Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: රාවය පුවත්පත

පුවත්

සෞඛ්‍යාරක්ෂිතව ඡන්දය පැවැත්වීම ගැන දෙපාර්තමේන්තුව ලොකු අවුලක 

– නිලධාරීන්ට තවම අදහසක් නෑ – වියදම අනුමාන කරන්න අමාරුයි – කොරියාවට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් තත්වයක් – කොරියාවේ ඡන්ද ගණනය ඉලෙක්ට්‍රොනික්, ලංකාවේ අතින් පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වැනිදා පැවැත්වීමට නියමිත වුණත්, සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද පාවිච්චි කරමින් මැතිවරණය පවත්වන ආකාරය හා සෞඛ්‍යාරක්ෂිතව මැතිවරණය පවත්වන්නේ කෙසේද යන කාරණා…

පුවත්

අපෙන් කොළඹට කොවිඞ්-19 පැතිරෙන්න පුළුවන්.. අපි සේවයෙන් අයින් වෙනවා – කොළඹ සෞඛ්‍ය නිලධාරීහු කියති 

තමන්ව පීසීආර් පරීක්ෂණයට ලක් කරන ලෙස ඉහළ නිලධාරීන්ගෙන් කරන ලද ඉල්ලීමක් ඉටු නොකළ බවත් තමන්ට කොවිඞ්-19 රෝගය ඇතිදැයි සැකයක් ඇති බවත්, එම නිසා තමන් සේවයෙන් ඉවත්ව දින 14ක ස්වයං නිරෝධායනයට යොමුවෙන බවත් කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයෙකු සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් ලිඛිතව දැනුම් දී ඇත….

පුවත්

කර්මාන්තශාලා විවෘත කළොත් සේවකයන්ට ගැටලූ රැසක් 

ඇඳිරි නීතිය ලිහිල් කොට කර්මාන්තශාලා යළි විවෘත කිරීමේදී සේවකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව සැපයීමට ප‍්‍රමාණවත් පහසුකම් නොවීම, නවාතැන් පහසුකම් නොමැතිවීම හා සේවක අයිතිවාසිකම් කප්පාදු කිරීමට කර්මාන්තශාලා හිමියන්ට ඉඩ සැලසීම ආදි ගැටලූ රැසක් ඇති බව වෘත්තීය සමිති කිහිපයක් ජනාධිපතිවරයා වෙත ලිපියක් මගින් දැනුම් දී ඇත. මෙම ගැටලූ පිළිබඳව සාකච්ඡා…

දේශපාලන

ජනාධිපති ව්‍යවස්ථාව කඩනු ඇත 

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, 2018 ඔක්තෝබරයේදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කඩා, අගමැති සිටියදී අලූත් අගමැතිවරයකු පත්කෙළේය. නොවැම්බර මුලදී පාර්ලිමේන්තුව විසුරුවා නැවතත් ව්‍යවස්ථාව කඩකළේය. ශ්‍රේෂ්ඨාධිකරණය, ඒකමතිකව, සිරිසේන ජනාධිපතිවරයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කඩකර ඇති බව තීන්දු කෙළේය. සිරිසේන ජනාධිපතිවරයා මේ අපකීර්තිමත් තත්ත්වයට පත්වුණේ තමාගේ ධුර කාලයේ අවසාන භාගයේය. අද ඔහුට සිදුවී…

පුවත්

ජනපති පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි – ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා නීතිඥයෝ සංවිධානය 

හදිසි තත්වයක් යටතේ පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයාට ඇති බලය අත්තනෝමතික ලෙස පාවිච්චි නොකර මේ මොහොතේ ජනාධිපතිවරයා එම බලය ක‍්‍රියාත්මක කළ යුතු බවත්, එම බලය පවරා ඇත්තේ ජනාධිපතිවරයා එය පාවිච්චි කරනු ඇතැයි විශ්වාසයෙන් බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා නීතිඥයෝ සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කර ඇත. එම සංවිධානයේ…

පුවත්

ස්වර්ණවාහිනියේ පස්දෙනෙක් පීසීආර් පරීක්ෂණයට 

කටුනායක  ගුවන් හමුදා කඳවුරේ  ගුවන් හමුදා සංගීත කණ්ඩායමේ සේවය කළ කොවිඞ් 19 ආසාදනය වී ඇතැයි තහවුරු වූ නිලධාරියා ඇසුරු කළ ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ සේවය කරන පස්දෙනෙකු පීසීආර් පරීක්ෂණ සදහා යොමු කර ඇති බව වාර්තා වේ. පීසීආර් පරීක්ෂණවලට යොමු කළ නිලධාරීන් 5 දෙනා අතර වේෂ නිරූපණ…

තීරු ලිපි

ඔබ නිදාගෙන සිටින්න – රාජ්‍යය ඔබ වෙනුවෙන් සිහින දකිනු ඇත 

Off Road ආර්ථික talks මේ දවස්වල රාජ්‍ය විසින් ජනතාවට ‘හෝල්සෙල්’ උපදෙස් දෙමින් සිටී. ලංකාවේ පමණක් නොවේ ලෝකයේ සෑම රාජ්‍යයක්ම පාහේ මේ දවස්වල දිසාපාමොක් පන්නයේ ගුරුවරයෙකු බවට පත්වී සිටී. ජනතාවට ඇත්තේ ඉතා පහසු කටයුත්තකි. ආණ්ඩුව කියන දේවල් හොඳින් අහගෙන ඉන්න. ආණ්ඩුව ගැන හිතමින් නින්දට යන්න. ආණ්ඩුව…

පුවත්

පාර්ලිමේන්තුවත් නැතිව, ව්‍යවස්ථාවටත් පිටින් අප ණය උගුලක හිරකරයිද? 

පවතින තත්වය හමුවේ ශ‍්‍රී ලංකාවේ රජයට ආර්ථිකය පවත්වාගෙන යෑම සඳහා ණය ලබා නොගෙන බැරි බව පැහැදිලිය. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ඬේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් වෙත ලබාදී තිබුණු සම්මුඛ සාකච්ඡුාවකින්ද පැහැදිලි වන්නේ ශ‍්‍රී ලංකාව මේ මොහොතේ ණය ලබාගැනීමටත්, දැනට ගෙවීමට ඇති ණය වාරික කල් දැමීමටත් බලාපොරොත්තු වන…

පුවත්

කොවිඞ්-19 මැද මානව හිමිකම් කඩන රටවල් අතරට ශ‍්‍රී ලංකාවත් එකතු කරලා 

කොවිඞ්-19 වසංගත සමයේදී පොලිස් හිංසනය ක‍්‍රියාත්මක කරමින් මානව හිමිකම් උල්ලංඝනය කරන රටවල් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයකට ශ‍්‍රී ලංකාවේ නමද ඇතුළත් කර ඇත. අපේ‍්‍රල් 27 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම තත්වය…

පුවත්

පෞද්ගලිකත්වය කඩන ජඩමාධ්‍ය භාවිතාව දැක්කේ දැන්ද? 

කොවිඞ්-19 ආසාදිත යුද හමුදා සෙබළුන් හා නිලධාරීන් කී දෙනෙකු සිටීදැයි විමසීමට දූරකථන ඇමතුමක් ගත් අවස්ථාවක යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලියුම්කරුගෙන් ඉල්ලීමක් කළේය. ඒ කොවිඞ්-19 පිළිබඳ මාධ්‍ය භාවිතයට විවේචනයක්ද සමඟය. ඒ ඉල්ලීම ඉතා සාධාරණ එකකි. ඒ කොවිඞ්-19 ආසාදිතයන් අපහසුතාවට පත් කරමින්, පුද්ගලිකත්වයට හානි කරන මාධ්‍ය භාවිතාව…