No menu items!
25.2 C
Sri Lanka
6 October,2024

ටීඑන්ඒත් බෑ කියයි : චන්ද්‍රිකාත් නෑ

Must read

ඉදිරි ජනාධිපතිවරණයේදී ඇමති සජිත් පේ‍්‍රමදාස ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වන්නේ නම් ඔහුට තම පක්‍ෂයේ සහයෝගය හිමි නොවන බව දෙමළ ජාතික සන්ධානය සජිත් පේ‍්‍රමදාස මහතාගේ හිතවතුන්ට දන්වා ඇතැ’යි අනිද්දා වෙත වාර්තා වේ’

මංගල සමරවීර” ආචාර්ය හර්ෂ ද සිල්වා හා ඉරාන් වික‍්‍රමරත්න යන සජිත් පේ‍්‍රමදාස මහතාගේ සමීපතම ආධාරකරුවන් වෙත පෞද්ගලිකවම මේ බව දැනුම් දී ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ ඉහළ දේශපාලනඥයන් විසිනි’

බලය විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන් සජිත් පේ‍්‍රමදාස මහතා නිශේධනීය අදහසක් දිගින් දිගටම දරන බවත්” එක් මධ්‍යම ආණ්ඩුවක පාලනයක් හා ඒ හරහා පළාත්වලට සම්පත් බෙදාදීම ප‍්‍රමාණවත් බැවින් පළාත් සභා වැනි ව්‍යුහයක් අවශ්‍ය නොවන්නේයැයි ඔහු අදහස් කරන බවත්” ඒ නිසා දෙමළ ජනතාවට ඔහු සමග කළ හැකි දේශපාලනයක් නැති බවත් මේ දෙමළ සන්ධාන දේශපාලනඥයන් සජිත් පේ‍්‍රමදාස මහතාගේ හිතවතුන්ට දන්වා තිබේ’

මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තමාගේ සහායට සිටින බව පෙන්වන්නට සජිත් පේ‍්‍රමදාස මහතා විවිධ උපක‍්‍රම යොදතත්” චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සිටින්නේද සජිත් පේ‍්‍රමදාස මහතාට සපුරා විරුද්ධ ස්ථාවරයක බව අනිද්දා වෙත වාර්තා වෙයි’

ඉන්දිය රජයේ මූල්‍ය ආධාරයෙන් ගම්පහ දිස්ත‍්‍රික්කයේ ඉදිකරන ලද උදාගමක් විවෘත කිරීමට හා සජිත් පේ‍්‍රමදාස මහතාගේ අමාත්‍යාංශය යටතේ කුමාරතුංග මහත්මියගේ සංකල්පයක් මත ඉදිකෙරෙන නිවාස යෝජනා ක‍්‍රමයක උත්සවවලට සහභාගි වුවත්” ඉන් ඔබ්බට සජිත් පේ‍්‍රමදාස මහතාට ඇගේ සහායක් නොමැති බව තවදුරටත් වාර්තා වේ’

එහෙත්” මේ හමුවීම සූක්‍ෂ්ම ලෙස යොදාගන්නා සජිත් පේ‍්‍රමදාස මහතා ඊට අදාළ ඡුායාරූප හා ප‍්‍රවෘත්තිවලට වැඩි ඉඩක් දෙමින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද තමා සමග සිටින බවට පෙන්වීමට උත්සාහ කරමින් සිටියි’x

අරුණ ජයවර්ධන

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි