No menu items!
29.1 C
Sri Lanka
12 May,2025
Home Blog Page 403

ළමා නිවාසවල දරුවන් පාසලකට කැළලක්ද?

0

ගුරුවරයා කියූ පමණින් මාගේ මතකයට පළමුවෙන්ම එන්නේ අප සාහිත්‍යයේ අඳුනගත් පරිදි දිසාපාමොක් ආචාර්යවරයායි.
මාගේ පියාද රඟ පෑ මනමේ නාටකයේ දිසාපාමොක්ගේ චරිතය මගේ මතකයේ තදින්ම රැුඳී ඇති චරිතයකි. ඇතැම් විට එයට හේතුව මගේ මවගේ (සෝමලතා සුබසිංහ* පරම්පරාවේ බොහෝ දෙනෙකු ගුරු භවතුන් වීම විය යුතුයි. මගේ ආච්චි සහ සීයා ගුරුවරු වූහ. ඔවුන් තම නිවස අහළ පහළ සිටින කොල්ලො කුරුට්ටන් සියල්ලන්ම බලහත්කාරයෙන් ගෙදරට ගෙන්වා කොස් දෙල් හැලි ගණන් තම්බා කන්න දෙමින්, කිසිදු ආකාරයක ලාභාපේක්ෂාවකින් තොරව ඔවුන්ට අධ්‍යාපනය ලබා දුන්හ. පසුකලෙක ඔවුන් බොහෝ දෙනෙක් පුහුණු ගුරුවරු බවට පත්වූහ.


වැඩිහිටියන් වූ පසුව ඔවුන් මගේ සීයාගේ නිවසට පැමිණ ආච්චි සහ සීයාට කෘතඥතාපූර්වක බව දැක්වූයේ තම දරුවන් ලවා ඔවුන්ට බුලත් දී වැන්දවීමෙනි. මම කුඩා කාලයේ මෙය නිතර දෙවේලේ අත්දුටුවෙමි. මාගේ මවත් එම මාර්ගයේම ගිය ගුරු මෑණියක් වූවාය. ඇයද නාට්‍ය හා රංග කලාව ඉගෙනීමේ ආසාවෙන් පැමිණි දරුවන්ට කිසිදු තරාතිරමක් නොසලකා උසස් අධ්‍යාපනයේද යෙදීමට පොළඹවමින් ඒ සඳහා අවශ්‍ය ධෛර්යය හා ගුරුහරුකම් ලබා දුන්නාය. ඇතැම් අයට ඒ වෙනුවෙන් අවශ්‍ය කරන සම්පත් ද සපයා දුන්නේ කිසිදු ආකාරයක ලාභාපේක්ෂාවකින් තොරවය.


ඇගේ ශිෂ්‍යයන් අතර රත්මලානේ ගොළුබිහිරි විද්‍යාලයේ සිසුවෙක්ද විය. ඇය දරු දැරියන්ට තම කාලය, විෂය දැනුම, ඉතාම පරාර්ථකාමී ලෙස ලබා දුන්නාය. එහෙත් ඇය හතර පෝයට පන්සල් ගියේ නැත. සිල් සමාදන් වූයේ නැත. වන්දනාවේ ගියේ නැත.


ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධයන්ට අයත් රටක් යැයි විශ්වාස කිරීමට දැන් දැන් අපි බොහෝ කැමැත්තෙමු. ශ‍්‍රී ලාංකික ආණ්ඩුව ද බෞද්ධාගම සුරැුකීමට ඇප කැප වී සිටියි. ලංකාවේ රජයට අයිති පාසල් සියල්ලම පාහේ බෞද්ධාගමට මුල් තැනක් දෙයි. පාසල ආරම්භ වන්නේ පන්සිල් සමාදන් වීමෙනි. නිරන්තරයෙන් බෞද්ධ උත්සව, චාරිත‍්‍ර වාරිත‍්‍ර පාසල තුළ සංවිධානය වන්නේ අපි බෞද්ධ යන බව විදහා පෑමේ ලක්ෂණයක් වශයෙනි. බුදුරජාණන් වහන්සේ ශාස්තෘවරයෙකු මෙන්ම ගුරුවරයෙකි. ඔහු කුල මල භේදයකින් තොරව තෝරාගැනීමකින් තොරව, ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව තම ධර්මය පෘතග්ජනයාට උගැන්වීය. එවැනි උදාර ශාස්තෘවරයෙකුගේ දහම අප රටේ බහුතරයකගේ ආගමයි.


ජූලි 23 වෙනිදා ප‍්‍රධාන පෙළේ පුවත් පත් දෙකක පළවූ එක් ප‍්‍රවෘත්තියකින් මගේ සිත කීරි ගැසී ගියේය.


සියලූම රජයේ පාසල්, අවට ඇති රජයේ ලියාපදිංචි වී ඇති ළමා නිවාසවල දරුවන් එම පාසලට ඇතුල් කරගත යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උපදෙස් ඇත.


එක්තරා ජනප‍්‍රිය පාසලක විදුහල්පතිනියක මෙය ප‍්‍රතික්ෂේප කොට ඇත. හේතුව ලෙස ඇය දක්වා ඇත්තේ ළමා නිවාසයක දරුවන් සිටීම තමාගේ සහ තම පාසලේ කීර්තිනාමයට කැළලක් බවයි. එය කියවූ විට මේ අප ජීවත් වන්නේ කුමන යුගයකදැයි මට සිතා ගත නොහැකි විය.


කිසිදු ආකාරයක වෙනස්කොට සැලකීමකින් තොරව අධ්‍යාපනය ලැබීමේ අයිතියක් රටේ උපදින සෑම දරුවෙකුටම ඇත. සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලබා දීමට රජය බැඳී සිටියි. මේ කියන විදුහල්පතිනියගේ ආකල්පය අනුව පාසල් ඇත්තේ දරුවන්ට ඉගැන්වීමට වඩා සමාජ තත්ත්වයක් ආරක්ෂා කිරීමට යැයි ඇය සිතා සිටිනවා විය යුතුය.


ඇගේ ප‍්‍රකාශය වනාහි දරුවන්ගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය කිරීමකි. එක් දරුවන් කණ්ඩායමකට වෙනස් ආකාරයක සැලකීමක් දැක්වීමකි. සාමාන්‍යයෙන් විදුහල්පතිවරයෙකු වන්නේ යම් කාලයක් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ කාර්යයන් කොට ඉහළ තත්ත්වයකට පිවිසීමක් වශයෙනි. එවැනි අත්දැකීම් බහුල වෘත්තිකයෙකු විසින් මෙවැනි ප‍්‍රකාශ සිදු කිරීමෙන් හෙළිදරවු වෙන්නේ, ඇයට ගුරුවරයෙකුගේ භූමිකාව හෝ සාමජ වගකීම ගැන අල්පමාත‍්‍රයක හැඟීමක් නැති බව නොවේද?


බුදුන් වදාළ සිඟාලෝවාද සූත‍්‍රයට අනුව ගුරුවරයා විසින් දරුවන් වෙත ඉටු කළ යුතු යුතුකම් පහක් ඇත.


x සිසුවා මැනැවින් හික්වීම
x මැනවින් ඉගැන්වීම
x සියලූ ශිල්ප ඉගැන්වීම
x යහළු මිත‍්‍රාදීන්ට හදුන්වා දීම
x සිසුන්ට රැුකවරණය සැලසීම


අප සමාජයක් වශයෙන් කොතරම් ආපස්සට ගොස් ඇත්ද? අවුරුදු දෙදහස් පන්සීයකටත් වඩා ඈතකදී බුදු රජාණන් වහන්සේ විසින් පළ කළ එම දියුණු අදහස්, දැන් දියුණු යැයි කියාගන්නා සමාජය තුළ, උගතුන් යැයි කියා ගන්නා අය විසින් පවා නිශේධනය කරන බව මෙයින් පැහැදිලිවම පෙනෙයි. මෙයින් පැහැදිලි වන්නේ අප රටේ බුදුන් දෙසූ සැබෑ දහම වියැකී ගොස් බොහෝ කල් බවයි. ඉතිරි වී ඇත්තේ හුදෙක් ආයතනගත ක‍්‍රියා පටිපාටියක් පමණි.


ජාතිවාදය ඔඩු දුවමින් පවතින අද දවසේ, ළමා නිවාසයක දරුවන් නොඉවසන පාසලකට අන් ජාතියකට අයත් දරුවන් ඉවසීමට තව බොහෝ කාලයක් යනවා ඇත. අවාසනාව නම් බොහෝ විට මෙවැනි පටු අදහස් සහිතව කටයුතු කරන්නේ කරන්නේ බෞද්ධ යැයි කියාගන්නා පාසල් පද්ධතිය වීමයි. x

x කෞශල්‍යා ප‍්‍රනාන්දු

දිරිය විදින සිරිංජ කවි

0


මහා කවියන්ගේ පන්හිඳ සේ ම ජනතා කවියන්ගේ පැන්සල් කොටය ද නොයෙක් අවස්ථාවල තෙලිතුඩක්, අසිපතක් හෝ සිරිංජයක් බවට සාහිත්යික වශයෙන් රූපාන්තරණය වීමට සමත් ය. මා එසේ කියන්නේ මන්ද යත්: ඇතැම් කවි සෞන්දර්යයේ විශ්ව කර්ම තෙලිතුඩින් කළ මනෝහර සිතුවම් සේ අලංකාර චිත්ත රූපයන්ගෙන් මනැස් කුටි පුරවයි; තවත් ඇතැම් කවි අයුක්තියත්, අයහපතත් පිටු දකින මුවහත් කගපත් සේ සමාජ සටනේ දුබල පස ගෙන ළෙලෙයි, බබළයි. එසේ ම ගිලන් වූ සිත්සතන් සහ අඩපණ වූ මානව ජවය පුබුදුවා, ධෛර්යයේ ජීවය එන්නත් කරන අමෘත ඔසු බිඳු වන් කවි ද විටෙක අප නෙත් පිය විහිදුවාලයි; එහෙයිනි.


ජීවිතය සැප සම්පත සහ සුව පහසුව පමණක් ඇති මනඃකල්පිත ස්වර්ගයක් නොවේ. වරින් වර මඳ පවන් – සිහිල් පැන් පුදා, සුව නින්ද පළඳවන ඉසිඹු අම්බලම් හමු වන බව සැබෑ ය. එහෙත් එය ගල් බොරලූ බිම පා ගටා යා යුතු දුරු මග ගමනකි. ශෝකය සහ වේදනාව වළාකුළු සේ ඒ මග ඉහළින් නැගී සිටී. බලවතා කියා හෝ ඉසුරුමතා කියා මෙහි වෙනසක් නැති. ‘රන් තැටිවල පවා කඳුළු ගෑවෙන බව’ දයාසේන ගුණසිංහ කවියා කීවේ එබැවිනි.


දුබලව වැටෙන හදක ජීවිතාශාව පුරවනු වස්, පීඩාවෙහි අන්තයට පැමිණ ග‍්‍රහණය අත් හරින්නට හදන අතක දිරි වෙර රඳවනු වස්, වස්තු සිහින රිදුම් විඳින සිතක අපිස් දිවියේ සැනසුම් හුස්ම ගවසනු වස්, කවියක් ලියන්නෙකු සිය මනුෂ්‍යත්වයෙහි වගකීම ඉෂ්ට කළ අයෙකි. ජීවිතයෙහි අරමුණ කුමන මාවතක යොමු විය යුතු ද? දෛවයේ අන්ත අවසාන විස බිංදුව වෑස්සෙන තුරු ම ජීවිතයේ කුදුමහත් දුක් රළ අතර නොගිලී පිහිනමින් සිටිය යුත්තේ ඇයි?

මානව සංහතිය ඉදිරියේ ඇති මේ සදාතනික පොදු ප‍්‍රශ්නවලට නිවැරදි පිළිතුරු සකස් කරන කලෙක ඉහත කී ආකාරයේ කවිවල ඇති පුංචි දිලිසෙන අකුරු අත්‍යවශ්‍ය වනු නිසැක ය.


රඩියාඞ් කිප්ලිං කවියාගේ ෂෙ නම් ලෝක ප‍්‍රකට කවිය මේ වෙලාවේ මට මතක් වේ. මා එහි කොටස් උපුටා දැක්විය යුතු නැත. සැවොම එය දනිති. ඔව් සැබෑ මිනිසෙකු වීමට නම් අප සතු සියල්ල කැඞී බිඳී වැනසී ගිය කලෙක වුව අළු මතින් නැගී පියඹා ගිය ෆීනික්ස් පක්ෂියා සේ නැගී සිටිය යුතු බව අපි දනිමු.
වේල්සයේ උපන් ඩිලන් තෝමස් නම් කවියා ජීවත් වූයේ වසර 39ක් පමණි. ඔහු මරණයට මුහුණ දුන්නේ මරණයට එරෙහිව යමෙකු ලියූ විශිෂ්ටතම කවිය ලියමිනි. ෘද බදඑ ටද ටැබඑකැ සබඑද එය්එ ටදදා බසටයඑ නම් ඒ කවියෙහි ඔහු මෙසේ ලියයි.


ඒ සුබ රාත‍්‍රිය තුළට නොයන් මෘදු ලෙස මහලූ විය පිච්චී ගිගිරිය යුතු ය දිනය අවසන පොර බදන් පොර බදන් වියැකෙන එළියට එරෙහිව..


ලංකාවේ යෞවනත්වය, ආර්ථිකය සහ සමාජ ජීවිතය සමග බැඳුණු ජීවන අභියෝග ජය ගනු පිණිස සිංහල කවියෙන් ලැබී ඇති උත්තේජනයන් ද මෙහිදී සිහිපත් කළ මනා ය. මේ පද මා මීට පෙර ද උපුටා දක්වා ඇතුවා විය හැකි ය. ඉන් කම් කිම් ද? සිය දහස් වර කියවූව ද අප‍්‍රිය නොවන්නේ ම ය.


”ගිම්හානයේ ගිලන් වී කෘෂව සුදුමැලිව ඇදි ඇදී ඉකි ගැසූ ගඟ නැවත පිරිපුන් ය දුෂ්කරය කියා හැර යා යුතු ද ජීවිතය කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස” (වස්සානය, රත්න ශ‍්‍රී විජේසිංහ*


”ඉගිල්ලෙන්ට ම ඕනෑ ද තටු ලබා දුන් පමණට කොට කොට පොළොව ලද ලද දෙයක් වින්දොත් මදි ද එක් වරක් මෙහි විත් බලන්නැයි මහ අහස කීවාට මට ඇති පොළොව පස් යට පනුවන් සමග” ( කණිකා, ආරියවංශ රණවීර*


‘නොවැලපෙමි ඔබ යන්න – වැලප ඇති පල කිම් ද ඔබේ නම අදින් පසු තවත් මට අයිති නෑ ඔබ නැත ද ජීවිතේ, නසා ගත නොහැක මට ඔබ යන්න ජීවිතේ සොයාගෙන සොයාගෙන’ (පොඩි මල්ලියෙ, පරාක‍්‍රම කොඩිතුවක්කු*


මේ ලිපිය ගඟක් සේ අපහසුවකින් තොරව ගලා යනු මට දැනෙයි. ඊට හේතුව වනුයේ අහම්බෙන් වුව තෝරා ගත් මුහුදක් බඳු තේමාව මිස අන් කවරක් ද? මේ ගඟට උල්පත වූයේ විලියම් අර්නස්ට් හෙන්ලි කවියා විසින් 1875දී ලියූ ෂබඩසජඑමි (නොපැරදීම* නම් කවියයි.


කුඩා කල ඇති වන අස්ථි රෝගයක් නිසා හෙන්ලිගේ පාදයක් ඉවත් කරන්නට සිදු වෙයි. ශල්‍යකර්ම සමග ගෙවුණු අතිදුෂ්කර කාල සමයක් ඔහු ගෙවූයේ මරණයට ඉතා ආසන්නයෙනි. එහෙත් ඔහු ධෛර්යයෙන් හා අසම්මත තීරණ ගනිමින් මරණය සහ දෛවය පරාජය කරන්නට සමත් වන්නේ මනුෂ්‍යයා සතු අප‍්‍රමාණ චිත්ත ධෛර්යය සහ දරා ගැනීමේ හැකියාව තමා විසින් ම පසක් කර ගනිමිනි. ඒ අත්දැකීම් ඇසුරේ ඔහු ලියන මේ ලෝක ප‍්‍රකට කවිය මහා පීඩාවන්ගෙන් බැට කෑ සුවහසක් ජීවිතවලට ඉතිහාසය පුරා අසිරිමත් චිත්ත ශක්තියක් විය. මේ කවියෙන් උත්තේජනය ලැබ ලියවුණු නවකතා, ලිපි සහ තවත් කවි රාශියකි. අන් කිසිවක් නොකියමි. මා ෂබඩසජඑමි කවිය සිංහලට නගන්නට දැරූ උත්සාහය ඔබට දැන් පිරික්සිය හැකි ය.


පියෙන් පියට කළුවන් කළු ගුලක් වැනී රැුයෙන් මා වැසූ – රිංගා පිටට එමී නොපසුබසින ජීවය මට හිමිව ඇතී දුන්නු කවර දෙවි හට මුත් පුදමි තුතී
වැටෙත, බදා අල්වාගත් මෙහොතෙහිදී බියෙන් නොසැලූනෙමි – අඬ ගා නොහැඬුවෙමී දෛව මුගුරු මිටි යට හිඳ නිබඳ මැඬී ලෙයින් වැසුණු මුත් හිස නොවැටුණි ය නැමී
කෝප – කඳුළු පිරි මෙතැනින් එපිට ඇතී දුරින් පෙනෙන බියකරු හෙවනලූ පැළලී – වස් ගණනක පෙළුමෙන් පසුව ද නොබිඳී පෙනිය යුතු ය, නොබියව මා සිටින හැටී
පැමිණුව ද මොන දඬුවම් වධ බැඳිලී පටු වෙ ද දොර කොතරම් – හා කමක් නැතී මදෛවයට අණ දෙන ස්වාමියා වෙමී මගේ ආත්මයෙ නයුවා මම ම වෙමී

ලක්ෂාන්ත අතුකෝරල

භීෂණ කාලේ ආලේ

0


ආලයක් නැති කාලයක් අපට විය. එය භීෂණ කාලේ විය. ඕලෙවල් විභාගය ලියා එළියට ආවේ ලංකාවේ ජාතික ප‍්‍රශ්නයට විසඳුම කුමක්ද සොයාගෙනය. ඒ 1983 ජූලි 25 දාය. රාවතාවත්තේ දෙමළ ජාතිකයන්ට අයත් කෙසෙල් කැන් කඩය කඩමින් සිටියේ අප විදුහලේ සිසුන්ය. වාර්ගික සංහාරය ඇරඹී තිබිණ. ඉනික්බිති ජවිපෙ තහනම, විජය, සරත්, වාසු, බාහු ඇතුළු කණ්ඩායම් සැඟවී සිටීම, භාරවීම, 1984 ජනවාරි මහජන පක්ෂය නමින් විජය නව පක්ෂයක් බිහිකිරීම, වම සමගිවීම, වම හා ශ‍්‍රීලනිප ධ‍්‍රැවීකරණය වීම, කොපය හා ලසසපය දෝලනය වීම හා වමේ පොදු බලවේග සමග සන්ධානගතව සිටීම හා පරතසාරති පැමිණීම, තිම්පු සාකච්ඡුා, 84 වටමේස සාකච්ඡුා හා 86 පිළිගත් දේශපාලන පක්ෂ සම්මේලනය ආදි සියලූ කඩයිම් පැන ඉන්දු-ලංකා ගිවිසුමට පැමිණෙන තෙක්ම භීෂණය අප දැනසිටියේ නැත. 71දී අප කුඩාවුන්ය. එහෙත් 87 වන විට උසස්පෙළ ලියා ආලය කරන්නට සුදුසු වයස එලැඹෙමින් තිබූ කාලයයි. භීෂණය අපට අලූත් අත්දැකීමක් විය. කළ යුත්තේ කුමක්ද කියා හරිහැටි පැහැදිලි නැති, එහෙත් මුහුණ දිය යුතුම සංසිද්ධියක් විය.


පිළිගත් දේශපාලන පක්ෂ සම්මේලනයට සිරිමා ඇතුළු ජාතිකවාදී කණ්ඩායම් සහභාගි නොවුණු අතර, 84 සර්වපාක්ෂික වටමේස සාකච්ඡුාවට විජය-චන්ද්‍රිකා ඇරියුම් නොලැබූහ. 86 පිළිගත් දේශපාලන පක්ෂ සම්මේලනය වඩාත් මතකයට එන්නේ එය පළාත් සභා ක‍්‍රමය ගැන මුල්ම එකඟතාව ඇතිකරගත් සමුළුව වීමත්, එල්ටීටීඊයට හා අනෙක් විමුක්තිකාමී සංවිධානවලට ත‍්‍රස්තවාදී යන නම වෙනුවට සන්නද්ධ සටන්කාමීන් යැයි කොල්වින් කීමත් නිසාය.

රැුස්වීම්වලට යෑම ජීවිතයට වඩාත් ආකර්ෂණීය විය. විජයගේ රැුස්වීම්වලට ලස්සන ගෑල්ලමයින් ආවත් ඒගොල්ලන් එන්නේ, අප සේ සාම්ප‍්‍රදායික වමේ විප්ලවයට ආසාවෙන් නොව, විජය බැලීමටය. රැුස්වීම අවසානයේ ඔවුන් ළඟින්ම විජය නැතහොත් උන්මාදනීය පෙම්වතා දැකගත් නිසා ඇතිවුණු චිත්තානන්දයෙන් යන කල, අප නික්ම යන්නේ අනිද්දා එළැඹෙන වමේ විප්ලවයට සිත’ගින් ජය පතමිනි.


87න් පසු ජවිපෙ විසින් එජාප හා එක්සත් සමාජවාදී පෙරමුණ (එසපෙ* ඉලක්ක කොට සතුරු ආකල්ප වැඩිකරන ලද අතර, 86දී ‘විජය, කොල්වින්, වාසු ඉන්දියන් ගැති පක්කලියෝ’ යනුවෙන් ජවිපෙ පෝස්ටර් ගැසුවේය. අනෙක් අතට උතුරේ යුද වදින හමුදාවට බෝධි පූජා සිදුකළේය. 86 සිට බලය බෙදීමට පක්ෂව එසපෙ, විජය මුල් කරගෙන රට වටා රැුලි පැවැත්වූ අතර, බණ්ඩාරගම, ගල්කිස්ස හා තවත් රැුලි කිහිපයකට බෝම්බ ගසන ලද්දේ අප බලා සිටියදීමය. 86 අගදී දයා පතිරණ, ජවිපෙ සම්බන්ධ කොටස් විසින් මරා දැමුණු අතර, 87 වන විට භීෂණය අපට දැනෙන ගණනට ළංවී තිබුණි.


එක්සත් සමාජවාදී පෙරමුණ අපගේ ආකර්ෂණයට හේතුවුණේ විජය නිසාය. නැත්නම් වම එපාවී තිබුණේ එහිවූ අනේකවිධ පාවාදීම් අසා තිබීම නිසාය. විජය වමට අලූත් තරුණ හා ජවසම්පන්න පිරිසක් එක්කළේය. ස්වාධීන ශිෂ්‍ය සංගමය, කම්කරු පිරිස් හා ඉහළ, පහළ නාගරික හා ගැමි මධ්‍යම පන්තිය ඒ අතර විය. 94 මහජන පක්ෂය පටන්ගෙන පවත්වන ලද මැයි රැුලියේ ඉදිරියෙන්ම ගියේ දිනේෂ් හා ඔහුගේ පක්ෂයයි. ඊළඟට කොමියුනිස්ට් හා සමසමාජ පක්ෂද, අවසානයේ මහජන පක්ෂයේ ජනසන්නිපාතයද විය. වාසු හා බාහු නැට්ටක් සේ එල්ලී සිටියේ ඔවුන් ගැනීමට ලසසපය විරුද්ධවීම නිසාය. 89 එසපෙ, ඔසීගේ මූලිකත්වයෙන් මුල්ම ඡුන්ද රැුස්වීම තිබ්බේ බොරැුල්ලේය. ගෑල්ලමයෙකු සීයා සමග රැුස්වීම බලන්නට පැමිණ තිබිණි. රතු තොප්පියක් දමා සිටි ඇය පැහැපත්වූ අතර රූමත්ය. ඇය අපගේ සමවයසේ සිටි බව පෙනුණු අතර, අපේ කණ්ඩායමේ බොහෝ අයට තිබුණේ, රූමත් විප්ලවීය තරුණියක ගෑල්ලමයා කරගැනීමට හැකි නම් අගනේය යන සිතුවිල්ලයි.


නිකරුණේ මරණයට පත්වූවන් අතර බොහෝ අය වූහ. සරත් ප‍්‍රනාන්දු එක් අයෙක් විය. 1987 දිනක නිතර දෙවේලේ යන මාගේ මිතුරකුගේ නිවසට ගිය විට, සරත් එහි සිටියේය. ඔහුගේ නිල් පැහැති මෝටර් රථය එම නිවසේ මිදුලේ නවතා තිබිණ. ඔහු එහි පැමිණ සිටියේ මිතුරාගේ නිවසේ තබා තම මෝටර් රථය විකුණාගන්නටය. තම නිවසේ තබා එය විකිණීමට එවකට සමාජ වටපිටාව ඔහුට ඉඩදී නොතිබිණ. රථය විකිණූ අතර නොබෝ දිනකින් ඔහු අතුරුදහන් විය. නැවත ඔහු දකින්නට නොලැබිණ. ඔහු කළ එකම වරද හෝ නොකළ දේශපාලනය වුණේ, චිත‍්‍රාංගනී විජේවීරගේ සහෝදරයා වීමය.


භීෂණ කාලේ ආලේ නිෂ්ඵල දෙයකි. ස්වාධීන සිසු නායකයාගේ මළගමට රලිසේස ශාලාවට ගිය අපට ඔහුගේ පෙම්වතියගේ ශෝකාකුල වත කියා පෑවේ එයයි. බොහෝ පෙම්වතියනට තම පෙම්වතා අහිමිවීම ‘භීෂණ කාලේ ආලේ’ විය. තරුණ මව්වරුන් කඳුළු පිරි මුහුණු ඡුායාරූපවලට දෙන්නටත්, ඒවා මැතිවරණ පෝස්ටර් වන්නටත් වුණේ එය යථාර්ථයක්ම වූ නිසාය.


86, මා උසස්පෙළ අවසන් කළ අතර රැුකියාවක්ද කිරීමට පටන්ගත් වසරයි. සංගීත කැසට් විකිණීමේ කුඩා ව්‍යාපාරයක අත්උදව්කරුවකු ලෙසය. ඒ සමයේම ශිෂ්‍ය ක‍්‍රිස්තියානි ව්‍යාපාරය විසින් සමාජ අත්දැකීම් ලබාගැනීමට අපි ස්ථාන දෙකකට යොමුකරන ලදිමු. දින 6කට බුත්තල අළුකළ විට සුබසෙත් ගෙදරද, ඉබ්බාගමුවේ දේවසරණද විය. මේ සියලූ තැන්හිදී අපට ගෑල්ලමයින් හමුවුවද ඇඟෑලූම්කම් ඇතිවුවද, ඒවා සඵල නොවුණේ කාලයද, දේශපාලන හැඟීම්ද, තෝරාගැනීම් නොකිරීමට තරම් වුණු තරුණවියේ පොදු හැඟීම් නිසාද?


බුත්තල ගමනේදී අපට විවිධ පුද්ගලයෝ් හමුවූහ. පසුව ඉන් තුන් දෙනෙකු මරා දමා තිබිණ. ඉන් එකෙකු වූ නිමල්, වැන්දඹුවක විවාහ කරගත් හා ෆර්ස්ට් ඉන් ලෝ (නීති බාහිර විභාගය* සමත්වූ අයෙකි. ජීවත්වීමට ගඩොල් කැපූවෙකි. සුබසෙත් ගෙදරට නිතර ආගිය කෙනෙකි. ඊරාසිරි මහින්ද බාහු බුත්තල ආනපල්ලමේ මහපාරේ සිට කිලෝමීටර් දෙක තුනක් ගියවිට ඉලූක් හා මාන යොදා වහල සෙවිල්ලමින් සිටියදී අපට හමුවිය. පැලවත්ත සීනි සමාගමේ ගොවි කම්කරු නායකයා වූ ඔහු සොඳුරු මිනිසෙකි. එක් දිනක් පමණක් හමුවූ ඔහු වසර 32ක් මගේ මතකයේ සිටියේ, පැලවත්තේ සිදුවන සියලූ දේ, ගොවි සටන, ඉඩම් අහිමිවීම හා කම්කරු සටන් ගැන එම දිනය තුළ, සැතපුම් 20ක පමණ ගමනක් අතරතුර, 19 හැවිරිදි මට කියා දුන් මිනිසා නිසාවටය.

88 අපේ‍්‍රල් මාසයේ, එසපෙ මොනරාගල අපේක්ෂක ලැයිස්තුව කියවූ මට ඔහුගේ නම නෙත ගැටිණ. සතුටක් ඇතිවුණු නමුත් එම සතුට සති තුනකින් පසු දුකකට පෙරළුණේ රාත‍්‍රියේදී නිවසින් එළියට ගෙන වෙඩිතබා මරාදැමුණේ ඔහු නසසප නියෝජනය කරමින් පළාත් සභා ඡුන්දය ඉල්ලීම නිසාය. ඒ, ජවිපෙ විසින් විය හැක. ජවිපෙ, එසපෙ අය මරමින් සිටි කාලයයි ඒ. බිම්බරක් සෙනඟ ගැවසුණ චන්ද්‍ර සූර්යයා ඉපදුණ පුණ්‍යභුමිය වූ වෙල්ලස්සට පැමිණ වෙල්ලස්සේ ගොවීන්ගේ ඉඩම් අයිතිය ගැන හා ගොවි දුක ගැන අරගල කළ මයිකල් රොද්‍රිගු පියතුමා, ආචාර්ය උපාධි 2ක් හා භාෂා 6ක් හසුරුවන එතුමා, දිව්‍ය පූජාව පවත්වන විට, 87 නොවැම්බරයේදී, මරාදමා තිබුණි. ඔහු මගේ මිතුරකුට ඊට පෙර දිනක ලිපියක් එවමින් කියාසිටියේ රජයේ කොටස් තමා ජවිපෙ හිතවාදියකු ලෙස සලකන බවය. එයම මරණයට හේතුවකි.

හඳට ගිහින් අවුරුදු 50කට පසු චන්ද්‍රයාන් මොකටද?

0


ජුලි 20 මනුෂ්‍ය වර්ගයා හඳට ගොස් වසර 50ක් සම්පූර්ණ වුණා. ජුලි 22 වැනිදා ඉන්දියාවේ චන්ද්‍රයාන් 2 මෙහෙයුම චන්ද්‍රයා බලා පිටත් වුණා. ඉතින්, ගෙවුණු සතිය චන්ද්‍රයාට අයිති සතියක්. බොහෝ මාධ්‍ය සඳ ගමන් ගැන කතාකළා.

චන්ද්‍රයාන් 2


ඉන්දියානු අභ්‍යවකාශ මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන්නේ අයි.එස්.ආර්. ඕ. නම් රාජ්‍ය ආයතනය. ඔවුන් චන්ද්‍රයාන් 2 මෙහෙයුම දියත් කරන්නේ චන්ද්‍රයාගේ දක්ෂිණධ‍්‍රැවය ගැන පරීක්ෂණ කරන්නටයි. ඔවුන්ගේ විශේෂ අවධානය යොමුවන්නේ චන්ද්‍රයා මත අයිස් ලෙස ගල්ගැසී තිබෙන ජලය පිළිබඳ පරීක්ෂණ සිදුකිරීම දෙසටයි.


චන්ද්‍රයාන් 2 මෙහෙයුම සතියක් ප‍්‍රමාද වුණේ තාක්ෂණික දෝෂයක් නිසා. දෙවැනි වතාවේදී ඔවුන් සාර්ථකව එය සම්පූර්ණ කරන්නට සමත්වුණා. දැන් පෘථිවිය වටා යානය කක්ෂගත වනු ඇති.


පෘථිවිය වටේට සාර්ථකව කක්ෂගත වීමෙන් පසුව එය ඉන් මිදී චන්ද්‍රයා වටා කක්ෂගත වෙනවා. චන්ද්‍රයාන් 2 මෙහෙයුම පෘථිවියේ සිට හඳට ගමන් කිරීමට ඇපලෝ මෙහෙයුමට ගතවූ කාලයට වඩා වැඩි කාලයක් ගතවෙනවා. ඉන්ධන වැයවීම අවම කරගන්නට චන්ද්‍රයාන් 2 මෙහෙයුම පෘථිවිය වටා රවුම් කිහිපයක් කැරකී පෘථිවි ගුරුත්වයෙන් තල්ලූවක් ලබාගෙන හඳ වෙත ගමන් කිරීම ආරම්භ කරනවා. සැප්තැම්බර් මාසයේදී පමණ එය චන්ද්‍රයාට ළඟාවේවි. චන්ද්‍රයා වටා කක්ෂගත වේවි.


චන්ද්‍රයා වටා කක්ෂය සම්පූර්ණ කොට, එම යානය චන්ද්‍රයාගේ කක්ෂයෙහි දිගටම රැුඳී සිටිමින් තොරතුරු එකතු කරනවා. එය වසරක් පමණ එලෙස තොරතුරු එකතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.


චන්ද්‍රයාන් මෙහෙයුම චන්ද්‍රයා වටා කක්ෂගත වූ විගස එයින් ‘වික‍්‍රම්’ චන්ද්‍රයාට ගොඩබසින උපයානය දියත් වෙනවා. එය මේ මෙහෙයුමේ දෙවැනි කොටස. වික‍්‍රම් සඳේ දක්ෂිණධ‍්‍රැවයට ගොඩබසිනවා. වික‍්‍රම් යානයේ බී‍්‍රෆ්කේසයක් තරම් කුඩා රෝවර් යානයක් තියෙනවා. එහි නම ප‍්‍රග්යාන්. එය චන්ද්‍රයාගේ දක්ෂිණධ‍්‍රැවයේ ගමන් කරමින් තොරතුරු එකතු කරනු ඇති. ඔවුන් දින 14ක් තිස්සේ තොරතුරු එකතු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව චන්ද්‍රයාන් 2 මෙහෙයුමේදී යාන්ත‍්‍රික මිතුරන් තිදෙනෙක් සිටිනවා.


මෙහෙයුමේ තිබෙන වැදගත්ම අංගයක් වන්නේ සඳෙහි ඝනීකෘත ජලය තිබෙන ප‍්‍රදේශ සිතියම්ගත කරන්නට උපකරණ එහි තිබීමයි. සඳෙහි ජලය තිබෙන තැන් සිතියම්ගත කිරීම මනුෂ්‍ය වර්ගයාට ඉතා වැදගත් ඉදිරි පිම්මක් වනු ඇති. ඊට අමතරව සඳෙහි ඇති වායුගෝලයේ ස්වභාවය, ඛණිජ ද්‍රව්‍ය, සඳ මත පතිත වන සූර්ය කිරණ ආදි කාරණා රැුසක් ගැන ඔවුන් අධ්‍යයනය කරනවා. අනාගතයේදී සඳ මත මිනිසුන් කිරීමට බලාපොරොත්තුවන වැදගත් මෙහෙයුම් ගණනාවකට ඔවුන් එකතුකරන දත්ත වැදගත් වේවි. විශේෂයෙන්ම තවත් වසර පහකින් පසුව නාසා ආයතනය සඳ මත අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් සකස් කිරීමේ මෙහෙයුම් පටන්ගන්නට බලාපොරොත්තු වෙනවා. එවැනි මෙහෙයුම් ක‍්‍රියාත්මක වෙද්දී, ඉන්දියානුවන් එකතු කරන දත්තවලට නාසා ආයතනයත් ණයගැති වේවි.


අනාගතයේදී ක‍්‍රියාත්මක වන සියලූ අභ්‍යවකාශ මෙහෙයුම්වලට ප‍්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස චන්ද්‍රයා මත නාසා ඉදිකරන්නට බලාපොරොත්තුවන මධ්‍යස්ථානය ක‍්‍රියාත්මක වේවි. මනුෂ්‍යයන්ද ඒ මධ්‍යස්ථානයේ වැඩකරනු ඇති. මනුෂ්‍ය වර්ගයාගේ ඉදිරිකාලීන දැවැන්ත පියවර සඳහා ඒ මෙහෙයුම වැදගත්. ඒ මෙහෙයුමට මේ මෙහෙයුම වැදගත්.

යන්ත‍්‍රයක් ඇයි


නාසා ආයතනය මිනිසුන්ව හඳට යවා අවුරුදු 50ට පසුව ඉන්දියාව මිනිසුන් නැති යානයක් හඳට යැවීම ගැන අප උද්දාමයට පත්විය යුත්තේ ඇයි? හේතු ගණනාවක් තියෙනවා. අනෙක් අතට තවදුරටත් පෘථිවියේ කක්ෂගතව සිටින අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් එහාට මිනිසුන් නොයෑමට හේතු බොහොමයක් තියෙනවා.


අභ්‍යවකාශ ගමනට මුලින්ම අත තැබුවේ සෝවියට් දේශය. ඒ ඇමෙරිකාව සිතන්නත් කලින්. මුල්ම යානය වන ස්පුට්නික්, මුල්ම ජීවියා වන ලැයිකා බැල්ල, මුල්ම මනුෂ්‍යයා වන යුරී ගගාරින්, මුල්ම කාන්තාව වැලැන්ටිනා තෙරෙස්කෝවා ආදි මුල්කාලීන මෙහෙයුම් සියල්ල සෝවියට් දේශය සාර්ථක කරගත්තා. ඒ මුල්ම යුගයේදී ඇමෙරිකාවේ නාසා ආයතනයවත් හරිහැටි ආරම්භ වී නැහැ. නාසා ආයතනයට පෙර ඇමෙරිකාව රුසියාවේ අභ්‍යවකාශ මෙහෙයුම්වලට පිළිතුරු ලෙස කරන්නට බලාපොරොත්තු වී තිබුණේ න්‍යෂ්ටික මිසයිලයක් හඳ මතට යවා පිපිරවීම බව ඇතැම් වාර්තාවල කියැවෙනවා. කෙසේ වෙතත්, මනුෂ්‍ය වර්ගයාගේ වාසනාවට අවිආයුධ වෙනුවට මනුෂ්‍යයන් හඳට යැවීම ගැන ඇමෙරිකාව කල්පනා කර තිබුණා. කෙසේවෙතත් එදා නාසා ආයතනය වෙනුවෙන් ඇමෙරිකාවේ වාර්ෂික අයවැයෙන් වෙන්කළ මුදලින් අඩක්වත් අද වෙන් කරන්නේ නැහැ.


චන්ද්‍රයාන් 2 මෙහෙයුමේ උපයානය වික‍්‍රම්, හඳේ දක්ෂිණධ‍්‍රැවයට දින 14ක් රැුඳී සිටින්නට බලාපොරොත්තු වෙනවා. ඉන්පසුව ඒ ප‍්‍රදේශය අඳුරට යද්දී, වික‍්‍රම් චන්ද්‍රයා මත නවතිනවා. අධික ශීතලකින් යුත් මේ කලාපයේ මනුෂ්‍ය විද්‍යාඥයන් කණ්ඩායමක් ඒ කාලය ගත කරන්නට නම් ආහාර කොපමණ රැුගෙන යා යුතුද, ශීතලට ඔරොත්තු දෙන අභ්‍යවකාශ ඇඳුම්, ඔක්සිජන් ආදිය මොනතරම් රැුගෙන යා යුතුද, මනුෂ්‍ය ජීවිතයක් රැුගත් යානයක් ගැන අවදානම මොනතරම්ද, මනුෂ්‍යයෙක් කෙතරම් බරකින් යුතුද? එහෙත් වික‍්‍රම් සහ ප‍්‍රග්යාන් ඉතා අඩු බරකින් යුක්තයි. මේ සියල්ලට අමතරව හඳ මත ගතකරන කාලසීමාවෙන් පසුව මනුෂ්‍යයන් නැවත පෘථිවියට පැමිණීම සඳහාත් දෙවැනි මෙහෙයුමක් අවශ්‍යයි.


ඒ නිසා තවදුරටත් මිනිසුන් අභ්‍යවකාශයේ තැන් තැන්වලට යැවීමට වඩා යන්ත‍්‍ර රැුගත් මෙහෙයුම් ක‍්‍රියාත්මක කිරීම කාර්යක්ෂමයි.
මතක තබාගත යුතු කාරණයක් වන්නේ චන්ද්‍රයාන් 2 මෙහෙයුම 2007 දී මුලින්ම සැලසුම් කරද්දී, රුසියාව සමඟ ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස එය සැලසුම් කළ බව. එහෙත් රුසියාව පසුකාලීනව ඒ මෙහෙයුමෙන් ඉවත්වුණා. ඉන්පසුව නාසා ආයතනය හා යුරෝපා සංගමයේ අභ්‍යවකාශ ඒජන්සිය ඒ මෙහෙයුම්වලට සම්බන්ධවීමට කැමැත්ත පළ කළත්, ඉන්දියාව තනිවම මෙහෙයුම සම්පූර්ණ කරන්නට තීරණය කර තිබුණා. එය ඉන්දියාව සිය අභිමානය ප‍්‍රකාශ කිරීමක්.


එපමණක් නොවෙයි, අයි.එස්.ආර්. ඕ. පවසන අන්දමට ඔවුන්ගේ ඉදිරි සැලසුම් වන්නේ අඟහරු, බුද හෝ උල්කාවක් මතට යානයක් යැවීමයි. x

x අමිල රත්නායක

බුබුළු දමන බිබිල මතක

0

තුංග නමුණුකුල ගිරිහිස් පාබඩ පාර අදත් එදා වගේම පටුයි. යූරි වතුයාය, ඒ තේ ෆැක්ටරිය කිසිම වෙනසක් නැති අතීත කතාවක ස්මාරක. බස් එක ටික වෙලාවක් පස්සර ටවුමෙ නැවත්තුවම බැහැලා ගිහින් වඬේ ටිකක් ගන්න පුළුවන් මගදි කන්න. අපේම කාගෙ හරි රෝද හතරක් නම් පස්සරදි නවත්තන්න කියලා කියන්න වුවමනා වෙන්නෙ සීතල බීර කෑන් කිහිපයක් මිලට ගන්න. ලූණුගල කඳු ඉසව්වෙන් දඟර ගැහිලා පාර පුරාණ වෙල්ලස්ස හොයාගෙන යද්දි ඒවා හිස් වෙන්න ඉඩ තියෙන තැන් එමට. ලංකාවේ අදටත් කිසිම වෙනසක් වෙලා නැති ටවුමක් දෙකක් නම් කරන්න කිව්වොත් මං නම් කරන තැන් අතර තියෙනවා ලූණුගලත්.


කාලයක් ලූණුගල පල්ලියේ හිටපු මර්වින් සුදර්ශන් පියතුමාගෙ මිතුරුකම හින්දත්, අහම්බෙන් මුණ ගැහෙන මනුස්ස ප‍්‍රාණියෙක් එක්ක වුණත් මධු ඔඩමක් දෙපැත්තෙ වාඩිවෙන්න හිත හදාගන්න පුළුවන් හින්දත් වාර ගණනක් ලූණුගල කරක් ගහලා පුරුදු මට හැමදාම හිතුණෙ 1965 අවුරුද්දෙ විතර ඒ ටවුමෙ කැලැන්ඩරය නැවතිලා කියලා.


ලූණුගල පහු කරගෙන මං ගියපු හුඟක් ගමන් අහවර වුණේ පුරාණ වෙල්ලස්සෙ මහා සටන් බිම බිබිලෙන්. සුද්දන්ගෙ බලයට අභියෝග කළ මිනිස්සුන්ගෙ මහගෙදර හින්දාම එදා වනසපු බිබිල අදත් අඩුවෙන් ඉර එළිය වැටෙන තැනක්. 1818 කැරැුල්ල ගැන වීරාභිවාදන ගැයෙද්දි කැප්පෙටිපොළගෙ නම කියවෙන තරම් කොහුකුඹුරෙ රටේ රාළ, හාමාපොළ දුරයා වාගේ ඇත්තන්ගෙ නම් කියවෙන්න නැත්තෙ ඇයි කියලත් මට හිතුණු වාර අනන්තයි. මේ සාවියෙ මායිම් ඉසව් වෙච්ච පල්ලෙකිරුව වගේ ගම්වල ජීවිත ගැන අනේ අපොයි කියලා හිත් උණුවෙන තරම කියන්නෙත් සියක් අවුරුද්දක නොසලකා හැරීමේ තරම තමයි.

බුබුලෙන් උපන් බිබිල


කොහු කුඹුර, අරවා කුඹුර, පිට කුඹුර, යල් කුඹුර හුඟක් ග‍්‍රාම නාම කුඹුරු හැටියට සලකුණු වෙනවා. මේවා ගැන විස්තර පුරාණ කඩයිම් පොත්වල ලියවිලා තියෙනවා. මේ තමයි ඒ වෙල්ලස්සෙ සාක්ෂි අවශේෂ. අරවා කුඹුර ගැන මට තියෙන්නෙ හිස බමන මතකයක්. දැන් රිදීමාලියද්දෙ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරියා විදියට වැඩ කරනවා කියලා ආරංචි මාත‍්‍රයෙන් දන්න සුගත් පොඞ්ඩක් හිටපල්ලා කියලා අපිව පාරෙ හිටවලා ගිහින් මෙන්න නියම තැඹිලි මලෙන් පෙරාපුව කියලා සුදු පාට අමාවක් ගෙනැල්ලා අපිව සන්තර්පණය කළේ අරවා කුඹුරෙදි. මිනිහා ඉස්සර නාට්‍යකාරයෙක් හින්දා ඒ මතකය පවා නාටකීයයි. අදත් මේ පාරෙ යන කාට වුණත් මානව සම්බන්ධකම් උපද්දා ගැනීමේ ඉව තියෙනවා නම් ඒ වගේ නාටකීය මොහොතකට ප‍්‍රවිෂ්ට වෙන්න පුළුවන්.


බිබිල ලංකාවෙ තියෙන හොඳම සංචාරක ගමනාන්තයක් කියලා කවුරුවත් කියන්නෙ නැහැ. ඒත් බිබිල පැත්තට ගිහිං නිස්කාංසුවේ ජීවිතය විඳින්න පුළුවන් කියලා කවුරුහරි කියනවා නම් ඒ කතාවෙ කිසිම අසාධාරණයක් නැහැ.


ගාල්ලෙ ඉඳලා සිංහලේ යනවා කියලා ගිය ජිනදාස ළමාහේවාට නම් ජීවිතය මුලිච්චි වුණෙත් නැහැ. හැබැයි අපිට පුළුවන් ජිනදාසට අහිමි වෙච්ච දේවල් ඇතුළෙ වෙන කතාවක් හොයාගන්න.


බිබිල බුබුලකින් උපන්න නමක්. අදත් මැදගම පාරෙ ඩිංග දුරක් යද්දි ඒ බුබුල සම්මුඛ වෙනවා. ඒකෙ නාන්න පහසුකම් හදලා දීලා තියෙන්නෙ ප‍්‍රාදේශීය සභාවෙන්. හැබැයි දැන් තියෙන්නෙ මහ කුඹුකක් මුල මැවෙන අපි කැමති බුබුල නෙවෙයි. බාගෙදා ඒ වෙනස්කම්වලට හේතුවෙන්න ඇත්තෙ කාලයක් බණ්ඩලයි සොයිසලයි අතරට මැදිවෙච්ච සංවර්ධන හීන. ඉස්සර බිබිල ප‍්‍රසිද්ධ දොඩම්වලට වුණත් කතාවෙ හැටියට ඊශ‍්‍රායලය බයිබල් දොඩම් හඳුන්වලා දෙන කාලෙ වෙනකොට බිබිල දොඩම් වැලිගම් ගිහිල්ලා. හැබැයි දැන් ආයෙමත් බිබිලෙ දොඩම් වැවෙන්න පටන් ඇරගෙන. ඒවාට කියන්නෙ බිබිල ස්වීට්. උත්සාහය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ. දැන් තියෙන ප‍්‍රශ්නෙ දොඩම් අස්වැන්න නෙලාගන්න කාලෙට ගෙඩියක් රුපියල් හත අටකටවත් විකුණගන්න අමාරුයි කියන ගොවි මහත්තුරුන්ට උත්තර දෙන එක. පදියතලාව, ඇකිරියන්කුඹුර වගේ පැතිවලට යද්දි හුඟක් ගොවියන්ට ඉතිරි වෙලා තිබ්බෙ මැසිවිලි කියන්න තියෙන අයිතිය විතරයි.


නැගෙනහිර පළාතෙ අම්පාරෙන් ඔබ්බට කල්ලාර් පැත්තට යනකම්ම කිරි එරුණෙ ගල්ඔය සංවර්ධන ව්‍යාපාරය හින්දා. ඒ ඉසව්වෙ පුරාණ ගම ගෙවල්වල තවම ඉඳහිට ඞීඑස්ගෙ රාමු කළ පින්තූරයක් තියෙනවා. හැබැයි බිබිලෙ උල්පත් සාරයත් හූරගෙන ගලන ගලඔයෙ කිරි කඳුළක්වත් වෙල්ලස්සට ලැබුණෙ නැහැ. ඞීඑස්ගෙන් පස්සෙ ආ කාටවත් බිබිලට ඒ කිරි කඳුළ අයිති කරලා දෙන්න පුළුවන් වුණෙත් නැහැ. අද වෙනකොට නැගෙනහිර මායිමේ තියෙන ඉඟිනියාගල ටවුම ඌව පළාත් සභාවට පවා අමතක වෙලා. කවදහරි දවසක ඉඟිනියාගල ගියොත් දකින ඒ සුසානය නොසලකා හැරීමේ පලවිපාක ඔබට කියලා දෙයි.

පිටකුඹුරෙ ගමගෙදර


රට උළු වහපු පුංචි මැටිගෙදර. කුරක්කන් රොටී පුසුඹ උදේට ගේ බඩ කිතුලෙන් බාන නැවුම් තෙලි දිය. ඇඹලයෙක් දෙන්නෙක් හිටියොත් ගොට්ටෙන් පෙරල අයින් කරලා පිරිපහදු කරගන්න ජීවන සාරය. ලී මෑ මැල්ලූම්. වල් මස් එක්ක ඉරුං තලප. මේ මහින්ද බිබිලෙ මට දුන්න මතක තෑගි. පස්සෙ කාලෙක ලක්හඬ රේඩියෝවෙ ප‍්‍රවෘත්ති සංස්කාරකවරයෙක් වෙච්ච මගේ මිත‍්‍රයා අසංස්කෘතික ජීවිත එක්ක හැප්පිච්ච සංස්කෘතික මිනිහෙක්. තැන තැන ඉතුරු බිතුරු වෙච්ච පුරාණ ගල් කණුවක්, සුද්දො තලා දාපු පොඩි වැව් බැම්මක්, සිලි සිලියෙ ගලන ගලඔයෙ රුව වරුණ, කාගෙ හරි දාඩියෙන් ඔපවෙච්ච හේනක් බලන්න මහින්දයි මායි පරණ බයිසිකලය පැද්දා. බඩ රස්සාවට වඩු වැඩ කළ, යතු කැටයට, නියනට වැඩි දෙයක් ගැන දේශපාලනික දැනුමක් තිබුණ රෝහණත් සමහර ගමන්වලදී මුණගැහුණා. බිබිල සේනක බිබිලෙගෙත් උපන් ගම වුණු හින්දා එහෙම මිනිස්සු ඉඳහිට අදත් ඉන්නවා.


මහින්දලාගෙම හේනක් අද්දර බයිසිකලය නැවත්තුවාම මිනිහා කතාව පටන් ගන්නවා. එතැන නැවුම් ඉර එළිය. පුංචි ගොඩැල්ලක මුදුනෙ කැටකෑල ගහක්. පහත්ම බිමේ ගොඩ වියක් වපුරලා. ඒ හැල් වී වර්ගයක්. අහස් දියෙන් වැවෙන්නෙ ගම ගෙදර බත් පිඟානට වඩින්න. මට එතැන තිබ්බෙ හරිම අපූරු සිත්තමක්. ”මචං බලපං කෑල ගහ වටේ ගොඩැල්ලෙ හැම ඉරුං ගහකම ලී මෑ වැලක්. ඒ තමයි අපේ ගොවිකම් තාක්ෂණය. හේනෙ ඉරුං හිටවද්දි බඩඉරිඟු ඇට දෙකක් එක්ක ලීමා ඇට දෙකකුත් හැතපෙන්න අරිනවා. එක විඬේ දෙකම කරදඬු උස්මහත් වෙනවා. මුලිං ඉරුං බිඳගන්න පුළුවං. ඊට පස්සෙත් වේලෙන ඉරිඟු ගහ බදාගෙන ඉන්න මෑ වැල එයාගෙ අස්වැන්න දෙනවා. අමුතුවෙන් මෑ වැලට උඩයන්න ඉණි මං කෝටු දෙන්න ඕන නැහැ මචං”


මහින්ද කොහොමත් හොඳ විස්තර කථකයෙක්. හේන කටුසර බෝග උපද්දන බිම. මහින්දත් එක්ක හේනට යද්දි වැට මුල රබර් සෙරෙප්පු දෙක ගලවලා යන්න සිද්ධ වුණා. ඇත්තටම හේනෙ තියෙන හැම බෝගයක්ම බුද්ධබෝග කිව්වට කාරි නැහැ. දොසක් විපත්තියක් වුණොත් අවුරුද්දම හාමතේ. අවුරුදු දහඅටකට ඉස්සර මේ කතාව අද වෙනස් වෙලා ඇති බාගෙදා. ඒත් මගේ හිත ඉව අල්ලන මනුස්සකමේ පුසුඹ තියෙන්නෙ ඒ කතාවෙ. මොකද ඒ වගේ කතාවල ඇත්තටම අහිංසක මිනිස්සු ඉන්නවා. මහින්දයම කියනවා පරම්පරා දෙකකට උඩ මිනිස්සුන්ගෙ අහිංසක නොදන්නාකම් ගැන කතා.. ”පුංචි කාලෙ හැතැක්ම හත අටක් ඈත තියෙන බිබිල පොළට උන්දැගෙ අම්මා එක්ක පයින්ම ගිහිල්ලා අයිස් පලමක් තෑගි ලැබිච්ච ළමයෙක් ඒක කරදහියක ඔතා ගෙන පන් මල්ලට ඔබා ගන්නෙ ගෙදර ඇවිත් කන්න. ආපහු පයින් ඇවිදිල්ලා මල්ල බලද්දි ඉතුරු වෙලා තිබ්බෙ කූර විතරයි.”


පැහිච්ච තෙලිදිය හිස් වෙද්දි මං මේ කතා සමපාත කරගත්තෙ දේශපාලනයට. අන්තිමට දෙපැත්ත තුන්පැත්තට ඡුන්දෙ දීපු බිබිලෙ මිනිස්සුන්ට ඉතුරු වුණෙත් කූර විතරයි. පිටකුඹුරෙ හුදුවලා පවු. සොයිසා මහත්තයාගෙ කතාවකින් පස්සෙ ජනප‍්‍රිය වුණා කියලා මට හිතෙන ”අපි සියඹලා ගෙනාවෙම නැද්ද ආයිබෝං එතකොට” කියන උපහැරණෙත් මහින්ද මට මුලිම්ම කියලා දුන්නෙ තමන්ගෙ උන් හූරගෙන කන විදිහ ගැන විස්සෝපෙන් කියන කතා අතරෙ. වෙල්ලස්ස කැරැුල්ලෙ පළමු වෙඩිමුරය ඊතලයක්. ඒක විද්ද තැන හොයාගන්න පුළුවන් විල්සන් කුලූන හොයාගෙන ගියාම. එතැන තමයි විල්සන් සුද්දා මැරිලා වැටුණෙ. හරියටම කියනවා නම් උණගොල්ල පන්සල ගාව. අදත් ඒ පුරාණය ගැන ආඩම්බර වෙන බිබිලෙ මිනිස්සු සියඹලා ගෙනල්ලාම නැද්ද කියලා හිතෙනවා ගම් වැදිලා ජීවිතවල පතුලට එබිලා බැලූවාම.

නිල්ගල තලාවෙ විත්ති


බිබිල පැත්තට යනවා නම් ගම ගෙදරක බත් ටිකක් කන්න විතරක් නෙවෙයි රතුගල නිල්ගල කරක් ගහන්නත් බලාගෙන යන්න. ඇත්තටම ගමනාන්තය වෙන්න ඕන ඒ වනපෙතයි තලාවයි. රතුගල වැද්දොත් මුලිච්චි වෙන්න පුළුවන්. 1926 විතර සෙලිග්මාන්ලා ලියනවා දඹානෙ වැද්දන්නෙ විස්තර ටිකක් වෙනස් විදිහට. ඒ කතාවෙදි රතුගල තියෙන්නෙ මුදුනක. මට සිංහල භාෂාවෙ ස්වරිතය භාවිතය එක්ක වෙනස් වෙන හැටි දනවපු තැන්වලින් සමහර ගම් තිබ්බෙ රතුගල අවට. කතාවෙ හැටියට නිල්ගල කියන්නෙ රජ්ජුරුවන්නෙ ඔසු උයන. ඇත්ත මේ වනන්තරේ ගස්වලින් වැඩි පංගුව බෙහෙත් අවුසද. මෑත කාලෙක ඒ රත්තරන් තලාවෙ තමයි උක් වවන්න සැලසුම් හැදුවෙ. රටේ වාසනාවට මිනිස්සු ඒ කුමන්ත‍්‍රණයට විරුද්ධ වුණු හින්දා නිල්ගල තාවකාලිකව පණ ගැට ගහගත්තා. තාවකාලිකව කිව්වෙ මේ සැලසුම් යට ගියා මිස ගිනි ලෑවෙ නැති හින්දා.


නිල්ගලත් රතුගලත් ගමන් මතක ගැන ආයෙ වංගියක කතා කරන්න ඉඩ තියා ගනිමු. ගලඔය ජාතික වන උයන මැදින් ගිහින් නාමල්ඔය වැව් බැම්ම මත්තෙ නැවතිලා ඉර බහින හැටි බලා ඉන්න බැරුවයෑ. මතක ඇතිව යන ගමනෙ අතරමග නැවතිලා ගිමන් හරිනවා නම් සීතල නෙල්ලි බීම වීදුරුවක් බීල යන්න. x

මතක ගැන ආයෙ වංගියක කතා කරන්න ඉඩ තියා ගනිමු. ගලඔය ජාතික වන උයන මැදින් ගිහින් නාමල්ඔය වැව් බැම්ම මත්තෙ නැවතිලා ඉර බහින හැටි බලා ඉන්න බැරුවයෑ. මතක ඇතිව යන ගමනෙ අතරමග නැවතිලා ගිමන් හරිනවා නම් සීතල නෙල්ලි බීම වීදුරුවක් බීල යන්න. x

x ලසන්ත ද සිල්වා

විසිල් සමාජය

0

උරුවම් බෑම හෙවත් විසිල් කිරීම මා හැදුණු වැඩුණු ළමා කාලයේ සැලකුවේ රස්තියාදුකාර පුරුද්දක් ලෙස ය. කරන්නට වැඩක් නැති අය කරන දෙයක් ආකාරයට ය. වැඩිහිටියෝ අපට කීවෝ එය නොකළ යුතු දෙයක් ලෙස ය. එම නිසා අප කුඩා කාලයේ විසිල් කළේ හොර රහසේ ය. ගැටවර වියට පා තබන විට විසිල් කිරීම අපගේ ස්වාභාවික ප‍්‍රතික‍්‍රියාවක් වූයේ ප‍්‍රතිවිරුද්ධ ලිංගික දර්ශනයක් නෙතට ගැටීමත් සමග ය. එය ද පසු කාලෙක දේශපාලනික ව වැරදි දෙයක් බව දැන ගන්නට ලැබිණ. ඊට කියනු ලැබුයේ ‘වුල්ෆ්-විස්ලින්’ කියා ය.

කාන්තාවකට කායික හෝ ලිංගික ආකාරයකට අපහසුවක් වන ආකාරයට පිරිමියෙකු උරුවම් බෑම වුල්ෆ් විස්ලින් ලෙස හැඳින්වේ. එය කාන්තා හිංසනයේ එක් ආකාරයකි. එය ලිංගික අඩන්තේට්ටම් හෝ එවැනි අඩන්තේට්ටමක පිවිසුම ලෙස සමහර රටවල නීතියෙන් සැලකේ. 2018 ප‍්‍රංසයේ එම්මානුවෙල් මක්රෝන් ජනපති, වුල්ෆ් විසිලින් නීති විරෝධී දෙයක් බවට පත් කළේ කාන්තාවන්ට මගතොට නිදහසේ යාමට ඇති අයිතිය තහවුරු කරන්නට ය.

ප‍්‍රංසයේදී යමෙකු ප‍්‍රසිද්ධ ස්ථානයක කාන්තාවකට එවැනි හිංසනයක් වන ආකාරයට උරුවම් බෑවොත් යූරෝ හත්සිය පනහක දඩයක් කන්නට සිදු වේ.
උරුවම් බෑම සංගීතයේ විටෙක නාද විශේෂයක් ලෙස යොදා ගැනේ. ගොපලූ චිත‍්‍රපට අතර චිර ප‍්‍රසිද්ධ ඩොලර්-ත‍්‍රිත්වයේ ප‍්‍රථම චිත‍්‍රපටය වන, ක්ලින්ට් ඊස්ට්වුඞ් රඟන, ‘ෆොර් අ ෆිව් ඩොලර්ස් මෝ’හි තේමා සංගීත ඛණ්ඩය පදනම් ව ඇත්තේ දීර්ඝ උරුවම් බෑමකිනි. එය චිත‍්‍රපට සංගීත අධ්‍යක්ෂණයේ දැවැන්තයෙකු ලෙස නම් දරා සිටින ඉතාලි ජාතික සංගීතවේදියාගේ විශිෂ්ට නිර්මාණයක් ලෙස සැලකේ.

එච් ආර් ජෝතිපාල විසින් ගයන ලද ‘මේ ජීවනයේ මුළු සංසාරේ’ ගීතයේ අතරින් පතර උරුවම් බෑමේ කොටසක් අසන්නට ලැබේ. විශිෂ්ට ලෙස විසිල් කරන සංගීතඥයෙකු අප අතර කලකට පෙර සිටියේ ය. ඔහුගේ නම නිහාල් සී ජයවර්ධනය. නමුදු ක්ෂේත‍්‍රයේ දැන හැඳින සිටියේ විස්ලින් නිහාල් ලෙස ය. මොහු කළේ ප‍්‍රසිද්ධ හා ජනප‍්‍රිය ගීත අදාළ තාලයට උරුවම් බෑම ය. විස්ලින් නිහාල්ගේ උරුවම් බෑම කෙතරම් දුරදිග ගියේ ද කියතොත් ඔහු කලක දී විසිල්වලින් ම කෙරෙන සංගීත ප‍්‍රසංගයක් පැවත් වී ය. ඒ මත පදනම් ව කැසට් හා සීඞී පට කිහිපයක් ද නිකුත් කෙරිණ.


විස්ල් බ්ලොවර් හෙවත් විසිල් කරන්නා ලෙස සමකාලීන ව හැඳින්වෙන්නේ වාච්‍ය අර්ථයට ඔබ්බට ගිය කර්තව්‍යකට ය. එය අර්ථ ගැන්වෙන්නේ යම් පොදු අගතියක් හෝ වරදක් හෝ විනාසයක් වන්නට පෙර තියා කරන අනතුරු හැඟවීමක් ලෙස ය. අනතුර තව දුරටත් නවතාලන්නට හෝ අවම කරන්නට කල් තියා සමාජය අවදි කරන්නා ලෙස ය.


පසුගිය සතියේ දෙකේ අපගේ පුවත් අතර ආන්දෝලනයක් ඇති කළේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු හා ජනප‍්‍රිය නළුවෙකු වන රන්ජන් රාමනායක කළ උරුවම් බෑමකිනි. රාමනායක කලක සිට ම උරුවම් බෑ අයෙකි. ඔහු මුලින් ම තම හඬ අවදි කළේ මැද පෙරදිග වෙසෙන කාන්තාවන්ට සිදුවන අකටයුතු ගැන ය. පසු ව නීති විරෝධී වැලි ගොඩ දැමීම සිට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කොකේන් ගැසීම දක්වා අනාවරණයන් කළේ ය. මෙවැනි මැදිහත් වීම් නිසා ඔහුට නිතර දෙවේලේ උසාවි ගානේ යන්නට සිදු විය. ඔහු මෑතදී කළ අනාවරණය දෙබරෙකට ගල් ගැසීමක් වන් විය. විදුහල්පති ගාවට කැඳවනු ලබන ඇට්ටර කොල්ලෙකු මෙන් රාමනායක මන්ත‍්‍රීට අරලිය ගහ මන්දිරයට යන්නට සිදු වුණේ අගමැති රනිල් විසින් එවන ලද ලිපියකින් අනතුරු ව ය. විසිල් කළ විෂයේ වැඩිහිටියෝ අම්බරුවා, ගොන් වස්සා, කේප්ප ගොනා ආදි නම්වලින් මන්ත‍්‍රීතුමාට සැලකූ හ; තමන්ගෙන් සමාව ගත යුතු බවට තරයේ කියා සිටිය හ. විසිල් කළ කාරණය පිළිබඳ කවුරුත් කතා නොකළ හ. මාධ්‍ය ද තම මයික‍්‍රපෝන අල්ලන්නේ විසිල්කරුවාට පරිභව කරන පාර්ශ්වයන්ට ය.


යම් නොහොබිනා හෝ නීති විරෝධී තත්ත්වයක් ගැන යට කී මන්ත‍්‍රීවරයා වැනි පූර්ව අනතුරු හඟවන්නන් අනතුරකට හෝ තර්ජනයකට ලක් වීමේ හැකියාව ඇත. එම තත්ත්වයන් තුළ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නට නීති රීති සමහර රටවල පනවා ඇත. ඇමරිකා එක්සත් ජනපදය විසින් 1989 හඳුන්වා දුන් විස්ල්-බ්ලොවර්ස් ප‍්‍රටෙක්ෂන් පනත එවැන්නකි. ඉන් ෆෙඩරල් සේවකයන්ගේ අයිතීන් සුරක්ෂිත වේ. යුරෝපීය සංගමය විසින් තම සාමාජික රටවලට එවැනි ම නීතියක් 2014 දී ප‍්‍රටෙක්ෂන් ඩිස්ක්ලොෂර්ස් පනත හඳුන්වා දුන්නේ සේවා ස්ථානයන්හි වන අකටයුතු ගැන අනාවරණය කරන සේවා නියුක්තිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නට ය.


සිවිල් සමාජය විසිල් කිරීම සාධනීය දෙයකි. ඉන් ප‍්‍රතිස්ථාපනය වන්නේ සක‍්‍රිය ප‍්‍රජාතන්ත‍්‍රීය සමාජයකි. මහා අනතුරක් වීමට පෙරාතුව සමාජය දැනුවත් වෙනවා පමණක් නොව එම අනතුර වලක්වා ගන්න ද ඉන් හැකියා ලැබේ. විසිල් කිරීම ලංකාව වැනි අගතිගාමී රටක ලෙහෙසි පහසු දෙයක් නොවේ. ඉන් සිදු විය හැකි අනතුරු හා තර්ජන බොහෝ ය. විසිල්කරුවා ආරක්ෂා කිරීම නීතියේ මෙන් ම සෙසු සමාජයේ ද වගකීමකි. නොඑසේ නම් සිදුවන්නේ නිකමට කළුගලක හිස හප්ප නොගෙන තමන්ගේ පාඩුවේ මිනිසුන් වරද නොදැක්ක සේ සිටින තත්ත්වයකට පසු බැසීම ය; නිර්වින්දනය වීම ය. එය ඉතා ම අවාසනාවන්ත තත්ත්වයකි. වසර පහ හයකට පෙර සමාජයේ එක්තරා කතාවක් තිබුණි. ඒ නම් ‘කට ඇරිය යුත්තේ කන්නට පමණක්’ බවයි. එම යුගය වැරදිලාවත් නැවත පැමිණියහොත් ජනතාවට විසිල් කරන්නට හැකි වන්නේ තදින් දොර වසාගත් නාන කාමරයක පමණි.


ප.ලි : විසිල් කරන සැම දෙනා ම සත්පුරුෂයෝ නොවෙති. සමාජයේ අසාධාරණ අවස්ථාවන් හා පුද්ගලයන් වෙනුවෙන් පැන පැන පෙනී සිටින පෙරකදෝරුවෙක් මෑත කාලයේ ප‍්‍රාදුර්භූත විය. තමන්ට මම නොකියා තමන්ගේ වාසගමින් ම තමන් හඳුන්වාගන්නා (මෙය මානසික තත්ත්වයක් බව මහාචාර්යවරයෙකු සමාජ මාධ්‍යයක අදහස් දක්වා තිබිණ.* මේ පුද්ගලයාගේ විසිල් ගැසීම ගොස් නැවතුණේ රටේ මහ තනතුරකට ඡුන්දේ ඉල්ලන හීනයකිනි. මහජනතාව මෝඩයෝ නොවෙති. ඔවුන් විසින් යට කී ව්‍යාජ විසිල්කරුවා විසික් වී යන තත්ත්වයකට මේ වන විට පත් කර ඇත.x

සඳගමන කුමන්ත‍්‍රණ න්‍යායන්ට පිළිතුරු

0
MANDATORY CREDIT: NASA/Rex Features. Editorial use only Mandatory Credit: Photo by NASA/REX/Shutterstock (3683583c) (Real lunar mission image) Buzz Aldrin stands beside Lunar Module strut and probe Apollo 11 Moon landing mission - 1969 FULL COPY: http://www.rexfeatures.com/nanolink/oqps These fascinating images might do little to dispel conspiracy theories that the 1969 moon landing was faked. They feature Apollo 11 astronauts Neil Armstrong and Edwin ("Buzz") Aldrin carrying out tasks on a clearly simulated lunar surface. While the astronauts practice manoeuvres, including collecting soil samples, men in shirts and ties can be seen in the background casually observing the scene. In fact, these are real training simulations carried out in Houston three months before the actually set foot on the moon. The practice sessions were carried out over a number of days in April 1969 in Building 9 of the Texas-based U.S. space agency facility. The images were unearthed by tech website Gizmodo.


සඳගමනට වසර 50 සම්පූර්ණ වුණේ ගෙවී ගිය ජුලි 20 වැනිදායි. සඳගමන ගැන හැමෝම කතාකරද්දී සඳගමන බොරුවක්දැයි විමසන පිරිසකුත් ඉන්නවා. සඳගමන බොරුවක්යැයි කීමම තර්කානුකූල කාරණයක්යැයි කිව නොහැකියි. එහෙත් අදටත් අපට සඳගමන බොරුවක්යැයි තර්ක කරන පුද්ගලයන් මුණගැහෙනවා. සමාජ මාධ්‍ය කලාපයට ගියත් එවැනි අදහස් තොග ගණනින් දැකගන්නට ලැබීම අපේ සමාජයේ තරම කියාපානවා.


ලොකුම හිසරදය වන්නේ එවැනි අය සමඟ සංවාද කිරීමයි. ඒ නිසා සඳගමන බොරුවක්යැයි කුමන්ත‍්‍රණ න්‍යායෙන් තර්ක කරන උදවිය නඟන තර්ක කිහිපයක් හා ඒවාට සරල පිළිතුරු කිහිපයක් ගැන අප මෙහි කතාකරනවා. ද ටෙලිග‍්‍රාෆ් වෙත විද්‍යාඥවරියක වන ඇනා රොස් පළකළ අදහස්වලින් අප කරුණු උපුටාගත්තා.

කොඩිය සුළඟට වැනුණත් හඳේ සුළඟක් නැහැ

හඳේ සුළඟ නැති වීමම තමයි මේ තර්කයට හේතුවූ කොඩියේ හැඩයට හේතුවුණේ. හඳේ සුළඟක් නැති නිසා බිමට කඩාවැටුණු කොඩියක් සඳ මත සිටුවීමෙන් වැඩක් නැහැ. ඒ නිසාම පෘථිවියේදී ඔවුන් කොඩිය සැකසුවේ සුළඟ නැති තත්වයක් තුළ වුව එය කෙළින් පවතින අන්දමටයි. ඒ සඳහා කොඩියේ උඩින් දිගු අතට කම්බියක් වැනි යමක් තිබෙන අයුරු ඡුායාරූපවලින් වුව දැකගත හැකියි. එහෙත් හඳ මත තැබූ කොඩිය සවි කරන අතරේදී කුඩා අත්වැරැුද්දකින් එය සම්පූර්ණයෙන්ම කෙළින් රැුඳුණේ නැහැ. ඒ නිසා එක් කොටසක් යාන්තමින් කඩාවැටුණා. ඒ කොටස සෙලවෙන අන්දම ඡුායාරූපගත වුණේ ඒ නිසා. ඒ නිසා සුළඟක් නැතත් එය සුළඟට වැනෙන බව කොඩිය සවිකොට සුළු මොහොතකට පෙනෙන්නට තියෙනවා. එහෙත් වීඩියෝවල කොඩිය සුළඟට වැනෙන්නේ නැති බව පැහැදිලිව පෙනෙනවා.

වැන් ඇලන් බෙල්ට් එක
ගගනගාමියෙකුට පණපිටින් පසු කරන්න බැහැ

පෘථිවියේ ගුරුත්වයෙන් නිර්මාණය කරන දැවැන්ත තරංග පෘථිවිය වටා තිබෙන බව ඇත්තක්. එය ‘වැන් ඇලන් බෙල්ට්’ නමින් හඳුන්වනවා. එමෙන්ම එහි තරංග මාරාන්තිකයි. එහෙත් එය තුළින් ගිය ගගනගාමීන් දැඩි වේගයෙන් එය පසුකර ගියා. ඒ නිසාම ඔවුන් එයට නිරාවරණය වුණේ ඉතා සුළු කාලසීමාවකට පමණයි. එමෙන්ම යානය සකසා තිබූ ආකාරයෙන්ද ඔවුන්ට මාරාන්තික හානියක් එයින් සිදුවුණේ නැතිවීම විද්‍යාත්මකව පිළිගත හැකියි.

හඳේදී ගත් ඡුායාරූපවල තරු නැහැ.
කළු අහස පමණයි.

මෙය තේරුම් ගැනීමට කැමරාවකින් රාත‍්‍රී අහසේ ඡුායාරූපයක් ගැනීම වුව ප‍්‍රමාණවත්. ඔබේ ඡුායාරූපයටත් චන්ද්‍රයා හැර සම්පූර්ණයෙන්ම කළු අවකාශයක් නැෙඟ්වි. ඔබට ඒ තරු සියල්ලම ඡුායාරූපයට නඟන්නට නම් ඔබේ කැමරාවේ රූපරාමුවේ කාලසීමාව (එක්ස්පෝෂර් ටයිම්* තත්පර15කට වැඩියෙන් සකසන්නට සිදුවෙනවා. තරුවකින් එන ආලෝකය කැමරාවට අල්ලාගැනීම එසේ නැතිනම් අසීරුයි.

හඳට තනි ආලෝක ප‍්‍රභවයක් තිබුණත්, සඳගමනේ සෙවණැලි විවිධ පැතිවලට විහිද ගිහින් තියෙනවා

සඳෙහි භූමිය දැඩි විවිධත්වයකින් යුක්තයි. දැවැන්ත කඳු හා වළවල් තියෙනවා. ඒ නිසාම සූර්යයා සඳෙහි මතුපිටින් බැස යද්දී ආලෝකය එන්නේ විවිධාකාර චලිතයන් ඇතිවයි. ඒ වගේම රාත‍්‍රී කාලයේ පෘථිවියට සඳ ආලෝක ප‍්‍රභවයක් වෙනවාටත් වඩා වැඩියෙන් සඳ මෙන් කිහිප ගුණයක් විශාල, නිල්පැහැ සාගරවලින් පිරුණු පෘථිවිය දැවැන්ත ආලෝක ප‍්‍රභවයක් වෙනවා. ඒ නිසාම සඳෙහි සෙවණැලි විවිධකාර වෙනවා.

චන්ද්‍රයානය ගොඩබැස්ස තැන ගොඩබැසීමේදී ඇතිවූ කම්පනයේ පිපිරුම් සලකුණු නැහැ

මිනිසුන් රැුගත් මේ යානය ගොඩබසිද්දී භූමිය වෙත රොකට් එන්ජින්වලින් දැඩි පීඩනයක් එල්ලකරනවා. ඒ බිමට ගොඩබසින වේගය අඩුකොට හැකි තරම් සුමට ලෙස ගොඩබසින්නටයි. පෘථිවි පෘෂ්ඨයට මේ ගොඩබැසීම කළා නම් භූමිය මත පිපිරුම් ලකුණු දැකගත හැකියි. එහෙත් සඳ මත ගුරුත්වය ඉතා අඩුයි. ඒ නිසා බිමට සුමට ලෙස ගොඩබසින්නට දැවැන්ත කම්පනයක් අවශ්‍ය වන්නේ නැහැ. එමෙන්ම දැවැන්ත හානියක් කරන්නට එය ප‍්‍රමාණවත් නැහැ.

ඔය මොනවා කිව්වත් හඳට ගිය බව
විශ්වාස කරන්න බැහැ

ඇපලෝ 11 සඳගමන සිදුවූ බව තේරුම් ගත හැකි සාක්ෂ්‍ය ඕනෑ තරම් තියෙනවා. කලින් චන්ද්‍ර ගමන්වලදී ඉතිරි කළ සලකුණු පසුකාලීන චන්ද්‍ර ගමන්වලදී හමුවී තියෙනවා. එමෙන්ම චන්ද්‍රයාගෙන් ලබාගෙන පස්, ගල් සාම්පල් ඕනෑ තරම් තියෙනවා. ඇමෙරිකාව සඳ ගැනත්, සඳෙහි පස් ආදිය ගැනත් හෙළිකළ දත්ත රැුසක් තියෙනවා. ඇමෙරිකාව ඒ දත්ත හෙළිකළේ හඳට නොගිහින් නම් රුසියාව, චීනය ආදි රටවලට ඒවා බොරු බව ඔප්පු කරන්නට ඕනෑ තරම් කාලය තිබුණා. ඒ රටවල් ඇමෙරිකාවෙන් පසුව සඳට ගියා. එපමණක් නොව, ඇමෙරිකාව සඳට නොගිහින් ඒ බව ප‍්‍රචාරය කළා නම්, රුසියාව එදා ඒ තරම් ලෙහෙසියෙන් පරාජය බාර නොගන්නට ඉඩ තිබුණා.


මේ මෙහෙයුම් සම්පූර්ණයෙන්ම මාධ්‍යයට විවෘත වුණා. සඳ මත ඇමෙරිකානු ගගනගාමීන් කැඩපත් තැබුවේ, පෘථිවියේ සිට ආලෝක තරංග යවා, සඳ සහ පෘථිවිය අතර දුර මැනගැනීමටයි. ඒ කැඩපත් ඇපලෝ මෙහෙයුම්වලින් සඳ මත ඉතිරි කළ සලකුණු රැුසක් අතරින් එකක් පමණයි. ඒ සියල්ලට වඩා මේ තරම් දැවැන්ත කුමන්ත‍්‍රණයක් යටගසන්නට ඇමෙරිකාවේ ඉහළ පෙළේ දැවැන්ත නිලධාරීන් ගණනාවක් මෙන්ම, විද්‍යාඥයන් ගණනාවක්ද අවැසි වෙනවා. ඒ අතරින් එක් අයෙකුවත් පසු කාලයේදී සත්‍යය හෙළි නොකර ඉන්නට ඉඩක් නැහැ. ඒ දැවැන්ත නිලධාරීන් පිරිස අතර ලාංකික විද්‍යාඥයෙකු වන සිරිල් පොන්නම්පෙරුම මහතාත් ඉන්න බව අමතක කළ යුතු නැහැ.


ලාංකික විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන පසුගිය සතියේ රූපවාහිනී නාලිකාවකට මේ කුමන්ත‍්‍රණ ගැන අදහස් දක්වමින් කී කතාවක්ද වැදගත්. ‘ඔබට ඕනෑ විශ්වාසයක් දරන්න පුළුවන්. ඔබ පිළිගත්තත් නැතත්. වසර 50කට පෙර මිනිසා සඳ මත පා තැබුවා.’x

x අමිල රත්නායක

නිසි බලධාරියා ඔක්කොම කැපුවා


අමාත්‍යාංශ හිටපු ලේකම් අසෝක පීරිස්

ඔහු අමාත්‍යාංශ ගණනාවක හිටපු ලේකම්වරයෙකි. පළාත් පාලන මැතිවරණ සීමා නිර්ණය කමිටුවේ සභාපතිවරයාව සිටියේය. දැන් ජවිපෙ සමඟ අනුබද්ධිතව දේශපාලන ක‍්‍රියාකාරිකයෙකු ලෙසද ඔහු දකින්නට ඇත. අප ඔහු මුණගැසෙන්නට මුලින්ම ගිය අන්දම හොඳින්ම මතකය.


පැපිලියාන පැත්තේ ඔහුගේ නිවස තියෙනවායැයි කී පටුමග අසලටම ගිය අප, එතැන සිටි පුද්ගලයෙකුගෙන් ඔහුගේ නිවස ගැන විමසුවෙමු. ‘මෙතැන හිටපු අමාත්‍යාංශ ලේකම් අහවලාගේ ගෙදර තියෙනවාද?’ ‘නැහැ. මෙතැන හිටපු අමාත්‍යාංශ ලේකම් කෙනෙකුගේ ගෙදරක් තියෙන්න බැහැ’. සාමාන්‍ය මධ්‍යම පන්තික ගෙවල් තිබුණු මාවත දෙසට අත දිගුකර කී ඔහු, ‘ඒ වගේ ගෙවල් තියෙන්නේ අර පැත්තේ’ කීවේය. ඒ දැවැන්ත නිවාස තිබුණු පැත්තට අත දිගු කරමිනි. සාමාන්‍ය පුංචි නිවෙසක විවේක සුවයෙන් ඔහු සිටියේය. හෘදය සාක්ෂියට අනුව ජීවිතයක් ගත කළ පසු ලැබෙන සැහැල්ලූව ඔහුට තිබුණි.

x x x x x

අසෝක පීරිස් වෙන්නප්පුවේය. කුඩා කාලයේදීම පියා මියගියේය. ඉන්පසු මව ඔහු හදාවඩාගත්තේ ඇගේ සොහොයුරා හා අසෝක පීරිස්ගේ ‘සුදුමාමා’ගේ ගෙදරය. සුදුමාමා විදුහල්පතිවරයෙකි. ශ‍්‍රීලනිපයේ දේශපාලනය කළ අයෙකි. එහෙත් වර්තමානයේ පක්ෂ දේශපාලනයේ යෙදෙන උදවියට වඩා ‘සුදුමාමා’ වෙනස්ය. අසෝක පීරිස්ගේ පිය සලකුණ ඔහුය.


‘ඔහු කොන්ද කෙළින් තියාගෙන වැඩකරපු කෙනෙක්. දේශපාලනයෙන් කිසිම වාසියක් ගත්තේ නැහැ. ශ‍්‍රීලනිපයේ ඇතැම් ව්‍යාපෘති ඔහු මෙහෙයවලාත්, තමන්ට දෙයක් ගත්තේ නැහැ. 1965 යූඇන්පී ආණ්ඩුව කාලයේ වැඩ තහනම් වෙලාත් හිටියා.’

x x x x x

‘අපි විශ්වවිද්‍යාලයට ගියේ 1972 මැයි 22 වැනිදා. එදා තමයි ජනරජ දිනය. මම විශ්වවිද්‍යාලයේදී ගෞරව උපාධියට කරන්න හිතාගෙන හිටියේ සමාජ විද්‍යාව. දෙවැනි අවුරුද්දේදී තමයි සාමාන්‍යයෙන් ඕක තෝරගන්න ඕනෑ. මම සමාජ විද්‍යා පන්තියට ගියා. ඒ කාලෙ සමාජ විද්‍යා කථිකාචාර්යවරයෙක් විදියට සුනිමල් ප‍්‍රනාන්දු කියලා කෙනෙක් හිටියා. ඔහු ඒ කාලයෙ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිගේ සම්බන්ධීකරණ ලේකම්. ඔහු අපේ මාමා හින්දා මාව පුද්ගලිකව දන්නවා.


ගමේ ශ‍්‍රීලනිප පසුබිමක් තිබුණාට මම විශ්වවිද්‍යාලයේදී ශ‍්‍රීලනිප හෝ වෙනත් පක්ෂයක දේශපාලන වැඩවලට ගියේ නැහැ. අපි දෙවැනි අවුරුද්දේ ඉන්නකොට වෙන්නප්පුවෙන් අපේ තවත් යාළුවෙක් විශ්වවිද්‍යාලයට ආවා. එයා කොමියුනිස්ට් පක්ෂයේ.


දෙවැනි අවුරුද්දේදී සමාජ විද්‍යාව තෝරගත්තා. සතියක් විතර යද්දී සුනිමල් ප‍්‍රනාන්දුගේ කාමරයට දවසක් කතාකළා. මට කාරණා දෙකක් කිව්වා. එකක් තමයි මම ශ‍්‍රීලනිප දේශපාලනය කරන්න ඕනෑ බව. දෙවැන්න තමයි කලින් කීව වෙන්නප්පුවෙන් ආ කොමියුනිස්ට් යාළුවාව ශ‍්‍රීලනිපයට කැමති කරවගන්න ඕනෑ බව. මේක හරියයන්නේ නැහැ කියලා මම සමාජ විද්‍යාව නැවැත්වුවා. ආර්ථික විද්‍යාවට ගියා. සමාජ විද්‍යාව තමයි මට ගැළපෙන විෂය. ඒක කළා නම් පළවැනි පන්තියේ සාමාර්ථයක් ගන්න තිබුණා.’

x x x x x

‘විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙලා රස්සාවලට ඉල්ලූම්පත‍්‍ර දාන්න පටන්ගත්තා. ඉන්ටවීව් යනවා. ඒ අතරේ මාසෙට 225ක වැටුපට පිරිවෙනක උගන්වමින් හිටියා.


මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ටවීව් ගියා. ඒ 1976 නොවැම්බර් 11 වැනිදා අපි යද්දී පේරාදෙණියේ ටවුමත් පාලූවෙලා. ඇහුවාම ආරංචිවුණා විශ්වවිද්‍යාලයේ කලබලයක් කියලා. පහුවදා උදේ තමයි ඉන්ටවීව් තිබුණේ. පාන්දරම නුවර පොලීසියෙන් ඇවිත් වෙඩි තිබ්බා. ඒ වෙලාවේ තමයි වීරසූරිය වෙඩිවැදිලා මැරුණේ.


පොලීසිය විශ්වවිද්‍යාලය ඇතුළේ. අපි කලබල මැද්දේ එළියට එද්දී මහින්ද දේශප‍්‍රිය (වත්මන් මැතිවරණ කොමිසමේ සභාපති* ඇතුළු ටීම් එකක් ගහක් කපනවා. ඇහුවාම කියනවා, පොලීසිය ඇතුළේ හිරකරන්න ගහ කපනවා කියලා. දැන් පොලීසිය ඇතුළේ හිරකරන්න ගිහින් උන් තව කෙනෙක්ට වෙඩිතියයි කියලා වාද කරලා අපි ඕක නැවැත්තුවා. කොහොමහරි එදා ඉන්ටවීව් හරිගියේ නැහැ. ගමේ ඇවිල්ලා පිරිවෙනේ ඉගැන්නුවා.


එකපාරක් වාණිජ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ තනතුරකට ඉන්ටවීව් ගියා. එතැනට ගියාම කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනගත්ත පී අකුරෙන් නම පටන්ගත්ත හාදයෙක් හිටියා. මගෙත් නම පටන්ගන්නේ පී අකුරෙන්නේ. මිනිහාව මම අඳුනනවා ඉන්ටවීව් ගිහිල්ලාම. ටික වෙලාවක් යද්දී අපට තේරුණා අපව ගන්නේ නැහැ කියලා. මාව ඇතුළට ගත්තාම, මාව බයකරලා වැඬේ පටන්ගන්න ලෑස්තිය. මම කළේ ප‍්‍රවාහන ආර්ථික විද්‍යාවනේ. ඒ ගැන දැනුමක් තිබුණු කෙනෙක් ඉන්ටවීව් බෝඞ් එකේ හිටියා. අපි උපාධිය කරන්න කටපාඩම් කරලා වමාරපු දේවල් මිනිහා මට එතැන පැහැදිලි කරන්න පටන්ගත්තා. ඊට පස්සේ මගෙන් ඇහුවා කඬේකට ගිහිල්ලා සල්ලි ගෙව්වාම කඩෙන් බඩු දෙනවා. දොස්තර මහත්තයෙක් හම්බවුණාම සල්ලි ගෙව්වාම සේවාව සපයනවා, මගෙන් ඇහුවා, දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාවට අලෙවි කරන්නේ මොනවද කියලා.


මම කල්පනා කරලා කිව්වා, ‘පරණ යකඩ බඩුනේ’ කියලා. ‘බොරුවට අපව රස්තියාදු කරන්න එපා. මෙහෙ දෙන්න ෆයිල් එක’ කියලා ෆයිල් එක අරගෙන මම එළියට ආවා.’

‘පිරිවෙනේ උගන්වමින්, ඉන්ටවීව් ගිය කාලයේ තමයි මගේ ජීවිතේට දේදුන්නක් පෑවුවේ. පන්සලේ හාමුදුරුවන්ගේ අක්කාගේ දුව තමයි ඒ. අපේ පේ‍්‍රම සම්බන්ධය ඒ පැත්තේ හරිම ප‍්‍රසිද්ධ වුණා. අපි බස්වල යනවා. බස් හෝල්ට්වල ඉන්නවා. මම කතෝලික පවුලක ඉපැදුණු නිසා හාමුදුරුවෝ මේ සම්බන්ධයට දැඩිවම විරුද්ධ වුණා. ඇයට කියලා තිබුණා ඇය කවදාහරි මියගියාම මිහිදන් කරන්න සිංහල ගමත් නැතිවේවි, කතෝලික ගමත් නැතිවේවි කියලා. ඒත් අපි මේක නැවැත්තුවේ නැහැ. ඔය අතරේ 1976 දී යාපනය විශ්වවිද්‍යාලයට සහකාර කථිකාචාර්ය තනතුරක් ලැබුණා. එහේ හිටියා මහාචාර්ය සුචරිත ගම්ලත්, මහාචාර්ය සුනිල් ආරියරත්න, ධර්මසේන පතිරාජ වගේ අය. පතීව ළඟින්ම ආශ‍්‍රය කරන්න පටන්ගත්තේ ඒ කාලයේ.


මේවා අස්සේ 1977 මැයි මාසයේ ජේ.ආර්.ට හයෙන් පහක ආණ්ඩුවක් ලැබුණා. අගෝස්තු මාසයේදී දෙමළ සිංහල කලබලයක් ඇතිවුණා. අපි එතකොට යාපනේ. කොළඹ ඉඳන් ගිය රාත‍්‍රී තැපැල් දුම්රියට ගහලා කෝච්චියේ ගිය මිනිස්සුන්ව කැපුවා. තුවාලකාරයෝ පිරිච්ච කෝච්චියක් තමයි උදේ පාන්දර යාපනයට ආවේ. ඉන්පස්සේ එහේ කලබල.


ඒ අතරේ මහාචාර්ය කෛලාසපති විශ්වවිද්‍යාලයේ ළමයින්ව විශ්වවිද්‍යාලය ඇතුළේම නවත්තගත්තා. සිංහල ළමයින්ට විශේෂ ආරක්ෂාවක් දුන්නා. ඇත්තටම ඒ ළමයින්ට බෝඩිම් දුන්න අයත් හරියට බැලූවා මේ ළමයින්ගේ ආරක්ෂාව ගැන. විශ්වවිද්‍යාලයට එදා ආවේ නැති සමහර ළමයින්ව එයාලා හංගලා ආරක්ෂා කළා. දවස් හතරකට විතර පස්සේ විශාල ආරක්ෂාවක් මැද්දේ අපව අනුරාධපුරේට ගෙනාවා. ? මම මගේ පේරාදෙණියේ යාළුවෙකුගේ ගෙදරක නිදාගත්තා. උදේ කෝච්චියක් දාලා අනෙක් අයව යවලා. මහාචාර්ය ගම්ලත්, පරිවර්තන නිලධාරියෙක් සහ මම විතරයි විශ්වවිද්‍යාලයේ අයගෙන් ඉතිරි.


දෙමළ ජාතික අනුරාධපුර ස්ටේෂන් මාස්ටර්ට ගහලා මරලා. ටවුමේ කඩ පුච්චලා. රත්තරන් බඩු කඩවල අළු කූරු ගගා මිනිස්සු කෑලි හොයනවා. අපි ස්ටේෂම පැත්තට එනකොට ආයෙත් කලබලයක්. මිනිස්සු පොදියක් වටවෙලා මැද ඉන්න කාට හරි ගහනවා. සෙනඟ කඩාගෙන අවුරුදු තිස්පහක විතර කාන්තාවක් දුවගෙන ආවා. මම ඒ කෙනාව අල්ලගත්තා. එයාට තේරුණා මම අල්ලගත්තෙ ආරක්ෂාවට බව. මට කිව්වා ‘කස්බන්ඞ් කස්බන්ඞ්’ කියලා. මේ දෙමළ කාන්තාවගේ සැමියාට තමයි අර ගහන්නේ. මම ඒ ගෑනු කෙනාව හංගලා ස්ටේෂම පැත්තට ආවේ අර සැමියාව බලන්න. එද්දී කෙනෙක් දුවගෙන ඇවිත් කිව්වා එහේ යන්න එපා, අන්න ඔයාට ගහන්න හොයනවා කියලා. මම එහෙමම ශ‍්‍රී මහා බෝධිය පැත්තට ගියා. පස්සේ ඉස්ටේෂමට මම එද්දී ගුටිකාපු මනුස්සයා එතැනම මැරිලා.

x x x x x

පසුව ඔහු සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙස රාජ්‍ය සේවයට බැඳුණේය. මුලින් සේවය කළේ අම්පාරේය. කලින් කී, පිරිවෙනේ පෙම්වතිය සමඟ විවාහ වුණේය. නීති ශිෂ්‍යාවකව සිටි ඇය නොබෝ කලකින්ම අම්පාරේ නීතිඥවරියක ලෙස සේවය කරන්නට පැමිණියාය. මාරුවීම් කිහිපයක් ලබමින් මැතිවරණ දෙපාර්තමේන්තුවේ සිටි ඔහු චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට බඳවාගත්තේය. ඔහු බැලූබැල්මට ශ‍්‍රීලනිප හිතවාදියෙකි. එහෙත් එතැනින් පසුව ගෙවුණු වසර විස්සක ශ‍්‍රීලනිප ආණ්ඩු සමයේදී ඔහු දිගින් දිගටම තමන් ස්වාධීන රාජ්‍ය පරිපාලකයෙකු බව ශ‍්‍රීලනිප ආණ්ඩුවලට ඔප්පු කළේය.


‘ජනාධිපති කාර්යාලයට ගියේ සහකාර ලේකම් කෙනෙක් විදියට. ඔය අස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්ලා හතරදෙනෙක් අයින් වුණා. ඒ පුටුවේ දෝෂයක් තිබුණා. එතකොට සනත් ගුණතිලක මාධ්‍ය උපදේශක. මටත් ඒ තනතුර දෙන්න හැදුවාම මම ප‍්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, මාධ්‍ය කියලා තනතුරක් දෙන්න කියලා ඉල්ලූවා.


අපි ඒ කාලයෙ හිතුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කියන්නේ රට බේරාගැනීමේ අවංක වුවමනාවෙන් ආපු ගැලවුම්කාරියක් කියලයි. ඒත් ඒක සීඅයිඒ එකෙන් වළක්වනවා කියලයි අපි හිතුවේ. සනත් ගුණතිලක කියන්නේ සීඅයිඒ එකේ වුවමනාවට රඟපාන චරිතයක් කියලා අපි හිතුවා. සනත්ව විවේචනය කළාම චන්ද්‍රිකා මැඩම් මට දොස් කිව්වා. දෙවැනි වතාවේත් දොස් කිව්වා. තුන්වැනි වතාවේ මම අයින්වුණා. ආයතන කිහිපයකට මාරු වුණා.


ඔය අස්සේ රූපවාහිනියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට චන්ද්‍රිකා මැඩම්ගේම උපදෙස් මත මම ගියා. මාස හයයි හිටියේ. එතකොට ජාතික රූපවාහිනියේ දවසට වියදම ලක්ෂ 20යි. ආදායම ලක්ෂ 6යි. රජයේ වෙළඳ දැන්වීම් ගොඩක් නොමිලයේ පළකළා. මම තීරණය කළා රජයේ දැන්වීම් වුණත් නිකන්ම පෙන්වන්නේ නැති බව. කාගේ හරි ප‍්‍රචාරණයක් කරනවා නම් මුදල් අයකරන බව.


මාස තුනක් යද්දී ලක්ෂ 10ක විතර ආදායමක් දවසට ලැබුණා. වියදම ලක්ෂ 16ට විතර අඩු වුණා. කොහොම වුණත්, මම තදින් වැඩ කරද්දී ප‍්‍රශ්න ඇතිවුණා. ‘අයි’ නාලිකාව පටන්ගන්න එක නිමිති කරගෙන මාතර ලොකු උත්සවයක් පවත්වලා තිබුණේ මම එන්න කලින්. ගෙවීම ආවේ මම ඉන්නකොට. මම ගෙවන්න බැහැයි කීවා. මංගල කතාකළාම මම කිව්වා මේක ඔයාලාගේ වැඩක්, ඔයාලා ගෙවන්න කියලා. මේවා එක්ක තරහ වර්ධනය වුණා. ජාතික රූපවාහිනියෙන් එළියට ගියා.’

x x x x x

ඔය අස්සේ මහින්ද රාජපක්ෂ මුල්වරට බලයට පත්වූ ජනාධිපතිවරණය ආවේය. ඔහුට අපූරු තනතුරක් ලැබුණි. ඒ එකල සිටි මැතිවරණ කොමසාරිස්වරයා වූ දයානන්ද දිශානායක මහතාගෙනි. ‘නිසි බලධාරියා’ ඒ තනතුරය. මාධ්‍ය ආයතනවල යම්කිසි දේශපාලන පක්ෂවලට වාසිදායක වන ප‍්‍රවෘත්ති හෝ වැඩසටහන් විකාශය කිරීම නැවැත්වීම නිසි බලධාරියාගේ කාර්යභාරයයි.


‘ඡුන්දෙට දවස් තුනකට කලින් තමයි මම වැඬේ බාරගත්තේ. ඔෆිස් එකක් හදාගෙන පළවැනි දවසේම වැඩ පටන්ගත්තා. ? ප‍්‍රවෘත්ති යනවා. ප‍්‍රවෘත්ති බල බලා පොතක ලියාගන්නවා. ජාතික රූපවාහිනියේ ප‍්‍රවෘත්ති විනාඩි 58ක් විතර ගියා. දිගටම යනවා පක්ෂවලට වාසි වෙන විවිධ ප‍්‍රවෘත්ති. මේ ප‍්‍රවෘත්තිවලම නැවත විකාශයක් ?ට යනවා. මම රූපවාහිනියේත් හිටපු නිසා කතාකරන්න ඕනෑ තැන මම දන්නවා. මම එතැනට කෝල් කරලා මේ මේ දේවල් එපා කියලා කැපුවා. අන්තිමේ ප‍්‍රවෘත්ති ගියේ විනාඩි 10යි.


මගේ වයිෆ් කෝල් කරපු වෙලාවේ මට කියනවා ජාතික රූපවාහිනිය හරි වෙනස් වෙලානේ. හොඳ පරණ සිංදු යනවානේ කියලා. මම කිව්වා ‘නිසි බලධාරියා, නිසි බලධාරියා’ කියලා.


පහුවදා උදේ ලලිත් වීරතුංග කතාකළා. එතකොට මහින්ද අගමැතිනේ. ලලිත් වීරතුංග අග‍්‍රාමාත්‍ය ලේකම්. මොනවද ඔය කරන්නේ කියලා ඇහුවා. ඔයාලා සර්විස් එකේ තව කල් තියන මිනිස්සුනේ අසෝකා. පරෙස්සමෙන් කරන දෙයක් කරන්න කියලා කිව්වා. නිහඬ තර්ජනයක්.’

x x x x x

අලූතින් පත්වූ මහින්ද රාජපක්ෂ ජනාධිපති නව අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කළ මොහොත වෙද්දී දිවයිනේම පරිපාලන නිලධාරීන් අතරින් අසෝක පීරිස් සුදුසුකකම් අතින් අංක එකේ සිටි පුද්ගලයාය.


‘අමාත්‍යාංශ ලේකම් ලැයිස්තුව හදන්න කලින් මට ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ කතාකළා පෞද්ගලික හිතවත්කමට. මගෙන් ඇහුවා මොනවද ඕනෑ කියලා. ඒත් ලිස්ට් එක අවුට් වෙද්දී මගේ නම නැහැ. පස්සේ ජෙයරාජ් මට කාරණේ කිව්වා. ඔයා අර නිසි බලධාරීකම් කරන්න ගිහින් කපලා නේද කියලා. අමාත්‍යාංශ ලේකම්කම නැහැ. එතකොට ලැබෙන පඩියත් අඩුයි. ආර්ථික වශයෙනුත් පාඩුයි. අවුරුදු දෙකකට විතර පස්සේ මට නොදී බැරිකමට ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයේ ලේකම්කම දුන්නා. මේක විශාල මුදලක් ගැවසෙන අමාත්‍යාංශයක්.’


අසාමාන්‍ය ලෙස වැඩි මුදලක් ඉල්ලූ ජාත්‍යන්තර මට්ටමේ ගනුදෙනුවක සීමාව ඉක්මවූ මුදල් ප‍්‍රමාණයක් ගෙවීම ඔහු ප‍්‍රතිික්ෂේප කර තිබුණි. ඔහු මහින්ද රාජපක්ෂගේ පවුලේ සමීපතමයෙකු හා එකල මෙවැනි ගනුදෙනුවල කේන්ද්‍රයේ සිටි අයෙකු ¥රකථනයෙන් කතාකොට බලපෑම් කළද ඔහු අවනත නොවීය. ඉන්පසුව ජනාධිපති ලේකම්වරයාගේ නියෝගයක්ද ඔහු නොතකා හැර තිබුණේ මෙවැනි ටෙන්ඩර් සම්බන්ධව එවැනි බලයක් ජනාධිපති ලේකම්වරයාට නැති බව නීත්‍යනුකූලව පෙන්වා දෙමින්ය. නැවත ඔහුට මාරුවීමක් ලැබුණි.

x x x x x

‘මම දේදුන්නක් ගැන කලින් කීවානේ. ඇය 2016 අගොස්තු මාසයේදී එක්වරම හෘදයාබාධයක් හැදිලා යන්න ගියා. මම කොළඹ හිටියේ. ඇය හිටියේ ගමේ. ඒ දවස්වල මම සීමා නිර්ණය කමිටුවේ වැඩ. මම ගෙදර යනකොට ලොකු පිරිසක් ගෙදර වටවෙලා. ඇය යන්න ගිහින්. කලින් ඇගේ ඥාති හාමුදුරුවෝ කීවානේ ඇයට මිහිදන් කරන්න තැනක්වත් නැතිවේවි කියලා. ඒත් ඒ පැත්තේ වැඩිම පිරිසක් ආපු අවමංගල්‍යයක් වුණේ ඒක. ඇයව මිහිදන් කරන්න ලැබිලා තිබුණු ඉඩ අඩි හතයි තුනක්. මම ටිකක් වයඹ ප‍්‍රධාන ලේකම්ට කතාකරලා අඩි අටයි පහක් විතර ඉල්ලූවා. සල්ලි ගෙවලා ඒ ඉඩ ගත්තා. මම රජයෙන් වාසියක් විදියට ගත්තේ ඒ මිනීවල විතරයි.’


ඔහු අද ඉන්නේ විශ‍්‍රාම සුවයෙන්ය. අප මුලින්ම කී ආකාරයේ දැවැන්ත නිවෙස්වල සිටින ඇතැම් හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන්ට නැත්තේ අසෝක පීරිස්ට තිබෙන හෘදය සාක්ෂියේ සැහැල්ලූවය. ‘සමහර පුරුදුවලින් ඈත් වෙන්න බෑ. උදේම නැගිටලා රැුවුල කපනවා. සපත්තු දානවා. කලිසම් අඳිනවා. ඒ පුරුදුවලින් ඉවත් වෙන්න බෑ. ඒ හැරුණාම කිසි ප‍්‍රශ්නයක් නැහැ. පොත් කියවනවා. ටීවී බලනවා. දේශපාලනය ගැන විවෘතව අදහස් දක්වනවා. මුණුපුරන්ව හම්බවෙනවා. ඒ හැරුණාම කිසි ප‍්‍රශ්නයක් නෑ.’x

කිතුනු මළමිනිවලින් පොහොට්ටු දේශපාලනය කරන කාදිනල් හිමි

0


රජයේ ඔත්තු සේවා දුර්වල කළ බවට කාදිනල් හිමි කියන කතාවද අලූත් කතාවක් නොව රාජපක්‍ෂලාගේ පරණ නිර්මාණයකි.

කාදිනල් මැල්කම් රංජිත් පියනමට ඇත්ත අභියෝගයක් තිබේ. ඒ පාස්කු ඉරිදා ප‍්‍රහාරය නිසා, සිය ආගමේ නිර්මාතෘ දෙවියන් ගැන ආගමේ භක්තිමතුන්ට ඇතිවී තිබෙන අවිශ්වාසය හා කලකිරීම සමනය කිරීමයි.


විශේ්ෂයෙන් මීගමුව, කටුවපිටිය ආසන්න ව ජීවත්වන, පාස්කු ඉරිදා ප‍්‍රහාරයේදී ජීවිත අහිමිවීම්, තුවාල ලැබීම් හා අනෙකුත් විවිධ අතවරයන්ට මුහුණ දුන් කතෝලික ජනතාවගෙන් සමහරුන්, තමන් මුහුණ දුන් ඒ අතෝරයන්ගෙන් මුදාගැනීමට දෙවියන් වහන්සේ අසමත්වීම නිසා ඇතිවූ කලකිරීමත්, කතෝලික ආගම කෙරෙහිත් එහි නිර්මාතෘ දෙවියන් ගැනත් ඇති විශ්වාසය පළුදුවීමත් නිසා, සුරුවම් වන්දනාව අත්හැරීම, පල්ලියට යෑමෙන් වැළකීම, ආගමික කටයුතුවලින් ඉවත්වීම වැනි ප‍්‍රතිචාර දක්වන බව ආරංචි වෙයි. ඇත්ත වශයෙන්ම, කාදිනල්වරයා, මේ ප‍්‍රහාරය වැළැක්වූයේ නැත්තේ ඇයිදැයි ඇසිය යුත්තේ තමාගේ දෙවියන්ගෙන්මය. මේ භක්තිමතුන් පාස්කු ඉරිදා, කටුවපිටිය හා අනෙකුත් පල්ලිවලට ආවේ යේසුන් වහන්සේගේ උත්ථානය සැමරීම සඳහාය. තම දිව්‍ය පුත‍්‍රයාගේ මරණයෙන් මතු උත්ථානය සැමරීමට තමාගේම ශුද්ධ භූමිය වූ පල්ලියට පැමිණි භක්තිමතුන්, සිය ගණනක් සැණෙකින් ඝාතනයට ලක්වීම දෙවියන් වහන්සේට වළක්වා ගන්නට ඉඩ නොතිබිණිද? නැතිනම්, ඔවුන් එසේ ඝාතනය වීම දෙවියන් වහන්සේගේ කැමැත්ත වීද? ඔවුන් ස්වර්ග රාජ්‍යය වෙත, ‘ප‍්‍රාණ පරිත්‍යාගීන්’ හැටියට එකතු කර ගැනීම දෙවියන් වහන්සේගේ අභිලාෂය වීද?


මිනිසුන් හැකි ඉක්මනින් තමා වෙත කැඳවාගැනීම දේව කැමැත්ත නම්, ඔවුන් ප‍්‍රාණ පරිත්‍යාගීන් නම්, එනිසාම ඔවුන් සාන්තුවරුන් බවට පත්වී ඇති නම්, ඔවුන් වියෝවීම නිසා දුකට, සන්තාපයට පත්විය යුත්තේ ඇයි? ජීවත්වනවාට වඩා හොඳ තත්ත්වයක් ලබාදීමට දෙවියන් ඔවුන් ස්වර්ගය වෙත කැඳවාගත් විට, ඒ වෙනුවෙන් දුක් මෙහෙය පැවැත්විය යුත්තේ ඇයි? ඒ දුක උත්කර්ෂයට නැංවිය යුත්තේ ඇයි? මේ ප‍්‍රශ්න, ‘නිරාගමිකයන්ගේ සාහසික ප‍්‍රශ්න’ ලෙස පැත්තකට දැමිය හැකි නමුත්, මෙවැනි විනාශයකින් පසු, විශේෂයෙන් කවර හෝ ආගමක සිද්ධස්ථානයක් තුළ වුණු මෙවැනි විනාශයකින් පසු, එවැනි ප‍්‍රශ්න මතුවීම සාධාරණය.


එනිසා, පල්ලියට පැමිණි ඒ බැතිමතුන් සිය ගණනට මිය යෑමට සැලැස්වීම, දෙවියන් කෙරෙහි වන භක්තිය අභියෝගයට ලක් කරන්නේද? උත්තරය ‘ඔව්‘ ය.


කාදිනල්වරයා එක අතෙකින් මුහුණදී සිටින්නේ තම ආගම කෙරෙහි වියැකී ගොස් ඇති මේ භක්තිය පිළිබඳ ප‍්‍රශ්නයට පිළිතුරු දිමේ දුෂ්කර තත්ත්වයටය. ඇත්ත වශයෙන්ම ඊට දිය හැකි සාධාරණ පිළිතුරක් නැත. ඒ නිසා, ඊට වෙනත් පිළිතුරක් ලබාදීම අවශ්‍යය. ඔහුගේ් පිළිතුර වන්නේ, මේ විනාශය වළක්වාගත හැකිව තිබුණු (දෙවියන් හැරුණු කොට* වෙනත් අය (මිනිසුන්* සිටින බවත්, ඔවුන් සිය වගකීම හරිහැටි නොකිරීම නිසා විනාශය වුණු බවත්ය.


ලාංකික කිතුනු ජනතාවගේ නායකයා බවට ස්වයං උත්කර්ෂයෙන් පත් සිටින (ඔහු ලංකාවේ කිතුනු ජනයාගේ එකම නායකයා නොවේ. කොළඹ පදවියේ රදගුරු වන ඔහු අනෙක් පදවිවල සිටින රදගුරුවරුන් අතර සමානයෙකි. ඒ ඒ පදවියේ බලය ඇත්තේ ඒ ඒ පදවියේ රදගුරුටය. එනිසා ඔහු කතෝලික නායකයන් අතර එක් කෙනෙකි. එකම වෙනස නම්, ඍජුවම වතිකානුවෙන් ලැබෙන කාදිනල් පදවියක් ඔහුට හිමිවී තිබීමයි. කාදිනල් පදවිය ලබන්නන් සුවිශේෂ වන නමුත්, ඔවුන්ට විශේෂ ආගමික හා සිවිල් බලයක් ලැබෙන නමුත්, අත්‍යවශ්‍යයෙන්ම ඔහු කතෝ්ලික ජනතාවගේ එකම නායකයා නොවේ. රදගුරු පදවිය දැරීමට කාලසීමාවක් තිබේ. එහෙත්, වතිකානුවෙන් ඍජුවම ලැබෙන කාදිනල් තනතුර දිවි ඇති තෙක් දැරිය හැක්කකි. පාප් වහන්සේ කෙනකු පත්කිරීමේදී කාදිනල්වරයකුට ඡුන්දයක් හිමිය.* මැල්කම් රංජිත් පියනම, සිය අනුත්තර නායකයා හැටියට පිළිනොගන්නා කිතුනු ගිහි පැවිදි දෙකොටසම හැමදා සිටි අතර, මේ වන විට ඔහුගේ හැසිරීම ගැන බලවත් විවේචනයක් දක්වන කතෝලික භක්තිවන්තයන්ගේ ගණන වැඩිවෙමින් තිබේ

.
ඊට බලපා ඇත්තේ, කාදිනල් මැල්කම් රංජිත්ගේ දේශපාලන ප‍්‍රකාශයි. ආගමික නායකයන්ට දේශපාලන ප‍්‍රකාශ කළ නොහැකියැයි කිසිවෙකු කියන්නේ නැත. එහෙත්, එවැනි ගෞරවයට පත්වූවකු, කිසිම පදනමක් නැති, ආධානග‍්‍රාහී, පාක්‍ෂික, සමහර විට සිය ආගමික සංස්ථාවේ ප‍්‍රතිපත්තිමය කාරණාවලට පවා එරෙහි, කරුණු හැටියටත් වැරදි දේ කියන කරන විට ඒ හැසිරීමේ මූලය කුමක්දැයි සොයාබලන්නට සිදුවීම සාධාරණය. ඒ විදියට කාදිනල් හිමි කියන කරන දේ සලකන විට, බැලූබැල්මට පෙනෙන්නේ, ඔහුගේ කටින් පිටවන්නේ පොහොට්ටුවේ හෙවත් මහින්ද රාජපක්‍ෂලාගේ හඬ බවයි.
කටුවාපිටිය දේවස්ථානය නැවත ආගමික මෙහෙය සඳහා විවෘත කිරීමෙන් පසු කාදිනල්වරයා කළ කතාව, කිසිවකු විසින් ඔහුට කඩපාඩම් කරවූවාක් වැන්න. මනුවර්ණ එසේ කියන්නේ, ඔහු පොතක් බලාගෙන එහි ඇති දේ කියවූ නිසා නොවේ. ඔහුගේ අදහස්, මෙවැනි මොහොතකදී වෙනත් කාටවත් කියන්නට වුවමනා වී තිබුණු දෙයක් කාදිනල්ගේ කටින් කියවූවාක් වැනි හැඩයක් පෙනෙන නිසාය.


ඔහුට අනුව, ‘රටේ දැන් සිටින නායකයන්ට කොන්ද පණ නැත. මේ පිරිස කොන්ද පණ ඇති පිරිසකට පාලන බලය ලබාදී ගෙදර යායුතුය.’
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සමග නායකයන්ගේ කොන්දේ ඇති සම්බන්ධය කුමක්ද? කොන්ද පණ ඇති නායකයෝ සිටියෝ නම්, දෙවියන් වහන්සේටවත් වළක්වාගත නොහුණු පාස්කු ප‍්‍රහාරය වළක්වාගත හැකිව තිබුණිද? නායකයන්ට කොන්ද පණ නැති නම්, සර්ව බලධාරී දෙවියන් වහන්සේට, ඒ වගකීම භාරගෙන සිය බැතිමතුන් මරණයෙන් වළක්වා ගත හැකිවී නොතිබුණිද?


දැන් ඉන්නේ කොන්ද පණ නැති නායකයන් බව අලූතෙන් කිව්වේ කාදිනල් හිමි වුණත්, හැමදාම එය කියන්නේ රාජපක්‍ෂලාය. (රාජපක්‍ෂලාගේ කොන්දේ ඇති පණ ගැන, අත්තිඩියේදී ඝාතනය කෙරුණු ලසන්ත වික‍්‍රමතුංගගේ පටන්, රතුපස්වලදී ඝාතනය කෙරුණු අහිංසකයන් තිදෙනා, යාපනයේදී ඝාතනය කෙරුණු නිමලරාජන් හරහා කටුනායකදී ඝාතනය කෙරුණු රොෂේන් චානක දක්වා පිරිස විසින් කියා දී තිබේ. ලසන්ත කතෝලිකයෙකි. රතුපස්වලදී හමුදාව, ආරක්‍ෂාව පතා දිවගිය අහිංසකයන්ට එලව එලවා පහරදුන්නේ, වෙඩි තැබුවේ, වැලිවේරිය කතෝලික පල්ලියේ දේව මණ්ඩපයටත් හානි කරමිනි. රොෂේන් චානකත් කතෝලිකයෙකි. ඒ රාජපක්‍ෂ භීෂණ කාලයේ කාදිනල් රංජිත්ගේ කටට මෙවැනි පණක් තිබුණා අප දැක නැත.* එනයින්, කාදිනල් හිමිගේ කටින් ආවේ අන් කිසිවක් නොවේ, රාජපක්‍ෂලාගේ හඬය.

රාජපක්‍ෂලාගේ පණ ඇති කොන්ද ගැන හොඳින් දන්නා රටට, කුමන වැරදි ඇතිවා වුණත්, දැන් ඉන්නා පන්නයේ නායකයන් ලැබීම වාසනාවකි. ඔවුහු ජාතිවාදියෝ නොවෙති. ආඥාදායකයෝ නොවෙති. කාදිනල් හිමිගේ සිහින නායකයන් පිරිස අපේ‍්‍රල් 21වැනිදා වන විට බලයේ සිටියේ නම්, එදිනෙන් පසු ආරම්භ වීමට නියමිතව තිබුණේ රජය විසින් අනුදක්නා ලද, පහසුකම් සපයන ලද හා ආරක්‍ෂාව සපයන ලද මහා මුස්ලිම් සංහාරයකි. මුල් අවස්ථාවේදී සහජීවනය ගැන දෙසූ කාදිනල් හිමි පසුව මීගමුවේදී මුස්ලිම් විරෝධී සැකසංකා ඇතිවන ආකාරයෙන් කතාකළ හැටි කවුරුත් දනිති. අදටත්, කතෝලික පල්ලියේ පාදිලිවරුන් මුස්ලිම් විරෝධයක් තම පල්ලිය හරහා පතුරන බව ප‍්‍රසිද්ධ ඇත්තකි. පෙර කී ආකාරයේ මුස්ලිම් සංහාරයක් සිදුනොවන තැනට වැඩ සැලසීම ගැන ස්තුතිවන්ත විය යුත්තේ දෙවියන්ට නොවේ. 2015 දේහපාලන වෙනස ඇතිකළ ජනතාවටය. ඊට දායකවූ නායකයන්ටය.


රජයේ ඔත්තු සේවා දුර්වල කළ බවට කාදිනල් හිමි කියන කතාවද අලූත් කතාවක් නොව රාජපක්‍ෂලාගේ පරණ නිර්මාණයකි. පාස්කු ප‍්‍රහාරය වුණේ ඔත්තු අංශවල දුර්වලතාවක් නිසා නොවන බව සාමාන්‍ය සිහිබුද්ධියක් තිබෙන, සාධාරණ ලෙස හිතන ඕනෑම කෙනෙක්, අඩු ගණනේ මේ වන විට දනිති. ඒ ගැන තේරුම් ගැනීමට අවශ්‍ය කරුණු කාරණා මේ වන විට මහජන පරිමණ්ඩලයේ ඕනෑ තරම් තිබේ. එසේ තිබියදී, මාස තුනකට පසුවත්, ඔත්තු සේවා දුර්වල කිරීමක් ගැන කාදිනල්වරයා මතුරන්නේ, ඔහුට සිහිබුද්ධිය අහිමිවීමෙන් නොවේ. රාජපක්‍ෂ අගතීන්ගෙන් හිස පිරී ඇති බැවිනි. කාදිනල්වරයා මේ කරන්නේ, ඊළඟ ජනාධිපතිවරණය දක්වා යන පොහොට්ටු දේශපාලනය පෝෂණය කිරීමකක් මිස අන් කුමක්ද?


අනෙක් අතට, පාස්කු ප‍්‍රහාරයේ වගකීම පැහැර හැරීම ගැන සොයන්නට මේ වන විට පරීක්‍ෂණ කිහිපයක්ම පැවැත්වෙයි. ජනාධිපතිගේ කමිටුව මූලික සෙවීම කළ අතර, දැන් පාර්ලිමේන්තු කාරක සභාවක් ඒ ගැන පරීක්‍ෂා කරයි. ඒ අතර නීතිපතිවරයාගේ නියමය පරිදි, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශන අනුව, අපරාධමය වශයෙන් වගකිව යුතු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. ඒ අතර, මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක්ද විභාග වෙයි. රටේ සාමාන්‍ය නීතිය හා අධිකරණ පද්ධතිය ඇතුළේ ගතහැකි උපරිම ක‍්‍රියාමාර්ග මේ ආකාරයෙන් ගෙන තිබේ. කාදිනල් රංජිත් කියන්නේ මේ කිසිවකින් තමා සෑහීමට පත්නොවන බවයි. ඉතින් ඔහු සෑහීමට පත්කළ හැක්කේ යළිත් බලයට ගෙන ආවොත්, රාජපක්‍ෂවරුන්ටම පමණකි.


අයිසිස් නායකයා පිටරටක ජීවත්වන බවටද කාදිනල් හිමි එහිදී බොරුවක් කීවේය. ඒ ජාතිවාදය වපුරන ‘දිවයින’ පුවතක් මත පිහිටාය. මේ ප‍්‍රහාරය කළවුන් හා අයිසිස් සංවිධානය අතර සම්බන්ධයක් නැති බවත්, තමන් සංවිධානයක් හැටියට පිළිගන්නා ලෙස සහරාන් ප‍්‍රමුඛ කල්ලිය අයිසිස් සංවිධානයෙන් ඉල්ලා තිබුණු නමුත් ඊට ප‍්‍රතිචාර ලැබී නොතිබුණු බවත්, පාර්ලිමේන්තු කාරකන සභාව ඉදිරියේ සාක්‍ෂි දුන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න කීවේය. එවැනි තත්ත්වයක් තිබියදී, පිටරටක ඉන්නා අයිසිස් නායකයකු ගැන කාදිනල් හිමිට දිව්‍ය ඥානයක් පහළ වුණේ කෙසේද? ඒ ඥානය අපේ‍්‍රල් 21 වැනිදාට පෙරත් ප‍්‍රයෝජනයට ගෙන, පාස්කු ඉරිදා දේව මෙහෙයයන් නවත්වා මේ විනාශය වළක්වාගත හැකිව තිබුණේ කාදිනල් හිමිටම නොවේද?


එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන, මානව අයිතිවාසිකම් ගැන ඔහු කියන දේ, හුදෙක් නොදැනීම නිසා කියන ඒවා නොවේ. රෝමයේම නැවතී සිට බයිබලය හොඳින් හදාරා, ලෝකයට විවෘතවී ඇති, භාෂා හයකට වැඩි ගණනක් දන්නා කාදිනල්වරයා, ජාත්‍යන්තර සම්බන්ධතා ගැන හොඳින් දනියි. එහෙත් දැන්, ලෝකයේ කවුරුත් දන්නා ඇත්ත, ලංකාවේ අහිංසක නොදැනුවත් මිනිසුන් ඉදිරියේ නැත්ත බවට පත්කරමින් සිටියි. ඒ ඔහුගේ ජීවිතයෙන්ම කැපවී ඇති බව පෙනෙන රාජපක්‍ෂවරුන් බලයට ගෙනඒමේ ව්‍යාපෘතිය මුදුන් පමුණුවා ගැනීම සඳහාය.

දේශපාලනයට කොටු වූ භික්‍ෂු සමාජයේ කරුමය

0

රන්ජන් රාමනායකගේ ප‍්‍රකාශය නිසා සංඝ සමාජයට යම් අවමානයක් සිදුවීද? රන්ජන් කළ ප‍්‍රකාශයෙන් සංඝ සමාජයට සිදුවූ අවමානය මෙහිදී එව බලව යන බෞද්ධ ඉගැන්වීම ගුරුකොට විමසා බැලෙයි.


මිරිහාන පොලිසියේදී රන්ජන් රාමනායකට සටන්කාමී භික්‍ෂු පිරිසක් හමුවිය. එහිදී මිත‍්‍රශීලීව එක් භික්‍ෂුවක් රන්ජන්ට කීවේ වැරදි කළ අයට ඒවා කියන ලෙසය. අස්ගිරියට ගොස් රන්ජන් සමාව ගත්තාට කළ චෝදනාවල ඇත්ත නැත්ත එසේමය. වැරදි සිදු කිරීම සහ සිදුවීම මිනිසුන්ට අනන්‍ය ලක්‍ෂණයකි. ඒවා ගිහි පැවිදි ස්ත‍්‍රී පුරුෂ ආගමික දේශපාලනික භේදයෙන් ආපසු දමාගැසීම යහපත් නැත. ඒ අර්ථයෙන් රන්ජන් මිනිස් සංහතියෙන්ම සමාව ගත යුතුු වේ. ඒ ප‍්‍රකාශයට තටු ලැබී ඉගිලූණේ සමහර භික්‍ෂුන් මාධ්‍ය රිද්මයට පාරේ කාවඩි නැටීම නිසා ය.


ථේරවාද පනත, ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් භික්‍ෂු සමාජයේ යහපැවැත්ම අපේක්‍ෂාවෙන් කළ යෝජනාවකි. අස්ගිරි පන්සලේ සමහරු ඊට අදත් විරුද්ධය. හේතුව, මහින්ද රාජපක්‍ෂ ඊට විරුද්ධ වීමය. තේරුම, භික්‍ෂු සමාජයට ආවේණික ශික්‍ෂණය ගුණගරුකභාවය පිළිබඳ දිග පළල තීරණය කිරීම නාහිමිවරුන් රාජපක්‍ෂලාට පවරා ඇති බවය. එවැනි පසුබිමක රන්ජන්ලාද බඩ පිනුම් ගසති. මාධ්‍යයෙහි සැරිසරන භික්‍ෂූන් අතර, සිය සිරුරෙහි කොටාගත් ඇග මස් විනිවිද ගිය පිහියක රූපය සහිත පච්චය වැසෙන්නට පාරුපන සම්ප‍්‍රදායකට අනනුකූලව, සිවුරක් පටලා ගත් පච්චකාරයෙක්ද නිතර අතපය විසි කරයි. දද කුෂ්ට කබර පච්ච සිරුරේ ඇති එවුන් පැවිදි නොකිරීම සාසනික රීතියකි. දේශපාලන නිල් බාල්දියේ වැටුණ මේ නරියාද තෙයිය සංවාසිකයෙකි.

අටුලූගම ෆාතිමා හයිෆා පිළිබඳ සිද්ධිය ගැන ලියන ‘අනිද්දා’ පත‍්‍රයේ කේ. සංජීවට අනුව, එය දැලි පිහියෙන් කිරි කෑමකි. රන්ජන්ට එරෙහි භික්‍ෂු විරෝධය ගැන කතා කිරීමද, එතරම්ම අවදානම් ය. ෆාතිමා හයිෆා කළ වරද, බෞද්ධයෙකු කසාද බැඳීම නොවේ. ඒ පුද්ගලයා මුස්ලිම් ආගම වැළඳ නොගැනීමය. ෆාතිමා හයිෆාගේ පවුල මුස්ලිම් සමාජයේ විරෝධයට ගොදුරු වන්නේ ඒ නිසාය. මුස්ලිම් සංස්කෘතියට එරෙහිව ඇය පල්ලි නොගියේලූ. කළු නොඇන්දේලූ. දරවන් සිංහල පාසලට යැව්වේලූ. බයික් පැද්දේලූ. මේ කරුණු හෙළිකළ පසුව ෆාතිමා හයිෆා, ලිංගික ශ‍්‍රමිකයෙකු බව කීහ.

එය කාන්තාවකට එරෙහි බරපතළ අපහාසයකි. ඇයගේ සැමියා මුස්ලිම් ආගම වැළඳ ගත්තා නම්......, රන්ජන් අස්ගිරි පන්සලට ගියා මෙන් සියල්ල අවසන්ය. සිද්ධාර්ථ ගෞතමයන් සූස්ති උරා බිව් බව කී, භික්‍ෂූන්ට අපහාස කළ රන්ජන්ගේ කුණු කතාව ගෙන්ගෙට බෙ¥, ‘දෙරණ’ හිමිකාර දිලිත් ජයවීර ගැන භික්‍ෂුවක් තබා පච්ච කාරයෙකුවත් කට හෙල්ලූවේ නැත. අස්ගිරියට කැඳවූයේද නැත. හේතුව දිලිත්ගේ දේශපාලනය රන්ජන්ගේ දේශපාලනයට වෙනස් නිසාය. මුස්ලිම් කාන්තාවකට තමන් කැමති සැමියෙකු තෝරා ගැනීමේ අයිතිය මෙන්ම, දිලිත් ජයවීරට ඇති සිවිල් අයිිතිය රන්ජන් රාමනායකටද තිබිය යුතු වේ. මෙහිදී මුස්ලිම් ප‍්‍රජාව සහ බෞද්ධ භික්‍ෂුව කරන්නේ එකම වරදකි. අටුලූගම ෆාතිමා හයිෆාවත් රන්ජන් රාමනායකවත් ගස් බැන්දේ බෞද්ධ මුසල්මාන මූලධර්මවාදීන් නොවේද? හිරබත් කමින් සිට, සිරිසේන නිසා, සිවුර බේරාගත් ගලගොඩඅත්තේ රන්ජන්ගේ කනට ගසනවා කීම පච්චකාරයෙකුට මිස භික්‍ෂුවකට නොගැළපේ. අපරාධ නඩුවක චුදිතයෙකු වී දකුණු පළාතෙන් පලා ගිය මිගෙට්ටුවත්තේ සුමිත්ත භික්‍ෂුවට මල්වතු විහාරයෙන් උපසම්පදාව නොලැබිණ. රාජපක්‍ෂ නිර්දේශයෙන් සුමිත්තට උපසම්පදාව සමග නායක පදවියක්ද සමග අස්ගිරි පාර්ශ්වයෙන් ලැබිණ.

එකී මිගෙට්ටුවත්තේ සුමිත්ත වර්තමානයේ වයඹ පරිවේනාධිපති සංගමයේ ලේඛකාධිකාරි මෙන්ම, කල්පිටිය ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ප‍්‍රධානියෙකි. මල්වතු මහ නාහිමියන් තායිලන්තයට වැඩම කර සිටියදී 2017 ඔක්තෝබරයේ මහනුවර රන් අවුද මණ්ඩලයේදී නැති ව්‍යවස්ථාවකට එරෙහිව විදේශගතව සිටි මල්වතු මහ නාහිමියන් සහභාගි වුණා කියමින් ප‍්‍රකාශ නිකුත් කළ පච්චකාරයා කවුද? ගල්කිස්සේ මියෙන්මාර් සරණාගත කඳවුරට පහර දී අත්අඩංගුවට පත් ව්‍යාජ ගිහි හැඳුනුම්පත්ද සන්තකයේ තිබී අසුවූ අරඹේපොල රතනසාර කුමන නිකායකට අයත් භික්‍ෂුවක්ද?

නිල් බාල්දියේ වැටුණ නරියා පන්නා දැමීමට හිවලූන්ට පැවති ශක්තිය සාසන ගෞරවය නිසා මෙහිදී තක්සේරු කරන්නේ නැත. වර්තමාන සංඝ සමාජය මෙවැනි පල් හොරුන්ගෙන් අසෝබනව පවතී. මාගම් සෝලියකදී මෙන්ම, දේශපාලනයෙදී භික්‍ෂුන් ගරු නම්බු අපේක්‍ෂා නොකළ යුතු වේ. රන්ජන්ගේ කතාව ඇසූ සමහර පච්චකාරයෝ, සිරිකොත වටලනවා කියා තර්ජනය කළහ. රාජිත සේනාරත්නලාට ගම්පහ වෙහෙර විහාරවලට තහංචි පැනවූ ගම්පහ ශාසනාරක්‍ෂක මණ්ඩලයේ තනතුරුලාභී තෙය්‍ය සංවාසිකයා පහලගම සෝමරතන නම් වේ. හෙතෙම මහා බි‍්‍රතාන්‍යයේ අයිස්ල්වර්ත් අධිකරණය විසින් ළමා අපචාර සම්බන්ධව වැරදිකරු වී දඬුවම් ලැබීය. ඔහුද රාජපක්‍ෂ දේශපානයේ සිවුර එතූ බර අවියකි. රාජපක්‍ෂට කඬේ යන කුද්දටියේ ගිරිමානන්දලා, කිහිල්ලේ මයිලානන්දලා යටිගිරියේ බුද්ධඝෝෂලා කළ යුත්තේ සිරිකොත වැටලීම නොවේ. ස්වකීය නිකායික මූලස්ථාන වටලා මේ පල් හොරුන් පන්නා සසුන ආරක්‍ෂා කර දෙන ලෙස නායක කාරකාදින්ට බල කිරිමය. ථේරවාද පනත එපා කියන චීවරධාරීන් පන්සලෙන් එළවා ගන්ට මහ නාහිමිවරු අසමත්ය. වරක් උඩුවේ ධම්මාලෝක සහ අතුරලියේ රතන ආදි රාජපක්‍ෂ නිකායේ භික්‍ෂුන් මල්වතු මහ නා හිමියන්ට තර්ජනය කළේ රාජපක්‍ෂලාගේ උවමනාවටය. 2004දී පාර්ලිමේන්තුවේදී රාජපක්‍ෂලාගේ වාසියට මර්වින් සිල්වා කොලොන්නාවේ සුමංගල හිමියන්ගේ වෘෂණ කෝෂ මිරිකා දැමූ අවස්ථාවේ කුද්දටියේ ගිරිමානන්දලා, යටිගිරියේ බුද්ධඝෝෂලා බලා සිටියා මිස කටක් හෙල්ලූවේ නැත. උතුරු දෙමළ ජාතික මන්තීී‍්‍රවරියක ඊට විරුද්ධ වුණා මිස, පවිත‍්‍රා වන්නිආරච්චිලා හැරී බැලූවේද නැත.

ජනවාරියේ රාජපක්‍ෂලා එළවා දැම්මාහ. තේරවාද පනත නීතිගත කිරිමට දෙවරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. එය සම්මත වී නම් සංඝ සමාජයට මේ හෙණය වදින්නේ නැත. භික්‍ෂුන් දේශපාලනයට පිවිසීමට තහනම් කරමින් නවසිය හතලිස් ගණන්වලදී සියම් මහ නිකාය නිවේදනයක් නිකුත් කළේය. ප‍්‍රකට මාධ්‍යවේදී හේමපාල මුනිදාස කීවේ, එවැනි නිවේදන නිකුත් කිරීමට වඩා පන්සල් මළුවේදී සැදැහැතියන්ගේ පයට පෑගෙන ඇසට පෙනෙන අරක්කු බෝතල් මූඩි ඉවත් කිරීම වඩා වැදගත් බව ය. 1956දී සර් ජෝන් දුස්සීලයන්ගේ තට්ටයේ තාර ගාන්නට කතා කළේය. හතලිස් පනස් ගණන්වල අත්දැකීම් අපට නැත. නවසිය හැට ගණන්වල නම්, කැලණි විශ්වවිද්‍යාල ශිෂ්‍ය ගහනයෙන් අඩකට ආසන්න වූ ශිෂ්‍ය භික්‍ෂූන් දැක්මෙන් ප‍්‍රසන්න වූහ. පැවැත්මෙන් සුපේෂල ශික්‍ෂාකාමී වූහ. සාමාන්‍ය භික්‍ෂුන් වහන්සේ අදටත් එසේම බව ගෞරවයෙන් කිව යුතුය. 2016 පළවූ ්‍යෑ නම් සගරාව ‘‘ඔබේ දේශපාලන වීරයා රනිල්ද මෛති‍්‍රද විජයද’ විමසීය. ‘මගේ වීරයන් ගෞතම බුදුරජාණන් වහන්සේ සහ යේසුස් කි‍්‍රස්තුස් වහන්සේ’’ යන්න රන්ජන්ගේ පිළිතුර විය. වරද හේමපාල මුනිදාසලාගේ සර් ජෝන්ලාගේ, රන්ජන් රාමනායකලාගේ නොවේ. ථේරවාද පනත වැළකීීමට රාජපක්‍ෂලාට උදව් දෙන කාසාව කණ්ඨකයන්ගේය.


භික්‍ෂුන්ට නාම යෝජනා නොදීමේ එජාප ස්ථාවරය අදටත් එසේමය. ඊට සාපේක්‍ෂකව රාජපක්‍ෂලා භික්‍ෂුත්වය අවභාවිත කරමින් සිටිති. තෝරා ගත හැක්කේ මහින්දට කඬේ යාම හෝ භික්‍ෂු ගෞරවය රැුක ගැනීම යන දෙකින් එකකි. ඒ දෙකම කළ නොහැකි නම් බුද්ධ කාලයේ චබ්බග්ගිය භික්‍ෂුන් අනුව යමින් හතර පාරාජිකා ආදි භික්‍ෂු විනය සංශෝධනය කර චීවරයෙන් වසා ගත හැකි අපචාර ලැයිස්තුවක් ගැසට් කරවා ගතයුතුු වේ. රට තුළට මහා බි‍්‍රතාන්‍යයේ අපද්‍රව්‍ය ගෙනඒමට අවසර දුන් පාලකයන් මෙය කරනවාමය. මේ ආරවුල බේරීම සඳහා, භික්‍ෂුන් රටේ නීතියට යටත් නැති බවට සංඝානත්තියක් නිකුත් කිරීම හෝ ථෙරවාද පනත සම්මත කොට නිකාය කතිකාවත් නීත්‍යනුකූල කිරීම යන එක් පියවරක් වහා ගැනීමට ත්‍රෛනිකායික මහා සංඝයා වහන්සේ පියවර ගත යුතුවේ.x

x නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න