No menu items!
21.6 C
Sri Lanka
9 October,2024

ගෝඨා එන බව මම කීවේ නෑ

Must read

බැසිල්

මීළඟ ජනාධිපතිවරණයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කරන අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බව තමන් ප‍්‍රකාශ කළේයැයි පළවෙන මාධ්‍ය වාර්තා තමාගේ ප‍්‍රකාශයක මූලික අදහස විකෘති කිරීමක් බව අනිද්දා කළ විමසීමකදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ පැවසීය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බවට බැසිල් රාජපක්ෂ ප‍්‍රකාශ කළේයැයි පසුගිය සතියේ මාධ්‍ය ගණනාවක පුවත් පළවී තිබුණි. ඒ අනුව ශ‍්‍රීලපොපෙ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන තීන්දුවක් ගෙන අවසන්දැයි අප කළ විමසීමකදී බැසිල් රාජපක්ෂ මහතා ඉහත අදහස පළකළේය.

ඇත්තෙන්ම එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් විමසුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන්ගේ සහයෝගය ලබාදෙනවාද නැද්ද යන්න පිළිබඳව බව බැසිල් රාජපක්ෂ මහතා පැහැදිලි කළේය. ගෝඨාභය රාජපක්ෂ  ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ ඉඩක් තිබෙන බවත්, එසේ වුවහොත් තමන් සහයෝගය ලබාදෙන බවත් එයට පිළිතුරු ලෙස පැවසූ බව ඔහු කීය. ඉදිරිපත් වෙන  ඕනෑම අපේක්ෂකයෙකුට තමන් සහයෝගය ලබාදෙන බවත් අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ වුවහොත් ඔහුට වුව සහයෝගය ලබාදෙන බවත් එහිදී අදහස් කළ බව ඔහු කීය.

මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා තීරණය කිරීම තවමත් සිදුවී නැති බවත්, එය ජුලි මාසය අවසන්වීමට පෙර කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු කීය. අපේක්ෂකයා පිළිබඳව මුලින්ම පොදුජන පෙරමුණ තීන්දුවක් ගන්නා බවත්, ඉන්පසුව ඒ පුද්ගලයාගේ නම පොදුජන පෙරමුණ සමඟ සිටින දේශපාලන පක්ෂ හා ජාතිකවාදී සිවිල් සංවිධානවල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවත් ඔහු ප‍්‍රකාශ කළේය. ඉදිරි ජනාධිපතිවරණයේ මැතිවරණ ව්‍යාපාරය ජාතිකවාදී සිවිල් සංවිධාන හා අනෙකුත් දේශපාලන පක්ෂවලට වැදගත් තැනක් ලබාදෙමින්, පුළුල් සන්ධානයක මැතිවරණ ව්‍යාපාරයක් ලෙස සිදු කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කීය.

මේ වනවිට ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන නම් තුන යෝජනා වී තිබෙනවා නේදැයි බැසිල් රාජපක්ෂගෙන් විමසීමේදී ඔහු එය තහවුරු කළේය. දෙමළ හා මුස්ලිම් ජනතාව නියෝජනය කරන පක්ෂවල නියෝජිතයන් තමන්ට ඉදිරිපත් වෙන ලෙස යෝජනා කළ බවද අපගේ විමසීම්වලට ප‍්‍රතිචාර ලෙස ඔහු කීය. තමන්ගේ නම යම් පුද්ගලයන් යෝජනා කර ඇතත්, ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවක් නැති බව ඔහු කීය.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි