක්ෂකයන් දෙන්නාගේම ඇතැම් අදහස් දැක්වීම් ගැන විවේචන තියෙනවා නේද?
අපි ගෝඨාභය රාජපක්ෂ මහතාට විවාදයකට එන්නැයි අභියෝග කරලා තියෙනවා. මාර්තු 12 ව්‍යාපාරය ජනාධිපතිවරණ අපේක්ෂකයන් එක වේදිකාවකට ගෙනාවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ඒක මඟහැරියා. දැන් අපි අභියෝග කරන්නේ රටේ ප‍්‍රධාන අපේක්ෂකයන් දෙන්නා එක වේදිකාවකට ගේන්න කියලා. එතකොට දෙන්නාගෙන් එකම ප‍්‍රශ්න ටික අහලා වඩා හොඳ අදහස් තියෙන්නේ කාටද කියලා තේරුම් ගන්න පුළුවන්. එයාලා තනියම එන්න ඕනෑ. වෙන කාගේවත් සහයෝගය ඕනෑ නැහැනේ. මගෙන් නැතුව අනෙක් අයගෙනුත් ප‍්‍රශ්න අහන්න කියලා කියන නායකයෝ අපට ඕනෑ නැහැ. රට ගැන හිතන්නේ කවුදැයි එතකොට රටම දැනගන්නවා. නෑ නෑ මං මං කියලා ගොතගහන ලෙඞ්ඩුන්ව අපට ඕනෑ නැහැ.


ගෝඨාභය රාජපක්ෂ මහතා 15 වැනිදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡුාව ගැන දකින්නේ කෙලෙසද?
දැන් ගෝඨාස් වෝ කියන පොත වෙනුවට කවුරුහරි ලියන්න ඕනෑ ෆොන්සේකාස් වෝ කියලා පොතක්. ගෝඨාභය රාජපක්ෂම පිළිගත්තා යුද්ධයට නායකත්වය දුන්නේ එයා නෙවෙයි සරත් ෆොන්සේකා මහත්තයා බව. ඒ නිසා තමයි එවැනි නායකයෙකුට අපේ පැත්තෙන් ජාතික ආරක්ෂාවේ සම්පූර්ණ වගකීම පවරන්න තීරණය කළේ. ඒ නිසා රටේ ජනතාවට කියන්න තියෙන්නේ එක් එක් වෙලාවට උත්තර මාරු කරලා වගකීමෙන් ගැලවෙන නායකයෙකු තෝරාගන්න හිතනවා නම්, නැවත ඒ ගැන හිතන්න කියලා. යුද අපරාධ චෝදනා එනකොට මම නෙවෙයි කියලා කියනවා. යුද්ධයේ ගෞරවය එනකොට යුද්ධය මගේ කියලා කියනවා. එහෙම අය ඕනෑ නැහැ අපට. තමන් කරපු දේවල් ගැන වගකියන නායකයන් ඕනෑ. අපට ඉන්නවා සරත් ෆොන්සේකා මැතිතුමා. එතුමා තමයි ඒ හැමදේටම ඒ වෙලාවේ නායකත්වය දුන්නේ. එතුමා තමයි යාපනයේ ආඥාපති හැටියට ක‍්‍රියාමාර්ග ගත්තේ. ඒවා නිසා තමයි යුද්ධය අවසාන වුණේ. මම පෞද්ගලිකව ජනවාර්ගික ප‍්‍රශ්නවලට යුදමය විසඳුම් ගැන විශ්වාස කරන්නේ නැහැ. ඒත් ඒ වෙලාවේ තිබුණු තත්වයේ හැටියට යුද්ධයකට යන්න තිබුණා. ඒ යුද්ධයට නායකත්වය දුන්නේ ෆොන්සේකා මැතිතුමා. ඒ කාරණය පිළිගැනීම ගැන ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තූතිවන්ත වෙන්න ඕනෑ.


පසුගිය දිනවල එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් මතභේද තිබුණා. දැන් ඒ භේද අවසන්ද?
සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂාව බාරදෙන බව කීමෙන්ම අපේ බෙදීමක් නැති බව පේනවා. දැන් බෙදීම තියෙන්නේ කොහේද. ඒ පැත්තේ. අපට බෙදීමක් තිබුණේ නැහැ. අපි එක තැනක හිටියේ. අපට ඕනෑ වුණේ හැමෝගේම කැමැත්තෙන් ජනතාවගේ වැඩිම කැමැත්ත තියෙන අපේක්ෂකයාව ගේන්න. ඒ වෙනුවෙන් ගරු අගමැතිතුමා ඉතාමත් බුද්ධිමත් විදියට ක‍්‍රියාකළා. අවසානයේදී සජිත් පේ‍්‍රමදාස මැතිතුමාගේ මෑණියන්වත් එක්කාගෙන ඇවිල්ලයි අපේක්ෂකත්වය දුන්නේ. අපේක්ෂකත්වය දුන් අවස්ථාව රටම හැඟීම්බර වුණ අවස්ථාවක්. එක්සත් ජාතික පක්ෂය කියන්නේම අපේ එකමුතුකමේ සංකේතයක්. අපව කාටවත් බෙදන්න බැහැ.

අපි එක්සත්ව ඉන්නවා. බෙදිලා ඉන්නේ ඒ පැත්තෙ කට්ටිය. දැන් වේදිකාවට නගින අයට හූ කියනවා. ඒ හූ හඬවල්වලට ලක්වූ අයට මහමැතිවරණයේදී මනාප ලැබෙන්නේ නැති බවත් හැමෝම දන්නවා. ගියවර පාර්ලිමේන්තු මැතිවරණයේදීත් අපි ඒක දැක්කා. කෙසේ වෙතත් ඒ ගැන කලකිරීමක් තියෙන උදවියටත් අපි යෝජනා කරන්නේ වහල්ලූ වෙනවාද නැද්ද කියලා කල්පනා කරන්න කියලායි. ජනතාවගේ පැත්තට එන්න නම් එයාලාට අපේ පැත්තට එන්න කියලයි ඉල්ලන්නේ. ඔය හූ කියන්නේ වහල් ස්වභාවයෙන්. ඒ වහල් ලක්ෂණ නැතිව පොදු අරමුණක් කරා පොදු පෙරමුණකට එන්න පුළුවන්.


ලංකාවේ විශාල පිරිසක් ඉන්නවා ප‍්‍රධාන පක්ෂ දෙකටම නැතිව මධ්‍යස්ථ මතයක. ඔවුන් විමසන්නේ යහපාලන ආණ්ඩුව ගැනත් සෑහීමට පත්වෙන්න බැරි පසුබිමක සජිත් පේ‍්‍රමදාස මහතාට ඡන්දය දෙන්නේ කොහොමද කියලයි….
පසුගිය දවස්වල කතාවලිනුත් පැහැදිලි වෙනවා වැරදිලාවත් ගෝඨාභය රාජපක්ෂ පාලනයක් ආවොත් කොහොම පාලනය සිදුවේවිද කියලා. ජනාධිපතිවරණයෙන් පසුදින හෙවත් නොවැම්බර් 17 වැනිදාම සැකකරුවන් පිරිසක් නිදොස් කොට නිදහස් කරන බව ඔහු කීවානේ.

විනිශ්චයකරුවෙක්ටවත්, වෙනත් කෙනෙක්ටවත් අහවල් දවසේ අහවල් කණ්ඩායම නිදොස් කොට නිදහස් කරනවායැයි කියන්න බැහැ. ඒක සිද්ධවෙන්න ඕනෑ ස්වාධීන නඩු විභාගයකින් කරුණු සලකා බැලීමකින් පසුවයි. ඒක පිටින් බැලූවාම හමුදා නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටීමක් විදියට පෙනේවි. ඒත් ඒක ඊට එහා ගිය භයානක කතාවක්. අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි ගැසීමක්. නීති ක්ෂේත‍්‍රය ගැන දන්න බුද්ධියක් තියෙන සියලූදෙනාම ඒ කතාව ඇහුණාම නිවැරදි තීන්දුවක් ගනීවි. ඔහු මොනතරම් මර්දනකාරී ක‍්‍රමයකින් ආණ්ඩු කරනු ඇතිද කියලා ඒකෙන්ම පැහැදිලි වෙනවා. අපි ඉතාම පිළිකුලෙන් ඒ වගේ සිතිවිලි බැහැර කරනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරන්නට ස්වාධීන අධිකරණය හා ස්වාධීන කොමිෂන් සභා ආරක්ෂා කරමින් කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේක අපට තියෙන අවසන් අවස්ථාව. අධිකරණයට ඇණ ගහන්න ඉඩ තියෙනවාද කියන තීන්දුව ගන්න ඕනෑ රටේ ජනතාව.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි