No menu items!
26.2 C
Sri Lanka
26 June,2025
Home Blog Page 516

City Lights

0


1931 දී නිහඬ City Lights බිහිවන විට ලෝක සිනමාව කථාකරන්නට පටන්ගෙනය. නිහඬ සිනමා යුගය නිම වී කථානාද සිනමාව ඇරඹී තුන් වසරක් ඉකුත්ව ඇත. ලෝක සිනමාව කටහඬ සමග ඉදිරියෙට දිවෙන විට චැප්ලින් පරණ පුරුදු ලෙස අභිනය සමග ගනුදෙනු කරමින් සිටී. පුදුම විය යුත්තේ මේ ගැන නොව, කථානාද සිනමාව පරදා මෙය ලද ආදායම් වාර්තා ගැනද නොව, සිතාගත නොහැකි තරම් විසල් තාක්ෂණික චිත්‍රපට බිහිවන යුගයක City Lights තවමත් නැවුම් වීමයි. ලෝකය පුරා ප්‍රේක්ෂකයන් නැවත නැවතත් එයම නැරඹීම යි.

කතා සාරාංශය
චැප්ලින් සුපුරුදු ලෙස මෙහි රඟනුයේ පාදඩයෙකුගේ චරිතයකි. චිත්‍රපටය ඇරඹෙත්ම නගරයේ ප්‍රභූහු ජනකාය මැද සිට සාමයේ හා සෞභාග්‍යයේ පිළිරුව විවෘත කරන්නට සැරසෙති. පිළිරුවේ තිරය විවර කරත්ම පාදඩයා එහි නිදාසිටිනු පෙනෙයි. පහළින් එල්ලවන විරෝධය නිසා පාදඩයා අකරතැබ්බ මැද ඉන් බැස යයි. ඔහුට පදික වේදිකාවේ මල් විකුණමින් සිටින රූමත් අන්ධ යුවතියක මුණගැසෙයි. කතාව ඉදිරියට ඇදී යන්නේ මැය පදනම් කරගෙනය. ඇගේ දෑස් සුවපත් කිරීම සඳහා මුදල් සෙවීමට පාදඩයා නොයෙක් උපායන්වල යෙදෙයි. සියදිවි නසාග ැනීමට උත්සාහ කරමින් සිටියදී හමුවන කෝටිපතියෙකු බේරා ගැනීම නිසා පාදඩයාට අලුත් මිතුරෙකු හමුවේ. එහෙත් මිතුරුකම වෙරි වූ කල පමණි. පියවි සිහිය ලද විට කෝටිපතියා පාදඩයා එළවා දමන්නේ තමා ඔහු නාඳුනන බව කියමිනි. චැප්ලින් තරුණිය සුවපත් කිරීමට කුලී වැඩ කරයි. බොක්සිං තරගවලට සහභාගී වී හොඳටම ගුටි කයි. අවසානයේ අහම්බයෙන් හමුවන කෝටිපති මිතුරාගෙන් මුදල් ඉල්ලා ගනී. තරුණියට මුදල් දී යන අතරතුර පොලිස් අත්අඩංගුවට පත්වේ. ඔහු හිරෙන් නිදහස්ව එන විට ඇය පූර්ණ සුවය ලබා අභිනව මල් කඩයක්ද දමාගෙන තමා සුවපත් කළ ධනවත් මහත්මයා එනතෙක් මග බලා සිටියි (ඇය සිතා සිටින්නේ ධනවත් මහත්මයෙකු තමාට උපකාර කරනවා කියාය). පීඩිත බවේ පත්ලටම ගිලුණු පෙනුමින් යුතු පාදඩයා තරුණියගේ මල් වෙළෙඳසැල ඉදිරිපිට ගැටවරයන්ගේ කොලොප්පමට ලක් වෙයි. චිත්‍රපටය අවසන් වන්නේ තරුණිය පාදඩයා හඳුනා ගැනීමෙනි.


සිනමා කෘතිය කියවීම
City Lights පඨිතයක් ලෙස කියවා ගැනීමේ පහසුව තකා චිත්‍රපටයේ එන කේන්ද්‍රයී සිදුවීම් පහත පරිදි පෙළ ගස්වනු ලැබේ. (01) සාමයේ සහ සෞභාග්‍යයේ පිළිරුව විවෘත කිරීම, (02) මල් විකුණන අන්ධ යුවතිය, (03) දිවි නසා ගැනීමට සැරසෙන මිලියනපතියා හමුවීම, (04) මිලියනපතියාගේ නිවස, (05) රාත්‍රී සමාජ ශාලාව (මිලියනපති මිතුරා සමග), (06) මිලියනපතියාගේ නිවසේ උත්සවය, (07) අන්ධ තරුණියගේ දෑස් සුවකිරීම සඳහා මුදල් සෙවීම, (08) යුරෝපයේ නොපෙනෙන පැත්ත. (Back from Europ), (09) සිරගත වීම, (10) අවසන් දර්ශනය (හඳුනා ගැනීම)
චිත්‍රපටය ආරම්භ වන්නේ නගර මධ්‍යයට සෙනඟ පිරිවරාගත් ප්‍රභූන් සාමයේ හා සෞභාග්‍යයේ පිළිරුව (Pace and prosperity) විවෘත කරන අවස්ථාවකිනි. අත්පොළසන් මැද ප්‍රභූ කාන්තාව තිරය ඇද පිළිරුව විවෘත කරන විට ප්‍රේක්ෂකයා අපේක්ෂා කරන සුන්දර හා සුපිරිසිදු පිළිරුවට අමතරව පාදඩයෙක් එහි නිදාසිටියි. පහළින් එල්ලවන විරෝධය හමුවේ පාදඩයා පිළිරුවෙන් ඈත් වෙන්නට ගන්නා සෑම උත්සාහයක් අතරතුරදීම ඔහු තව තවත් එහිම පැටලී සුන්දර දසුන අවලස්සන කරයි.
මෙය උත්ප්‍රාසාත්මකය. සාමයෙන් හා සෞභාග්‍යයෙන් ආඪ්‍ය වූ නගරයක පාදඩයන් සිටීම එක්තරා ආකාරයකින් උත්ප්‍රාසය ඉක්මවා යන විරුද්ධාභාසයක් මතු කරයි. කලින් කී පරිදි උත්ප්‍රාසය කොතරම්ද යත් පාදඩයා හමුවන්නේ ප්‍රතිමාව අයත් නගරයේ අන් කොතනකින්වත් නොවේ, ප්‍රතිමාව මතින්ම ය. නූතනත්වය විසින් ප්‍රබුද්ධත්වයේ යුගය ආරම්භ කළා යැයි කීම අසාධාරණ නොවන්නා සේ එම ඊනියා ප්‍රබුද්ධත්වය විසින් ලෝක යුද්ධ දෙකක් සමග තවත් විශාල ජනසංහාරයන් සිදු කළ බව අමුතුවෙන් සනාථ කළ යුතු නොවේ. නූතනත්වය පිළිබඳ අදහස් දැක් වූ කාල් මාක්ස්, එමිල් ඩුර්කයිම්, මැක්ස් වෙබර් යන සමාජ විද්‍යාඥයන් තිදෙනා පැරණි යුගය පසු කරමින් නව යුගයක් කරා ලෝකය ගෙන ගිය නූතනවාදය අර්බුද මවමින් ඉදිරියට සංක්‍රමණය වූ අයුරු තුන් ආකාරයකින් පහදයි. මාක්ස් නූතනත්වය අර්ථකථනය කළේ හුවමාරු භාණ්ඩකරණය ලෙයසි. එමිල් ඩුර්කයිම් විභේදනය මවන්නක් වශයෙන් නූතනත්වය නිර්වචනය කළේය. මේ දෙදෙනාට ම වෙනස්ව යමින් මැක්ස් වෙබර් පැවසුවේ නූතනත්වය සබුද්ධිකත්වයට පර්යාය වන බවය.
එක් අතකින් මෙම දර්ශනය (සාමයේ සහ සෞභාග ්‍යයේ පිළිරුව විවෘත කිරිම) ධනේශ්වරයේ සකලවිධ රූප කැටි කරයි. අනෙක් අතට ලෝක මහා සංග්‍රාම දෙකක් මැදින් හිස එස වූ ව්‍යාජ සාම සංවිධාන කෙරෙහි එල්ල කෙරෙන සෝපහාසාත්මක කාල බෝම්බයකි. පළමු ලෝක මහා සංග්‍රාමයෙන් පසු අටවාගත් ‘ජාතීන්ගේ සංගමය’ සතු ඊනියා බලයට කෙළ ගසමින් දෙවන ලෝක යුද්ධය ඇති විය. මේ ආකාරයට සාමයේ නාමයෙන් ධනවාදී රාජ්‍යයන් එක්ව අටවා ගත් සියලු ව්‍යාජ සංවිධානවල පවුරු පදනම් ධනවාදය විසින්ම උගුළුවා දමනු ලැබිණි. පශ්චාත් නූතන ලෝකය තුළ සාමය හා නිදහස ආරක්ෂා කිරීමේ අරමුණින් පිහිටුවා ගන්නා ලද ‘එක්සත් ජාතීන්ගේ සංවිධානය’ ද මීට හාත්පසින් වෙනස්වූවක් නොවේ. පරිධියේ රටවල වැරදි ගිවිස්සීමට හැකි වුවත් ඇමරිකාව වැනි ලෝක පොලිස්කාරයෙකුට චෝදනා කිරීමට හෝ දඬුවම් කිරීමට එම සංවිධානයට නොහැකිය.
චැප්ලින් විචාරශීලී ප්‍රේක්ෂකයා වෙත ගෙන එන සංඥාව එයයි. සාමය හා සෞභාග්‍යය ඇත්නම් පාදඩයන් කොයින් ද? පාදඩයා ප්‍රතිමාවෙන් ඉවත් වන්නට ගන්නා සෑම උත්සාහයක්ම ඔහු තව තවත් එහිම සිර කරයි. ජාතික ගීය වාදනය වන විට ඊට සමාචාර දක්වන ප්‍රභූහු එය නිම වූ වහාම නැවතත් සුපුරුදු ආවේගයන් පාදඩයා කෙරෙහි මුදාහරිති. චිත්‍රපටය තරමක් ධාවනය වූ පසු ඔහු (පාදඩයා) තමාට අහම්බෙන් මුණගැසෙන අන්ධ තරුණියගේ දෑස් සුව කිරීම සඳහා මං පිරිසිදු කරන්නෙකු ලෙස සේවය කරයි. පාදඩයාගේ පසුබිමින් දිස්වන්නේ ප්‍රේක්ෂකයා කලින් දුටු සාමයේ හා සෞභාග්‍යයේ පිළිරුවමයි. පිළිරුව විවෘත කළ පසු සාමය හා සෞභාග්‍යය පිරි නගරය වෙනුවට අසරණ අඳ තරුණියගේ නිවසේ කුලිය බේරීමට හා දෑස් සුවකර ගැනීමට නොපොහොනා නගරයක් ප්‍රේක්ෂකයා හමුවේ තැබෙයි.
පාදඩයාගේ අරමුණක් නැති ගමනට කේන්ද්‍රීය වටිනාකමක් ලැබෙන්නේ මල් විකුණන අන්ධ තරුණිය මුණගැසුණු පසුය. ඔහු පාර මාරුවන විට ආරක්ෂක නිලධාරියෙකුගේ යතුරු පැදියක් නවතා ඇති ආකාරය දකියි. එය මගහැරීම සඳහා ඔහු නවතා ඇති මෝටර් රථ‍යේ එක් පැත්තකින් ඇතුළු වී අනෙක් පැත්තෙන් බැස යයි. පදික වේදිකාවේ කෙළවරක මල් විකුණමින් සිටින අන්ධ තරුණිය සිතන්නේ මෝටර් රථයේ දොර වසමින් බැස්සේ ධනවත් මහත්මයෙකු කියාය. පාදඩයා පදික වේදිකාවේ සිටියදී රථයේ සැබෑ අයිතිකරුවා එයට නැගී පිටත් වෙයි. තරුණිය සිතන්නේ තමාගෙන් මල් ලබා ගත් මහත්මයා ඉතිරි මුදල්ද නොගෙන පිටව ගිය බවයි. සැබෑ කාරණය නම් ඔහු තවමත් ඇයට මීටර් කිහිපයක් නුදුරින් සිටගෙන සිටින බවයි.
තරුණියගේ අඳ බව නිසා එය මෙසේ සිදුවීම අරුමයක් නොවේ. පියරෙ මැෂරේගේ විකේන්ද්‍රිත ආකෘතිය ගෙන ක්‍සඑහ ඛසටයඑි පඨිතයක් ලෙස විමසීමේදී පඨිතය විසින් දෘෂ්ටිවාදාත්මකව සඟවන ලද දෙය පහසුවෙන් මතු කර ගත හැකිය. මෙහිදී දෘශ්‍යමානය සත්‍යයද යන පැනය නැවත නැවතත් චැප්ලින් මතු කරයි. මෙය ධනවාදී ව්‍යාජත්වයේ සංකේතයක් වශයන් City Lights ඔස්සේ මතුව පෙනෙයි. සාමය හා සෞභාග්‍යය ඇතැයි කීවද සැබෑවටම එවැන්නක් කොහිදැයි දක්නට නැත. අතිදියුණු වෛද්‍ය විද්‍යාව හා තාක්ෂණය විසින්ම අතිභයානක රෝග හා න්‍යෂ්ටික බිය පතුරවයි. හිරෝෂිමා, නාගසාකි සිදුවීම්වල අයිතිය සැබෑ ලෙසම භාරදිය යුත්තේ සාමයේ හා සෞභාග්‍යයේ පිළිරුව මත නිදා සිටින පාදඩයාට නොව, එය විවෘත කරමින් ව්‍යාජ සමාචාර දැක්වූ ප්‍රභූ උත්තමයන්ටය. ජර්මානු ජාතික සමාජ විද්‍යාඥයෙකු වන උල්රික් බෙක්ට අනුව නූතනත්වය ගමන් කරන්නේ මෙකී අවදානම් සමාජය කරාය.
“සම්භාව්‍ය නූතනත්වයේ මුඛ්‍ය කාරණය වශයෙන් සලකන ලද්දේ සම්පත් සහ ඒවා සමව බෙදා හරින්‍ නේ කෙසේ ද යන කාරණයයි. තීව්‍ර නූතනත්වයේ මුඛ්‍ය කාරණය නම් උදා වී තිබෙන අවදානම කෙ සේ වලක් වන්නේද කෙ සේ අවමනය කරන්නේද කෙසේ වෙනතකට හරවා යවන්නේද යන්නය. සම්භාව්‍ය නූතනත් වය තුළ පරම ාදර්ශය ලෙස සලකන ලද්දේ සමාන ාත්මතාව යි, තීව්‍ර නූතනත්වය තුළ ආරක්ෂාවයි. සම්භාව්‍ය නූතනත් වය තුළ සමා නත්මතාව නම් සාධනීය ඉලක්කය වෙත ළඟා වීම සඳහා පර්යේෂණ කරද්දී මිනිස්සු අන්‍යොන්‍ය වශ යෙන් සහයෝගිතාව වර්ධනය කරගත්හ. එහෙත් තීව්‍ර නූතනත් වය තුළ එවන් සහයෝගීතාවයක් අත්පත් කර ගැනීමට ගන්නා ලද උත්සා හය කෙළවර වූයේ උපද්‍රව සහ අතුරු අන්තරාවලි න් ගැලවීම සඳහා ආරක්ෂණවාදී නි ෂේධාත්මක ඉලක්ක පසුපස හඹා යා මෙනි.” ( එස්.එල්. දෙ ා්ෂි, නූතනත්වය යනු කුමක්ද?, ප්‍රවාද අප්‍රේල්-දෙසැම්බර්, සංස් කරණය – ජයදේව උයන්ගොඩ, කුමාරි ජයවර්ධන, රංජිත් පෙරේරා, සමාජ විද්‍යාඥයන්ගේ සංගමය, කොළඹ, 2007, 27 පිට)
මේ නිසාවෙන් අප බිය විය යුත්තේ අප දකින දෑ කොයි මොහොතක සත්‍යයක් නියෝජනය කරයිද කියාය. අප ඉදිරියේ පවතින අඹ ගස විජ්ජාකරුවා මැවූ අඹ ගස නම් අප නොදකින විජ්ජාකරුවෙකු මවන ලද අඹ ගසක් සැබෑ ලෙසම පිළිගැනීමට අවස්ථා කීයකදී සිදු වීදැයි අපි නොදනිමු. මෙය හුදු තර්කයෙන් ඔබ්බට ගෙන යාමට මාක්ස්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍යය. Modern Times චිත්‍රපටයේදී කදිම ලෙස මතුවන පුද්ගල පරාරෝපණය ධනවාදී සමාජයේ අනිවාර්යාංගයකි. ඒ නිසා මෝටර් රථයේ දොර වැසූ පමණින් අන්ධ යුවතිය පාදඩයා ධනවතෙකු යැයි වරදවා හඳුනා ගනී. මේ අන්ධ බව ධනවාදයේ පැවැත්ම තවදුරටත් තහවුරු කරයි.
ධනවාදය යනු අප ජීවත් වන සමාජයේ පවත්නා බහුවිධ යථාර්ථයන්ගෙන් ප්‍රමුඛවූවකි. එය කිසිවිටෙකත් මනුෂ්‍යත්වය කෙරෙහි අනුකම්පා නොදක්වයි. සවස්භාගයේදී පාදඩයාට හමු වන මිලියනපතියා එය තහවුරු කරයි. පාදඩ චරිතය බඩගින්න, හුදෙකලාව, අසරණකම හැඟ වුම් කරන අතර මිලියනපතියා එහි ප්‍රතිපක්ෂය හඟවයි. මිලියනපතියා සිය දිවි නසාගන්නට උත්සාහ කරන්නේ මක්නිසාද යන්න අවශ්‍යයන්ම විමසිය යුතුය. නූතනවාදී ව්‍යාපෘතිය තුළින් පණ ගසා නැගිටගත් ධනවාදී ආර්ථිකය පුද්ගලවාදය හා හුදෙකලා බව සමාජ ක්‍රමයේ අනිවාර්ය අංගයන් ලෙස ස්ථාපිත කොට ඇත. තමාගේ ජීවිතය ගලවා දීම වෙනුවෙන් පාදඩයාට ණයගැතිව සිය නිවසට කැඳවා ගෙන යන මිලියනපතියා වෙරිමත නැති වූ කල අසන්නේ මේ මොකෙක්දැයි කියාය. මත් වූ කල මිතුරන් වන ඔවුහු පියවි සිහියට පිළිපන් කල්හි නාඳුනති. මිලියනපතියාගේ නිවසට යන කීප අවස්ථාවකදීම ඔහුට ආපසු හැරී එන්නට වන්නේ මේ නිසාය.
අප දකින දේ යථාර්ථය නොවේය යන්න මෙම වියමනේදී විශේෂයෙන් අවධාරණයට ලක්වන දාර්ශනික මානයකි. යථාර්ථයෙහි පවත්නා අඩුව මනුෂ්‍ය සමාජය මිලේච්ඡත්වය කරා වඩාත් ඉක්මනින් තල්ලු කර දමයි. මාක්ස්ගේ අර්ථයෙන් ආගම අබිං වන්නේ මෙලෙස යථාර්ථය කෙරෙහි වන දොරටු අහුරන නිසාය. චිත්‍රපටයේ Back from Europ උද්ධෘතයෙන් පසුව ධාවනය වන කොටස මෙකී සැඟවුණු යථාර්ථය විදාරණය කරන්නට සමත්ය. පාදඩයාට අතරමගදී තම මිලියනපති මිතුරා හමුවේ. පාදඩයා මිතුරා හමු වූ විට සියල්ල පවසා ඔහුගෙ න් මුදල් ඉල්ලයි. දෙදෙනා අවන්හලේ සිටින අතරතුර මිලියනපතියාගේ නිවසට හොරු පැන ඇත. නිවැසියන් පිවිසන බව දකින සොරු නිවස තුළ වූු තිරරෙද්දක් පසු පස සැඟවෙති. පාදඩයා නොදැනුවත්වම තිරය වෙතට යාමට ගන්නා වෑයම් දෙකම අසාර්ථක වන්නේ මිතුරා හා සේවකයා එය වළක්වන නිසාවනි. එම නිසා කලින්ම හොරු හසුවීමට තිබූ අවකාශය මඟ හැරේ. චිත්‍රපටය පුරාවට ගලා ආ පසුබිම් සංගීතය මේ මොහාතේ ඛණ්ඩනය වී එය භීතිය දනවන්නක් බවට පත් වේ. ඇමරිකානු සිනමාකරුවකු වන ඬේවිඞ් ලින්ච්ගේ බ්ලූ වෙල්වට් (Blue Velvet)හිද මෙබඳුම ද්විත්ව පැතිකඩක් අනාවරණය කෙරෙයි. එක් අර්ධයකින් ඇමරිකානු සිහින ලෝකය හෙළිදරව් කරන අතර එය බොහෝ සුන්දර හා සාමකාමී වේ. අනෙක් අර්ධයෙන් ඇමරිකානු අසුන්දර යථාර්ථය වන පාතාලය නිරූපිතය. තිරය පිටුපස කතාව හා ඊට ඉදිරියෙන් වන කතාව යනුවෙන් අර්ථයන් දෙකක් එකම කතාව තුළ නිරූපිතය.
“චිත්‍රපටයේ ආරම්භයේ අපි දකින පොදු ලෝකය සැබෑ ලෝකය නොවේ. එය ඇමරිකානු පරමාදර්ශයට සමරූපී හා එයටත් වඩා ෆැන්ටස්මටික ලෝකයකි. ආරම්භක දර්ශන ඛණ්ඩ මගින් පන්වන්නේ පැහැදිලි නිල් අහස, දිලිසෙන සුදු පැහැති දිගේලි වැටක් ආසන්නයේ දීප්තිමත් රෝස මල් සහ පසෙකින් ඩැල්මේෂන් වර්ගයේ සුනඛයෙකු තබා ගත් ගිනි නිවන භටයෙකු අත වනමින් වීදිය දිගේ තම රතු පැහැති ගිනි නිවන රථයේ ගමන් කරන ආකාරයයි. එමගින් කිසිවෙකු යථාර්ථයේ කිසිදා අත්නොවිඳින පරිපූර්ණ ෆැන්ටසි ලෝකයක් පිළිබිඹු කරයි. අනෙක් පසින් මෙම පොදු ෆැන්ටසියේ බියවද්දන යටි පැත්ත ද එලෙසින් ම ආන්තිකය. ෆ්‍රෑන්ක් බූත් සහ ඔහුගේ කල්ලිය ඔවුන්ගේ විපරීත බව පෙන්වමින් හා පොදු නීතිය නොසලකා හරිමින් ඉමහත් විනෝදයෙන් පසුවෙති. ජෙෆ්රි බෝමන්ට් ඔවුනට නිරාවරණය වූ පමණින් දැඩි ජීවිත අවදානමකට ලක් වී පහර දීමකට ලක් වේ. මෙහි පොදු ලෝකය ඇමරිකානු පරමාදර්ශය පිළිබිඹු කරයි නම් එහි යටි පැත්ත පිළිබිඹු කරන්නේ ඇමරිකානු නපුරු සිහිනය යි. සාම්ප්‍රදායික ඇමරිකානු ෆැන්ටසියට වඩා වෙනස්ව බ්ලූ වෙල්වට් ප්‍රකට කරන්නේ එම ෆැන්ටසිය වෙන් වෙන් වශයෙන් මෙම ලෝක දෙක දරා සිටින ආකාරයයි.” (පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ, ජලයෙන් යට වූ ලින්ච්ගේ ලෝකය. ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව, කොළඹ, 2016, 20-21 පිටු)
ලින්ච් ඇමරිකානු සිනමාකරුවෙකු ලෙස ඇමරිකානු සිහිනය බිඳින්නට උත්ප්‍රේරක සපයන අතර, චැප්ලින් බි්‍රතාන්‍ය ජාතිකයකුව ඉපිද ඇමරිකාව තුළ නිර්මාණකරණයෙහි නියැලෙමින් ඇමරිකානු සිහිනය සෝපහාසයට ලක් කළෙකි.
City Lights වඩාත්ම උද්වේගකර මොහොත එහි ධාවන කාලයද නිමා කරයි. මිලියනපතියාගෙන් මුදල් හොරකම් කළා යැයි සැක සිතන පොලීසිය මග රැක සිට පාදඩයා අත්අඩංගුවට ගනියි. සිදු ව ඇත්තේ ඊට හාත්පසින් ම වෙනස් දෙයකි. මිලියනපතියා බීමත්ව සිටියදී පාදඩයාට මුදල් දුන් බව පියවි සිහිය ලද විට ප්‍රතික්ෂේප කරයි. නීතිය සුරැකීමට කල් යල් බලන රාජ්‍ය ආයතනයක් වශයෙන් පොලීසිය මේ සිදුවීම කෙරෙහි අන්ධය. එහෙයින් ඔවුහු දෘශ්‍යමානයට වහල්ව පාදඩයා අත්අඩංගුවට ගනිති. පොලිසියට හසුවීමට මොහොතකට පෙර තමා ලද සියලු මුදල් තරුණිය අත තැබීමට පාදඩයා අමතක නොකරයි.
දින ගණනාවකට පසු හිරෙන් නිදහස්ව එන පාදඩයාට පිවිසෙන්නට වන්නේ වෙනත් නගරයකටය. පෙර වූ දෑ එසේ ම ය. එහෙත් ඔහුගේ අධ්‍යාත්මය කැළඹූ සුන්දර තරුණියට දැන් පෙනීම ලැබී නව මල් වෙළඳසැලක් දමාගෙන සිටින්නීය. තමාට උපකාර කළ පොහොසත් මහත්මයා එන තෙක් මඟ බලාගෙන සිටින්නීය. මෝටර් රථවලින් පැමිණ මල් මිල දී ගන්නා තරුණ මහත්වරුන් දෙස අපේක්ෂා පූර්වකව බලමින් පසුවන්නීය. මේ අතර පාදඩයා උමතුවෙන් මෙන් තරුණිය හමු වූ තැන් සොයා ඇවිදින අතර පදික වෙළඳාමේ යෙදෙන තරුණයන්ගේ විහිළුවට ලක්වේ. ඔහු අහම්බෙන් මෙන් තරුණියගේ මල්හල අසලින් ගමන් කරයි. ඇය ඔහු දකින නමුදු ඔහු කවුදැයි නාඳුනයි. තරුණයන්ගේ විසුළු හමුවේ පාදඩයාගේ විකාර දැක සිනාසෙයි. තම විනෝද වන්නේ තමාගේ අභිප්‍රාය හා ආශාව සමඟ බව සිහිනෙන්වත් නොසිතන අතර ඔහු ඇය දකින්නේ මේ අතරය.
එක වරම පාදඩයා තුෂ්ණීම්භූත වෙයි. භීත වෙයි. සිහින් හා පරම පවිත්‍ර සිනහවක් මුවෙහි නැගෙයි. කුඩා දරුවෙකු මෙන් ඈ දෙස බලා සිටින අතර තරුණිය මහත් අනුකම්පාවෙන් හා දයාවෙන් ඔහු අතැති පෙති ගිලිහුණ මල වෙනුවට අලුත් මලක් (කිසි යම් මුදලක් ද සමග) ලබා දෙයි. පාදඩයා වහා හුන් තැනින් ඉවත්ව වෙළඳසැල පසුකොට දිව යයි. පසුව ඇගේ පෙරැත්තයන් නවතියි. පාදඩයාගේ අතේ ස්පර්ශ මාත්‍රයෙන් මේ තමාගේ දෙනෙත් සුව කර ගැනීමට මුදල් දුන් මහත්මයා බව අවබෝධ කර ගනියි. ඇගේ දෑස් තෙත් කරමින් කඳුළු සමීප වේ. අවසාන රූපරාමු දෙක පිළිවෙළින්, පාදඩයාගේ උරහිසට ඉහළින් තරුණියගේ මුහුණේ සමීප රූපයකුත් තරුණියගේ උරහිසට ඉහළින් පාදඩයාගේ මුහුණේ සමීප රූපයකුත් වශයෙන් දිස් වේ. අවසානයට පෙර ප්‍රේක්ෂකයා උපරිම භාවාත්මක තලයකට ගෙන ඒමට මේ රූපරාමු ද්වය සමත් වේ. අවසාන දර්ශනයට පසුබිමින් වැයෙන සංගීතය රූපරාමු නිමවීමත් සමග නිම නොවේ. අඳුරු වු තිරය තිබියදීත් තව දුරටත් පවතින සංගීතය මේ හඳුනා ගැනීම අවසන් නොවන හැඟවුම ලබාදෙන කරන බව The pervert’s guide to cinema වාර්තාමය වැඩසටහන ඉදිරිපත් කරමින් ස්ලැවොජ් ජිජැක් පවසයි. ජිජැක්ට අනුව මේ මොහොත භයානක වෙයි. එහෙයින් මේ හඳුනා ගැනීම පරිපූර්ණ හඳුනා ගැනීමක් නොවෙයි. ජිජැක් පවසන මේ භයානක මොහොත සර්වකාලීන භයානකත්වය නියෝජනය නොකරන අතර පංති සමාජ ක්‍රමයක් වශයෙන් ධනේශ්වරයේ පවතින පිළුණු හා අවිශ්වාසනීය බව සංකේතවත් කරයි.
එහෙයින් City Lights යථාර්ථය පිළිබඳ වන සාම්ප්‍රදායික අරුත් ඛණ්ඩනය කරයි. ඒ වෙනුවට අප යථාර්ථය යැයි සිතා සිටින, එහෙත් එය එසේ නොවන දෙය කෙරෙහි තියුණු ආලෝක ධාරාවක් එල්ල කරයි. සැබැවින්ම යථාර්ථය ඇත්තේ තිරයට පිටුපසින්ය යන දාර්ශනික අදහස කලාත්මක ප්‍රතිනිර්මාණයට ලක් කරයි.■

■ කේ. ඩී. දර්ශන

මාධ්‍ය සහ රෙස්ලින්

0



ඇමෙරිකාවේ වැඩිම පිරිසක්, වැඩිම කාලයක් තිස්සේ සතිපතා නරඹන විනෝදාත්මක වැඩසටහන තමයි ප්‍රොෆෙෂනල් රෙස්ලින් කියන්නේ. ඇමෙරිකාවේ දීර්ඝතම කාලයක් සතිපතා විකාශය වූ විනෝදාත්මක වැඩසටහන වෙන්නේ ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. ආයතනයේ ‘සඳුදා රාත්‍රි රෝ’ නම් වැඩසටහන.
එරික් බිෂොප් කියන්නේ ඩබ්ලිව්.සී.ඩබ්ලිව්. නම් රෙස්ලින් ප්‍රවර්ධක ආයතනයේ හිටපු හිමිකරුවා. එක කලෙක ඇමෙරිකානු මල්ලවපොර රසිකයන් අතර ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. ආයතනයටත් වඩා එරික් බිෂොප්ගේ ඩබ්ලිව්.සී.ඩබ්ලිව්. ආයතනය ජනප්‍රිය වී තිබුනා. ඔහු රෙස්ලින් ව්‍යාපාරය උඩු යටිකුරු කළ අයෙක්. එරික් බිෂොප් 2018 නොවැම්බර් 30 වැනිදා ටෙඞ් එක්ස් ටෝක්ස් වැඩසටහනකට සහභාගී වුණේ අමෙරිකාවේ නැපර්විල්හිදී. ඔහුගේ මාතෘකාව වී තිබුණේ ප්‍රවෘත්ති මාධ්‍ය විසින් ඇමෙරිකානු රෙස්ලින් උපක්‍රම පාවිච්චි කරන්නේ කෙසේද කියන එක. ඔහුගේ අදහස් දැක්වීම ලංකාවේ අපටත් ඉතාම වැදගත් වේවි. ඇමෙරිකානු දේශපාලනය හා මාධ්‍ය වෙනුවට ලංකාවේ මාධ්‍ය ආදේශ කරගැනීමෙන් මේ කතාව ලංකාවටත් කෙතරම් අදාළදැයි වටහාගත හැකියි. පහත සඳහන් වෙන්නේ එරික් බිෂොප් කී කතාව.
නිවේදකයා විසින් එරික්ව හඳුන්වාදුන් පසුව ප්‍රේක්ෂකාගාරය විසින් ඔහුට පුංචි ඔල්වරසන් නාදයක් ලබාදුන්නා. ඉන්පසුව ඔහුගේ කතාව මේ විදියට ආරම්භ වුණා.
‘ඇත්තටම මම කණගාටු වෙනවා. (  ප්‍රේක්ෂකාගාරය හිනාවෙයි.) හිනාවෙන්න එපා. ඒක විහිළුවක් නෙවෙයි. මම මුළු දවසක්ම මහන්සි වුණා මෙතැනට එන්න. ඒකට මට දෙන්නෙ මේ පැව්ලෝවියන් බල්ලන්ගෙ වර්ගයේ ප්‍රතිචාරයක්ද? (ඉන්පසුව නැවතත් ඔල්වරසන් නාදයක් ඇසෙයි.) නෑ, ඔය දෙන අත්පුඩිය ඊටත් වඩා අවුල්. හිනාවෙන්න එපා. මේක විහිළුවක් නෙවෙයි. මේ වේදිකාවේ ඔබ දකින වැදගත්ම පුද්ගලයෙක් මම. හොඳම පෙනුම තියෙන කෙනාත් මම. (නැවතත් ප්‍රේක්ෂකාගාරය සිනාසෙයි. ) ඒකත් විහිළුවක් නෙවෙයි. මේ ඔයා, මොකටද හිනාවෙන්නෙ. ඒයි, ඔයා මොකද ඔරවගෙන? වේදිකාවට ඇවිල්ලා මාව ඇදලා දාන්න ඕනෑද? පුලු‍වන්නම් කරන්න.
නේපර්විල්. මං අහල තියෙනවා සමහරු කියලා තියෙනවා මේක බිස්නස් කරන්න හොඳම නගරයක් කියලා. මේ නගරය මහා එපා කරපු එකක්. නේපර්විල් හොඳ නගරයක් කියලා හිතන්නෙ වෙන නගරවලට නොගිය අය. මේ බිල්ඩිම ගැන කියලා මට ආරාධනා කරපු කෙනා කිව්වෙ නියම බිල්ඩිමක් කියලා. මොන විකාරයක්ද? මම මීට වඩා හොඳ බිල්ඩින්වල සෙල්ලම් කරලා තියෙනවා. මොකද නෝනා මගේ දිහා බලාගෙන ඉන්නෙ? මං දන්නවා ඔයා හිතන දේ. අද බැහැ, මම බිසී.
(මොහොතක් නිහඬවම ගතවෙයි. ඉන්පසුව එරික් මහ හඬින් සිනහසෙයි.)
අම්මෝ, ඒ කොටස ඉවරවුණ එක ගැන මම සතුටු වෙනවා. ඇත්තටම කිව්වොත් මම මේක ලොකු කාලයක් තිස්සේ කරනවා. මට වෛර කරන්නට මිනිස්සුන්ව පොළඹවාගැනීම මට කිසිම අපහසුතාවයක් තියෙන දෙයක් නෙවෙයි. වෙනසකට තියෙන්නේ මම මේ වගේ නිහඬ වේදිකාවක මේ වැඬේ කර නොතිබීම. මම මේක කරලා තියෙන්නෙ කලහකාරී වේදිකාවල. මෙතැන ඉන්න බොහෝ අයට ඕනෑ වෙන්න ඇති මාව වේදිකාවෙන් ඇදලා එළියට දාන්න. මොහොතකට හිතන්න මම ප්‍රේක්ෂකාගාරයට අපහාස කරමින් දිගටම හිටියා කියලා. අන්තිමේදී ආරක්ෂකයන් ඇවිල්ලා මාව එළියට ඇදලා දැම්මා කියලා. ඒ සිදුවීමෙන් පස්සේ එන, ඊළඟ සුහදශිලී පුද්ගලයාට ලේසියෙන්ම ඔබේ ආදරය දිනාගන්න හැකිවෙනවා. එහෙම වෙද්දී මම මගේ කොටස ඉටු කළා වෙනවා.
මේ වැඩසටහනට ආරාධනා කළ කෙනා මට කීවා මෙහෙම දෙයක්. ඔහු කිව්වා ඔහුට ඕනෑ මිනිස්සුන්ව හිතන්න පොළඹවන්නට නෙවෙයි. මිනිස්සුන්ට දැනෙන්න සලස්වන්න කියලා. මම අවුරුදු තිහක් තිස්සේ කළේ ඒක.
මිනිස්සු දන්නේ නැහැ ඇමෙරිකානු මල්ලවපොර අපේ සංස්කෘතිය එක්ක මොන තරම් ගැටගැහිලා තියෙනවාද කියලා. මිනියාපොලිස් වල හිටපු රෙස්ලින් ප්‍රවර්ධකයෙක්. වර්න් ගාන්යෙ. ඔහුව ඇතැම් අය දන්නවා ඇති. ඔහු චිකාගෙ ා්වල ගොඩක් වැඩ කළා. ගොඩක් හොඳ මල්ලවපොර තරග සංවිධානය කළා. මම මුලින්ම ඉගෙනගතත දෙයක් තියෙනවා. මල්ලවපොර වැඩසටහනක ඉන්න චරිතයකට ප්‍රේක්ෂකයා ආදරය කරනවාද නැද්ද කියන එක කිසිසේත් වැදගත් නැහැ. කුමන හෝ ක්‍රමයකට ප්‍රේක්ෂකයා බැදෙනවා නම් ව්‍යාපාරය සාර්ථකයි. ඇමෙරිකානු රෙස්ලින් කියන්නේ ඕනෑම ආකාරයකට වැඩිම පිරිසක් නැරඹූ විනෝදාත්මක වැඩසටහන් වර්ගය.
මේ වෙද්දී ඩිජිටල් යුගය ඇවිල්ලා. ඒත් අද වෙද්දී ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. ආයතනයට ලෝකය වටේට මිලියන 25ක ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන්ට ඇමෙරිකන් ඩොලර් බිලියන හයක වෙළෙඳපොළක් තියෙනවා. මේක මේ තරම් දැවැන්ත වුණේ කොහොමද. උත්තරය සරලයි. ඔවුන් ඔබව හිතන්න පොලඹවන්නේ නැහැ. ඔබට දැනෙන්න සලස්වනවා.
අද ප්‍රවෘත්තිවලින් කරන්නේ මොකක්ද. අද අපි ප්‍රවෘත්ති බලන එකට ඇබ්බැහි වෙලා තියෙනවා. ඒත් අපි ටිකක් ඈත් වෙලා ඉන්නවා. මොකද ඒකෙන් අපේ ඔලු‍ව අවුල් කරනවා. අප්සෙට් කරවනවා. මම විශ්‍රාම ගත්තාට පස්සේ ගොඩක් ප්‍රවෘත්ති බලන්න හුරුවුණා. දේශපාලනය ගැන උනන්දු වුණා. එතකොට මට වැටහෙන්න ගත්තා ප්‍රවෘත්ති සහ රෙස්ලින් පාවිච්චි කරන්නෙ එකම උපක්‍රමය කියලා. ඔවුන් ඔබව හිතන්න පොළඹවන්නේ නැහැ. දැනෙන්න සලස්වනවා.
මම කලින් කීවේ මොකක්ද. ප්‍රේක්ෂකයාට හොඳින් හෝ නරකින් දැනෙන්න සලස්වනවා නම් බිස්නස් එක ගොඩ. දැන් ප්‍රවෘත්ති වලට බිස්නස් හොඳයි. දේශපාලනයටත් බිස්නස් හොඳයි. උපරිමයි.
මොකක්ද වුණේ. ඉස්සර මේක මෙහෙම නැහැ. මට වයස අවුරුදු 63 යි. මම හැමදාම දේශපාලනය ගැන යම් උනන්දුවක් දැක්වුවා. මම දන්නවා. එදා ඉඳන්ම මේ තත්ත්වය මෙහෙම නැහැ. එක කාලයක ප්‍රවෘත්ති වලින් ඔබව හිතන්න පෙළඹවුවා. අඩු තරමේ ඔබව හිතන්න පොළඹවන බව පෙන්වන්න උත්සාහ කළා. ඔවුන් ප්‍රවෘත්තියක දෙපැත්තම කිව්වා. ප්‍රේක්ෂකාගාරයට තීරණයක් ගන්න ඉඩ තැබුවා. ඒක නැතිවෙලා. ඒ ඇයි. එහෙම වුණේ මොකද. ඒක මේ තරම් දරුණු තත්ත්වයට පත්වුණේ පහුගිය අවුරුදු දහයේදී කියලයි මම හිතන්නේ.
දැන් ප්‍රවෘත්ති මාධ්‍යවලින් කරන්නේ ඔබව හිතන්න පොළඹවන එක නෙවෙයි. හැඟීම් අවුස්සන එක. දැනෙන්න සලස්වන එක. ඔබව කේන්ති ගස්සවන එක. ඒක තමයි ඔවුන්ට ඕනෑ. ඒකට රෙස්ලින් බිස්නස් එකේදී කියන්නේ බාල ඇවිස්සීමක් කියලා. මම කලින් ප්‍රේක්ෂකාගාරයේ සිටි කෙනෙක්ට අභියෝග කළා වගේ. බාල ඇවිස්සීමක්. ඒ වගේ දේකට මිනිස්සු ඉක්මනින් ප්‍රතිචාර දක්වනවා.
ටෙඞ් ටර්නර් විසින් සී.එන්.එන්. නාලිකාව පටන්ගත්තා. අන්තර්ජාතික ප්‍රවෘත්ති විකාශයක් ගෙනයෑම ටෙඞ්ගේ අරමුණ වුණා. ඒ හරහා ලෝකයේම ප්‍රවෘත්ති සමීප කරවීම ටෙඞ්ගේ අරමුණ වුණා. ඒත් මොකද වුණේ. ෆොක්ස් ටී.වී. ඒකම කළා. තවත් අය ඒකම කළා. පස්සේ තේරුම් ගත්ත එක තමයි ස්ටූඩියෝ එකට කිහිපදෙනෙක්ම දාලා ප්‍රවෘත්ති ගැන කතාකිරීම ප්‍රවෘත්තියක් ප්‍රචාරය කිරීමට වඩා ලාභ බව. ජනප්‍රිය බව. අද යම්කිසි ප්‍රවෘත්තියක් දැනගන්නට ප්‍රවෘත්ති බලන ඔබට දකින්න ලැබෙන්නේ දෙතුන්දෙනෙක් හෝ කිහිපදෙනෙක් ප්‍රවෘත්තියක් ගැන වාද විවාද කරගන්න හැටි. ඔවුන් කොහොමහරි වාද කරගන්න ක්‍රමයක් හොයාගන්නවා.
මම කිව්වොත් ඔබ පිළිගන්නවාද, මේ කාමරයේ ඉන්න බොහෝ දෙනෙක් ඉදිරියේදී ඇමෙරිකානු රෙස්ලින් කරන කෙනෙකුට ඊළඟ ජනාධිපතිවරයා වෙන්න ඡන්දය ලබාදේවි කියලා. ඔබ විශ්වාස කරන එකක් නැහැ. ඔබ දැනටමත් දීලා ඉවරයි. ඩොනල්ඞ් ට්‍රම්ප් ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. ආයතනයේ හෝල් ඔෆ් ෆෙම්හි ඉන්නවා. ඔහු රෙස්ලින් ක්‍රීඩකයෙක් නෙවෙයි. ඒත් රෙස්ලින් කියන්නේ ක්‍රීඩකයන් පමණක් නෙවෙයි. එය ඊට වඩා වෙනස් චරිත අවශ්‍යයි. ඔහුගේ කැබිනෙට්ටුවේ ඉන්න ලින්ඩා මික්මෑන් කියන්නේ ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරිනිය. ඔබට වැටහෙනවා ඇති. මේවා එකිනෙකට ඉතාම ලඟින් තියෙන දේවල්.
මගේ ඉලක්කය වෙන්නෙ ඔබට රෙස්ලින් ගැන දැනුම ලබාදීම නෙවෙයි. මගේ ඉලක්කය මේකයි. ඊළඟ වතාවේ ප්‍රවෘත්ති බැලු‍වාට පස්සෙ ඔබට කේන්ති ගියොත්, මෙන්න මේ කාරණය තේරුම් ගන්න. හරියටම ඔබේ හිතට ඒ හැඟීම ඇතුලු‍ කරන්න තමයි ප්‍රවෘත්ති ආයතනයට කරන්න ඕනෑ. ඔබව හිතන එක වළක්වන්නයි ඔවුන්ට ඕනෑ. ඔබට දැනෙන්න සලස්වන්නයි ඕනෑ. ඒක තමයි මම අවුරුදු තිහක් කළේ. ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ. හිමිකරු වින්සන්ට් මික්මෑන් අවුරුදු ගණනාවක් තිස්සෙ කරන්නේ. ඒකම තමයි ඩොනල්ඞ් ට්‍රම්ප් කරන්නේත්.
මම හැමවෙලාවෙම උත්සාහ කරනවා ඔවුන්ට මාව කේන්ති ගැස්සවීමට තියෙන අවස්ථාව අඩු කරන්න. මම කේන්ති ගත්තාට පසුව එලැඹෙන පළමු විනාඩියේදී මම හිතන එක නවත්වනවා.
කොහොම වුණත් ඔබ හෙට රෙස්ලින් ක්‍රීඩකයෙක්ව මීළඟ ජනාධිපතිවරයා බවට පත් කරන්න ඡන්දය දීම ගැන මම කී කතාව නිවැරදිනම් ඒක අලු‍ත් දෙයක් නොවේවි. ඒක ඉතිහාසය නැවත හමුවීමක් වෙවි. ඒ වගේම ඒක නරක දෙයක් නොවෙන්නත් ඉඩ තියෙනවා. මොකද ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ජනාධිපතිවරයෙක් වූ ඒබ්‍රහම් ලින්කන්, ජනාධිපතිධූරයට පත්වෙන්න කලින් වෘත්තිමය රෙස්ලින් ක්‍රීඩකයෙක් වෙලා හිටියා. ඒක වෙන්න පුලු‍වන්. සුභ දවසක්.”■

■ අනුරංග ජයසිංහ

අපේ අය හැංගිලා කරන එක හරිද?


ශර්මි කුමාර්

ලිංගික සේවා සැපයීම ලංකාවේදී සැලකෙන්නේ නීතිවිරෝධී, කතා නොකළ යුතු සහ අසංස්කෘතික මාතෘකාවක් කියලයි. ඔබ ඒක ගැන හිතන්නේ කුමක්ද?
අලු‍තෙන් කියන්න දෙයක් නැහැනේ. දෙවිවරුන්ගේ අතරේත්, රජවරුන්ගේ අතරේත් ලිංගික ශ්‍රමිකයෝ හිටියා නම් දැන් ලිංගිකත්වය ගැන කතාකරන්න බයවෙන්නෙ ඇයි. අන්තඃපුරය කියන්නේ ලිංගික ශ්‍රමික කාන්තාවන් මිසක් වෙන මොකක්ද. දැන් නම් ලිංගික සේවා සැපයීම නීත්‍යනුකූල වෙන්න ඕනෑ. පාතාලය, කුඩු ව්‍යාපාර වගේ ලිංගි ක සේවය හැංගිලා තියෙන්න ඕනෑ නැහැ. ඒකෙන් ගැහැනු අය ගොඩක් අසාධාරණයට ලක්වෙනවා. මොකද නීතියෙන් අනුමත වුණත් නැතත් කර්මාන්තයක් විදියට මේක දැන් පවතිනවානේ. ලංකාවෙ ගැහැනු ගොඩාක් මේක රස්සාවක් විදියට කරනවා. අනෙක ගොඩාක් අය සල්ලි දීලා ලිංගික ශ්‍රමිකයන් ළඟට යනවානේ. ඒ නිසා ලොකු ඉල්ලු‍මකුයි සැපයුමකුයි තියෙනවා. පිටරටවල මේවා එළිපිට සිද්දවෙනවා. පිටරටවල සෙක්ස් චිත්‍රපටි කර්මාන්තය බලන්න. ඒවායේ මොන තරම් අසම්මත ලිංගික සම්බන්ධතා පෙන්වනවාද. අපේ අය ඒවා විවේචනය කරනවා. මම කියන්නේ නැහැ ලංකාවෙත් ඒකම වෙන්න ඕනෑ කියලා. ඒත් කරන ඕනෑ එකක් හැංගි හැංගි කරන්න ඕනෑ නැහැ. ලංකාවෙ අය පිටරට ඒවාට බනිනවානේ. මං අහන්නෙ එයාලා එළිපිට කරන එක වැරදියිලු‍. අපේ අය හැංගිලා කරන එක හරිද?.

ඔබ දෙමළ පවුලකින් ආ කෙනෙක්. බොහෝ තැන්වල කියා තිබෙනවා විවාහ වීමෙන් පසුව ඔබ නිරූපිකාවක් විදියට වැඩ කරන්න පටන්ගත්ත බව. සැබෑ ජීවිතයේ ශර්මි කුමාර් සහ ප්‍රසිද්ධියේ දකින චරිතය අතර වෙනසක් තියෙන වාද?
මෙහෙමයි. ඉන්ටර්නෙට් එකෙන් දකින ශර්මි කුමාර් කියන්නේ කැරැ ක්ටර් එකක්. මම ෆෙස්බුක් එකේ එහෙම කතාකරන විදියෙන් ගොඩක් අය හිතනවා ඇති මම ගොඩාක් ඩර්ටි කෙනෙක් කියලා. ඇත්තටම මම ගෙදර හිටියත් ලොකු සද්දයක් නැහැ. ඩර්ටි වචනවලින් කෑගහන කෙනෙක් නෙවෙයි ඇත්ත මම. මම ඉස්සර අයියාට හරිම බයයි. සද්දම නැතිව හිටියේ. අයියලා මම මොනවා හරි කරන්න ගියොත් මට ගහනවා. මම මොකක් හරි අදහසක් කිව්වොත් මට බනිනවා උඹ මෝඩ අදහස් කියන්නේ, උඹට අහවල් දේ හරියන්නේ නැහැ කියලා. මම දෙමළ සංස්කෘතිය එක්ක හැදුණු කෙනෙක්. මං සැලුන් එකක් කරනවාටවත් කැමති නැහැ අපේ පවුල්වල අය. එයාලා කියනවා අඩුම කුලයේ අය තමයිලු‍ මේවා කරන්නේ. අපේ ආච්චිලා දැඩිව විරුද්ධ වුණා. මම ඒවා ගණන් ගන්නෙ නැතිව තමයි සැලුන් එකක් පටන්ගත්තෙත්. නිරූපිකාවක් වුණේත්, දැන් කරන හැම දෙයක්ම කරන්නේත් පවුලේ අය කියන දේවල් ගණන් ගන්නේ නැතිවයි.

ඔබ ලංකාවේ වැඩිහිටියන්ට පමණක් වන චිත්‍රපටිවල රඟපෑ කෙනෙ ක්. ලංකාවේ වැඩිහිටි විනෝද කර්මාන්තයක් නැති නිසා බොහෝවිට වැඩිහිටිය න්ට පමණක් වන චිත්‍රපටි තමයි ලිංගික චිත්‍රපටි වෙනුවට බො හෝ අය නරඹන්නේ. ලංකාවේ වැඩිහිටි කර්මාන්තය සහ ඇමෙරිකාවේ කර්මා න්තය ගැන හිතන්නේ මොකක්ද?
ඇමෙරිකාවේ තියෙන පෝන් ඉන්ඩස්ටි්‍ර එක වෘත්තිමය වැඩක්. ඒකෙත් පිටපතක් තියෙනවා. අධ්‍යක්ෂවරයා සැලසුම් කරලා තමයි සියලු‍ දේ කරන්නේ. සමහරවිට පැයක වීඩියෝ එකක් දවස් තුනක් පවා කරනවා. මම හිතන්නේ එහෙම කර්මාන්තයක් ලංකාවෙ තිබුණාට කමක් නැහැ කියලා. මොකද ඒවා ආරක්ෂිතයි. අනෙක හොරෙන් ලීක් වෙන වීඩියෝවලින් මිනිස්සුන්ව අපහසුතාවට පත්වීමත් නතර වෙනවා. ලොකුම යහපත තමයි පුංචි දරුවන්වත්, අසරණ කාන්තාවන්වත් ලිංගි ක හිංසාවලට පත්කිරීම අඩුවීම. මට කවදාවත් අමතක නොවෙන සිදුවීමක් තමයි සේයා දැරිය ඝාතනය කිරීමේ සිදුවීම. සේයා ජීවත්වුණා නම් දැන් එයාට වයස අවුරුදු හතරහමාරයි. මගේ දුවගේ වයස වගේ. මේ වගේ සිදුවීම් නවත්වන්න නම් ලිංගිකත්වය ගැන ලොකු වෙනස්කම් කරන්න සිදුවේවි.

ඇත්තටම ලිංගික ශ්‍රමිකයෙක් කියන්නේ කවුද?
සෙක්ස් වර්කර් ගැන නැතත්, සෙක්ස් ගැනම ලංකාවෙ මිනිස්සු හරිහැටි දන්නේ නැහැ. ලිංගිකත්වය විඳින්න දන්නේත් නැහැ. ලංකාවේ සෙක්ස්වලදී තියෙනවා පිරිමි කෙනා ශක්තිමත් වෙන්න ඕනෑ කියලා මානසිකත්වයක්. ඒත් ලිංගිකත්වයේදී පිරිමි කෙනා ශක්තිමත් වෙන්නම ඕනෑ නැහැ. අපේ මිනිස්සු හිතන්නේ ලිංගිකත්වය කියන්නේ ලිංගික ක්‍රියාවල යෙදීම පමණක් කියලා. එහෙත් හැඟීම් කියන්නේ ඊට වඩා සංකීර්ණ දෙයක්. මිනිස්සු මාව දන්නේ ගොඩක් ඩර්ටි ගෑනු කෙනෙක් විදියට. ඒත් මා එක්ක කතාකරන මිනිස්සු ගොඩක් එන්නෙ සල්ලිවලට ලිංගික සේවයක් ලබාගන්න විතරක් නෙවෙයි. එතැනින් පස්සේ මා එක්ක සෑහෙන කතාකරන මිනිස්සු ඉන්නවා. මම ගොඩක් වෙලාවට ඒ අයගෙ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙනවා. සමහරු පැය ගණන් අඬනවා.

ලිංගික සේවා සැපයීමෙන් විශාල ආදායමක් ඉපැයීමට හැකියාව තිබියදී, රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන්නේ ඇයි? ආවරණයක් විදියටද?
මම ලිංගික ශ්‍රමිකයෙක් විදියට රුපියල් තිස්දාහක් ගත්තත්, ඊට වඩා සැලුන් එකෙන් ගන්න රුපියල් දෙතුන්දාහක් ගැන මම සතුටු වෙනවා. මගේ පීඩනය නැතිවෙන්නෙ සැලුන් එකෙන්. තව පැත්තක් තියෙනවා. මම සෙක්ස් වර්කර් කෙනෙක් බව ප්‍රසිද්ධියේ කිව්වාට මෑත කාලයෙ මම බොහොම අඩුවෙන් තමයි සෙක්ස් වර්කර් කෙනෙක් විදියට වැඩ කරලා තියෙන්නෙ. ඇත්තටම මට ඕනෑ අනාගතයේදීත් මේ වැඬේ කරන්න නෙවෙයි. මම සැලුන් එකක් කරනවා. මම දන්නවා තව කාලයක් යද්දී මගේ ඇඟ වයසට යනවා. අද රුපියල් ලක්ෂයක් කිව්වත් මාව හොයාගෙන එන අය, හෙට මට කරදරයක් වුණොත් මගේ පැත්තවත් බලන්නේ නැහැ. සමහරවිට එදාටත් කියයි ඔයා අහවල් දේ කළොත් මම සල්ලි දෙන්නම් කියලා. ඒ නිසා මම බිස්නස් එකක් පටන්ගෙන, දැන් ඒ බිස්නස් එක දියුණු කරන්න මහන්සි වෙන ගමන් ඉන්නේ. දැන් සමහරු මගෙන් අහනවා වෙනත් සෙක්ස් වර්කර්ස්ලාව, නිරූපිකාවන් හෝ රංගන ශිල්පිනියන්ව සම්බන්ධ කරලා දෙන්න පුළුවන්ද කියලා. ඒත් මගේ රස්සාව ඒක නෙවෙයි. මේ කර්මාන්තයේ දිගටම වැඩ කරන්න මට ආසාවක් නැහැ. මට දරුවෙක් ඉන්නවා. එයාලා ගැන බලන්න කවුරුවත් නැතිවේවී.

ලිංගික ශ්‍රමිකයන් ලෙස රැකියාවෙහි යෙදෙන කාන්තාවන් ගැන ඔබේ අදහස මොකක්ද?
මේක ලොකු පිරිසක් ඉන්න ක්ෂේත්‍රයක්. ඒත් කාගෙන්හරි ඇහුවොත් මොකක්ද රස්සාව කියලා, මේ රස්සාව කියන අය නැහැ. ප්‍රසිද්ධ නිළියන් පවා මේ රස්සාව කළත්, සමාජයට බොරු වෙස්මුහුණු දාගෙන ඉන්නවා. සමහර නිළියන් පැයකට රුපියල් 45,000 ඉඳන් ලක්ෂය දක්වා ගන්නවා. ගොඩක් අය මේ රස්සාව කරන්නේ සල්ලි නැතිකම නිසා. සමහරු ඉහළම පැලැන්තියේ අයව ආශ්‍රය කරමින්, සැපට ජීවත්වෙන්න තියෙන ආසාව නිසා මේක කරනවා. මම හිතන්නේ ලංකාවෙ රංගන ශිල්පිනියක් දුප්පත් නැහැ. ඒත් සමහර ගැහැනු ළමයි ස්පා එකක වැඩ කරන ගමන් සෙක්ස් වර්කර් කෙනෙක් විදියට වැඩකරනවා. තවත් අය ජොබ් එකක් කරන ගමන් සෙක්ස් වර්කර් කෙනෙක් විදියට වැඩකරනවා. එහෙම කරන්න හේතු තියෙනවා. අම්මාට අසනීපයක් වෙන්න පුළුවන්. තනියෙන්ම දරුවෙක්ව හදනවා වෙන්න පුළුවන්. ආර්ථික ප්‍රශ්න. දුප්පත්කම. සමහර ළමයි අකැමැත්තෙන් තමයි මේ රස්සාව කරන්නේ. මම කියන්නේ සල්ලි හදිසියකට මේ ජොබ් එකට ආ කෙනෙක් ඉන්නවා නම් මේ ජොබ් එකේම ඉන්න එපා කියලයි. අමාරු කාලයට සෙක්ස් වර්කර් කෙනෙක් විදියට වැඩ කළත්, ඉක්මනින්ම වෙන ජොබ් එකක් හොයාගන්න. මොකද අපිට රස්සාව කරගන්න බැරි විදියට අමාරුවේ වැටුණ වෙලාවක කවුරුවත් උදව් කරන්නෙ නැහැ. මිනිස්සු කෙළ ගහලා යයි.

ඔබට දරුවෙක් ඉන්න නිසා, ඔබ මේ වගේ ප්‍රසිද්ධියේ අදහස් දැක්වීම වැරදියි කියලා ඇතැම් අය කියනවා නේද?
අපි ඉගෙනගන්න කාලයේ ඉන්ටර්නෙට් තිබුණේ නැහැ. අපි ඒ ගැන දන්නේවත් නැහැ. ඒත් දැන් කොහේ ගියත් ඉන්ටර්නෙට් තියෙනවා. සමහරවිට අපේ ළමයින්ගේ කාලෙ එයාලාට අඟහරු ලෝකෙට යන්න පුළුවන් වෙයිදත් දන්නේ නැහැ. එතකොට සෙක්ස්වලට තියෙන අර්ථකථනය මීට වඩා ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. ඉස්සර සමකාමී සම්බන්ධතාවක් ලොකු දෙයක්. ඒත් දැන් සමකාමී සම්බන්ධතා සාමාන්‍ය දෙයක් වෙමින් තියෙනවා. ඒක හොඳයි. මං හිතන්නේ ජීවිතය බස් එකක් වගේ. අපි බස් එක ඇතුළේ අවශ්‍ය අය එක්ක කතාකරගෙන, අපේ ගමන ගිහිල්ලා බැහැලා යන්නයි තියෙන්නේ. බස් එකේ අනෙක් අය යන්නේ කොහෙද, යන්නෙ කොහොමද කියලා අපි බලන්න ඕනෑ නැහැ.

මේ අදහස් දැක්වීම් නිසා ඔබ අත්අඩංගුවට ගැනීමට ඉඩකඩක් තියෙනවා නේද? ඔබ මේ අදහස් පළ කරන්නේ නීතිය ගැන අවබෝධයකින්ද?
ඇත්තටම කිව්වොත් මම වැඩිය නීතිය ගැන දන්නේ නැහැ. ඒත් නීතිය හැදිලා තියෙන්නේ අපට නේද. අපි නීතියට හැදුණා නෙවෙයිනේ. නීතිය තියන්නේ මිනිස්සු වෙනුවෙන්නේ. මාව නීතියට අහුවෙන්නේ නැත්තෙ ඇයි. මාව නීතියට අහුවුණොත් මට කට අරින්න පුළුවන්. එහෙම වුණොත් ගොඩක් අයට ලොකු ප්‍රශ්න ඇතිවෙනවා. මේ සමාජයේ මම ඉන්න ඕනෑ. මං ඉන්න එක ගැන අවුලක් නැහැ. ඒත් මෙහෙම කතාකරන එක තමයි ගොඩක් අයට ප්‍රශ්නය. ඒත් මම නිකන්ම ඉන්නේ නැහැ. මගේ ළඟ තොරතුරු තියෙනවා. ඉස්සර මම නීතියට ගොඩක් බයයි. හොරකම් කරන්නත් බයයි. දැන් නීතියට බය කියන එක නැහැ. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් මම කැමතියි. එහෙනම් මාව විතරක් නෙවෙයි, තව බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගන්න සිද්දවේවි. මාව අරගෙන එයාලාව නොගත්තොත් මම කතාකරනවා.

ඔබව වරක් අත්අඩංගුවට ගත්තා නේද?
චිත්‍රපටියක රඟපෑවා කියලා වතාවක් මාව පොලීසියෙන් ඇල්ලු‍වා. මගෙන් ඇහුවා නීතිය කඩපු එක ගැන. ඇත්තටම මම ඔය නීති ගැන දැනගෙන හිටියේ නැහැ. මම රඟපෑ විදියේ චිත්‍රපටි මීට කලිනුත් මම දැකලා තියෙනවා. මම තවත් ඒ වගේ එකක රඟපෑවා විතරයි. නීතිය කඩන්න නීතිය නොදන්න එක නිදහසට කාරණයක් නෙවෙයි. ඒත් මම කියන්නේ නීතිය ගැන මිනිස්සුන්ට උගන්වන්න ඕනෑ. අඩු තරමෙ ඉස්කෝලෙදීවත් උගන්වන්න ඕනෑ. නීතිය අපි දැනගත්තොත් ප්‍රශ්න කරන්න පුළුවන් අහවලා අහවල් නීතිය කඩපු එකට දඬුවම් නොදෙන්නේ ඇයි කියලා.
මම පොලීසියෙන් ඇහුවා මම කඩපු නීතිය මොකක්ද කියලා. මට කිව්වා අසභ්‍ය චිත්‍රපටිවල රඟපෑවා, ඒක වැරදියි කියලා. ඒත් ඒ චිත්‍රපටිය අසභ්‍ය චිත්‍රපටි කියන වර්ගයට අයත් වෙන්නේ නැහැ. ඒකෙ අඩනිරුවත් දර්ශන විතරයි තිබුණේ. එහෙම දර්ශනවල රඟපෑම ප්‍රශ්නයක් නැහැ. ඒත් අධ්‍යක්ෂවරයා වැරදියි. එතැන චිත්‍රපටිය හදපු එක නෙවෙයි ප්‍රශ්නය. ඒකෙ අධ්‍යක්ෂවරයා චිත්‍රපටියක් පෙන්වද්දී අවසර ගන්න ඕනෑ තැන්වලින් අවසර අරගෙන නැහැ. නාගරික මන්ත්‍රීවරයෙකුගේ ගෙදරක තමයි රූගත කරලා තියෙන්නේ. ඒ මන්ත්‍රීටත් හරියට කියලා නැහැලු‍ මොකක්ද කරන චිත්‍රපටිය කියලා. ඊට පස්සේ ඒකේ වීඩියෝ කැමරාවලට අසල්වැසි ගෙවල් අහුවෙලා. චිත්‍රපටියේ ඒ ගෙවල් තියෙනවාලු‍. ඒ ගෙවල්වල තිබුණු වාහනවල අංක පවා අහුවෙලා. ඒක වැරදියිනේ.
එතැන ලස්සන සිදුවීමක් තියෙනවා. මේ චිත්‍රපටිය ඒ මන්ත්‍රීවරයාගේ පවුලේ කෙනෙක් බලලා. නාගරික මන්ත්‍රීවරයාගේ කටවුට් පවා ෆිල්ම් එකේ තිබිලා. ඊට පස්සේ මන්ත්‍රීවරයාගේ පවුලෙ අයට ප්‍රශ්නයක් වෙලා තිබුණා. ලස්සන දේ තමයි පවුලේ අයත් චිත්‍රපටිය බලලා තිබුණ එක. තව අය ඒක බලයි කියලා බයවුණ එක. ඒ කියන්නේ ඒ චිත්‍රපටි ගොඩාක් මිනිස්සු බලන බව. මතුපිටින් හැමෝම ශාන්තුවරු වගේ වුණාට ඇත්තටම එයාලා හොඳට සෙක්ස්වලට විවෘතයි. කොහොමහරි ඒ සිද්ධියෙන් පස්සේ මට මාර හයියක් ආවා. ඉස්සර අම්මා කියන්න බය වුණ මම අම්මට.. කියලා බනින්න තරම් හයියක් ගත්තා. සමාජයෙන් මට කතාකරන එක වචනයට උත්තර විදියට වචන දෙකක් සමාජය පැත්තට දමලා ගහන්න හයියක් මට ආවා. ඒ ගැම්මට තමයි මම අදත් කතාකරන්නේ.■

අඳුරේ රිදී රේඛා

0


මහින්ද රාජපක්ෂ මංත්‍රීවරයා ඇතුළු මංත්‍රී පිරිසක් අග්‍රාමාත්‍ය හා ඇමති මණ්ඩලය ලෙස දිවුරුම් දීමෙන් ඇති කරන ලද අර්බුදය කථානායකවරයාගේ සෘජු ක්‍රියා කලාපයත්, අධිකරණයේ මැදිහත් වීමත්, ඉදිරි දැක්මක් ඇති සත්‍යවශයෙන්ම දේශප්‍රේමී දේශපාලකයන් හා ක්‍රිකාරිකයන්ගේ මැදිහත් වීම් හා ක්‍රියාකලාපයන් හරහාත් විසඳා ගැනීමට හැකි වනු ඇත. දෙසැම්බර් පළමුවැනිදා එසේ කටයුතු කිරීම අත්හිටුවමින් දුන් අතුරු තහනම් නියෝගයෙන් ඔවුන් අපේක්ෂා භංගත්වයට පත් වූ අතර මේ දිනවල අධිකරණයට එරෙහිව ජනතාව කුපිත කරවීමේ උත්සාහයක ද නිරත වන බවක් පෙනෙන්නට තබේ. උසාවි වටලන්නට උත්සාහ කරමින් සිටින බවට තොරතුරු ද ඇත.
පවුලේ අය පමණක් එකතුව කුස්සි කැබිනට්වල රටේ තීන්දු තීරණ ගත් නමට පමණක් නීති සම්පාදකයන් සිටි ඔවුන්ගේ පාලන සමය සිහිපත් කරවමින් තමන් වෙත ගැති බහුතරයක් සිටින පාර්ලිමේන්තුවක් ද නැවත සකස් කර ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය. ඉන් පසුව ඔවුන් සමඟ සිටින එවැනි සුළුතරය පාර්ලිමේන්තුව තුළ කථානායකවරයාට අපහාස කරමින් යකා නටන්නටත් පාර්ලිමේන්තු කටයුතුවලට හා කථානායකවරයාට එරෙහිව ජනතාව උසිගන්වන්නට පටන් ගත්හ.
හඳපානේ කළ ආණ්ඩු මංකොල්ලයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලිකවම දෙමළ ජාතික සණ්ධානය මුණ ගැසී ඔවුන්ගේ සහයෝගය ඉල්ලා සිටියේය. මුස්ලිම් නායකයන්වද මුණ ගැසුණි. ඔවුන් රාජපක්ෂලා හා සිරිසේනලා සමඟ එකඟ නොවූ නිසා දෙමළ මුස්ලිම් ජනතාවට එරෙහිව බහුතර සිංහල ජනයා උසිගැන්වෙන ආකාරයෙන් කටයුතු කරන්නට පටන් ගත්හ.
තමුන්ම හෝ බලපෑම් කළ හැකි චරිත හරහා විවිධ ආගම්වල නායක කාරක ආදීන් හමු වූහ. පණිවිඩ යැවූහ. ඉන්පසුව තමුන් හා එකඟ නොවූ අයට එරෙහිව ජනතාව උසිගන්වන්නටත් මඩ ගසන්නටත් පටන් ගත්හ.
ජන කණ්ඩායමක් තවත් ජන කණ්ඩායමකට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදා හැර ඇති අවස්ථාවන් දෙස බැලීමේදී පෙනී යන්නේ බොහෝ විට ඒ පිටුපස කිසියම් දේශපාලනික හස්තයක් හෝ සෘජු මෙහෙයවීමක් ඇති බවයි.
එවැනි තත්වයන්ට උදාහරණ ලෙස 83 ජූලි කලබල, 1990 උතුරෙන් මුස්ලිම් ජනයා පලවා හැරීම, 2018 අම්පාරෙන් පටන් ගෙන මහනුවර දක්වා පැතිරී ගිය කළ කෝලාහල, මිනීමැරුම් යනාදිය ගත හැක. මේවා පිටුපස සිටියේ දේශපාලන පක්ෂ, කොටි සංවිධානය, බොදු බල සේනා, සිංහල රාවය, ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් වැනි ඒවාය. ආගමික මුහුණුවර ඇති සංවිධාන පිටුපස දේශපාලකයෝ සිටිති. ජනතාව උසිගන්වා ප්‍රචණ්ඩත්වය මුදා හරින විට හමුදා පොලිසිවලට ඒවා මර්දනය නොකරන්නට හෝ වැඩි වන්නට ඉඩ ලැබෙන ආකාරයෙන් කටයුතු කරන්නට උපදෙස් දුන් අවස්ථා ගණනාවකි. අධිකරණයටද 2015ට පෙර බලපෑම් කළ අතර යහපාලනයෙන් පසුව එය එතරම් පහසු නැත. එහෙත් දඬුවම් ලද විට අධිකරණයට අපහාස වන ලෙස කටයුතු කරන්නට ජනතාව උසිගැන්වීම තවමත් සිදු වේ.
පසුගිය ඔතෝබර් 26 වැනි දිනෙන් පසුව රට තුළ දේශපාලනය, දේශපාලකයාගේ හැසිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනාදිය පිළිබඳව සාමාන්‍ය ජනතාව අතර පුළුල් සංවාදයක් ඇති විය. එයට අවශ්‍ය පෝෂණය සමාජ මාධ්‍ය හරහාත්, තරමක් දුරකට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහාත්, විවිධ සාකච්ඡා සම්මන්ත්‍රණ හා රැස්වීම් හරහාත් ලැබුණි. එසේ ජනතාව ලද දැනුම නිසා දේශපාලකයා දෙස විචාරශීලීව බැලීමට ඔවුන් පුරුදු පුහුණු වූහ. විශේෂයෙන් තරුණ පරපුරට ගැතිභාවයෙන් මිදෙන්නට අවස්ථාව ලැබුණි. මෙම කාලසීමාව තුළ රටම දේශපාලන විද්‍යාපීඨයක් බවට පත් වූ ආකාරයක් විද්‍යමාන වේ. ත්‍රිරෝද රථ රියදුරන් ගෘහිනියන් වැනි අය පවා ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය ගැන කථා කිරීම, තරුණ කලාකරුවන් උදය ගම්මන්පිල මංත්‍රි වරයාගෙන් සම්මාන ගැනීම ප්‍රතික්ෂේප කිරීම, හෝටල් ක්ෂේත්‍රයේ සම්මාන ප්‍රදානයට ප්‍රධාන අමුත්තා ලෙස අසමත් ජනපති ගෙන්වීමට විරෝධය පෑම යනාදිය ගත හැක.
මේ දිනවල නැති ත්‍රස්ත භීතිකාවක් හා ජාතිවාදී වියරුවක්, අධිකරණ තීන්දු හා ක්‍රියාමාර්ගවලට ජනතා විරෝධයක් ඇති කිරීමට ආණ්ඩු මංකොල්ලකරුවන් ගන්නා උත්සාහය සාර්ථක නොවන බවක් පෙනේ. විධායකයට ඕනෑ පරිදි හිතුණ හිතුණ විට ව්‍යවස්ථාදායකයට බලපෑම් කිරීමට, ඡන්ද පැවැත්වීමට හැකි බවට මතයක් සාදා 19 වැනි සංශෝධනයේ හරය බිඳීමටද ඔවුන් උත්සාහ දරන බව පෙනේ. රාජපක්ෂලා බලයට පත් වුවහොත් 19 වැනි සංශෝධනය ඉවත් කිරීමේ අවදානමක්ද ඇත. රටේ ජනතාව මේ මොහොතේ දැනුවත්වත් ලෙස හැසිරුණද ඔවුන්ට ඉක්මනින් අමතක වන නිසා දිගින් දිගටම දැනුවත් කිරීම සිදු විය යුතුය.■


ප්‍රියදර්ශනි ආරියරත්න

අතට ලැබුණු විප්ලවීය අවස්ථාව අත්හරිමුද?

0



සති කීපයකට පෙර මෙම පුවත්පතට අපි මෙසේ පැවසුවෙමු. “මේ වන විට පැන නැගී තිබෙන බල අරගලය ……. හදිසියේ පැනනැගුණ තත්වයක් ලෙස අප දකින්නේ නැත. මෙම අර්බුදය පැනනගින්නේ ම, පවත්නා ක්‍ර‍මය රැකගැනීම සඳහා වඩා මර්දනකාරී පාලනයක් ඉල්ලා මධ්‍යම පන්තියේ පහළ තලය තුළ මතු වූ ජනප්‍රියවාදී රැල්ලත් සමගයි. බල අරගලයේ මුල එතැනයි. ජනාධිපති සිරිසේන අසු වන්නේ එම රැල්ලේ බලපෑමට ය. මහින්ද රාජපක්ෂ ඉතා නිවැරදිව එතැනට ඇදී එයි. මේ වන විට එම බල අරගලය ප්‍ර‍ජාතාන්ත්‍රික සීමා තුළ සිදු විය හැකි උපරිම තලයට පැමිණෙමින් තිබේ. එහි ප්‍ර‍තිඵලය පූර්ණ අරාජිකත්වයකි. ඉතා අසීරුවෙන් පවත්වාගෙන ගිය ආර්ථිකයක් මතට මෙම බල අරගලය කඩා වැටීම නිසා මෙම සමාජ ක්‍ර‍මය ඉතා ඉක්මණින් මුළුමනින් ම බිඳවැටෙන්නට අවස්ථාව උදා වී තිබේ. මේ වන විටත් රටේ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ම අර්ථ විරහිත තත්වයකට පත් වී හමාර ය. මෙය විප්ලවීය මොහොතකැයි අප කියන්නේ ඒ නිසා ය. ජනතාවනි, විප්ලවීය අරගල, ජාතික විමුක්ති අරගල, හමුදා කුමන්ත්‍ර‍ණ ආදී ඕනෑම ආකාරයක පඹගාලක පැටලීමට සූදානමින් සිටින්න.”‍
දිනෙන් දින ම තත්වය තීව්‍ර‍ වෙමින් තිබේ. අප පුරෝකථනය කළ ඇතැම් දේ සිදු වන ලකුණු පහළ වෙමින් තිබේ. මේ අතර බොහෝ දෙනෙක් ශේෂ්ඨාධිකරණ තීන්දුව දෙස නෙත් යොමාගෙන සිටිති. එමගින් කුමන තීන්දුවක් දුන්නත් මෙම අර්බුදය විසක්‍ෂෙන්නේ නැත. ශේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාගේ පියවර අනුමත කළහොත් එතැන් සිට පාර්ලිමේන්තු ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට කුමක් සිදු වේ ද යන ප්‍ර‍ශ්නය අපට තිබේ. 19වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේ මූලික ම අරමුණ වූයේ ව්‍යවස්ථාදායකය ශක්තිමත් කිරීමයි. එසේ තිබියදී පාර්ලිමේන්තුව විසුරුවීම සම්බන්ධයෙන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ගෙන එන තර්කය පිළිගතහොත් සිදුවන්නේ ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය ජනාධිපතිවරයාට ලැබීමයි. එය 19වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණුවලට මුළුමනින් ම පටහැණි වන අතර, එයින් ජනාධිපතිවරයාට ලැබෙන අසීමිත බලය 1978දී විධායක ජනාධිපති ක්‍ර‍මය ඇති කරද්දී ලබා දුන් බලතල ද ඉක්මවා යන තත්වයක් නිර්මාණය කරයි.
අපගේ විග්‍ර‍හය වන්නේ මේ වන විට ජනාධිපතිවරයා ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට මුළුමනින් ම පටහැණි රාජ්‍ය විරෝධී කුමන්ත්‍ර‍ණයක් දියත් කර තිබෙන බවයි. ඔහු එයට මහින්ද රාජපක්ෂ ද පටලවා ගත්තේ ය. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදී නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීමෙන් මෙම තත්වය මනාව පැහැදිලි වේ. ඔහු විසින් පළ කරන ලද අදහස ලංකාදීප පුවත්පත වාර්තා කළේ මෙසේ ය:
“ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 38(2) (අ) වගන්තිය තුළ මනාව පැහැදිලි කර ඇති බව නීතිපතිවරයා පෙන්වා දුන්නේය.
“එම වගන්තියට අනුව ජනාධිපතිවරයා ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙන අවස්ථාවක ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ දෝශාභියෝග යෝජනාවක් සම්මත කර එම යෝජනාව හරහා ජනාධිපතිවරයා වෙත එල්ල කර තිබෙන චෝදනා විභාග කිරීම සඳහා ශේෂ්ඨාධිකරණය වෙත යොමු කළ යුතු බව නීතිපතිවරයා වැඩිදුරටත් කීය.
“ඉන් අනතුරුව ශේෂ්ඨාධිකරණය මගින් ජනාධිපතිවරයා වෙත එල්ල කර ඇති චෝදනා පිළිබඳ විභාගයක් පවත්වා ඒ පිළිබඳ අවසන් වාර්තාවක් කතානායකවරයා වෙත යොමු කළ යුතු බව ද පෙන්වා දුන් නීතිපතිවරයා එම ක්‍රියාදාමයෙන් බැහැරව මේ ආකාරයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියාවලිය අභියෝගයට ලක්කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවත් පෙන්වා දුන්නේය.”‍
නීතිපතිවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත හැක්කේ පාර්ලිමේන්තුව තුළ පමණක් බවයි. එහෙත්, ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කර තිබෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නම් , මේ මොහොතට අදාළව ශේෂ්ඨාධිකරණයට නොගොස් වෙන කුමක් කරන්න ද?
විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන තුන ම පඹගාලක පැටලවීමට මෙම කුමන්ත්‍ර‍ණයේ නියමුවා වන මෛත්‍රීපාල සිරිසේන සමත් වී තිබේ. කෙසේ වෙතත්, අප නම් කියන්නේ උදා වූ මෙම විප්ලවීය අවස්ථාව නාස්ති නොකර ගත යුතු බවයි. ලංකාවේ දේශපාලන ගැටලු‍වට ව්‍යවස්ථාවෙන් විසඳුම් සෙවිය නොහැකි ය. විප්ලවීය ක්‍රියාමාර්ගයක් ඔස්සේ ව්‍යවස්ථාව නිශ්චිත කාල වකවානුවකට තාවකාලිකව අත්හිටුවා සම්පූර්ණයෙන් ම අලු‍ත් ආණ්ඩුක්‍ර‍මයක් සම්පාදනය කිරීමට මෙම අවස්ථාව යොදාගත හැකි ය. එය රාජ්‍ය විරෝධී ක්‍රියාවක් වන්නේ නැත. මන්ද, අප සිටින්නේ ජනාධිපතිවරයකු විසින් දියත් කරන ලද රාජ්‍ය විරෝධී කුමන්ත්‍ර‍ණයක් විසින් අරාජික කරන ලද දේශපාලන සංදර්භයක් තුළ නිසා ය. එය ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය තිරසර ලෙස ස්ථාපිත කිරීමේ විප්ලවයකි.
එය එතනින් එහාට ද විහිදේ. මේ වන විට ප්‍ර‍ධාන ණය ජාත්‍යන්තර ණය ශේණිගත කිරීමේ දර්ශක තුනක් විසින් ශ්‍රී ලංකාව පහත හෙළා තිබේ. ලබන අවුරුද්ද වන විට ණය ගෙවීම සඳහා තවදුරටත් ණයගැනීම බරපතල ගැටලු‍වක් බවට පත් වනු ඇත. දැවැන්ත අකාර්යක්ෂම රජය නඩත්තු කරගැනීමට හෝ නොහැකිව සිටියදී පසුගියදා පත් වූ හොර කැබිනට් මණ්ඩලය විසින් තව තවත් හෙංචයියන් රජයේ සේවයට පුරවන ලදී. ඒ මදිවාට රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ද දස දහස් ගණනින් රජයේ රැකියා ම ඉල්ලාගෙන පොලිසිය මරාගෙන කන්නට බලාගෙන පැමිණෙති. මහජනතාවට ලබන අවුරුද්දේ අධික බදු බරකට අමතරව තම ඉතුරුම් කැපකිරීමට පවා සිදු වන්නට ඉඩ තිබේ.
සංචාරක කර්මාන්තය බිමට ම හාන්සි වන තත්වයක් මතු වී තිබේ. සංචාරක කර්මාන්ත ව්‍යවසායකයෝ තම ක්ෂේත්‍රයේ උත්සවයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැමිණෙන්නේ නම් තමන් එය වර්ජනය කරන බව කියමින් විරෝධය පළ කළ හ. ඉතිහාසයේ කෙදිනකවත් ව්‍යවසායකයන් ජනාධිපතිවරයකුට මේ අන්දමින් විරෝධය දක්වා නැත.
ආර්ථික අර්බුදය කළමනාකරණය කර නොගෙන ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාවර කරන්‍නට හැකියාවක් නැත. ණය උගුල මැද ලංකාවේ ආර්ථික අර්බුදය කළමනාකරණය කරගැනීම අතිශය සංකීර්ණ කාර්යයක් වන අතර එහිදී විකල්ප රැසක් ද අප හමුවේ නැත. විනයගරුක, කැපවීම් කරන, අවදානම් දරාගන්නට සූදානම් විප්ලවීය අධිකාරියක් යම් නිශ්චිත කාලයක් සඳහා පත්කරගන්නට අවශ්‍ය බව අප යෝජනා කරන්නේ එබැවිනි. එමගින් ණය අර්බුදය කළමනාකරණය කරමින්, හැමෝම පටි තද කරගෙන, නාස්තිය පිටුදැක, ඵලදායිතාව නංවමින්, රට සංවර්ධන මාවතේ ස්ථාවර කරන්නට පියවර ගත යුතු ය. නැතිනම්, ලංකාවට මේ සති පහ තුළ තව තවත් ගැඹුරට කණින ලද මෙම අගාධයෙන් ගොඩ එන්නට ලැබෙන්නේ නැත. කමින්, බොමින්, ලොව වටා රවුම් ගසමින්, මහජන මුදල් නාස්ති කරමින්, කානිවල් තබමින් විනෝද වන නායකත්වයකට ලංකාව ගොඩ ගත නොහැකි ය. රටට අවශ්‍ය ජනතාවට ආදර්ශයක් වන නායකත්වයකි. නිශ්චිත කාලයක් සඳහා උපරිම කැපකිරීම කරමින් අවදානම දරාගන්නට සූදානම් නායකත්වයකි.
නැවත මැතිවරණ පැවැත්විය යුත්තේ අප සඳහන් කළ ආකාරයේ විප්ලවීය අධිකාරියක් යටතේ අධිකරණය, රජය, පොලිසිය වැනි ආයතනවල පදනම් දේශපාලනයට සෙලවිය නොහැකි ලෙස ශක්තිමත් කරමින්, රටේ අනාගතයට ගැලපෙන නව ව්හ‍යවස්ථාවක් නිර්මාණය කිරීමෙන් අනතුරුව ය. අප මුහුණ දී සිටින තත්වය පිළිබඳ මහජනතාවත් සමග විවෘත සාකච්ඡාවක් පවත්වාගෙන යා යුතු ය. රජයට කරන්නට පුළුවන්, බැරි දේවල් විවෘතව ජනතාවට පැවසිය යුතු ය. බොරු බලාපොරොත්තු දී ජනතාව නොරැවටිය යුතු ය. රට ම රට වෙනුවෙන් වැඩ කරන්නට යොමු කළ යුතු ය. දේශපාලකයන්ගේ සිට රාජ්‍ය නිලධාරීන් හරහා මහජනතාව දක්වා දැඩි විනයක් ‍‍ගොඩනැගීම මෙහිදී අත්‍යවශ්‍ය ය. එවැනි විප්ලවීය වගකීමක් භාරගැනීමට සූදානම් කවුරු ද?■

■ අජිත් පැරකුම් ජයසිංහ

ප්‍රජාපීඩක ප්‍රජාතන්ත්‍රය

0


අනූව දශකයේ මුල් කාර්තුවේ ‘යුක්තිය’ පත්තරයට මහාචාර්ය ජයදේව උයන්ගොඩ ලිපියක් ලීවේය. මගේ මතකයේ හැටියට ඒ සතිපතා ‘යුක්තිය’ පටන්ගන්නට කලිනි. ප්‍රේමදාස පාලනයේ වැඩෙන පරමාධිකාරයට විවේනයක් සේ ලියූ ලිපියේ මාතෘකාව මෙසේ යොදා තිබිණ:
‘රජය මමයි – මම රජයයි!’
විසි පස් අවුරුද්දකට පසු දැන් යළිත් ඒ මැය වාච්‍යාර්ථයෙන්ම වලංගු ය. විධායක බලැති එක් ජනාධිපතියෙකු ඉවත් කරන්නට ජනවරමක් ඉල්ලා ගෙවී ගිය තුන් වසරක් ඇවෑමෙන් ව්‍යවස්ථාවට ඇතුළෙන් ද – පිටින් ද අගමැතිවරුන් දෙක බැගින් ලැබිණ. සැනසිලි තෑගි ගාණට කුට්ටම බැගින් ලැබුණු කැබිනට් ඇමතිවරුන් ඊට අමතර වශයෙනි.
එයින් මාසයක් ඇවෑමෙන් රජය එකෙක් බවට පෙරළී එකා රජය සේ පෙනී හිඳියි. සියල්ලන්ගේ ජීවනය ද, මාර්ගය ද තමා යැයි අදහන මෙන් ඉල්ලා සිටින ගොවියා පුත් සිරිසේන දැන් ව්‍යාජ මාධ්‍යමික හැව හැර සිය යථා වේශය ගෙන ඇත්තේ ඒ අනුව ය. ඊට එරෙහිව හා පක්ෂව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ උණුසුම් වාද විවාද ඇවිල යන්නා වූද, ගැළවුම්කාර පුත්‍රයන් එකා පසුපස එකා වැටී ජාතිය අමතන්නා වූද මහා ප්‍රජාතන්ත්‍ර බුබුල අගනුවර හරි මැද ය. ඉන් පිටත ජනයා වැඩට යති – එති; කති – බොති; මාලා නාටක ද දේශපාලන වාද මණ්ඩප ද මාරුවෙන් මාරුවට නරඹති. ඉක්බිති නිදති. එළඹි උදයේ කවුරුන් කාගේ පැත්තේදැයි කිසිවෙකුට කිව නොහැකි නිසා ජනතා පරමාධිපත්‍යයේ තුලනය දියවන්නාවේ යාම් ඊම් අනුව යාවත්කාලීන කෙරේ.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඇවිලෙන අනුරාගී උද්වේගයන් ගැන ලියන – කියන සියල්ලෝ තම පාර්ශ්වය ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිගත් නිර්ණායකයන්ගෙන් සුජාතභාවය ලබා ඇතැයි අදහති. එහි හරස්කඩක් සලකතොත් මෙබඳු ය: බහුතරය පෙන්වීමට තමන්ට හැකි බැවින් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ආණ්ඩුව පවත්වාගෙන යාමට ඉඩ දෙන්නැයි රනිල් වික්‍රමසිංහ කියයි. පාර්ලිමේන්තුවේ සියල්ලන් කැමති වුවද, මහජන ඡන්දයෙන් ජනපති ධුරයට පත් වූ තමන් අත ඇති පරමාධිපත්‍ය බලයට ගරුකොට ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සෙස්සන්ට ආණ්ඩු කරන්න දෙන්නැයි මෛත්‍රීපාල සිරිසේන කියයි. සැබෑ ජනතා පරමාධිපත්‍යය නියෝජනය කරන්නේ කවුරුන්දැයි හරියටම දැනගනු වස් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැර අලු‍ත් මැතිවරණයකට යමු යැයි මහින්ද රාජපක්ෂ කියයි. බැලූ බැල්මට ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට අනුකූල ලෙස පෙනෙන සේ වෙස් ගැන්වූ සටන් පාඨ පෙරටු කොටගත් විපරීත ප්‍රජාතන්ත්‍රවාදයේ ද්වන්ද්ව සටන කඩු තුඩක් මෙන් අනාගතයට ඉහළින් දැන් ලඹ දෙයි.
දකුණේ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරු බිම් අරා සේනා මෙහෙයවන්නේ එක්කෝ සමූල ඝාතක වර්ගවාදීන් ය; නැතහොත් මහජන විරෝධී ආර්ථික ඝාතකයන් ය; නොඑසේනම් ග්‍රාම්‍ය පරමාධිකාරවාදීන් ය. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තෝරාගැනීමේ පරාසය විකල්ප ස්ථාවර දෙකකට දෙපලු‍ කොට මහජනයා වෙතට ප්‍රදානය කෙරී තිබේ. ඒ දෙපලු ස්ථාවර මෙසේ ය; එක්කෝ පාර්ලිමේන්තුව ඇර තිබිය යුතු ය. නැතහොත් වසා තැබිය යුතු ය. එක්කෝ මහ මැතිවරණයක් කැඳවිය යුතු ය. නැතහොත් ජනාධිපතිවරණයක් කැඳවිය යුතු ය. එක්කෝ රනිල්ගේ අගමැතිකම ය. නැතහොත් මහින්දගේ අගමැතිකම ය. ඒ අනුව දෙපලු කළ පාලිත තෝරාගැනීම්වලින් එකක් විකල්පය සේ සැලකීම ප්‍රජාතන්ත්‍රවාදය සේ සැලකෙන අතර, ඒ පරාසයේ විපරීත සීමාව ගැන ලිවීම ප්‍රජාතන්ත්‍ර විරෝධි සේ සැළකේ.
නමුත් සංහාරයන්ගෙන් ද, පරපීඩක රාජ්‍ය ක්‍රෑරත්වයෙන් ද අනූන ආසියාවේ පැරණිම ප්‍රජාතන්ත්‍රය පිළිබඳ උඩඟු‍ බස් පිපිරෙන යට කී සංවාද ලෝකයට සමාන්තර වෙනත් විශ්වයක රැකියා විරහිත උපාධිධරයෝ ද, සරසවි සිසුහු ද කැරළි මර්දන පොලිස් බලඇණි ප්‍රහාර මැද විරෝධතා පා ගමන් යති. දෙමළ ජනයා දස දහස් ගණනින් රැස්ව පහන් දල්වා ස්වකීය මළවුන් සමරති. අත් අඩංගුවට ගැනෙති. වධ බන්ධනයන්ට පාත්‍ර වෙති. සමූහ මිනීවළවල් පාදන කම්පිත වෝහාරික විශේෂඥයෝ සිරුරු 250 ඉලක්කයට ළඟා වූ බව නිවේදනය කොට යළිත් කණිති. දේශපාලන සිරකරුවෝ උපවාස කරති. අතුරුදහන් වූ ප්‍රියයන් ඉල්ලා සුතනඹුන් හා මව්පියෝ උසාවි යති. රාජ්‍ය ඝාතකයෝද, අත් උදව්කරුවෝ ද ඇප ලබා ගෙදර යති.
ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නැග එන උදම් රළ යට සැඟවුණු ඇත්ත ගැටලුව මෙයයි: ලංකාවේ රාජ්‍ය සැකැස්ම වනාහි රාජ්‍ය මෘගත්වයේ හා වාර්ගික-ආගමික බැහැරකිරීමේ පිළිවෙත් මත ස්ථාවර කරන ලද සැකැස්මකි. එය තුලනය කොට ඇත්තේ අති මහත් දැවැන්ත සන්නද්ධ හමුදාවන් ඇතුළු ප්‍රජා පීඩක මෙවලම් මගින් මිස කවර හෝ බහුත්වවාදී ප්‍රවේශයකින් පිටුබල ලබන ප්‍රජාතාන්ත්‍රික මූලධර්ම මගින් නොවේ. ඕනෑම මැති – ඇමතියකුට ඕනෑම දවසක සිත්ගත් ලංසුවකට අනුව ඕනෑම පැත්තකින් වෙන ඕනෑම පැත්තකට යාමේ නිදහස හැර අන් කිසිදු ජනතා පරමාධිපත්‍යයක් වත්මන් පාර්ලිමේන්තුවෙන් පිළිබිඹු වෙතැයි සිතීම එක්කෝ වංචනිකකමකි; නැතහොත් අඳබාලකමකි. තිබෙන පාර්ලිමේන්තුව විසුරුවා අලු‍ත් පාර්ලිමේන්තුවක් පත්කර ගනිමුයි මහින්ද රාජපක්ෂ නොපැකිලව කියන්නේද, ස්වකීය ප්‍රජාතන්ත්‍ර විරෝධී වර්ග නාශක ප්‍රතිරූපයට සිංහල දකුණේ ඇති ‘ප්‍රජාතාන්තික ඉල්ලු‍ම’ ගැන ඇති මේ පූර්ව තක්සේරුව නිසා ය.
ලංකාව එළඹ ඇත්තේ ප්‍රජාතන්ත්‍රයක් සේ වෙස් ගැන් වූ වර්ගතාන්ත්‍රික රාජ්‍යයක තාර්කික ව්‍යාකූල අවසානය කරා ය. ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් තෝරාගන්නට දී ඇති සීමිත පරාසයෙන් බැහැර සාකච්ඡාවන්, මේ ව්‍යාජ උද්වේගයන්ට පිටතින් මතුකර ගැනීමට දරන උත්සාහයන් දිරි ගැන්විය යුතුතේ ඒ නිසා ය. ගිරුවායේ වර්ග නාශක රාජපක්ෂගේ පරමාධිකාරයට එරෙහි සටන කොල්ලු‍පිටියේ ලිබර්ටි වටරවුමෙන් පෙරට ගන්නේ ජාතික හෙළ උරුමයේ චම්පික රණවක විසින් නම් ඒ ‘ප්‍රජාතන්ත්‍රවාදී අරගලයෙන්’, ගල ගොඩඅත්තේ ඥානසාරගේ අභිධර්ම දේශනාවකට වැඩිමනත් දෙයක් උගෙනීමට කිසිවකු සමත් නොවනු ඇත. ■


රෝහිත භාෂණ අබේවර්ධන

මෛත්‍රීගේ කොමිසමෙන් ගෝඨාභයට දූෂණ චෝදනා


ගෝඨාභය රාජපක්ෂ මීළඟ ජනාධිපතිධුරය ලැබීම සඳහාද සුදුස්සෙක්යැයි ඇතැම් අය කියන්නට පටන්ගත්තේ මෑත කාලයේදීය. එහෙත් සැබැවින්ම ගෝඨාභයට සුදුසු වෙන්නේ ජනාධිපතිධුරය නොවේ. ගෝඨාභය රාජපක්ෂ යනු ලංකාවේ රාජ්‍ය බලය ඉහළින්ම අවභාවිත කළ පුද්ගලයෙකි. ඔහු දූෂණය නම් වරද සිදුකර ඇති බවත්, ඔහුට එරෙහිව නඩු පැවරිය යුතු බවත් කියන්නේ අප නොවේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින්ය.

ජනාධිපති කොමිෂම
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කොමිසමක් පත් කර තිබුණි. එය බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නම් විය. කොමිසමේ සිටියේ සේවයේ නියුතු අධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු සහ විශ්‍රාමික විගණකාධිපතිවරයෙකි. කොමිසම ක්‍රියාත්මක වුණේ අර්ධ-අධිකරණ කටයුත්තක් පරිද්දෙනි. සාක්ෂි විමසීම, හරස් ප්‍රශ්න ඇසීම ඇතුළු කටයුතු සිදුවිය. දඬුවම් දීමේ බලය පමණක් කොමිසමට තිබුණේ නැත. එම කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරයා වෙත ලබා දී තිබුණු වාර්තාවේ තිබුණු කරුණු අධිකරණ තීන්දුවක් ලෙස සැලකිය නොහැක. එසේ වුව සත්‍යය සොයන පුද්ගලයෙකුට එම කොමිෂන් සභාවේ වාර්තාව ස්වාධීන හා විධිමත් පරීක්ෂණ වාර්තාවක් ලෙස සැලකිය හැකිය. එය බී වාර්තාවක් හෝ වෙනත් පරීක්ෂණ වාර්තාවක් නොවේ. ස්වාධීන නිලධාරීන් පිරිසක් විසින් ලබාදුන් පරිපූර්ණ විමර්ශන වාර්තාවකි. එම විමර්ශන වාර්තාව කියන්නේ ගෝඨාභය රාජපක්ෂ විසින් දූෂණය නම් අපරාධය සිදුකර ඇති බවය. ඒ සම්බන්ධයෙන් ගෝඨාභයට එරෙහිව නඩු පැවරිය යුතු බවය.

චුදිතයෝ
ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් විමර්ශනය කර තිබුණේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන විසින් රක්නා ලංකා ආරක්ෂක සමාගමත් ඇවන්ට්ගාර්ඞ් මැරිටයිම් සර්විසස් ආයතනයත් සමග කර තිබුණු ගනුදෙනු සම්බන්ධයෙනි.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් 2015 ජනවාරි 08 වැනිදා දක්වා කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා චෝදනා ලබා ඇත්තේ තනිව නොවේ. ඔහු යටතේ සේවය කළ, ඔහුගේ අණට අනුව කටයුතු කළ බව රටම දන්නා පුද්ගලයන් 12 දෙනෙකු චෝදනා ලබා තිබුණි.
ඒ අනුව කේ.බී. එගොඩවෙල, පාලිත ප්‍රනාන්දු, නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, මනමෙල්දුර රෝහණවීර ද සොයිසා, අච්චි මද්දුමාගේ දොන් හසල ධනසිරි අමරතුංග, අරුමාදුර ලෝරන්ස් රොමෙල්ලෝ දුමින්ද සිල්වා, රණවක ආරච්චිගේ දොන් ජනක, හේවාමාතරගේ උපාලි කොඩිකාර, චන්ද්‍රසේකර රෝහිත බෝගොල්ලාගම, දිසානායක මුදියන්සේලාගේ සුජාතා දමයන්ති ජයරත්න, හිටපු නාවික හමුදාපති ජයනාත් සිරිකුමාර කොළඔගේ, සමරසිංහ ආරච්චිලාගේ මැක්සිමස් ජයන්ත පෙරේරා, වයි. එච්. පී නිශ්ශංක යාපා සෙනවිරත්න යන චෝදනා ලත් පාර්ශ්වයන් සම්බන්ධයෙන් විමර්ශනය සිදු කර තිබුණි.

රක්නා ලංකා
එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් නිශ්චිතව කතාකිරීමට ප්‍රථමයෙන්, සිදුව ඇත්තේ කුමක්දැයි මෙසේ සංක්ෂිප්තව ලියා තැබිය හැකිය.
රක්නා ලංකා ආරක්ෂක ආයතනය රජය සතුව 100%ක් කොටස් තිබුණු ආයතනයක් විය. එය තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේය. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කළේ ගෝඨාභය රාජපක්ෂය. රක්නා ලංකා ආයතනයේ සභාපතිවරයා ලෙස පාලිත ප්‍රනාන්දු කටයුතු කළේය. එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කේ.බී. එගොඩවෙල කටයුතු කළේය. අධ්‍යක්ෂ මණ්ඩලයක් හරහා එම ආයතනය පාලනය විය. අධ්‍යක්ෂ මණ්ඩලය පත් කළේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විසින්ය. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පත් කර තිබුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්ය.
රක්නා ලංකා ආයතනය රජයේ සමාගමක් ලෙස රජය සමග සිදුකරන ව්‍යාපාර කටයුතුවලදී විශේෂ සහ අනිසි ලාභයක් ලැබීය. එයට විශේෂ සැලකීමක් දක්වා තිබුණි. ඒ හරහා සමාගමට විශාල ආදායමක් ලැබුණි. එම ආදායම සමාගම විසින්ම ලාභාංශ ලෙස නම් කොට රජයට පවරන තෙක් සමාගම සතු ආදායමක් වශයෙන් පවතියි. එම ආදායමට කරන දේ පිළිබඳව තීන්දු ගන්නේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින්ය. පෙර කී ලෙස අධ්‍යක්ෂ මණ්ඩලය පත් කරන්නේ එම සමාගම අයත්වන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින්ය.
රජය සතුව 100%ක කොටස් තිබුණද, එකල එවැනි සමාගම් විගණකාධිපති දෙපාර්තමේන්තුව යටතේ විගණනයට ලක් කළේද නැත. රජයට 100% කොටස් ඇති සමාගම් විගණනයට ලක් කිරීම විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් පුළුල්ව සිදු කරන්නේ 2015 ජනවාරි 08 වැනිදායින් පසුවය.
මෙවැනි සමාගමක් වූ රක්නා ලංකා සමාගම රජය සතු තුවක්කු නීතිවිරෝධීව පාවිච්චි කළේය. ලාභ ලැබීය. එලෙස ලාභ ලැබූ සමාගමක් වන රක්නා ලංකා ආරක්ෂක සමාගම ඇවන්ට්ගාඞ් මැරිටයිම් සර්විසස් නම් ආරක්ෂක සමාගම සමග බද්ධ ගිවිසුම් ගණනාවක් ඇති කරගෙන තිබුණි. ඒ හරහා එම සමාගම් දෙක එකට ව්‍යාපාර කටයුතුවල යෙදී තිබුණි. ඇවන්ට්ගාඞ් මැරිටයිම් සර්විසස් නම් සමාගම පෞද්ගලික සමාගමකි. ඒ අනුව නාවික හමුදාව සතුව තිබුණු ව්‍යාපාරයක් වන නෞකාවලට ආරක්ෂාව සැපයීමේ හා ආරක්ෂාව වෙනුවෙන් ආයුධ සැපයීමේ කටයුත්ත ඇවන්ට්ගාඞ් නම් පෞද්ගලික සමාගමට පවරා තිබුණි. ආයුධ ද ලබා දී තිබුණි.
ඒ අනුව 2012 ඔක්තෝබර් 15 වන දින සිට ඇවන්ට්ගාඞ් සමාගමට එම ව්‍යාපාරය පවරා තිබුණි. 2012 ඔක්තෝබර් මස සිට 2014 දෙසැම්බර් මස දක්වා කාලය තුළදී ක්‍රම ක්‍රමයෙන් නාවික හමුදාවට ලැබෙන ආදායම සහ ආදායම් ප්‍රතිශත අඩු වී තිබුණි.
මෙම අවි ගබඩා කර තිබී ඇත්තේ ගාලු‍ වරායේය. ගබඩා කිරීම සිදුකර ඇත්තේ නාවික හමුදාව විසින්ය. එම අවි හරහා ලාභ ලැබුවේ පෞද්ගලික සමාගමක් සහ රජය සතුව කොටස් ඇති සමාගමක් විසින්ය. නාවික හමුදාවේ ශ්‍රමය ද වෙනත් පාර්ශ්වයක් වෙනුවෙන් අවභාවිත වී තිබුණි.

පුහුණුවත් දීලා
ආයුධ ලබාදීමෙන් ඔවුන් නැවතී තිබුණේ නැත. පෞද්ගලික සමාගමක් වන ඇවන්ට්ගාඞ් සමාගමේ සී මාෂල්වරුන්ට පුහුණුව ලබාදීමටද විශේෂ සහයෝගයක් දක්වා තිබුණි.
ඒ අනුව ඇවන්ට්ගාඞ් මැරිටයිම් සමාගම විසින් කටුකුරුන්දේ හමුදා විශේෂ කාර්ය බලකා කඳවුර තුළ අවි පුහුණුව සහ ඊට අදාළ සහතික නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් පවත්වාගෙන ගොස් තිබේ. පෞද්ගලික සමාගමක් වන ඇවන්ට්ගාඞ් මැරිටයිම් සමාගම රජයේ හමුදාවේ අවි ආයුධ පාවිච්චි කරමින්, රජයේ ආයතනයක සිට අවි පුහුණුව ලබාදීමේ ව්‍යාපාරයක් සිදුකර තිබුණි. එපමණක් නොවේ, එම පුහුණුවෙන් පසුව ලබා දී තිබුණු සහතිකයට රාජ්‍ය ලාංඡනය, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේත්, සහකාර ලේකම් දමයන්ති ජයරත්නගේත් අත්සන් හා නාවික හමුදාපතිගේ අත්සන් ලබාදී තිබුණි. රාජ්‍ය ආරක්ෂක අංශවලින් පෞද්ගලික සමාගමකට ලැබී තිබුණු මේ විශේෂ සහයෝගය නිසා ඇවන්ට්ගාඞ් සමාගම අතිවිශාල ලාභයක් ලබන්නට ඇත.
විවිධ අවස්ථාවන්වලදී අවි 17ක් තුවක්කු ආඥා පනත යටතේ නිකුත් කළ යුතු බලපත්‍ර නිකුත් නොකර, එම පුහුණුව වෙනුවෙන් භාවිත කිරීමට අවසර දී තිබේ. එම අවසරය ලබාදීම සඳහා නිශ්ශංක යාපා සෙනෙවිරත්න විසින් ගෝඨාභය රාජපක්ෂ සමග එක්ව ක්‍රියා කර ඇතැයි හෙළිවී තිබේ. මෙය 1998 අංක 45 දරන පුද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතතන විධිමත් කිරිමේ පනතෙහි 18 වැනි වගන්තිය උල්ලංඝනය කිරීමක් බවත් කොමිෂන් සභාව පෙන්වයි.

තුවක්කු තෑගි දීලා
රජයේ හමුදා සතු තුවක්කු 3473ක් මෙම ආරක්ෂක ආයතන සඳහා තෑගි දී තිබුණි. ඒ අනුව කොමිෂන් සභාව විසින් අවි රක්නා ලංකා ආරක්ෂක ආයතනයට විකිණීම හෝ පැවරීම සිදු කර ඇති බවත්, ඒ අනුව එම ආයතනය විසින් තුවක්කු ආඥා පනත ප්‍රකාරව නිසි බලපත්‍ර ලබාගත යුතු බවත් පෙන්වාදෙයි.
මීට පෙර අවස්ථාවලද රජයේ සමාගම්වවල ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක හමුදා සතු ගිනි අවි ලබා දී ඇතත් ඒවා විධිමත් ලෙස අවි සන්තකයේ දැරීම සඳහා අවසරය සහිත ලිපි සමඟ ප්‍රකාශිතව ලබා දී ඇති බව කොමිසම පෙන්වයි. එහෙත් මේ සිදුවීම එවැනි අවස්ථාවලින් වෙනස් වෙයි. මේ අවි වාණිජමය කටයුත්තකට යොදවා ලාභ ලැබීමේ අරමුණෙන් ලබාදීමකි. එපමණක් නොව, එම අවි සන්තකයේ දැරීමට හෝ පාවිච්චි කිරීමට නීත්‍යනුකූල අවසරයක් ලබා දී නැත. ඒ අනුව තුවක්කු ආඥා පනත උල්ලංඝනය කර ඇත.
මෙම තුවක්කු සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න විසින් හුදු ලියැවිලි පමණක් නිකුත් කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් බදු අයකිරිම මඟහැර ඇත.

චෝදනා හතරක්
නිශ්චිත ලෙස ජනාධිපති පරීක්ෂණ කොමිෂම විසින් වැරදි සහ අක්‍රමිකතා හඳුනාගෙන තිබුණේ වැරදි හතරක් සම්බන්ධයෙනි. ඒවා කොමිෂන් සභා වාර්තාවේ සටහන් වී තිබුණේ මෙසේය.

  1. රක්නා ලංකා සමාගමේ සේවකයන් 2015 ජනවාරි 08 වන දින පැවැති ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතුවලට සහ ඊට අදාළව ආනුෂංශික ක්‍රියා සඳහා 2014.12.01 වැනි දින සිට 2015.01.05 වන දින අතර කාලය තුළ යොදවා ඇත. ඒ සඳහා කිසිදු මුදලක් අය නොකර රක්නා ලංකා සමාගම විසින් එසේ යෙදවූ අයට වේතන සහ ගෙවීම් සිදුකිරීමෙන්ද , ආහාරපාන සැපයීමෙන්ද එම ආයතයට රුපියල් ලක්ෂ 70 ක පමණ මුදලක පාඩුවක් සිදු කර ඇත.
  2. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරමින් පැවැති මුහුදු ආරක්ෂක සේවාවන් සපයන ආයතනවලට අයත් අවි තැන්පත් කිරීමේ ව්‍යාපාර කටයුත්ත ඇවන්ට්ගාඞ් මැරිටයිම් සමාගමට, රක්නා ලංකා ආයතනය සමග සිදු කිරීම සඳහා බාර දී ඇත. ඉන් අනතුරුව මුලින් තීරණය කරන ලද, ශ්‍රී ලංකා නාවික හමුදාවට ලැබිය යුතු ආදායම් කොටස අඩු කිරීම තුළින් රජයට පාඩු සිදුකර හෝ රජයේ ආදායමට හානි සිදු කර ඇත.
  3. මුහුදු ආරක්ෂක සේවාවන් සැපයීමට අදාළ ව්‍යාපාර කටයුතු සිදු කිරිමේදි ඇවන්ට්ගාඞ් මැරිටයිම් සර්විස් පුද්ගලික සමාගමට අනිසි වාසියක් සිදුවන ආකාරයට කටයුතු කර ඇත.
    4 ඇවන්ට්ගාඞ් ආයතනය කටුකුරුන්ද විශේෂ කා‍ර්ය බලකා කඳවුර තුළ අවි ගබඩා කටයුතු සම්බන්ධ ව්‍යාපාර කටයුත්තක් සිදු කර ඇත. ඒ සඳහා තුවක්කු 17ක් නිසි ආකාරයට බදු ගෙවීමකින් සහ නිසි බලපත ලබා ගැනීමකින් තොරව අවභාවිත කර සහ සිදුකිරීමට සහාය දී ඇත.

නඩු පවරන්න
කොමිෂන් සභාව විසින් නොතීසිලත් පාර්ශ්වයන් 13ම විවිධ නීතිමය වැරදි සඳහා වරදකරුවන් ලෙස හඳුනාගෙන ඇත. ඒ සම්බන්ධයෙන් වෙන් වෙන්ව සිදුවීම් හඳුනාගෙන නඩු පැවරීම සිදු කළ යුතු බවට නිර්දේශ කර ඇත.
රක්නා ලංකා ආරක්ෂක සේවයේ නිලධාරීන් දේශපාලන කටයුතුවලට යෙදවීමේ ක්‍රියාව අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතට ගැනෙන දූෂණය නම් අපරාධයට අයත් වෙයි.
සියලු‍ නොතීසි ලත් පාර්ශ්වයන්ට එරෙහිව අපරාධමය නඩු ගොනු කළ යුතු බව කොමිෂන් සභාව නිර්දේශ කර ඇත. ඒ සඳහා නීතිපතිවරයාට සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පරීක්ෂණ සටහන් යොමු කළ යුතු බව කොමිසම නිර්දේශ කර ඇත. එමෙන්ම රාජ්‍ය නිලධාරීන් වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ හා දමයන්ති ජයරත්න ඉදිරියේදී රාජ්‍ය සේවයේ හෝ රාජ්‍ය ආයතනවල කිසිදු පත්වීමක් ලැබීමට සුදුසු අය නොවන බව කොමිසම විසින් නිර්දේශ කර ඇත. ඇතැම් අය විසින් ජනාධිපති ධුරයට යෝජනා කරන්නේ එවැනි නුසුදුස්සෙකුය. දූෂණය නම් අපරාධය සිදුකර ඇති බවට චෝදනාලද්දකුය. ■

රනිල් ප්‍රජාතන්ත්‍රවාදී ද? මහින්ද ජාතිකවාදී ද?

0


බෙහෙවින් අවිනිශ්චිත වර්තමාන ලංකාවේ දකුණේ දේශපාලන පරිමණ්ඩලය කතිකා දෙකක් අතර පසමිතුරුතාව ඇසුරෙන් පැහැදිලි කිරීමට පුළුවන. එක් කතිකාවක් වන්නේ ‘රට රැකීම’ පිළිබඳ කතිකාව වන අතර අනෙක වන්නේ ‘ප්‍රජාතන්ත්‍රවාදය’ පිළිබඳ කතිකාවයි. දැනට ඇති වී තිබෙන කඳවුරු බෙදීම තුළ මහින්ද රාජපක්ෂ ‘රට රැකීමේ’‍ කඳවුරේ නියමුවා ලෙස ද, රනිල් වික්‍රමසිංහ ‘ප්‍රජාතන්ත්‍රවාදය රැකීම’‍ පිළිබඳ කඳවුරේ නියමුවා ලෙස ද මතු වී තිබේ.
මෙම කතිකාමය විභේදනය ඇසුරෙන් වත්මන් ලංකාවේ දේශපාලන අර්බුදය තේරුම් ගැනීමට උත්සාහ කරන කෙනෙකු මුහුණ පාන මූලික ගැටලු‍ව වන්නේ කතිකා දෙක තුළින්ම අනෙක් කතිකාවේ කේන්ද්‍රීය චරිතයට එම කතිකාව නියෝජනය කිරීමට ඇති යුක්තිසහගතභාවය ප්‍රශ්න කරනු ලැබීම යි. වෙනත් ආකාරයකට කියනවා නම් මහින්ද රාජපක්ෂට ‘‍රට රැකීම’‍ කතිකාවේ නියෝජිතයා වීමට ඇති සුජාත අයිතිය ද, රනිල් වික්‍රමසිංහට ‘ප්‍රජාතන්ත්‍රවාදය රැකීම’‍ ප්‍රමුඛ නියෝජිතයා වීමට ඇති සුජාත අයිතිය ද ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව විසින් ප්‍රශ්න කරනු ලැබේ.
කිසියම් දේශපාලන කතිකාවක් හා කිසියම් නිශ්චිත අවස්ථාවක ඒ කතිකාව නියෝජනය කරන කාරකයෙක් අතර පවත්නා සම්බන්ධය කුමක් ද? සාමාන්‍යයෙන් පෙළඹවීම පවතින්නේ මේ දෙක අතර එකට එකේ සම්බන්ධයක් දැකීමටයි. උදාහරණ ලෙස රනිල් වික්‍රමසිංහ ‘ප්‍රජාතන්ත්‍රවාදය’‍ පිළිබඳ කතිකාව උච්චාරණය කරයි නම්, එසේත් නැතිනම් මහින්ද රාජපක්ෂ ‘රට රැකීම’‍ පිළිබඳ කතිකාව උච්චාරණය කරයි නම්, අපගේ සාමාන්‍ය උනන්දුව පවතින්නේ රනිල් වික්‍රමසිංහගේ හෝ මහින්ද රාජපක්ෂගේ පුද්ගල හෝ සාමූහික චර්යා ඇසුරෙන් ඔහුට/ඇයට අදාළ කතිකාව උච්චාරණය කිරීමට ඇති සුජාතභාවය තක්සේරු කිරීමටයි. සරලව කියන්නේ නම් තේරුම් ගැනීම සිදුවන්නේ මෙසේ ය: ‘මහින්ද රාජපක්ෂ ‘රට රැකීම’‍ කතිකාවේ නායක කාරකයා වන්නේ ඔහු දේශප්‍රේමියෙක් නිසා වන අතර රනිල් වික්‍රමසිංහ ‘ප්‍රජාතන්ත්‍රවාදය රැකීම’ කතිකාවේ නායක කාරකයා වන්නේ ඔහු ප්‍රජාතන්ත්‍රවාදියෙක් නිසාය.’ ලංකාවේ වර්තමාන දේශපාලනය තේරුම් ගැනීමේ ලා මේ කාරණය බෙහෙවින් ම වැදගත්ය.
මා මෙහි දී යෝජනා කිරීමට කැමැත්තේ මේ ප්‍රවේශය දේශපාලන උපක්‍රම පිළිබඳ ක්ෂේත්‍රයේ දී මෙන් ම, කතිකාවේ ගුණාත්මක වශයෙන් තීව්‍ර කිරීමට දැරෙන උත්සාහයක දී වැදගත් වන්නේ වී නමුදු, කතිකාව හා එහි වැදගත්කම තේරුම් ගැනීම පැත්තෙන් ඒ තරම් වැදගත්කමක් නොමැති ප්‍රවේශයක් බවයි.
ලංකාවේ පශ්චාත් යටත්විජිත දේශපාලන ඉතිහාසය තුළ වර්තමානයේ ආධිපත්‍යධාරී ලෙස පවතින මෙම ‘රට රැකීම / ප්‍රජාතන්ත්‍රවාදය’ යන ද්වෛතය සකස් වීම ආරම්භ වන්නේ 1980 දශකයේ අවසානයේ ඇතිවන දේශීය හා ජාත්‍යන්තර යුගකාරක දේශපාලන දේශපාලන සිදුවීම් මාලාවකට සමාන්තරවයි. ඒවා නම් ජවිපෙ කැරැල්ල හා එය අතිශයින් ප්‍රචණ්ඩ ලෙස මර්දනය කිරීම, දෙමළ සටන්කාමී ව්‍යාපාරයේ ශීඝ්‍ර වර්ධනය හා ජාත්‍යන්තර වශයෙන් පැවැති සමාජවාදී කඳවුරේ පරාජය යන සංසිද්ධීන් ය. මේවායේ බලපෑම මත 1990 සිට ලංකාවේ දේශපාලන පරිමණ්ඩලය තීරණාත්මක ලෙස යළි සකස් වීමක් දක්නට ලැබේ. මෙහි දී ඇත්ත වශයෙන්ම මුලින්ම ආරම්භ වන්නේ ‘ප්‍රජාතන්ත්‍රවාදය’‍ පිළිබඳ කතිකාවයි. එහි මුල් අවධිය දේශපාලන වශයෙන් පරිසමාප්තියට පත් වන්නේ 1994 දී පොදුජන එක්සත් පෙරමුණේ මැතිවරණ ජයග්‍රහණ මාලාව හරහා ය. එහි කේන්ද්‍රීය දේශපාලන සංවිධානමය බලවේගය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වනවා පමණක් නොව, වර්තමානයේ ‘ප්‍රජාතන්ත්‍රවාදී’ කඳවුර සිය ප්‍රමුඛ සතුරා ලෙස සලකන මහින්ද රාජපක්ෂ එම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ ඉතා වැදගත් හා කේන්ද්‍රීය චරිතයක් විය. වර්තමාන ‘ප්‍රජාතන්ත්‍රවාදී’‍ කඳවුරේ කේන්ද්‍රීය චරිතය වන රනිල් වික්‍රමසිංහ එවකට එම කඳවුරේ ප්‍රම්‍රඛ සතුරෙක් විය. රට රැකීමේ කඳවුර දේශපාලන කතිකාවක් ලෙස බිහිවීම දක්නට ලැබෙන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ වර්ධනයට සාපේක්ෂවයි. විශේෂයෙන් ම දෙමළ සටන්කාමී ව්‍යාපාරය විසින් දකුණේ සමාජය තුළ ඇති කරනු ලැබූ ආචරණයට ප්‍රතිචාරයක් ලෙසටයි. මේ විභේදනය තීරණාත්මක වශයෙන් සකස් වීම සිදුවන්නේ 2000 මුල් දශකය තුළයි.
සිය සාම්ප්‍රදායික දේශපාලන යුක්තිසහගතභාවය තීරණාත්මක ලෙස අහෝසි වී තිබෙන සංදර්භය තුළ තම දේශපාලන භූමිකාව යළි නිර්වචනය කර ගැනීමට දැරූ උත්සාහය තුළ ය එක්සත් ජාතික පක්ෂයට මීට පෙර තමන් බැහැර කරනු ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ දේශපාලන නායකත්වය ගැනීමට සිදුවන්නේ. 1994 ට පෙර ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර සිය සතුරා ලෙස සැලකූ එජාපය හා රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ නායකත්වයට පත් වීම උත්ප්‍රාස ජනක තත්වයක් වන අතරම ඒ තත්වය එජාපයේ මෙන් ම රනිල් වික්‍රමසිංහගේ ප්‍රජාතන්ත්‍රවාදී අක්තපත්‍රය ප්‍රශ්න කිරීමට එහි ප්‍රතිවාදීන්ට අවස්ථාව විවර කර තිබීම ද මෙහි දී වැදගත් ය.■

නිර්මාල් රංජිත් දේවසිරි

ආචාරධාර්මික ප්‍රජාතන්ත්‍රවාදයක් කරා


“සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියක් සඳහා කාන්තාවෝ” යන තේමාව යටතේ විරෝධතා ව්‍යාපාරයක් කාන්තා සංවිධාන ගණනාවක් විසින් දියත් කරනු ලැබ ඇත. ආචාරධාර්මික දේශපාලනයක් පිළිබඳ දේශපාලන ක්‍රියාකාරීන් අතර ඇතිවී තිබෙන මේ උනන්දුවට සහ කැපවීමට ආධාර වශයෙන් මෙම රචනය ලිවීමට අදහස් කරන්නෙමි. ආචාරධාර්මිකත්වය ප්‍රජාතන්ත්‍රවාදයට සම්බන්ධ කරමින් මගේ විග්‍රහය ගොඩනගන්නෙමි.
පසුගිය දශක කිහිපය පුරාම ලෝක මට්ටමෙන් සිදුවූ දෙයක් නම් ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතිවූ පසුබෑමයි. 1980 ගණන් දශකයේ සිදුවූ ප්‍රජාතන්ත්‍රීයකරණයේ නැගීම, එහි පසුබෑමේ නව රැල්ලක් විසින් 1990 ගණන්වලින් පසුව සිට ගිලගනු ලැබිණ. එය බාහිර මෙන්ම බටහිර නොවන ලෝකවලද එක සේ සිදුවිය. එයට විවිධ සංකීර්ණ හේතු තිබිණ.
ලංකාවේ අත්දැකීම තරමක් සුවිශේෂ වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ නැගීම, වැටීම සහ යළි නැගී සිටීම යන ප්‍රවණතා සමග මිශ්‍ර වූ චක්‍රීයාකාර දේශපාලන ක්‍රියාවලියක් ලංකාවේ සිදුවී තිබේ. එහි මෑත කාලීනම නිදසුන් නම් 2009 -2014 පස් වසර තුළ සිදු වූ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ දරුණු පසුබෑම, 2015 මුලදී සිදුවූ ප්‍රජාතන්ත්‍රවාදයේ පුනරුජ්ජීවනය සහ එහි මන්දගාමී ප්‍රගතියයි. දැන් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මුහුණ දී සිටින්නේ තීරණාත්මක දෙමංසන්ධියකටය. එක්කෝ දුර්වල ප්‍රජාතන්ත්‍රවාදය නැතහොත් ශක්තිමත් අධිකාරවාදය යන දේශපාලන තෝරාගැනීම් දෙක ඉදිරියේ අද ලංකාවේ පුරවැසියෝ සිටිති. එම තෝරාගැනීම අද හෙටම කරන්නට සිදුවන බවද පෙනේ. මේ අතර ඔක්තෝබර් 26 දා පිපිරෙන්නට පටන්ගත් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ දේශපාලන අර්බුදය විසින් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ බරපතළ දුර්වලතා රැසක්ම අනාවරණය කරනු ලැබ ඇත. ආර්ථික දූෂණය, දේශපාලන දූෂණය, විධායකය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හිතුවක්කාරව උල්ලංඝනය කිරීම, ව්‍යවස්ථාදායක යළිත් වරක් විධායකයේ ග්‍රහණයට ගැනීමට තැත් කිරීම, පාර්ලිමේන්තුවේ ගෞරවය මන්ත්‍රීවරුන් විසින්ම කෙලෙසනු ලැබීම මේවා අතර ප්‍රකටවම ප්‍රදර්ශනය වූ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන්ය.
මේවා පසුබිම තුළ පෙනෙන, පුරවැසියන්ගේ අවධානය යොමුවිය යුතු තේමාවක් නම්, මේවා කාලයක් තිස්සේම ලංකාවේ දේශපාලනය තුළ සිදුවුණු, ප්‍රජාතන්ත්‍රවාදය එහි ලෞකික සහ සමාජමය ආචාරධර්මික මූලධර්ම සහ රාමුවෙන් ඉවත් කරනු ලැබීමේම තවත් තියුණු අවධියක් නියෝජනය කරන්නේය යන්නයි. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා, දේශපාලන දූෂණය, ආර්ථික දූෂණය ආණ්ඩු සැදීමේත්, පාර්ලිමේන්තු බහුතරය ලබාගැනීමේත් ප්‍රධාන මාධ්‍යය බවට පත් කිරීම, දේශපාලන බලය අවභාවිත කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍යයෙන් ලද දේශපාලන බලය ස්වාර්ථය සඳහා දුෂ්භාවිත කිරීම අප රටේ දේශපාලන සංස්කෘතියේ සාමාන්‍ය අංග බවට පත්වී ඇත. ඒවායෙන් දේශපාලන සංස්කෘතිය නිදහස් කිරීමට 2015 ජනවාරි ආණ්ඩු වෙනසත් සමග පැනනැගි යහපාලන සිහිනය ඉටු නොවී තිබෙනවා පමණක් නොව, එය නපුරු සිහිනයක් බවටද දැන් පත් වෙමින් තිබේ.
ආචාරධාර්මික දේශපාලනයක් -ආචාරධාර්මික ප්‍රජාතන්ත්‍රවාදයක් පිළිබඳ සටන් පාඨය සහ ඉලක්කය වර්තමාන ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය වෙතට පැමිණ ඇත්තේ මේ පසුබිම තුළය.

දේශපාලන ආචාරධාර්මිකත්වය
ආචාරධාර්මික දේශපාලනය යනුවෙන් අදහස් වන්නේ දේශපාලනඥයන්ගේ චර්යාව මූලධර්ම පද්ධතියකට අනුකූලව, පොදු මහජන යහපත සඳහා පමණක් දේශපාලන බලය භාවිත කිරීමයි. මේ මූලධර්මය ගැබ් කරගත් ප්‍රධාන ලෞකික දේශපාලන චින්තන තුනක් ලෝකයේ වර්ධනය වී තිබේ. ඒවා නම් සමූහාණ්ඩුවාදය, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදයයි.
සමූහාණ්ඩුවාදය යන අදහස අප රටේ කවුරුත් කථා නොකරන, එහෙත් 1972 සිට අප රටේ භාවිත වන වැදගත් දේශපාලන සහ ආණ්ඩුක්‍රමික සංකල්පයකි. අපේ රාජ්‍යය “ජනරජයකැයි” ව්‍යවස්ථාව කියයි. “ජනරජය” යනු සමූහාණ්ඩුවකි. සමූහාණ්ඩුවාදය යනු සම්භාව්‍ය ග්‍රීසියේත්, සම්භාව්‍ය උතුරු ඉන්දියාවේත් ආරම්භ වූ දේශපාලන මාදිලියකි. එය නිශ්චිත දේශපාලන සංස්කෘතික මූලධර්මවලටද තුඩුදී තිබේ. ඒවායින් ප්‍රධාන අංග තුනක් අප රටේ වර්තමාන දේශපාලන සාකච්ඡාවලට අදාළ වේ. ඒවා නම්,

  • දේශපාලන බලය ස්වාර්ථය නොව පොදු යහපත යන අරමුණ පමණක් ඉලක්ක කර ගැනීම.
  • දේශපාලන බලය පුරවැසි නිදහස සනාථ කිරීම සඳහා පමණක් භාවිත කිරීම
  • පාලකයන්ද, පුරවැසියන්ද ඉහත සඳහන් කැපකිරීම් සහිත “දේශපාලන යහගුණය” තම පුද්ගලික සහ පොදු සංස්කෘතියේ අංගයක් බවට පත්කර ගැනීම
    ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වෙතින් පැනනැගි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ආචාරධර්ම ගැන අප රටේ බොහෝ දේශපාලනඥයන්ට මෙන්ම ආණ්ඩුක්‍රම විශාරදයන්ටද ආගන්තුක ඒවා බව පෙනේ. 17 වැනි සියවසේ මැද භාගයේ සිට යුරෝපයේ වර්ධනය වූ, අප රටටද ගැළපෙන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ආචාර ධර්ම කිහිපයක් මෙසේ කෙටියෙන් සූත්‍රගත කළ හැකිය.
  • දේශපාලන බලයට, මහජනයා තලාපෙළා, හිතුවක්කාරව අවභාවිත කිරීමේ නිසර්ග හැකියාවක් තිබේ. එබැවින් පාලකයන් දේශපාලන බලය භාවිත කළ යුත්තේ ඉතා පරෙස්සමිනි. පුරවැසියන්ගේ ජීවිතය, නිදහස සහ අයිතිවාසිකම් ආරක්‍ෂා වන පරිදි පමණය.
  • දේශපාලන බලය යනු මහජනතාව විසින්, පාලකයන්ට ලබාදෙන තාවකාලික වරපත්‍රයක් පමණි. එය හිතුවක්කාරව පාවිච්චි කිරීමේ බලයක්, තමන් ඡන්දයෙන් තෝරාපත්කරන නියෝජිතයන්ට, මහජනයා පවරාදෙන්නේ නැත. එසේ දෙන බලය, තාවකාලිකය, කොන්දේසි සහිතය. පුරවැසියන්ගේ ජීවිතය, නිදහස සහ අයිතිවාසිකම් රැකදීම එම කොන්දේසි සහිත ගිවිසුමේ ප්‍රධාන අංගයි.
  • පුරවැසියන් සමග ඇති කරගන්නා ඉහත දැක්වූ ගිවිසුමේ කොන්දේසි පාලකයන් උල්ලංඝනය කරන්නේ නම් පාලකයන්ගේ සුජාතභාවය බිඳ වැටේ. එවැනි පාලකයන්ට ආණ්ඩු බලයේ සිටීමට සදාචාරාත්මක අයිතියක්ද නැත.
  • දේශපාලන බලයේ ඇති නෛසර්ගික දුෂ්ගුණය වන, එය අයුතු සහ ප්‍රජාපීඩක ලෙස අවභාවිත කිරීමේ ශක්‍යතාව වැළැක්වීමේ මාර්ගය වන්නේ, රාජ්‍ය බලය පාවිච්චි කිරීමට සීමා පැමිණවීමයි. රාජ්‍ය බලය ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ වශයෙන් ආයතනවලට බෙදා තිබෙන්නේත්, ඒ එකිනෙකෙහි විෂය පථය, බල ප්‍රදේශ සහ බලතල, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම නිශ්චිත කර තිබෙන්නේත්, ඒ නිසාය. එක් ආයතනයක් අනෙක් ආයතනයේ බල ප්‍රදේශය ආක්‍රමණය නොකළ යුතුය. විශේෂයෙන් ව්‍යවස්ථාදායකය විධායකයේත්, අධිකරණය විධායකයේත් ආක්‍රමණයෙන් සහ බලපෑමෙන් ස්වාධීන විය යුතුය.
  • ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය විවෘත තරගය මත සකස් වූ විවෘත ක්‍රීඩාවකි. සෑම සභාගිවන්නෙකුම ක්‍රීඩාවේ නීති රීති ගරු කළ යුතුය. ඒවා ක්‍රියාත්මක කළ යුතුය. ඒවාට අනුගත විය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රීඩාවේ නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන, මැතිවරණ නීති, පාර්ලිමේන්තු විධිවිධාන සහ ස්ථාවර නියෝගවල සූත්‍රගත කර තිබේ. ස්වාධීන අධිකරණය එම නීති ක්‍රියාත්මක කිරීම සහතික කරන බලධරයාය. ස්වාර්ථය සඳහා දේශපාලන ක්‍රීඩාවේ නීති උල්ලංඝනය කිරීම, විකෘති කිරීම සහ අවභාවිත කිරීම නිර්- ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන භාවිතාවකි.
    මේ අතර සමාජවාදී දේශපාලන චින්තනය විසින් හඳුන්වා දී ඇති ආචාරධාර්මික මූලධර්ම මෙසේ සාරාංශ කළ හැකිය.
  • දේශපාලන බලයේ අරමුණ පීඩිත, දුගී සහ කොන්වූ සමාජ කොටස්වල යහපත සහ සුබසිද්ධිය සහතික කිරීමයි.
  • ප්‍රජාතන්ත්‍රවාදී ජීවන ක්‍රමයක්, සම්පූර්ණ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය පමණක් ප්‍රමාණවත් නැත. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජීය ප්‍රජාතන්ත්‍රවාදයත්, ඒ මත ගොඩනැගුණු සමාජ සාධාරණත්වය සහ සමාජ සමානත්වය ගොඩනැඟීම දේශපාලන බලයේ අරමුණයි.
    ඉහත කී සමාජ චර්යාධාර්මික මූලධර්ම ලෞකික දේශපාලන චින්තන සම්ප්‍රදාය වෙතින් ආ ඒවාය. ඊට සමාන මූලධර්ම ක්‍රිස්තියානි, යුදෙව්, ඉස්ලාමීය සහ බෞද්ධ ආගමික සම්ප්‍රදාය තුළද තිබේ. දේවනිර්මාණවාදය පිළිගන්නා ක්‍රිස්තියානි, යුදෙව් සහ ඉස්ලාමීය ආගමික චින්තනවල පාලකයා යනු දෙවියන්ගේ මිහිපිට නියෝජිතයාය. ඔහුට මහජනයාට පීඩා කරන අසීමිත බලයක් නැත. එම බලය දෙවියන් වහන්සේට වගකියන, සීමිත බලයකි. දේවනිර්මාණවාදය ප්‍රතික්‍ෂේප කරන බුදු දහමේ ඇති දේශපාලන චින්නයේ ඇති ප්‍රධානතම ආචාරධර්මික මූලධර්මය නම් දේශපාලන බලය මහජනතාවගේ පොදු යහපත වෙනුවෙන්, මර්දනකාරී සහ ප්‍රජාපීඩක නොවන ලෙස භාවිත කළ යුතුය යන ප්‍රවාදයයි. මෙය එක්තරා දුරකට සම්භාව්‍ය ග්‍රීක සමූහාණ්ඩුවාදී මූලධර්මයට සමානවූවකි.

ආචාරධාර්මික පොරොන්දුව යළි ගෙනඒම
දේශපාලනයේ ආචාරධාර්මිකත්වය පිළිබඳ කරුණ, කෙනෙකු අද ලංකාවේ මතු කරන්නේ නම්, එය දේශපාලන හිස් අවකාශයක සිදුවන්නක් නොවේ. 2014 අග කාලයේදී ආරම්භ වී, 2015 ජනවාරි මාසයේදී උච්චස්ථානයකට පැමිණි ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දේශපාලන සටන් පාඨය වූ “යහපාලනය” යන්නෙහි තිබුණු එක් ප්‍රධාන අර්ථයක් වූයේ එයයි. මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා සමහර විට නොදැන සිටින්න ඇතත්, පුරවැසියන් විසින් එම සටන් පාඨයට ප්‍රධාන අර්ථ දෙකක් ආරෝපණය කර දී තිබිණ. පළමුවැන්න ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය යළි ප්‍රතිස්ථාපනය කිරීමයි. දෙවැන්න, එම ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලන වශයෙන් ආචාරධාර්මික කිරීමයි. සිරිසේන සහ වික්‍රමසිංහ යන දෙදෙනාටම මෙම අර්ථ දෙක ගැන නිසි කැක්කුමක් සහ කැපවීමක් නොතිබුණු බව දැන් අපට පෙනේ.
දේශපාලන ආචාරධාර්මිකත්වය ප්‍රජාතාන්ත්‍රික අරගලයේ න්‍යාය පත්‍රය වෙතට යළි ගෙනඒමේ වගකීම දැන් පැවරී ඇත්තේ දේශපාලන ක්‍රියාකාරික ප්‍රජාව වෙතටය. එය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සටන ගැඹුරු කිරීමේ පුළුල් න්‍යාය පත්‍රයක අංගයක් විය යුතුය. එම න්‍යාය පත්‍රයට දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය, සමාජීය ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජ සාධාරණත්වය සහ ආචාරධාර්මික ප්‍රජාතන්ත්‍රවාදය යන මූලික තේමා ඇතුළත් කළ හැකිය. එය දේශපාලන පක්‍ෂවලින් ස්වාධීනව ගොඩනැගීමට සිදුවී තිබෙන්නකි.
මෙම කාරණය ප්‍රජාතන්ත්‍රීයකරණය පිළිබඳව දේශපාලනික න්‍යායිකව සිතන ක්‍රියාකාරිකයන්ගේද අවධානය යොමු විය යුත්තකි. පශ්චාත් නූතන ලෝකයේ දේශපාලන නිෂ්ඨාවක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන ගැටලුවක් වී තිබෙන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය, ගෝලීය ප්‍රාග්ධනයේ ව්‍යාප්තිය විසින් නිර්මාණය කරන ලද්දාවූද, බැටකන්නාවූද, විවිධ සමාජ කණ්ඩායම්වල උපකරණවාදී ආයුධයක් පමණක් බවට ලඝුකර ගැනීමයි. ඇමරිකාවේ ට්‍රම්ප්, ඉන්දියාවේ මෝදි සහ ලංකාවේ මහින්ද රාජපක්‍ෂ නියෝජනය කරන්නේ මෙම ප්‍රවණතාවේම විවිධ ප්‍රකාශනයි. “රාජ්‍ය බලය අත්පත්කර ගැනීම” යන එකම ඉලක්කය කරා පමණක් ප්‍රජාතන්ත්‍රවාදය උපකරණවාදී ලෙස භාවිත කිරීම තුළ, දේශපාලනයේ ආචාරධාර්මිකත්වය නොවැදගත්ය. එයට ප්‍රතිරෝධය දැක්වීමට සාම්ප්‍රදායික දේශපාලන පක්‍ෂවලටද නොහැකිය. මන්ද ප්‍රජාතන්ත්‍රවාදයේ අරටුවෙන් දේශපාලන ආචාරධාර්මිකත්වය හාරා ඉවත් කිරීමේ කාර්යයට ඒවාද සහභාගි වී ඇති නිසාය.■

ජනාධිපතිවරු පත්කරලා දුක්වින්දා ඇති රාජිත සේනාරත්න එක්සත් ජාතික පෙරමුණ

අභියාචනාධිකරණය විසින් නීතිවිරෝධී ආ ණ්ඩු වට අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරී මෙන් පසුව දෙසැම්බර් 03 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ න සමග සාකච්ඡාවේදී සිදුවුණේ කුමක්ද?
අපි ජනාධිපතිතුමාට කීවා කළ යුත්තේ කුමක්ද කියලා. අභියාචනාධිකරණය විසින් වැදගත් තීන්දුවක් ලබාදුන්නා. මීට කලින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසුරුවාහැරීම තාවකාලිකව තහනම් කරලා නියෝගයක් දීලායි තියෙන්නේ. ඒ නිසා ව්‍යවස්ථාදායකය වගේම අධිකරණය විසිනුත් මේ කුමන්ත්‍රණය ප්‍රතික්ෂේප කරලා තියෙන බව පැහැදිලියි. ඒ නිසා අපි කතා කරන මේ මොහොත වෙනකොට ආණ්ඩුවක් නැහැ. ආණ්ඩුවේ පුද්ගලයෙකුට ඉන්නෙ ජනාධිපතිවරයා විතරයි. ඒත් මට පේන්නේ නැහැ ජනාධිපතිතුමාට මේක තේරුම් ගිහින් තියෙන බවක්. එතුමා කියෙනවා ජර්මනියේත්, ඉතාලියේත් මේ වගේ වෙලා තියෙනවාලු‍. එහෙත් ඒ රටවල තියෙන ව්‍යුහය අනුව අමාත්‍ය මණ්ඩලයක් සිටීම අත්‍යවශ්‍ය නැහැ. යුරෝපීය රටවල පුංචි ඇමති මණ්ඩලයක් තියෙන්නේත් ඒ නිසා. ඒ රටවල ඇමති මණ්ඩලයෙන් ප්‍රතිපත්ති හදනවා පමණයි. එදිනෙදා වැඩකටයුතු පවත්වාගෙන යන්නට ඇමති මණ්ඩලයක් ඕනෑ නැහැ. ඒත් ලංකාවේ ඇමතිවරයා නැතිව අමාත්‍යාංශයක් දුවන්නේ නැහැ. ව්‍යුහය හැදිලා තියෙන්නේ එහෙම. මම සෞඛ්‍ය ඇමති විදියට අමාත්‍යාංශයේ උඩ තට්ටුවේ ඉඳලා යට තට්ටුවට බැලු‍වේ නැත්නම් අමාත්‍යාංශය දුවන්නේ නැහැ. ඒ නිසා තමයි මම නිතර ලොකු ඇමති මණ්ඩලයක් ලංකාවට අවශ්‍ය වෙනවා කියලා කියන්නේ. මේ වෙද්දී අමාත්‍යාංශ ඇනහිටලා රට හිරවෙලා තියෙනවා. මේ තත්වය ජනාධිපතිවරයාට පෙනෙන්නේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට එදා ජනාධිපතිවරු කරපු දේවල් මේ ව්‍යවස්ථාවෙන් කරන්න බැහැ. ඔහු ලැජ්ජාවට පිළිනොගත්තත් බලතල නැති බව දන්නවා. ඔහු හිතනවා ඇති ජේ.ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාව තවම තියෙනවා කියලා. අද තටු කපලා තියෙන්නේ. පාර්ලිමේන්තුවට බලය දීලා තියෙන්නේ. ඔහු පාර්ලිමේන්තුවටත් අධිකරණයටත් ස්වාධීන කොමිෂන්වලටත් යටත්. මම අහන්නේ එයා අගමැතිව වෙනස් කරන්නේ කොහොමද ඕ.අයි.සී. කෙනෙක්වත් මාරු කරලා යවන්න බැරි නම්.

එසේ නම් ඉදිරියට කරන්නේ මොකක්ද?
දැනට නියමිතව තියෙන්නේ දෙසැම්බර් 05 වැනිදා ඉලෙක්ට්‍රොනික ක්‍රමයට විශ්වාසභංග යෝජනාව නැවත සම්මත කරගැනීම. කොහොම වුණත් ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහට අගමැතිධුරය ලබාදෙන්න කැමති නැති බව කියනවා. ඒත් එතුමාට එහෙම කරන්න බැහැ. මෙතෙක් කල් තිබුණු ව්‍යවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා තේරුවේ ජනාධිපතිවරයා විසින්. 19 වැනි සංශෝධනයෙන් පසුව අග්‍රාමාත්‍යවරයාව තෝරන්නේ පාර්ලිමේන්තුව විසින්. අභියාචනාධිකරණය විසින් දුන්න අතුරු තහනම් නියෝගයේ තියෙනවා රජයේ බලය තියෙන්නේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට බව. මම ඒක ජනාධිපතිතුමාටත් ඇහෙන්න කියෙව්වා. එතුමාට ඕනෑ කෙනෙක්ව පත් කරන්න බලයක් නැති බව මම පෙන්නුවා. එතකොට එතුමා කීවා බැරිම නම් ඉල්ලා අස්වෙන බව. මම කිව්වා එහෙම අවශ්‍ය නැහැ කියලා. අපි කියන්නේ නැහැ ඉල්ලා අස්වෙන්න කියලා. ඉල්ලා අස්වෙනවා නම් ඒක එතුමාගේ ප්‍රශ්නයක්. එතුමා ඉල්ලා අස්වුණොත් මේක ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, ඇමතිවරුනුත් නැති රටක් බවට පත්වෙනවා. ඉන්පසුව කථානායකවරයාට තාවකාලිකව ජනාධිපතිධුරයේ වැඩකටයුතු ආවරණය කරන්න සිදුවේවි.

ජනාධිපතිවරයාට ඇහුම්කන් දීලා, රනිල් වික්‍රමසිංහ වෙනුවට වෙනත් පුද්ගලයෙකු අගමැතිවරයා ලෙස යෝජනා කරන්න බලාපොරොත්තුවක් තියෙනවාද?
මම ජනාධිපතිතුමාට කිව්වා මෙතැන තියෙන්නෙ ප්‍රශ්න දෙකක්. ව්‍යවස්ථා අර්බුදය අවසාන කිරීම තමයි පළවැනි ප්‍රශ්නය. අගමැති ධුරයට රනිල් වික්‍රමසිංහ සුදුසුද නැද්ද කියන කාරණයත්, නව අගමැති අපේක්ෂකයෙක් අවශ්‍යද කියන ප්‍රශ්නයත් දෙවැනි ප්‍රශ්නයක්. පළවැනි දේ තමයි ව්‍යවස්ථා අර්බුදය නිවැරදි කිරීම. අර්බුදයට කලින් තිබුණු තැනට යන්න ඕනෑ. අපව නීත්‍යනුකූලව තනතුරුවලින් ඉවත් කළේ නැහැ. ඉතින් ඒ කැබිනට් මණ්ඩලයට නැවත ක්‍රියාත්මක වෙන්න දෙන්න ඕනෑ. ඉවත්වුණ ශ්‍රීලනිප ඇමතිවරුන් නැවත එනවා නම් ඔවුන්ට ඇමතිධුර ලබාදීම හෝ නොදීම ගැන බලන්න පුළුවන්. නැත්නම් එජාපෙ අයව පත් කරලා, හිටපු තත්වය යළි ඇති කරන්න ඕනෑ. මම කියන්නේ රනිල් වික්‍රමසිංහ කියලා පුද්ගලයෙක් ගැන නෙවෙයි. අර්බුදය ඇතිවෙද්දී හිටපු අගමැතිවරයාට තනතුර දිය යුතුයි. ඒත් ජනාධිපතිතුමා තවමත් මේ ප්‍රශ්න මිශ්‍ර කරගෙන ඉන්නවා.

කෙසේ වෙතත් අර්බුදය අවසානයක් කරා යමින් තිබෙනවා නේද?
අවසාන වෙන්නේ පක්ෂයක් විදියට අපටත්, රටේ ජනතාවටත් වාසිදායක විදියට. ඔවුන් බලයේ ඉන්නවා නම් ඒ ඉන්න හැම දවසක් ගානෙම අවාසිය ඔවුන්ටමයි. මහින්ද රාජපක්ෂ ගැන දන්න අය දන්නවා කූඩැල්ලෙක් වගේ මේකෙ එල්ලිලා ඉන්නෙ තමන්ගේ සහ පවුලේ අයගේ නඩුවලින් ගැලවෙන්නට බව. මහින්ද කවුද කියන එක ලංකාවට නිරාවරණය වුණා. එජාපෙටත් තිබුණා නොයෙකුත් චෝදනා. අභ්‍යන්තර විරසක තිබුණා. දැන් ඒවා බොහොමයක් තුරන් වෙලා. අඩුපාඩු තිබුණත් අපි සාපේක්ෂව හොඳ බව ජනතාව හඳුනාගත්තා.


ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රමුඛ අධිකරණය විසින්, තම ආයතනය ශ්‍රේෂ්ඨ බව ඔප්පු කරලා තියෙනවා නේද?
අද මහින්ද රාජපක්ෂලා බලයේ ඉන්නට හැකි සියලු‍ම දේවල් කරනවා. ඒත් අධිකරණයේ මැදිහත්වීම නිසා ඔවුන් කරපු ව්‍යවස්ථා විරෝධී වැඩපිළිවෙළ ලෝකයටම නිරාවරණය වෙලා තියෙනවා. අපි සතුටුවෙනවා අධිකරණය ස්වාධීන වීම ගැන. එදා තිබුණු තත්ත්වය එක්ක විනිශ්චයකාරවරුන් බිය වෙන්න ඉඩ තිබුණා. සම්පූර්ණ අමාත්‍ය මණ්ඩලයක් ප්‍රමුඛ ආණ්ඩුවක්ම තහනම් කිරීම ලංකාවේ අධිකරණ ඉතිහාසයේ දැවැන්තම තීන්දුවක්. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පුරවැසියන් එවැනි තීන්දුවක් ලැබීම ගැන සතුටු වෙනවා. ඔවුන්ට වැඩක් නැහැ දේශපාලන ප්‍රශ්න මොනවාද කියන එක. ඔවුන් ව්‍යවස්ථාව රකිනවා.


එක්සත් ජාතික පෙරමුණ මේ මොහොතේ කරන්නේ මොනවාද?
අපි දේශපාලනිකව ඉතාම පුළුල් සංවිධානයක් හදනවා. වෙනම පාටකින්, ලකුණකින් හා නමකින් තමයි මැතිවරණයට එන්නේ. සියලු‍දෙනාටම දොරවල් විවෘත කරනවා. මේ වෙද්දීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ විශාල කොටසක් අපට එකතුවෙන බව සහතික වෙලා තියෙනවා. දැන් අපි ඔවුන්ටත් දොරවල් විවෘත කරලා තියෙනවා. කොහොම වුණත් බොහෝ අයට කොළපාට හා යූඇන්පී ලකුණ වටා එක්වෙන්න බැරිකමක් තියෙනවා. ඒ නිසා අපි සියලුදෙනාට එක්විය හැකි සන්ධානයක් හදන්නේ. ඒ වෙනුවෙන් අපි හදනවා නායකත්ව මණ්ඩලයක්. ඒකේ සභාපතිත්වය එජාපයට ලැබෙන්න ඉඩ තියෙනවා. මොකද බහුතරයක් ඔවුන්ට ඉන්න නිසා. ඒත් තීන්දු ගනිද්දී සියලු‍ම නායකයන්ගේ අදහස් විමසනවා.

ඔබත් තවම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙ ක් නො වෙන නිසා, ශ්‍රීලනිපයෙන් එන කණ්ඩායමට ඔබ නායකත් වය දෙන වාද?
මමත් තවම එජාප සාමාජිකයෙක් නෙවෙයි. කෙසේ වෙතත් ශ්‍රීලනිපයෙන් එන කණ්ඩායමට අපි කියලා තියෙන්නේ ඔවුන්ගේ නායකයෙක් යටතේ එන්න කියලායි. ස්වාධීන කණ්ඩායමක් විදියට. එතකොට ඔවුන්ටත් සාධාරණ නියෝජනයක් ලැබෙනවා.

මේ වෙද්දී පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍ය බව ඇතැම් අය කියන නිසා, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයෙන් මැතිවරණයකට යෑමට බලාපොරොත්තු වෙනවාද?
ඒක කරන්න පුළුවන්. ඒත් ඒක තීන්දු කරන්නේ මේ කුමන්ත්‍රණය අවසාන කිරිමෙන් පස්සේ. ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඉක්මන් මැතිවරණයක්ද, නැතිනම් ආර්ථික අර්බුදයෙන් රට ගොඩ අරගෙන සහන දීමෙන් පස්සේ එන මැතිවරණයක්ද කියලා අපට සාකච්ඡා කළ හැකියි.

දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පෙරමුණට පාර්ලි මේන්තුවේ බහුතරය පවත්වාගෙන යෑම සඳහා සහයෙ ා්ගය දෙන්නේ කුමන පදනමෙන්ද?
එයාලා අපි එක්ක එකඟ වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන කරුණේදීයි. ඔවුන්ටත් අවශ්‍ය වෙලා තියෙන්නේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම. ඔවුන් අප සමඟ මිත්‍රයන් වශයෙන් ක්‍රියා කරනවා. ඔවුන් කීවේ බලවේගයක් විදියට මේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවලියට එරෙහිව දැඩිව හා එක්සත්ව කටයුතු කරන බව. මේක හොඳ තත්ත්වයක්. දකුණේත් උතුරේත් දේශපාලන පක්ෂ එකට කතාබහ කිරීම හොඳ තත්ත්වයක්. ඒක නව දේශපාලනයක්. මගේ බලාපොරොත්තුව තමයි අනාගතයේදී ඔවුන්ගේ මූලික දේශපාලන ප්‍රශ්න විසඳීමත්, ඉන් පස්සේ ඔවුන් හා අපි එකට ඉඳගෙන කරන පාලනයක් ඇති වීමත් ඉතාම යහපත් කාරණයක් බව.

දෙමළ ජාතික සන්ධානය ඉතා අන්තවාදී පක්ෂයක්යැයි එක් කලෙක දකුණේ ජනතාව අතර විශ්වාසයක් තිබුණා. එහෙත් ගෙවුණු වසර තුනේදී ඔවුන් ජාතික දේශපාලනයේ වැදගත් හා ගෞරවනීය කාර්යභාරයක් ඉටු කිරීමෙන් දකුණේ ජනතා වගේත් විශ්වාසය දිනාගත් බව පෙනෙනවා. එහෙත් එක්සත් ජාතික පෙරමුණ දෙමළ ජාතික සන්ධානයේ විශ්වාසය කඩ කළහොත්, ඔවුන්ට උතුරේ ජනතාවට මුහුණදෙන්න බැරි තත්ත්වයක් උදාවේවි නේද?
ඔව්. එහෙම වුණොත් ඒක සම්පූර්ණයෙන් වැරදි පූර්වාදර්ශයක් වේවි. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනෑ ඔවුන් එකට තබාගෙන කටයුතු කරන්න. ඔවුන් සමග බලය බෙදාගෙන, එක රටක් විදියට කටයුතු කරන්න ඕනෑ බව මම හිතනවා. ඔවුන් සතුව හොඳ බුද්ධිමතුන් ඉන්නවා. ඒ බුද්ධියත් රටේ සංවර්ධනයට පාවිච්චි කරනවා.

මේ අවස්ථාවේ ව්‍යාජ මධ්‍යස්ථභාවයක් නොපෙන්වමින් ඉදිරියට පැමිණ කතාකළ සිවිල් සංවිධාන, ජ.වි.පෙ, මුස්ලිම් පක්ෂ ඇතුළු සියලු‍ම කණ්ඩායම්වල විශ්වාසය රැකීම එක්සත් ජාතික පෙරමුණේ වගකීමක් නේද?
ඒ නිසයි අපි පොදු සන්ධානයක් හදන්නේ. අපි ඉටු කළ යුතු වගකීම් බොහොමයක් තියෙනවා. රටේ යහපත සඳහා සියලු‍ අය එකතු කරලා හදන ආණ්ඩුවක් පිළිබඳවයි. අපි ප්‍රාර්ථනා කරන්නේ. පැවති ආණ්ඩුවේ අඩුපාඩු මකාගෙන යහපාලනයක් වෙනුවෙන් ගෙනා ඉතා හොඳ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයෑමයි බලාපොරොත්තුව.

ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඉදිරියට යනවාද?
ඉදිරියේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ, සංහිඳියාවක් ගොඩනැඟෙන ආකාරයට බලය බෙදූ ඒකීය රටක් නිර්මාණය කිරීම සඳහා පසුබිම තියෙන ව්‍යවස්ථාවක් එන්න ඕනෑ. මගේ බලාපොරොත්තුව නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනෑ බව. නාමික ජනාධිපතිවරයෙක් සිටියාට කමක් නැහැ. ඒත් එයාව පත් කරන්නට මේ තරම් විශාල මුදලක් වියදම් කරලා මැතිවරණ පවත්වන්න ඕනෑ නැහැ. ඉන්දියාවේ වගේ පාර්ලිමේන්තුව හරහා පත් කරන්න පුළුවන්. ජනාධිපතිවරු පත්කරලා විඳපු දුක ඇති. එදා ජේ.ආර්. සිට මහින්ද දක්වා පාවිච්චි කළේ තිබුණ බලතල. මේ ජනාධිපතිවරයා එතැනින් එහාට ගිහින්. නැති බලතලත් පාවිච්චි කරලා. දැන් එදා කොල්වින් ආර්. ද සිල්වා කිව්වා වගේ මානසික රෝගි යෙක් මේ තනතුරට ආවොත් කුමක් වේවිද කියලා. එහෙම කෙනෙක් නැතිවත් මෙහෙම වෙනවා නම්. මේක අවසන් කරන්න ඕනෑ. එදා රතන හිමි ඇතුළු පිරිසක්නේ අකැමති වුණේ. නැත්නම් මේක කරන්න තිබුණා. මම කියන්නේ මොන අර්බුද ආවත් මේ තනතුර ඉවත් කරන්න ඕනෑ. මේ තරම් අති බලගතු තනතුරු ඕනෑ නැහැ රටක් හදන්න. මානව දයාවක් තියෙන නායකයන් පමණයි අවශ්‍ය.

එහෙත් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේ ක්ෂක යා කවුදැයි සාකච්ඡාවකුත් යනවා නේද?
ජනාධිපති ක්‍රමය තිබුණොත් ජනාධිපතිවරණයට තරග කරන එක ගැන හිතා බලන්න පුළුවන්. ව්‍යවස්ථා අර්බුදයෙන් පස්සේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ සංවාදයට අපි එනවා. මම නම් කැමතියි ලබන අවුරුද්දේ වුණත් ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම්. කොහොම වුණත් අපි තරග කළොත් පරදින්න තරග කරන්නේ නැහැ. ජනතාව දිනාගත හැකි පුද්ගලයාව තමයි ඉදිරිපත් කරන්නෙ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට එරෙහිව දෙ ා්ෂාභි යෙ ා්ග යක් ගැනත් කතාවෙනවා නේද?
මේ විදියට දඩබ්බර වුණොත් ඉවර වෙන්නෙ දෝෂාභියෝගයකින්. අවසානයේදී දෝෂාභියෝගයක් ගේන්න වෙනවා. රිෂාද් බදියුදීන් ඇමතිතුමා පැහැදිලිවම පෙන්නුවා ව්‍යවස්ථාව කැඩීම සම්බන්ධයෙන් හිරේ දාන්න පුළුවන් කියලා. එතකොට ජනාධිපතිතුමා ඇහුවා මාව හිරේ දාන්න තර්ජනය කරනවාද කියලා. එතකොට රිෂාද් ඇමතිතුමා කිව්වා, තමන් කියන්නේ තමන්ගේ නීතිඥවරු පෙන්වපු දෙයක් කියලා.

දෝෂාභියෝගයක් ආවොත් මහින්ද පිළත් සහයෝගය දෙන්න ඉඩ තියෙනවා නේද?
සමහරවෙලාවට ඒකත් සිද්ධවෙයි.

ව්‍යවස්ථාවේ ඇති වගන්ති වෙනුවට, රට ගලවාගන්නට මැතිවරණයක් දෙන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලමි න්, රාජපක්ෂ පිළ විසින් රට ඇතුළේ දැවැන්ත ව්‍යපාරයක් ගෙනයනවා..
මුලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයේදීත් මහින්ද රාජපක්ෂ පාර්ශ්වයෙන් පෙන්වන්න උත්සාහ කළා තහනම් නියෝගයක් දුන්නොත් රට විශාල අර්බුදයකට යාවි කියලා. එතකොට විනිශ්චයකාරවරු කිව්වා දේශපාලන කාරණා මෙතැන කතාකරන්න එපා කියලා. මෙතැන බලන්නේ නීතිමය කාරණයක් බව ඔවුන් කීවා. ඔවුන්ට මැතිවරණයක් පැවැත්වීම වැඩක් නැහැ. ඇත්තටම මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් උද්ගත වෙලා නැහැනේ. ජනාධිපතිවරයා කළ දේ ව්‍යවස්ථානුකූලද නැද්ද කියන ප්‍රශ්නය තියෙන්නේ. ඒක මැතිවරණයක් පිළිබඳ කාරණයක් නෙවෙයි.

මේ අර්බුදයේදී මාධ්‍ය කටයුතු කළ ආකාරය ගැන ඔබේ අදහස මොකක්ද?
ඉතාම කැතයි. මේ රටේ නියම නිදහස් මාධ්‍යයක් වෙනුවෙන් වරප්‍රසාද දුන්නාට වැඩක් නැහැ. එහෙම නිදහස් මාධ්‍යයක් හැදෙන්නේ නැහැ. හරි නම් මාධ්‍ය විසින්මයි නිදහස ඉල්ලලා ගන්න ඕනෑ. ඒත් මාධ්‍ය පෙනී සිටින්නේ වහල් ක්‍රමයක් වෙනුවෙන්. තමුන්නාන්සේලාගේ පුවත්පත වගේ මාධ්‍යයක් දෙකක් හැරුණුකොට කිසිම මාධ්‍යයක් නිදහස් විදියට කටයුතු කළේ නැහැ. මාධ්‍යවේදීන්ට ආණ්ඩුවලින් නිදහස තිබුණාට කළු ව්‍යාපාරිකයන්ගෙන් නිදහස් වෙලා නැහැ. මාධ්‍යයට ඉතා කුරිරු අන්දමින් ජන මනස වෙනස් කරන්න පුළු0වන්. ඒක කරන්න දෙන්න බැහැ. මාධ්‍යවලට රටක් ගෙනියන්න දෙන්න බැහැ. මාධ්‍ය තිබිය යුත්තේ රටක යහපතට. ඒත් මාධ්‍ය අද වැඩ කරන්නේ මාධ්‍ය ආයතනයේ මුදලාලිගේ වුවමනාවට. අපට අවශ්‍ය නැහැ මාධ්‍ය මුදලාලිලාට නිදහස දෙන්න. අපට ඕනෑ මාධ්‍යවේදීන්ට නිදහස දෙන්න.■