No menu items!
19.9 C
Sri Lanka
21 August,2025
Home Blog Page 393

නගරෝද්‍යාන, සූර්යාලෝක සහ සන්ධ්‍යාලිංගන

0

තද අව් රැුසින් පෙලෙමින් සිටින විටෙක මෘදු වළාකුළක් පැමිණ සූර්යයා ආවරණය කර සිහිල් පොද වැස්සක් අප දෙසට විසි කරද්දී දැනෙන්නේ කවරාකාර මිහිරියාවක් ද? යුරෝපාකරයේ ඇතැම් රටක ශීත සෘතුව මඳක් එකෙල මෙකෙල වන විට ලා උණුසුමැති හිරු එළිය විහිදී දහවලක් ප‍්‍රබෝධ කරන විට දැනෙන්නේ ද එබඳු ම මිහිරියාවකි. ඒ සූර්යාලෝකය වූ කලී ගත පෙළන අව් කාස්ටකයක් නොව සිතෙහි ආසා පණගන්වන, දිවිය සොම්නසකින් සම්බාහනය කරවන ජීවී රශ්මියකි. සීතල අවකාශයට හිරුගේ හුස්ම වැටෙන එවැනි සුන්දර දිනවල, ලෝම පොරෝනා සහ කෘත‍්‍රිම උණුසුම් කුටීර තුළින් පිටතට පැමිණෙන නගරවාසීහු ප‍්‍රබෝධයෙන් ඉපිලෙමින් නගර මධ්‍යයේ ඇති උද්‍යානවල ඇවිදිමින්, රංචු ගැහෙමින් හෝ වැතිරෙමින් ඒ උණු හිරු පහසින් රිසි සේ අස්වැසෙති.

එලෙස සොබාදහමෙන් පිදෙන මේ සිහින් සුවය පුරවැසියන්ගේ එක්තරා සමාජ පැවැත්මකට මුල් වෙයි. හිරු මුදුන් වී කෙමෙන් පල්ලම් බසින්නට පටන් ගත් ම මේ සොඳුරු නගරවල වැසියෝ හොඳින් ඇඳ පැළඳගෙන සිය සමීපතමයන් සමග වීදි දිග හෝ උද්‍යාන-පිට්ටනි ආදියෙහි රැුඳී සතුටු සල්ලාපයෙන් පැයක් දෙකක් ගෙවා දමති. අදක ඊයේක සිට නොව වස් සියවස් ගණනක් තිස්සේ දේශගුණ සෘතු වෙනස සමග පැවැත ආ මේ පැවතුම එක්තරා අයුරකින් සංස්කෘතික කාරණාවකි. මග අයිනේ හිරු එළියට ක‍්‍රමයෙන් අත හැරෙමින් යන කුඩා පුටු මේස පුරවමින්, ගං ඉවුරේ තණනිල්ලේ සැනසිල්ලේ වාඩි ලා හිඳිමින් හෝ දිවා විවේකයේදී සුළු අහරක් සමග කෝපි උගුරක රස විඳිමින් සෑම දෙනා ම පාහේ රස හැන්දෑවන් තම සිරුරු තුළට කා වද්දා ගනිති. මෙවන් වෙලාවන්හිදී එකිනෙක මිශ‍්‍රව තීව‍්‍ර ගුමු ගුමුවක් සේ ඈතට ඇසෙන සිනා හඬ සිය දහස් ගණනකින් ජනාකීර්ණ උයන් තලාවන් වැසී යයි.

විශේෂයෙන් පොතපත කියවීම හෝ කෙළි සෙල්ලම් කිරීම හැර වෙනත් සාමාජීය විනෝදාංශ දුලබ වූ දා හත් වන සියවසේදී මේ මාවත්-උයන් චාරිකා යනු ජන ජීවිතයේ අනිවාර්ය අංගයක් වන්නට ඇත. පැරීසිය වැනි නගරවල සංස්කෘතික ජීවිතය මෙවැනි උද්‍යානකාමී නිස්කාන්සුවකින් නිවී ගිය එකක් වූ බව සමකාලීන කලා නිර්මාණ සහ ඉතිහාස විස්තර තුළින් පිළිබිඹු වේ. ඉතින් වර්තමානයේ පවා මේ ජීවන පැවැත්ම වෙනසක් වී නොමැති බව පැහැදිලි කරණකි. අපගේ සංස්කෘතික ජීවිතය තවමත් යම්කිසි කුටුම්බ මූලික පැතිකඩකට බොහෝ විට සීමා වන නමුත්, විශේෂයෙන් බටහිර රටවල ජනතාවගේ සොබාදහම විඳීම, ආදරය, සංගීතය, ස්ත‍්‍රී-පුරුෂ සම්බන්ධතා යනාදි ජීවිතානුබද්ධ කාරණා සමග මේ එළිමහන් සැරිය දැඩි සමීප බවක් දක්වයි. මේ කියන කාරණා සමග කෙලින් ම සම්බන්ධ නොවුණත් කේට්ලින් සීල් නම් කිවිඳියගේ Literary Sexts( A Collection of Short & Sexy Love Poem නම් ග‍්‍රන්ථයෙන් වැටී මසිත තුළ රැුඳුණු කවි පද කිහිපයක් මෙහි සටහන් කිරීමට මට සිතෙයි.

මා වැනි අය සමග පේ‍්‍රමයෙන් නොබැඳෙන්න

මා ඔබ කැටුව යනවා උද්‍යාන, කලාගාර සහ ස්මාරක වෙතට ඒ සෑම තැනකදි ම සිප ගන්නවා ඔබව ඉන් පසු ඔබට කිසි දා යන්න බැරි වේවි ඒ තැන්වලට මුව තුළ ලේ ගලන කලෙක මෙන්
මාව යළි යළි රස නොවිඳ

මේ ලොව ඇති සුන්දර ම විදියට විනාශ කරමි මම ඔබව

දැන් ඒ කවිය ඔබ අසළ හැර දමා කෙළින් ම අද මා කියන්නට තැතනූ දේ කරා යා යුතු ය. අනෙකක් ගැන නොව මා පෞද්ගලිකව ම ඉතා ප‍්‍රිය කරන සිතුවම් දෙකක් ගැන ය. ”ප‍්‍රිය කරන්නේ ඇයි ද?” යන්න ඔබ විසින් නොවිමසිය යුත්තේ ඊට නිසි පිළිතුරක් දීමට හැමදාමත් මා අසමත් වන බැවිනි.

මේ සිතුවම් දෙක ම ප‍්‍රංශයටත්, ඉහත විස්තරයටත් සම්බන්ධ ය. එසේ ම ඔබ මෙහි දකින්නේ විශිෂ්ට සිත්තරුන් දෙදෙනෙකු ඔවුන්ගේ ජනප‍්‍රිය ම නිර්මාණ දෙක තුළ පැරීසියේ උද්‍යාන සැරියේ සහ සැඳෑ සමාගමයේ ප‍්‍රහර්ෂය පිළිබිඹු කළ අයුරු ය. ජෝර්ජස් සීරට් (1859-1891* නම් තුරුණු සිත්තරා විසින් 1884දී අඳින ලද ් A Sunday Afternoon on the Island of La Grande Jatte නම් සිතුවම ඉන් පළමුවැන්නයි. ඔහුට ම ආවේණික ශෛලියකින්, කැන්වසය මත තෙල් සායමින් කළ මේ නිර්මාණයේ වර්ණ පිටපත දෙස නෙත් යොමන්නේ නම් එහි ඇති මන මෝහනීය සෞන්දර්යය ඔබ ද දකිනු ඇත. පැරීසියේ සේන් නදී ඉවුරේ හිරු රැුස් සහ තුරු සෙවණලූ අතර ඇති විවේක සුවය ඉතා මුදු වර්ණයන් සහ ඉතා නිසල රූප රටා බවට හැරී, නෙතු සිදුරින් සිත පතුළට ම ගලා හැලෙනු ඇත. මෙහි මුල් පිටපත අද ඇත්තේ ඇමරිකාවේ චිකාගෝ කලා ආයතනයේ ය.

අනෙක් සිතුවම දෙසට හැරෙමු. හිරු දිලෙන අහස යට සිය සමාජ සගයන් හා නර්තනයෙන්, ආදරයෙන් හා සාමූහිකත්වයෙන් බැඳෙන තත්කාලීන දර්ශනයක් පින්සලෙන් විනිවිදින්නට සමත්ව ඇත්තේ පශ්චාත් ධාරණවාදී සහ නව යථාර්ථවාදී සිත්තම් සම්ප‍්‍රදායන්හි ප‍්‍රමුඛයෙකු ලෙස සැලකෙන පියෙරේ ඔගස්ටේ රෙනෝආ (1841-1919* ය. මෙය පැරීසියේ ඕසේ කලාගාරයේ ප‍්‍රදර්ශනයට තබා ඇති, නිතොරව රසිකයන් පිරිවරා සිටින නිර්මාණයකි. 1876 වසරේදී නිර්මාණය වූ ද, Dance at Le moulin de la Galette නමින් බොහෝ තන්හි හැඳින්වෙන්නා වූ ද මේ සිතුවම පැරීසියේ උද්‍යාන මගක සාද වෙලාවක් අතිශය මනරම්ව සහ වර්ණ මුසු අරුම ආලෝක සහිතව දක්වන්නකි. හැන්දෑව කරා ඇදී යමින් පවතින හිරු සතු දිනයක් කෙමෙන් ආල ආලිංගන සහ රාග බැලූම්වලින් ආසක්ත වන අයුර සිත්තරෙකු මෙතරම් සෞන්දර්යාත්මකව කොළයක් මත ඇන්දේ කෙසේ දැයි මේ සිතුවම දකින හැම විට ම මගේ සිත නිහඬව විමසයි. x

x ලක්ශාන්ත අතුකෝරල

මම වැරදි නම් මහින්දත් වැරදියි

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා

ඔබ ශ‍්‍රීලනිපය අත්හැරලා ශ‍්‍රීලපොපෙ හා එක්වුණේ ඇයි?
මේ වෙලාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය කියන්නේ පක්ෂයකට ලඝු කරන්න පුලූවන් දෙයක් නෙවෙයි. එය මේ මොහොතේ යූඇන්පී විරෝධී පක්ෂ ගණනාවක අරමුණු නියෝජනයා කරන තැනක්. ශ‍්‍රීලනිපය, සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුලූ මෙකී නොකී පක්ෂ ගණනාවක් නියෝජනය කරන කඳවුර තමයි පොදුජන පෙරමුණෙන් සංකේතවත් වෙන්නේ. ඒ නිසා මම ඒ දේශපාලන ව්‍යාපාරයට එකතුවීමයි සිද්ධවුණේ. ඒත් අද වෙනකොටත් ශ‍්‍රීලනිපය මගේ සාමාජික වැටුප් ශ‍්‍රීලනිපයේ අරමුදලට කපාගන්නවා. පාර්ලිමේන්තු බැංකුවට ගිහිල්ලා බැලූවොත් මගේ වැටුපෙන් පක්ෂයේ ගිණුමට මුදල් කපාගන්නවා.

එහි අදහස ඔබ පොදුජන පෙරමුණ තනි දේශපාලන පක්ෂයක් විදියට නොසලකන බවද?
ගෝඨාභය රාජපක්ෂ මහත්තයාවත් පොහොට්ටුවට ගියේ නැහැ. ඔහු පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා විතරයි. ගෝඨාභයවත් පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තේ නැහැ. පොදුජන පෙරමුණේ නායකයා වුණා මහින්ද රාජපක්ෂ. ඒ මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි විපක්ෂ නායක. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක පුටුවේ ඉන්නකොට විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක හැටියට කටයුතු කරන්නේ මහින්ද අමරවීර මන්ත‍්‍රීතුමා. එජනිස මහලේකම්. මහින්ද අමරවීර මහත්තයා මහලේකම් විදියට පිළිගන්නවා පොදුජන පෙරමුණේ නායකයා වන මහින්ද රාජපක්ෂ ශ‍්‍රීලනිපයෙන් ආ මන්ත‍්‍රීවරයෙක් හැටියට පිළිගන්නවා. ඉතින් දයාසිරි ජයසේකර ශ‍්‍රීලනිප මහලේකම්වරයා විදියට මොනවා කිව්වත්, මහින්ද රාජපක්ෂ මහත්තයා කරපු දේම ඊට ටිකක් අඩුවෙන් කරපු ඩිලාන් පෙරේරා වැරදිකාරයෙක් වෙන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ. මහින්ද හරි නම් මමත් හරි. මම වැරදි නම් මහින්දත් වැරදියි.

කෙසේවෙතත් මේ වෙද්දී ශ‍්‍රීලනිපයෙන් ඔබට එරෙහිව විනය පියවර ගත් බව කියනවා නේද?
මාව ශ‍්‍රීලනිපයෙන් නෙරපනතුරු මම ඒ පක්ෂය දාලා ගියේ නැහැ. නෙරපුවා කියලා කීවාට තවමත් අපට ඒ බව ලිඛිතව දැනගන්න ලැබිලාත් නැහැ. පත්තරවලින් මම දැක්කා දයාසිරි ජයසේකර මහලේකම්වරයා අපව නෙරපලා ලියුම් ලියපු බව. අපි දන්නේ නැහැ අපට එවපු ලිපියේ අපට පෙම් කරලාද, වෛර කරලාද කියලා. අපට පෙම් හසුනක් එව්වාද කියලා දන්නේත් නැහැ. මම ශ‍්‍රීලනිපයේ විනය උල්ලංඝනය කරලා නැහැ. අනෙක ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරු, දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරු කියලා පක්ෂයෙන් වෙනම ක‍්‍රියාමාර්ග ගන්න බැහැ.

ඔක්කොම ඉන්නේ මන්ත‍්‍රීවරු. ඒ අතරින් මම ජාතික ලැයිස්තුවෙන් පත්වෙලා ඉන්නේ ඡුන්දයෙන් ඉල්ලලා පැරදිලා නෙවෙයි. මම ජාතික ලැයිස්තුවෙන් ආවේ. ඒ නිසා මට වගකීමක් තියෙනවා. යම්කිසි වැඩක් කරද්දී ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධූරයට ගැලපෙන විදියට වැඩ කරන්න වෙනවා. මට දිස්ත‍්‍රික්ක මට්ටමෙන් කල්පනා කරන්න බෑ. මේක ජාතික මට්ටමේ වැඩක්. ඒ නිසා ජාතික වශයෙන් ශ‍්‍රීලනිපයට ඡුන්දය දුන්න ඡුන්ද දායකයන් කියන දේ ගැන මම සැලකිලිමත් වෙන්න ඕනෑ. අපේ ඡුන්දදායකයෝ කියලා තියෙනවා අපි උඹලාට දුන්නේ යූඇන්පී එකත් එක්ක යන්න නෙවෙයි කියලා. මම කටයුතු කළේ ඒ පණිවුඩය අනුවයි.

ගෝඨාභය රාජපක්ෂ හොඳ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් බව හිතනවාද?
අපේක්ෂකයාව නම්කරන තෙක් මම විශ්වාස කළේ චමල් රාජපක්ෂ කෙනෙක්ව අපේක්ෂකයා කළොත් හොඳයි කියන දේ. ඒක මම දැනුත් කියනවා. මම ඒක කීවේ ගෝඨාභය රාජපක්ෂගේ වරදක් නිසා නෙවෙයි. දෙමළ හා මුස්ලිම් ඡුන්ද ගැන තිබුණු සැකය නිසා. අපේ කලින් ආණ්ඩුව කාලයේදී බොදුබල සේනා සංවිධානය හා ගෝඨාභය රාජපක්ෂ අතර සම්බන්ධයක් තිබුණු බව සැකයක් තිබුණා. අපි පසුගිය ජනාධිපතිවරණය පරාද වෙන්නත් ඒක හේතුවුණා. ඒවා කොහොම වුණත් ගෝඨාභය රාජපක්ෂව නම් කළාට පස්සේ අපට තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ඡුන්ද ව්‍යාපාරය තුළ දෙමළ හා මුස්ලිම් ඡුන්ද දිනාගැනීමත් සඳහා ඔහු වටා පෙළගැහෙන එකයි. ඒකේ යම් සාර්ථකත්වයක් මට පේනවා.

අගෝස්තු 11 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කරපු කතාව තුළම ගැබ්වෙලා තිබුණේ අලූත්ම ආරක දේශපාලනයක්. ඔහුගේ කතාවේ තිබුණේ කාටවත් මඩගහන්නේ නැති, පෙර ආණ්ඩුවල වැරදි කියන්නේ නැති, දෙමළ මුස්ලිම් සිංහල සියලූදෙනා එක්ක වැඩකරනවාය කියන අදහස. මට දැන් හිතෙන්න පටන් අරගෙන තියෙනවා මමත් වැරදි තක්සේරුවක හිටියාදෝ කියලා. මොකද මේ වෙද්දී වතුකරයේ ජනතාවගේ ප‍්‍රතිචාර මට පේනවා. මම හිතුවාටත් වඩා ඔවුන් ගෝඨාභය රාජපක්ෂගේ ඡුන්ද ව්‍යාපාරය වටා ගොනුවෙමින් ඉන්නවා. දැන් ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය නිවැරදි පීල්ලේ ගමන් කරවීමයි කරන්න ඕනෑ.

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටියදී මානව හිමිකම් උල්ලංඝනය කරමින් කරපු දේවල් ගොඩක් ගැන චෝදනා තියෙනවා. ඒවා ගැන ඔබ කරදර වෙන්නේ නැද්ද?
ඇමෙරිකාව, ඉන්දියාව, එංගලන්තය වගේ රටවල යුද්ධ තිබුණු වෙලාවලදී තමන්ට එරෙහිව යුධවැදුණු ත‍්‍රස්තවාදී සංවිධානයේ නායකයාගේ මව හා පියාව හමුදා සෙබළුන්ගේ කරමතින් ගෙනල්ලා නැහැ. යුධමය තත්වයක් තුළදී ආරක්ෂාව භාර නිලධාරීන් සාමාන්‍ය තත්වයකදී වගේ හැසිරෙන්නේ නැහැ. එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක ප‍්‍රායෝගිකයි. ඒත් යුධ තත්වයක හිටපු වෙනත් රටවල් එක්ක සංසන්දනය කරද්දී මේ ආරක්ෂක ලේකම්තුමා මානව හිමිකම්වලට ගෞරව කරමින් කටයුතු කළ බව මම විශ්වාස කරනවා.

ඔබ ශ‍්‍රීලනිපය නැතිවම පොදුජන පෙරමුණු මැතිවරණ ව්‍යාපාරයට ගියේ ශ‍්‍රීලනිපය ගෝඨාභයට සහයෝගය නොදේවි කියන තක්සේරුවෙන්ද?
මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ශ‍්‍රීලනිපයට අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුන්න නායකයෙක්. ඒත් දයාසිරි ජයසේකර මැතිතුමා පක්ෂයේ වැඩබලන මහලේකම් වුණාට පස්සේ එජාපයේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයා හුරු කරපු ඒකාධිපති ආරට කටයුතු කරන්න පටන්ගත්තා. හරියට කිව්වොත් මෛත‍්‍රීගේ ශ‍්‍රීලනිප අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදය දයාසිරි ගිල්ලා. ඔහුට මහා හීනමානයක් තියෙන්නේ. අපේ පක්ෂයට යූඇන්පී සංස්කෘතිය ගේනවා. ආසන කළමණාකරු, දිස්ත‍්‍රික් කළමණාකරු වගේ යූඇන්පීයෙන් විවිධ තනතුරුත් ගෙනාවා. ඒත් තමන්ගේ නායකත්වයෙන් ශ‍්‍රීලනිපය දේශපාලන කනත්තට ගෙනගියාය කියන චෝදනාව ලබන තැනට පක්ෂය පත් කරන්නට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉඩදේවි කියලා මම හිතන්නේ නැහැ.

ඒත් දයාසිරි ජයසේකර මහලේකම්වරයා ගණන් හදන්නේ පක්ෂයේ අනාගතය ගැනයි. මේ මොහොතේ පොදුජන පෙරමුණට කොන්දේසි විරහිතව එක්වුණොත් ශ‍්‍රීලනිපය දියවේවි කියලා ඔහු කියනවා. ඔහුගේ තර්කවල පදනමක් තියෙන බව හැඳෙන්නේ නැද්ද?
ශ‍්‍රීලනිපය දියවෙන්නේම මේ වෙලාවේ යූඇන්පී විරෝධී අපේක්ෂකයා එක්ක පෙළගැහුණේ නැත්නම්. නැත්නම් දියවෙන්නට දෙයක් ඉතිරිවෙන්නේ නැහැ. දයාසිරි ජයසේකර මහත්තයා නොදැක්කාට දයාසිරිගේ කකුල් යටින් පක්ෂය නාය යනවා. එතුමා හිතුවාට පළාත් පාලන ඡුන්දයේදී ලක්ෂ 15ක් තිබුණා කියලා, ජනාධිපතිවරණයේදී ඒක වෙන්නේ නැහැ. දැන් ලක්ෂ 5ක් විතර ඉතිරිවෙලා ඇති. ශ‍්‍රීලනිප සංවත්සරයටත් ගොඩක් අය බලාපොරොත්තු වුණේ ගෝඨාභය රාජපක්ෂට සහාය පළකරන බව ප‍්‍රකාශ කරනු ඇතැයි බලාපොරොත්තුවෙන්. ඊයේ ගොඩක් අය ගියේ කළකිරුණු ස්වභාවයකින්. ඒ නිසා ශ‍්‍රීලනිපය දියවෙන බව ඇත්ත. ඒත් බේරගන්න පුලූවන්. දයාසිරි ජයසේකර මහත්තයා දිගටම ඔය බයිලාව කියාගෙන හිටියොත් වළදාන්නයි වෙන්නේ. ශ‍්‍රීලනිපයේ අනන්‍යතාවයත් රැුකගෙන ශ‍්‍රීලනිපය අනාගතයට වැඩෙනවානම් වැඩෙන්න තියෙන්නේ එක තැනක. ශ‍්‍රීලනිපය අත්හැරලා ගිය අයව නැවත ගෙන්වාගන්න පුලූවන් වෙන්නේ එතැනට ගියොත්.

ඒත් දැනටමත් පොදුජන පෙරමුණෙන් ශ‍්‍රීලනිපය දෙකේ කොළේට දාලා කතාකරනවා නේද?
ඇත්ත. පොහොට්ටුවෙන් මට මඩ ගහනවා. අපහාස කරයි. ඒ පටු වුවමනාවන් මත. මොනවා කළත් අපි දේශපාලන වශයෙන් නිවැරදි තීන්දුව ගත්ත බව ජනතාව තීන්දු කරනවා. අනේ එතැනට ගියාම අපට මඩගහයි, අපව ගණන්ගන්න එකක් නැහැ, අපට දෙවැනි පේළියේ පුටු දෙයි, අපට පහත්වෙන්න බෑ වගේ දේවල් කියන්න ඕනෑ නැහැ. මම ගෝඨාභය රාජපක්ෂගේ වේදිකාවට ආවාම සමාජ මාධ්‍යවලින් මට වැඩිපුර ගහන්නේ යූඇන්පීයේ කවුරුත් නෙවෙයි. පොහොට්ටුවේ ඉන්න කිහිපදෙනෙකුයි, ගුරුවරු දණගස්සපු බදුල්ලේ දඩෝරියායි තමයි මට ගහන්නේ. ඒගොල්ලෝ දන්නවා ඩිලාන් පෙරේරාට උපාධියක් තියෙනවා, නීතිඥයෙක්, පාර්ලිමේන්තුවේ අවුරුදු 28ක් දේශපාලනය කරනවා, භාෂා තුනම කතාකරනවා කියලා. මේ යකා මෙතැනට ගියොත් මාර වැඩක් වේවි කියලා ඒ අය දන්නවා. ඒ බයට තමයි අපට ගහන්නේ. ගෝඨාභය රාජපක්ෂව දිනවන එක අමතක වෙලා මේ අය බයෙන් වෙව්ලන්න ගන්නවා. ඉන්පස්සේ අපට ගහනවා. එහෙම කරද්දී අපි කරන්න ඕනෑ මොකක්ද. වෙව්ලන්න එපා පුතා, අපි දැන් ගෝඨාභය රාජපක්ෂව දිනවමු කියලා පිටට තට්ටුවක් දාන එකනේ අපි කරන්න ඕනෑ.

ඔබ විශ්වාස කරන්නේ ශ‍්‍රීලනිපය බේරාගැනීමත්, පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට සහයෝගය දීමත් එකවර කරන්න පුලූවන් බවද?
මම උත්සාහ කළේ ඒක කරන්නයි. අපි 16 දෙනෙක් ආණ්ඩුවෙන් ඉවත්වුණානේ. ඉන්පස්සේ එහෙට මෙහෙට පනින ගෙම්බෙක් වගේ දයාසිරි ජයසේකර ආයෙත් අනෙක් පැත්තට පැන්නා. ඉතිරි 15 දෙනාගෙන් මම, එස්බී, ලක්ෂ්මන්, තිලංග කියන හතරදෙනා පොදුජන පෙරමුණට එකතුවුණේ නැහැ. අපි උත්සාහ කළේ ශ‍්‍රීලනිපය පක්ෂයක් හැටියට මේ දේශපාලන ධාරාවේ හිටවන්නයි. ඒත් ඔවුන් දිගින් දිගටම කිව්වා මේකේ අවසාන දිනය තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා නම්කරන දවස. ඒ දවස වෙනතුරුම අපි කිව්වා අපේක්ෂකයා ගෝඨාභය හෝ චමල් විතරක් නෙවෙයි මෛත‍්‍රීපාලත් විය හැකියි කියලා. එහෙත් අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආශිර්වාදය ලබන කෙනෙක් විය යුතුයි.

මොකද අපේක්ෂකයාව ඡුන්දයේදී මාකට් කරන්න පුලූවන් වෙන්නේ එතකොටයි. ඒත් අපේක්ෂකයා නම්කළ දිනය වෙනතුරු ඒක වුණේ නැහැ. අපේක්ෂකයා නම්කරන දිනයේත් ශ‍්‍රීලනිපයේ මන්ත‍්‍රීවරුන්ට ඒ උත්සවයට ආරාධනා කළා. පොදුජන පෙරමුණට බැෙක්‍ෂන්න කියලා නෙවෙයි ආරාධනා කළේ. මන්ත‍්‍රීවරුන් හැටියට එන්න අපට සුභපතන්න කියලයි ඉල්ලූවේ. ඉතින්, මේක වෛරී ප‍්‍රවේශයක්. ශ‍්‍රීලනිපයෙන් 16 දෙනා එළියට යන්න කලින් ඒ 16 දෙනාත් එක්කම ලොකු පක්ෂයක් විදියට ශ‍්‍රීලනිපය ඒ පෙරමුණේ හිටගත්තානම් ඒක යෝධ හයියක් වෙන්න තිබුණා. අර විශ්වාසභංගය වෙලාවේම තීන්දුව ගත්තානම් ලොකු හයියක්. ඒ දැවැන්ත චරිත එක්ක ශ‍්‍රීලනිපය ඒ පෙරමුණ ඇතුලේ ශක්තිමත්ව වැඩෙන්න තිබුණා. x

සිරිසේනටත්, මහින්දටත්, රනිල්ටත්, ගෝඨාට සහ සජිත්ටත් නොකියා කාලෝ නික්ම ගියේ ය

0

සිය ජීවන පැවැත්මෙන් ම මිථ්‍යාවට අභියෝග කළ, කුඩා කල දැඩි කතෝලික පරිසරයක හැදුණු වැඩුණු මහාචාර්ය කාලෝ ෆොන්සේකා නික්ම ගියේ මළ සිරුරුවලින් පවා ලකුණු දමා ගන්නා නිර්ලජ්ජිත සටකපට දේශපාලනඥයන්ට කට අරින්නට ඉඩක් නොතබමිනි. සදාකාලික ජීවිතයක් පිළිබඳ මත්ද්‍රව්‍ය ජනතාවට එන්නත් කැර ඔවුන් ආත්මීය වහලූන් බවට පත් කොට පාලකයන්ගේ රූකඩ බවට පත් කිරීමේ ඵෙතිහාසික කොන්ත‍්‍රාත්තුව බාර ගෙන සිටින පූජක පැළැන්තිය තුෂ්ණිම්භූත කරමිනි. ඒ හැමටත් වඩා අන්ධ භක්තික ජනතාවට තම මිථ්‍යා විශ්වාසයන් ගැන ගැඹුරින් සිතන්නට මහා අවකාශයක් විවර කරමිනි. හර බර, පැණ සර, රස බර, විදු හුරු වදනින් ජන නැණැස පෑ¥ මහාචාර්ය කාලෝ සිය පණ සුන් සිරුරින් ද එ බඳු ම මෙහෙයක් කොට රාගම, උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ මෘත ශරීරාගාරය තුළ සැඟවී ගියේ මිථ්‍යාව නැමැති පර්වතය සුන් කරන හෙණ පහරක් ඒ මත පතිත කරමිනි.

රාජ්‍ය ගෞරව සහිත ව අවමංගල්‍යයකට සියලූ සුදුසුකම් ලබා සිටි කාලෝ සැබෑ අපිස් ගුණයෙන් පිරුණේ, ඒ හිස්, අරුත් සුන් ගරු බුහුමන් අලූයම ලූ කෙළ පිඬෙව් ප‍්‍රතික්ෂේප කරමිනි. මරණය යනු සිය කාබනික සිරුර අකාබනික බවට පත් වීමේ ඇරැුඹුම බව භෞතිකවාදී ව සිතා සිය පණ සුන් සිරුරට කළ යුතු දෑ තීරණය කැර තිබුණේ බොහෝ දේ ‘අත් හරින’ බවට පූච්චානම් බස් දෙඩූ දේශපාළුවන්ට තරු වීසි වන අතුල් පහරක් දෙමිනි.

කාලෝගේ සිරුර කැබැලි කොට වෛද්‍ය විද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ කායික විද්‍යා ඥානය පුළුල් කරන්නට යෙදෙවෙනු ඇත. මෙහි දී සිහියට එන්නේ 1988-89 භීෂණ සමයේ කැරැුලිකරුවන් කාලෝ ඝාතනයට සැරදෙන බව දැනගත් විට ඔහු කළ උද්වේගකර ප‍්‍රකාශය යි. සැලැසුම එන්නේ වෙද විදුහල් සිසුන්ගෙන් ම බව දැන ගත් ඔහු ආදරයෙන් ඉල්ලා සිටියේ තමා මරා දැමුණොත් තම සිරුර ද කපා-කොටා සිය දැනුම වැඩි කැර ගන්නා ලෙස යි!

කාලෝගේ පණ සුන් සිරුර කොළඹ නගරයේ මාර්ග දිගේ රස්තියාදු ගැස්සෙව්වා නම් මිනී පෙට්ටියට කර ගසන්නට දේශපාලකයන්, කලාකරුවන් පොරකනු ඇත. සිරිසේනත්, මහින්දත්, ගෝඨාත්, සජිතුත් පෙරමුණේ සිටිනු ඇත. ඔවුන්ගේ සොවින් බර නුවන් රූපවාහිනී තිරයේ දිස් වනු දක්නා ජනතාව ‘මේ නම් කොතරම් දැහැමි, සිල්වත් මිනිසුන් දැ’ යි පහන් සංවේගයට පත් වෙනු ඇත!

කාලෝගේ අඹු දරුවන් සනසන දසුන් දක්නට හැකි වනු ඇත. එසේ රස්තියාදු කැරෙන කාලෝගේ පණ සුන් සිරුර ප‍්‍රසිද්ධ ස්ථානයකට ගෙන ගොස් අවසන් කටයුතු සිදු කෙරුණා නම් කාලෝගේ බුද්ධියට, ප‍්‍රතිපත්ති ගරුක භාවයට අලගු තබන්නටත් බැරි දේශපාලන පතෝලයන් කාගෙන් හෝ අසා දැන ගත් හෝ ලියවා ගෙන පාඩම් කැර ගත් ගුණ කථන එහි දී වමාරනු ඇත.
ඒ සියල්ලට තිත තබා සිය පණ සුන් සිරුරින් ද විදුහුරුබව පෑ කාලෝ සුන්දර මිනිසෙකි.x

x නීල් ක‍්‍රිස්ටෝෆර්

ජනාධිපතිත් නීතිපතිත් යාළුවෝ ද?

0

ශ‍්‍රීලංකා නිදහස් පක්‍ෂයේ මහා සම්මේලනයේ දී එහි සභාපති, මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කෙළේ, එක්සත් ජාතික පක්‍ෂයටත්, එහි නායකයාටත් බැන අඬගැසීම ය. ඇත්ත වශයෙන් ම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය, මේ වන විට මුහුණ දී සිටින දිය වී යෑමේ තර්ජනයට මුහුණ දෙන්නේ කෙසේ ද? වර්තමාන සුවිශේෂ දේශපාලන මොහොත තුළ පක්‍ෂය කළමනාකරණය කරගන්නේ කෙසේ ද වැනි දුර දැක්මක් ඒ කතාවේ කිසි ලෙසකින් වත් අන්තර්ගත නොවී ය. එවැනි නායකයකු සිටින දේශපාලන පක්‍ෂයක ඉරණම එය අද මුහුණ දී තිබෙන තත්ත්වය ම මිස අනෙකක් විය හැකි නොවේ.

ජනාධිපතිවරයා සිය පක්‍ෂය ගැන කතා නොකරනවාට සහ එක්සත් ජාතික පක්‍ෂයට බැන අඬගසනවාට අමතර ව රටට ඉතා වැදගත් වන ප‍්‍රකාශයක් ද කෙළේය. එනම්, මහ බැංකු බැඳුම්කර කොල්ලයට අදාළ නඩුවේ දී උසාවියට, හිටපු මහබැංකු සභාපතිවරයාටත් වඩා ඉහළ අය ගෙනෙන බව ය. මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ දේශපාලකයන් සියලූ දෙනා ම දේශපාලනයෙන් ඉවත් විය යුතු බව ය.

ඇත්ත, මහබැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ දේශපාලකයෝ කිසිවෙක් සිටිත් නම් අනිවාර්යයෙන්ම ඔවුන් දේශපාලනයෙන් ඉවත් විය යුතු ය. එවැන්නන්ට දේශපාලනයේ සිටීමට කිසි ම සදාචාරාත්මක අයිතියක් නැති බැවිනි. ඒ කාරණය සම්බන්ධයෙන් නම් අපට ජනාධිපතිවරයා සමග එකඟ විය හැකි ය.

එහෙත්, ප‍්‍රශ්නගත වන්නේ, හිටපු මහබැංකු අධිපතිවරයාටත් වඩා ඉහළ අය නඩුවට අධිකරණයට ගෙනෙන බවට ජනාධිපතිවරයා කීම ය. පසුගිය අවුරුදු හතරහමාරක කාලය තුළ පණ පිහිටුවා ජනාධිපතිවරයා කියූ බොහෝ දේවලට අත්වූ ඉරණම මෙන්, මේ කතාව ද ආ ගිය තැනක් අනාගතයේ සොයා ගන්නට නැති විය හැකි ය. එහෙත්, එය සිදු වන්නේ යයි උපකල්පනය කළහොත්, ඒ ආශ‍්‍රයෙන් බරපතළ කාරණා කිහිපයක් අපගේ අවධානයට ගනු වටියි.

එකක් නම්, මේ වන විට මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයා නඩු පවරා ඇති බවයි. ඒ රුපියල් මිලියන 688ක පාඩුවක් රජයට කළ බව කියමිනි. ඒ නඩුව ඇසෙන්නේ ද කොළඹ පැවැත්වෙන විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය මණ්ඩලය ඉදිරියේ ය. එම නඩුවේ විත්තිකරුවෝ දහ දෙනෙකි. ඒ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, ඔහුගේ බෑනා වන පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු තවත් අට දෙනෙකි. සාක්‍ෂිකරුවෝ එකසිය පහළොවකි. ලේඛන දෙසිය තිස් හයකි.

මේ වන විට ලංකාවෙන් පැන ගොස් සිටින අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වන උදර්පණ ඉල්ලීමට අවශ්‍ය ලේඛන නීතිපතිවරයා පසුගිය දා අධිකරණ හා විදේශ අමාත්‍යාංශ දෙකට ඉදිරිපත් කෙළේ ය.

එහෙත්, අප දන්නා පරිදි, මේ නඩු ලේඛනවල සිටින ඉහළ ම පුද්ගලයා අර්ජුන් මහේන්ද්‍රන් නමැති හිටපු මහ බැංකු අධිපතිවරයා ය. නඩුවේ සාක්‍ෂි ලැයිස්තුවේ ද ඊට ඉහළ පුද්ගලයකු ගැන සඳහන් වන්නේ නැත. දැන් මතු වන ප‍්‍රශ්නය වන්නේ, ජනාධිපතිවරයා කියන මේ විශේෂ අය කවුරුද කියා ය. එවැනි විශේෂ අය වෙත් නම් ඔවුන් නඩුවේ විත්තිකරුවන් හෝ සාක්‍ෂිකරුවන් ලෙස ඇතුළත් ව ඇත්තෝ ද?

ජනාධිපතිවරයාට එක්සත් ජාතික පක්‍ෂ නායකයාගෙන් දේශපාලන වශයෙන් පළි ගන්නට වුවමනාවක් තිබෙන බවත්, ඒ මත විවිධ අවලාද නගන බවත් රට ම දනියි. එහෙත්, ඒ විරසකය නිසා රටේ නීතියට බලපාන මෙවැනි බරපතළ ප‍්‍රකාශයක් ජනාධිපතිවරයා කරන විට එය බැ?රුම් ලෙස සැලකිය යුතු ය.

දැන් මහාධිකරණයේ නඩු පවරනු ලැබ ඇත්තේ, ජනාධිපතිවරයා විසින් මීට පෙර මහ බැංකු බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ ඉතා ම දීර්ඝ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු නීතිපතිවරයා විසිනි. එම ජනාධිපති කොමිෂන් සභාවේ කීර්තිධර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ද අසුන්ගෙන සිටි නිසා, එහි ස්වාධීනතාවත්, කාර්යක්‍ෂමතාවත්, අපක්‍ෂපාතිභාවයත් ගැන කිසිදු ප‍්‍රශ්නයක් පැන නොනැංගේ ය.

ඒ කොමිෂන් සභාවේ අවසාන වාර්තාවේ ද කිසිදු දේශපාලකයකු මේ කොල්ලයට වග කිව යුතු යැයි නොකියැවේ. එවැන්නක් තිබෙන බව පාර්ලිමේන්තුවේ දී වත්, ජනමාධ්‍ය ඔස්සේ දී වත් මෙතෙක් ප‍්‍රකාශයට පත් වී ද නැත. එවැනි තත්ත්වයක් යටතේ, ඒ තොරතුරුවලට පිටින් යන කරුණු ජනාධිපතිවරයා හෙළිදරව් කරන්නේ කුමන දැනුමකින් ද? නැති නම් එවැන්නක් කිරීමට ඉදිරි සැලැස්මක් ඇතිව ද?

එවැන්නක් ඉදිරියේ සැලසුම් වේ නම්, නීතිපතිවරයාගේ ස්වාධීනත්වය යනු ඇත්තේ දරුණු අගාධයකට ය. එවිට නීතිපති අපට සලකන්නට වන්නේ, ජනාධිපතිවරයා සමග එකට කමින් බොමින් හිඳිමින් ඔහුගේ වුවමනාවන් සංතර්පණයේහි ලා සිය බලතල උපයෝගී කර ගන්නා කෙනෙකු හැටියට ය. දැනටමත් ජනාධිපතිවරයාට පක්‍ෂපාතියැ’යි නීතිපතිවරයාට එල්ල වී ඇති චෝදනාව එවිට තහවුරු වනු ඇත. එහෙත්, නීතිපතිවරයා එවැනි අගාධයකට නොවැටෙනු ඇතැ’යි අපි කල්පනා කරමු. කිසියම් සැකයක් වේ නම් එය ද දුරු කරනු පිණිස, සිය මාධ්‍ය ප‍්‍රකාශිකාව ලවා, අනාගතයේ එවැනි කිසිවකු අධිකරණයට ගෙන එන්නට පියවරක් ඇත්තේ ද යන්න පැහැදිලි කිරීමට නීතිපතිවරයාට හැකි ය.x

රනිල් ද? සජිත් ද? කෘත්‍යාධිකාරී මණ්ඩලයට

0

එක්සත් ජාතික පක්ෂය තුළ ඇතිවී තිබෙන අර්බුදය විසඳා රනිල් වික‍්‍රමසිංහ මහතා සහ සජිත් පේ‍්‍රමදාස මහතා අතරින් ජනපති අපේක්ෂකයා කවුද යන්න තීරණය කිරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මතය විමසීමට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ ඔහුගේ කණ්ඩායම තීරණය කර ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට අදාළව මෙවැනි අවස්ථාවක රහස් ඡුන්දයක් පැවැත්විය යුතු බවත් ඒ සඳහා පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට අවස්ථාව දීමේ අවශ්‍යතාවක් නැති බවත් රනිල් හිතවාදී පක්ෂ ප‍්‍රබලයන්ගේ අදහස වී ඇත.

පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය දෙපාර්ශ්වයේම කැමැත්ත නොමැතිව කරු ජයසූරිය මහතා පිළිගන්නට අකමැති බව ප‍්‍රකාශ කිරීම නිසා සහ පක්ෂයේ වර්තමාන නායකයාම මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයා විය යුතුයැයි රනිල් වික‍්‍රමසිංහ පාර්ශ්වය සිතන නිසා රනිල් වික‍්‍රමසිංහ මහතා ද ඉහත තීරණය ගැන සිතාබලමින් සිටින බව වාර්තාවේ.

මේ වනවිට සජිත් පේ‍්‍රමදාස පාර්ශ්වයේ මන්ත‍්‍රීවරුන් සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා කරන්න යැයි සඳහන් යෝජනාවක් සහිත ලිපියකට මන්ත‍්‍රීවරුන්ගේ අත්සන් එකතුකරමින් සිටින බව වාර්තා වන අතර ඔවුන් එය ඉදිරි දිනකදී රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත යොමුකරනු ඇත. මීට පෙරද ඔවුන් කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම කැඳවන්න යැයි ලිපියක් පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ වෙත යොමුකළත් තවමත් ඔහුගෙන් ඊට කිසිදු ප‍්‍රතිචාරයක්  ලැබී නැත. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ගෙන් බහුතරය පත්කිරීමේ බලය පක්ෂ නායකයාට හිමිවන අතර දැනට සිටින කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ගෙන් බහුතරය රනිල් වික‍්‍රමසිංහ හිතවාදීන් ලෙස සැලකේ. එහෙත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරය මේ වනවිට සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය ලබාදෙන ස්ථාවරයක සිටී. රනිල් වික‍්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් පමණක් ජනාධිපති අපේක්ෂකයා තීන්දු කිරීමට උත්සාහ කරන්නේ ඒ හේතුවෙන්ය. සජිත් පේ‍්‍රමදාස පාර්ශ්වය කෘත්‍යාධිකාරී මණ්ඩලය යන පාර්ලිමේන්තු කණ්ඩායම යන කණ්ඩායම් දෙකම කැඳවා එම තීන්දුව ගත යුතු බව කියන්නේ මෙම තත්වය පිළිබඳ අවබෝධයක් ඇතිවය. x

රනිල්ගේ කොන්දේසිවලට සජිත් කැමතියි

0

තමාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව ලබාදෙන්නේ නම් පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ඉදිරිපත් කරන කොන්දේසිවලට එකඟ බව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ප‍්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. ඔහු එසේ ප‍්‍රකාශ කර ඇත්තේ දෙදෙනා අතර සමථයක් ඇතිකර ගැනීම සඳහා මැදිහත්වී සිටින මන්ත‍්‍රීවරයකුටය.

සජිත් පේ‍්‍රමදාස මහතා එකඟ බව ප‍්‍රකාශ කර ඇති එම කොන්දේසි වන්නේ ඔහු ජනාධිපතිධුරයට වුවහොත් පක්ෂ නායකත්වය රනිල් වික‍්‍රමසිංහ මහතාට තබාගැනීමට තවදුරටත් ඉඩදීම හා අග‍්‍රාමාත්‍ය ධුරය වික‍්‍රමසිංහ මහතාට ලබාදීමය. සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදෙනවා නම් දිය හැක්කේ පක්ෂ නායකත්වය හා ඊළඟ අගමැතිධුරය තමාට ලබාදීමේ කොන්දේසිය මත බව එජාප නායකයා මෙම මැදිහත්කරුට ප‍්‍රකාශ කිරීමත් ඒ සඳහා සජිත් පේ‍්‍රමදාස මහතාගේ ස්ථාවරය දැනගැනීමත් උදෙසා එම විමසීම් සිදුවී තිබේ.

තමාට අවශ්‍ය වන්නේ ජනාධිපතිවරණය ජයගෙන පක්ෂය දිනවීම බවත් පක්ෂ නායකත්වය ඇතුළු තනතුරු ලබාගැනීමේ වුවමනාවක් නැති බවත් එම සාකච්ඡුාවලදී සජිත් පේ‍්‍රමදාස මහතා අවධාරණය කර ඇත.

එකඟවන කොන්දේසි සජිත් පේ‍්‍රමදාස මහතා ඉටුකරාවිද යන සැකය රනිල් වික‍්‍රමසිංහ මහතාට ඇතැයි ප‍්‍රකාශ කළ එම මැදිහත් සාකච්ඡුාකරුවා, ඒ සම්බන්ධයෙන් ඇති සහතිකය පිළිබඳව සාකච්ඡුා කිරීමේදී එම කොන්දේසි ඇතුළත් නෛතික ලියැවිල්ලකට හෝ එළැඹීමට සජිත් පේ‍්‍රමදාස මහතා කැමැත්ත ප‍්‍රකාශ කළ බව වැඩිදුරටත් පැවසීය.x