19.5 C
Sri Lanka
7 August,2022

කිලිනොච්චිය සාමකාමීයි

Must read

කිලිනොච්චියේ භාරතිපුරම්හි පදිංචි පුද්ගලයෙකු යුද හමුදාවට අයත් ට‍්‍රක් රථයකට යටවී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එම අවස්ථාවේදී යම් උණුසුම් තත්වයක් හටගත්තද එය විශාල කලබල තත්වයක් දක්වා වර්ධනය නොවී සාමකාමී ලෙස අවසන් වී ඇත.

සිදුවීමෙන් පසුව කිලිනොච්චියේ ගැටුම් ඇතිව තිබෙන බව දකුණේ සමාජ මාධ්‍ය සහ ලංකා සී නිව්ස් ඇතුළු ඇතැම් වෙබ් අඩවිවලින් අගෝස්තු 16 වැනිදා ප‍්‍රචාරයන් සිදුකර තිබුණි.

අගෝස්තු 15 වැනිදා සවස් වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, මෝටර් සයිකලයකින් ගමන් කර ඇති මියගිය පුද්ගලයා පසුපසින් පැමිණි ට‍්‍රක් රථයට යටවී තිබේ.

එම අවස්ථාවේදි ක්ෂණික කෝපය මත රථයට අලාභහානි පවා කර ඇති නමුත් එම තත්වය නිශ්චිත සිදුවීමෙන් එහාට විශාල කෝලාහලයක් දක්වා වර්ධනය නොවූ බව අනිද්දා සමඟ අදහස් දැක්වූ කිලිනොච්චියේ පදිංචි මාධ්‍යවේදියෙක් පැවසීය.

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි