No menu items!
29.3 C
Sri Lanka
18 August,2025
Home Blog Page 329

චාල්ස් ඩාවින්ට ලා ඕත්සේ මුණගස්වන තා- ඕ

0

සොබාදහමේ නීතිය පිළිබඳ නිහ`ඩ හ`ඩක් නැගූ ලා ඕත්සේ වසර දෙදහස් හයසීයකට පමණ පෙර ජීවත්වූයේ චීනයෙහි ය. තා ඕ යනුවෙන් හැඳින්වෙන්නේ එතුමන්ගේ දහමයි. එය දීර්ඝ දේශනා සමුදායක් ලෙස ලේඛනගත වූයේ නැත. තා ඕ දහම පිළිබඳ අදහස් එළිදක්වමින් භගවාන් ශ‍්‍රී රාජ්නිෂ් හවෙත්  ඕෂෝ විසින් ලොව නොයෙක් තැන්හි කරන ලද දේශනයන්හි කොටස් එක්තැන් කරමින් ‘තා ඕ-ස්වාභාවිකත්වයේ සදාතනික නීතිය’ Osho’s Tao The Three Treasure’s සිංහල බසින් එළිදක්වා ඇත්තේ රෝහිණී විජේසූරියයි.

තා- ඕ දහම අවබෝධ කරගැනීම ඉතා පහසු කාර්යයක් නොවන බව ප‍්‍රකට ය.  ඕෂෝගේ පැහැදිලි කිරීමේදී අර්ථපූර්ණ ලෙස පාඨකයාට එය ග‍්‍රහණය කර ගත හැකිවන්නේ තා ඕ දහමේ මෙන් ම  ඕෂෝගේ අදහස්වල ද වන නව්‍යතාව නිසා ය.

චාල්ස් ඩාවින්ට ලා ඕත්සේ මුණගැසුණේ නම් යි අලූත් අදහසක් එළිදක්වන  ඕෂෝ, ඉනික්බිතිව කියන්නේ ඔහුට එය මගහැරී ගියා යි කියා ය. යම් හෙයකින් එය එසේ වූයේ නම් මහ හ`ඩින් සිනාසෙන්නට ඉඩ තිබුණේ ලා ඕත්සේ විය හැකි බවට ද  ඕෂෝ සැක පහළ කරයි. ඔහු එසේ කියන්නේ ඊට නිදසුන් හා හේතු ද දක්වමිනි. මේ පරිවර්තිත කෘතිය පාඨකයා හමුවට පමුණුවන පරිවර්තිකාව පොත පිළිබඳව සිය පෙරවදනින් පළකරන්නේ ද ඒ සඳහා අතිශයින් යෝග්‍ය වූ අදහසකි.

ඔබගේ පූර්ණ නිදහස උදා කරගැනීමට දරන ප‍්‍රයත්නයෙහිදී මෙහි අඩංගු කරුණු රුකුලක් වේවා!

පොතේ අන්තර්ගතයට මෙය අත්‍යන්තයෙන්ම අනුකූල වන්නේ අප හිතන-පතන ආකාරයේ, අපගේ ඉගෙනුම්-ඇදහිලි, විශ්වාස සියල්ලේ කිසියම් වූ උඩු-යටිකුරු වීමක් මේ හරහා සිදුවිය හැකි නිසා ය. එහෙත් සිහිකල්පනාවෙන් යුතුව ඒ ගැන වඩ-වඩාත් සාවධාන වීමේදී අපට වැරදුණු, මගහැරුණු තැන් පිළිබඳ සැකසාංකාවක් ද අප තුළින් නැගී සිටියි. මෙහි අඩංගු කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු වන්නේ සිත අතිශයින් නිදහස් වූ අවස්ථාවකදී ය. නැතහොත් මේවා ග‍්‍රහණය වන්නේ අපබ‍්‍රංස ලෙස ය. සැමවිටම ජීවිතයෙහි අරුත විමසන්නන්ට තා ඕ පිළිතුරු දෙන්නේ මෙසේ ය.

‘ජීවිතයෙහි අරුත් නොමැති බව සොයා දැනගත් විට, ඔබට ප‍්‍රඥාව පහළ වෙයි. යන්නට තවත් තැනක් නොමැති බව දැනගත් විට ඔබ නියම තැනට සම්ප‍්‍රාප්ත වී සිටී.’

මිනිසුන් අතර ප‍්‍රසිද්ධ වීමට යමකු තැත් කරන්නේ නම් ඔහුගේ දීප්තිය, බැබළීම අඩුවී යන්නේ යැයි තා ඕ දහම කියයි. ඒ අනුව දීප්තිය පවතින්නේ තමන් හෙළිදරව් කරගැනීමට කරදර නොවන මිනිසා, තමන් ප‍්‍රදර්ශනය නොකරන මිනිසා හා තමන් ගැන අනුන් කියන්නේ කුමක් දැයි නොසිතන මිනිසා තුළ ය. තමන් අනාවරණය කරගන්නට තැත්කිරීම වූ කලී ආත්මීය දිළිඳුභාවයකි’යි ඉන් කියැවෙයි. එවැන්නකු උත්සාහ කරන්නේ අනුන් තුළින් තමන් හඳුනාගැනීමට වන අතර දේශපාලනය යනු ද එයම ය. මේ තත්ත්වය පිළිබඳව මෙහිදී නිදසුන් සැපයෙන්නේ පැරණී ‘සූෆි’ කියමනකිනි.

මංකොල්ලයක් සිදුවී යමක් සොරා ගැනුණ අවස්ථාවක, සොරා සොයමින් මිනිසුන් කෑගසන විට සැබෑ සොරා එතැන සිටින්නේ නම් හයියෙන්ම කෑ ගසන්නේ සොරා ය.

‘කවුද හොරා? කවුද මේක හොරකම් කළේ? අල්ලාගන්න හොරාව.’

එසේ හ`ඩතැලීමෙන් ආරක්ෂිත වන්නේ සොරාම ය. ඒ සම`ගම තා ඕ අවධාරණය කරමින්  ඕෂෝ මෙසේ ද කියයි.

මතක තබාගන්න. මිනිහෙක්  ඕනෑවට වඩා කෑ ගසන්නේ නම් අල්ලා ගන්න ඔහුව. ඒ තමයි සොරා. (තා ඕ, ස්වාභාවිකත්වයේ සදාතනික නීතිය, 115 පිටුව*

දැන් අපට, අපගේ මතකයට නැගෙන්නේ විද්‍යුත් මාධ්‍ය, දේශපාලන සාකච්ඡා, සටන්, වාදපිටි ආදියයි. වැඩිම ශබ්දයක් නගන කටහ`ඩකට අයිතිවාසිකම් කියන්නෝ බොහෝ විට දේශපාලනඥයෝම ය. තර්කයේ නිපුණයෝ ද ඔවුහුම ය. ඉහළට නැගුණු අත්-හිස් සහිත මහාගස් සම වන්නේ ද ඔවුන්ට ය.

එහෙත් මහා කුණාටුවක් හඹාගෙන විත් මහ ගස් උදුරා දමන අවස්ථා ද තිබේ. ගසක මුල්, ඇතැම්විට ලක්ෂ සංඛ්‍යාත වූ මුල් පවතින්නේ පොළොව යට ය. ගස බලගතුව ප‍්‍රබලව නැගී සිටින්නේ යටටම කාවැදී ගිය මුල්වල ආනුභාවයෙනි. නැතහොත් බලශක්තියෙනි. කුණාටුවකදී ගස සුළ`ග සම`ග පොරබදයි. සටන් කරයි. එහෙත් කුඩා පැළෑටි, තණකොළ අභියෝග නොකරම කුණාටුවට යටත් වෙයි. කුණාටුවෙන් පසු වඩාත් දිමුතුව බබළන්නේ තණකොළයි.

තණකොළ ලා ඕ ත්සු අනුගමනය කරන අතර විශාල ගස් චාල්ස් ඩාවින්ට අනුව කටයුතු කර තිබෙනවා. විශාල ගස බෙහෙවින් තාර්කිකයි. (91 පිටුව*

චාල්්ස් ඩාවින්ට අනුව සිය පැවැත්ම දීර්ඝකාලීනව තහවුරු කරගන්නේ ශක්තිවන්තයා ය. හිට්ලර්ලා, නැපෝලියන්ලා, ඇලෙක්සැන්ඩර්ලා සැමවිටම ශක්තිමත් ගස් බවට පත්ව සිටිති යි  ඕෂෝ කියයි. ඒවා පරාජය කරනු ලබන්නේ ස්වාභාවිකත්වයේ නීතිය විසිනි. ලා ඕත්සේ වැන්නන් පරාජය කළහැකි නොවන්නේ ද ඒ අනුව ය. ඔවුන් සැමවිටම සිටින්නේ යටත්වන්නට සූදානමිනි.

‘තවදුරටත් කරදර වන්නට වුවමනා නෑ. මා සිටින්නේ පැරදිලා’ යැයි කියන්නෙකුට මක්කරන්න ද?’(92 පිටුව*

මේ තත්ත්වයට නිදසුනක් පෙන්වා දී ඇත්තේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා පිළිබඳ ඓතිහාසික කතාවකිනි. මහා ඇලෙක්සැන්ඩර් ඉන්දියාව බලා යද්දී ඔහුගේ මිතුරන් කියා ඇත්තේ ‘සන්‍යාසියෙක් අරගෙන එන්න. එය (ඒ අත්දැකීම* හරියටම කුමක් ද කෙසේ ද කියා දැනගන්නට අපි ආසාවෙන් ඉන්නවා’ කියා ය. සටනේදී මේ ගැන අමතකව තිබූ මහා ඇලෙක්සැන්ඩර්ට හදිසියේ මිතුරන්ගේ ඉල්ලීම සිහිවී ඇත්තේ ඉන්දියානු දේශසීමාවට ළංවන විටදී ය. ගමේ මිනිසුන්ගෙන් ලැබුණු හෝඩුවාවට අනුව ඇලෙක්සැන්ඩර්ට දැනගන්නට ලැබෙන්නේ ග`ග අසබඩ දන්දාසී නම් වූ සන්‍යාසිවරයකු සිිටින බව ය. ග`ග අසලට ගොස් සන්‍යාසියා දැක බලා ගන්නැයි ගම්මුන් කී විට මහා ඇලෙක්සැන්ඩර් පිළිතුරු දෙන්නේ සිනාවකිනි.

‘මම මෙතැන සිටින්නේ ඔහු දෙස බලන්න නෙවෙයි. මගේ සොල්දාදුවන් ගොස් ඔහු රැගෙන ඒවි.’

ග`ග වෙත ගිය සොල්දාදුවන් යළි පැමිණ පැවසූ අමුතු කතාව නිසා ඇලෙක්සැන්ඩර්ට අමුත්තක් දැනී තිබූ අතර ඒ අනුව සන්‍යාසියා වෙත යන්නට සිදුව තිබුණේ ඔහුටම ය. සොල්දාදුවන් කීවේ තමනට නොතේරෙන යම් දෙයක් (ප‍්‍රභාවක් වැනි* ඔහු වසා පැතිර පවතින බව හා නිරුවත් සන්‍යාසියා කාන්දමක් වැනි යැයි කියා ය. මේ අමුතු කතාව තෝරාබේරා ගත නොහැකි වූ ඇලෙක්සැන්ඩර් අධිරාජයා සන්‍යාසියා වෙත ගොස් ඇත්තේ කොපුවෙන් මුදාගත් අසිපත ද සම`ගිනි. ඒ දුටු සන්‍යාසියා සිනාසුණේ ය. මෙසේ ද කීවේ ය. 

එය ආපසු කොපුවේ දමාගන්න. එයින් මෙතැනට පලක් නැහැ. ඔබට කපන්නට පුඵවන් මගේ සිරුර විතරයි. මම සිරුර හැර ගිහින් බොහෝ කල්. මේ තියෙන්නේ මගේ හිස. ඔබට එය කපාදමන්න පු`ඵවන්. ඔබට පෙනේවි එය වැල්ල මතට ඇද වැටෙන හැටි. ඒ වගේම මමත් දකිනවා, මගේ හිස වැල්ල මතට ඇද වැටෙන හැටි. මම, මගේ සිරුර නෙවෙයි. මම කියන්නේ සාක්ෂිකරුවෙක්. (94-95 පිටුව*

මහා ඇලෙක්සැන්ඩර් සිය ජීවිතයේ ප‍්‍රථම වතාවට හිස පහත් කරගෙන ආපසු හැරුණේ මේ අවස්ථාවේදී යැයි ද කියැවෙයි. ආපසු ගිය ඔහු මිතුරන්ට කියා ඇත්තේ මෙසේ ය.

‘සන්‍යාසීන් හැමතැනකම දකින්න ලැබුණත් නියම සන්‍යාසීන් විරලයි. මැරෙන්නට සූදානම් මිනිසකුව මරන්න අමාරුයි. ඔහුව මරන එකේ තේරුමක් නෑ.’

ප්ලේටෝගේ ඇකඩමියේ අත්දැකීම් ලබා සිටි මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාට උපරිම නිරීක්ෂණ හැකියාවක් වූ බවට විවාදයක් නැත.

ජීවිතයේ සියලූම පැතිකඩ සියුම් ලෙස නිරික්ෂණය කළ ලා ඕත්සු දැක ඇත්තේ ජීවිතයේ අරගලයක් නොමැති බව යැයි  ඕෂෝ පවසයි. අරගලය පිළිබඳ අදහස මිනිසාගේ ව්‍යාජයක් ලෙස ය, ඔහු හඳුනාගන්නේ. ඒ අනුව ස්වභාවයෙන් ම ප‍්‍රචණ්ඩත්වය උරුමකොට ගෙන සිටින්නේ මිනිසා ය. වනසත්තු නොවෙති. 

ප‍්‍රචණ්ඩත්වය?… සත්තකින්ම ස්වභාවධර්මයේ ප‍්‍රචණ්ඩත්වයක් ගැන කතා කිරීම පවා සුදුසු නැහැ. එය එහි නැහැ. ප‍්‍රචණ්ඩ මිනිසා පමණයි.

ආහාරයට ගැනීමේ වුවමනාවකින්, කුසගින්නකින් තොරව ජීවිතයක් වැනසීම ප‍්‍රචණ්ඩත්වය වන මුත් කුසගින්න සඳහා අනෙකා භක්ෂණය කිරීම ක‍්‍රෑරත්වයක් නොවන බව මෙහිදී පෙන්වා දී ඇත්තේ නිදර්ශනාත්මකව ය. ක‍්‍රීඩාවක් සඳහා හෝ විනෝදය සඳහා හෝ කිසිම සතෙකු ඝාතනයේ නොයෙදෙන්නේ යැයි ඉන් කියැවෙයි. එහෙත් මිනිසා සිංහයකු මරන්නේ බිත්ති සැරසිල්ලක් ලෙස භාවිත කිරීම සඳහා සිංහ හිස ගෙන යාමට ය. කොටියකු මරන්නේ කොටිහම පලසක් ලෙස යොදාගැනීමට ය.

මිනිසා මරන්නේ මරා දැමීමේ සතුට භුක්ති විඳින්නට.

මරාදැමීමේ සතුට සඳහාම කිසිවකු ඝාතනයේ යෙදෙන්නේ නම් ‘ප‍්‍රචණ්ඩත්වය’ යනු එයම නොවේ දැයි මෙහිදී ප‍්‍රශ්නයක් මතුකෙරෙයි. ඓතිහාසිකව දඩයමේ යමින් (දඩකෙළියෙහි යෙදෙමින්* මිනිසා විසින් ඝාතනය කරනු ලැබූ සත්ත්ව ජීවිතවල සංඛ්‍යාත්මක අගය විමසන්නකු තුළ නිසැකයෙන් හටගන්නේ මිනිසා තරම් ප‍්‍රචණ්ඩ සත්ත්වයකු මේ මිහිපිට බිහි වී නොමැතිය යන අදහසකි. 

මෙතැනදී  ඕෂෝට බාධා කරමින් හරස් ප‍්‍රශ්නයක් මතු කළ යම්කිසි පුද්ගලයෙකු අසා ඇත්තේ ක‍්‍රීඩාව සඳහා සතුන් මරන්නේ මිනිසා පමණක් දැයි කියා ය. සුනඛයන්, හිවලූන් ඉරා දෙපඵ කරන අන්දම තමා දැක ඇතැයි ද ඔහු කියා තිබේ.  ඕෂෝ ඔහුට පිළිතුරු සපයා ඇත්තේ මෙසේ ය.

ඔබට හමුවී ඇත්තේ අතිශයින්ම පරිණාමය වූ මනුෂ්‍යයන් ලෙස උපදින්නට ආසන්න වූ සතුන් වෙන්න  ඕනෑ. ඔවුන්ගේ ඊළ`ග භවයේදී ඔවුන් මිනිසුන් වේවි.

මිනිසා විසින් බල්ලන් දූෂිත බවට පත්කර තිබෙනවා. මිනිසුන් සම`ග වසන සතුන් බොහෝවිට දූෂිත වී මනුෂ්‍යයන් බවට පත්වයි සිටින්නේ. (194-195 පිටුව*

මිනිසා ස්වභාව ධර්මයේ නීතිය උල්ලංඝනය කළ ද සත්තු එසේ නොවෙති’යි ඉන් කියැවේ. සිංහයකු විසින් කා දමනු ලබන නරියෙක්, කුමක් බවට පෙරළෙන්නේ ද යන ප‍්‍රශ්නයට ඉනික්බිතිව පිළිතුරක් සැපයෙයි.

දැන් නරියා තවදුරටත් එහි නැහැ. නරියා සිංහයා විසින් කා දමා තිබෙන නිසා නරියා සිංහයාගේ කොටසක් බවට පත්ව තිබෙනවා. එය නියම පරිවර්තනයක්. සිංහයා තුළ නරියා… එහි ගැටලූවක් නැහැ. ගස් මහ පොළොව ආහාරයට ගන්නවා. එය පරිවර්තනයක්. එය අලංකාරයි… ගංගාව ගමන් කරන්නේ් (තමන් ඒ තුළ අතුරුදහන් වන* සාගරය දිහා බලාගෙන. ගංගාව තම මරණය කරා යනවා. එහෙත් ඒ මරණයක් නම් වන්නේ නැහැ.

ඇත්ත නම් ග`ග සමුදුර බවට පත් වෙනවා. (97-98 පිටු*

මෙහිදී ඉ`ගි සැපයෙන්නේ ජීවිතය යනු ද නැවත සිදුවීමක්, හා පුනරාවර්තනයක් වීමට ඇති අවකාශය පිළිබඳව ය. එය සරල ලෙස නැවත (ගෙඩි පිටින්්* ඉපදීමක් බවට ලඝු කළ හැක්කේ ද නොවේ. කෙසේ වුව ද මේ තත්ත්වය විස්තර වන්නේ නැගෙනහිරවාසීන් සොබාදහම හඳුනාගෙන ඇති චක‍්‍රීය ස්වභාවයට අනුකූලව ය. අපගේ මතකයට අනුව මහගම සේකරයන් ද වරක් එය සටහන් කර තැබුවේ මෙසේ ය.

වලාකු`ඵ සිසිල් වී වැසි වසී. වැසි දිය ගංගා දිගේ ගලා ගොස් වැව් හා මුහුදුවල පිරෙයි. ඒ දිය වාෂ්ප වී අහසට නැග වලාකු`ඵ සේ කැටි ගැසෙයි. වලාකු`ඵ සිහිල් වී යළිත් වැසි වසී. මුහුදු රැුල්ල වෙරළට ගලා එන්නේ වක‍්‍රාකාරව ය. ග‍්‍රහලෝකවල ගමන් මාර්ග වක‍්‍රාකාර ය.

අෂ්ටලෝකධර්ම චක‍්‍රය!

සංසාර චක‍්‍රය!

යටත්වීමේ ගතික ස්වභාවය ගැන කතා කරමින් මෙහිදී මතුකර දෙන සූත‍්‍රය ප‍්‍රකාශයට පත්වන්නේ ‘යමෙක් යටත් වන්නේ සමස්තය සුරැුකීමටයි.’ ලෙස ය. එහෙත් අපගේ ඉගැන්වීම් පවතින්නේ ඊට ප‍්‍රතිවිරුද්ධව ය.

‘කිසිදින යටත් නොවන්න. හැකි තරම් සටන් කරන්න. සටන් නොකළහොත් පවතින්නට බැරි වෙයි. වඩා ශක්තිමත් අය ඔබ කා දමා විනාශ කරාවි.

මේ අපට උගන්වා ඇති ප‍්‍රචණ්ඩත්වයේ පාඩම යැයි  ඕෂෝ කියයි. ලා ඕත්සු කියා ඇත්තේ ද යටත් විය යුත්තේ සමස්තය රකින්නට යැයි කියා ය. හිස්වන්නේ පිරෙන්නට ය. නැවෙන්නේ කෙළින් වන්නට ය. පූර්ණ පිහිනුම්කරුවා ගංගාවෙහි කොටසක් බවට පත්වන අතර අනතුරුව ඔහු ගෙ`ග් රැුල්ලක් බවට පෙරළෙයි. ග`ග කෙසේ ද රැුල්ලක් විනාශ කරන්නෙ?යි  ඕෂෝ අසයි.  ඔහු පිහිනා යන්නේ ගංගාවට අනුකූලව නම්? ග`ගත් සම`ග අනුනාදවන්නාට සරල ලෙස පාවෙන්නට හැකි ය. එහෙත් ඒ ඔහු පිහිනන්නට දැනගෙන සිටින්නේ නම් ය.

ඔක්සිජන් සහ හයිඩ‍්‍රජන් හමු වූ විට ජලය හටගැනුණ ද ජලය හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගනී. එය අලූත් පැවැත්මකි. අලූත්ම තත්ත්වයකි.  ඕෂෝ එසේ කියන්නේ එක්තරා ආකාරයකින් හෝ ‘තා- ඕ’ තේරුම් ගැනීම සඳහා ය.

තා ඕ, අනෙකුත් ආගම් සහයෝගවල සමස්ත කලාව වන්නේ දහවල සහ රැය එක්තරා අනුපාතයකට හමුවීමයි. එනම් යක්ෂයා සහ දෙවියා අතර එකමුතු බව කළමනාකරණය කරගන්නේ කෙසේද, දහවල සහ රැුය අතර, ග‍්‍රීෂ්මය සහ සිසිර කාලය අතර ජීවිතය සහ මරණය අතර එකමුතු බව. තුන්වන ගුණයක් හටගැනෙන සේ සාර්ථක ලෙස හසුරුවන්නේ කෙසේ ද යන්නයි. එය නම් බ‍්‍රහ්මයි. ඒ තමයි තා ඕ. (297 පිටුව*

කිසිම දිනෙක සෑම දෙයක්ම ප‍්‍රත්‍යක්ෂව දැනගත නොහැකි යැයි ද බොහෝ දේ පවතින්නේ කොහෙත්ම පැහැදිලි නොවන තත්ත්වයක වන බව ද  ඕෂෝ කියයි. ලා ඕත්සුගේ සූත‍්‍රයට අනුව ලොව ඇති වඩාත්ම මෘදු ද්‍රව්‍යය ගමන් කරන්නේ වඩාත් දැඩි දේ තුළිනි. බාහිර ලෝකයේ වඩාත්ම මෘදු දෙය ජලය වන අතර අභ්‍යන්තර ලෝකයේ වඩාත්ම මෘදු දෙය වන්නේ ආදරයයි. ජලය සොයන්නේ හිස් ඉඩ, කුහර සහිත, පහත් තැන් වන අතර එය හිමාලයෙන් පටන්ගෙන පහළට, රූරා (බැසගෙන විත්* සාගරයට ළ`ගා වන්නේ ලෝකයේ ඇති පහත්ම තැන සාගරය වන බැවිනි. ගගකට කිසිදා හිමාල කඳුවැටියේ මුදුනට ගමන් කළ නොහැකි ය. සැමවිටම සිදුවන්නේ එහි අනිත් පැත්තයි. මෘදුජලය බලවත් වන අවස්ථා ද පවතියි. (ජලයේ ප‍්‍රබලත්වය පිළිබඳව අපට අනාවරණය කරදුන් මෑතකාලික නිදසුන වන්නේ පැ?ලියේ දී සුනාමියට හසු වූ දුම්රියයි.*

ආදරය ද ගමන් කරන්නේ හිඩැස් සහිත පහත් තැන් ඔස්සේ යැයි පවසන  ඕෂෝ, මිනිසුන් ආදරය කිරීමට ආශා කළ ද ආදරය ඉල්ලා සිටිය ද බොහෝවිට ඔවුන් අසාර්ථක වන්නේ හිස්බවට පත්වීමට අපොහොසත් වීම හා ඉඩකඩ ලබාගන්නා ආකාරය නොදැන සිටින නිසා යැයි පවසයි.

ඔබ යන්නේ කොතැනට ද, එක්වරම ආදරය ඔබ දෙසට ගලන්නට පටන් ගනීවි. මන්දයත් ආදරය ජලය වගේ. එය සොයන්නේ එයට විවේකයෙන් සැනසුමෙන් සිටිය හැකි තැනක්. ඔබ සිටින්නේ හිස්ව නම් ගසක් පසුකර යන ඔබ දෙසට ගසේ ආදරය ගලා එන්නට පටන් ගනීවි. එය ස්වාභාවිකයි.

එය ප‍්‍රාතිහාර්යක් වැන්නක් නොවෙයි. එය ජලය වගේමයි. ඔබ ජලය වත් කරන්න. එය තැන්පත්ව විවේක ගැනීම සඳහා හිස් පහත්ම තැන සොයා ගලාවි.

ඇතුළාන්තභාවයේ ජලය නම් ආදරයයි.ලා ඕට්සු පවසන්නේ.ලොව ඇති වඩාත්ම මෘදු ද්‍රව්‍යය වඩාත්ම දැඩි දේ තුළින් ගමන් කරයි. වසර හත්දහසක් ඇතුළත දී නයගරා ඇල්ල විසින් ඒ අවට ඇති සියලූම කඳු දියකර හරිනු ඇතැයි කියනු ලබනවා.

දිය ඇල්ලකට ක`ඵගලක් හමු වනු ඔබ පළමු වරට දුටුවහොත් ඔබ ඒකාන්තයෙන්ම කියනු ඇත්තේ ‘මේ ගල බොහෝ දැඩි ය. එය දිය කරන්නට බැහැ’ කියායි. නමුත් සාගරයේ තිබෙන සියලූම වැලි පැරණි හිමාල කඳු වැටි තමයි. (230 පිටුව*

මෘදු දෙය, ඝන දෙය දිය කර හරින්නේ ඇයි? යන ප‍්‍රශ්නයට  ඕෂෝ පිළිතුරු සපයන්නේ ඒ ඝන දෙය විරෝධය පාමින් සටන් කරන නිසා යනුවෙනි. යේසුස් වහන්සේ ප‍්‍රකට කළ අතිශයින් සිත්ගන්නාසුලූ කියමනක් මතක් කර දෙමින් ‘දුෂ්ටයන්හට විරෝධය නොපාන්න’ යන්න උද්ධෘත කොට දක්වන  ඕෂෝ පවසන්නේ ක‍්‍රිස්තියානි දේවධර්මවාදීන් තවමත් එය පැහැදිලි කිරීමට අසමත්ව සිටින්නේ යැයි කියා ය. දුෂ්ටයන්ට විරෝධය නොපාන්න කීමෙන් ප‍්‍රකට වන්නේ ද තා ඕ දහම යැයි  ඕෂෝ පවසයි. මන්ද යත් දුෂ්ටයන් වෙත විරෝධය නොදක්වන විට දුෂ්ටයන් මිය යන හෙයිනි.

ඉන්දියානුවන් අතර ප‍්‍රචලිත, ඉතා ගැඹුරු අරුතක් ස`ගවාගත් කියමනක් ගැන මතක් කර දෙන  ඕෂෝ, එය හඳුන්වා දෙන්නේ ‘සත්‍යය ජය ගනී’ යනුවෙනි. එහෙත් අප ලෝකය දෙස බලන විට දකින්නේ එහි අනෙක් පැත්ත ය. ලෝකයේ ජයග‍්‍රාහකයන් ලෙස වැජඹෙන්නේ චෞරයන් හා වංචනිකයන් ය. චුදිතයන් බවට පත්වන්නේ අහිංසකයෝ ය.

බුදුන් වහන්සේ පවා පැවසූ ‘සත්‍යය කවදා හෝ ජයගනී’ යන්න යළි අවධාරණය කරන  ඕෂෝ, අසත්‍යය ඝන තද ක`ඵ ගලකටත්, සත්‍යය ජලයටත් සම කරමින් කියා සිටින්නේ නයගරා ඇල්ලට තමා වටා ඇති කඳු දියකර හැරීම සඳහා වසර හත්දහසක් ගත විය හැකිවන බව ය. වසර හත්දහසකින් සිදුවන වෙනස ගැන සිතන්නට පවා බිය වන මිනිසා වෙතට ඔහු ඊළ`ගට යොමු කරන්නේ ද ප‍්‍රශ්නයකි.

සදාතනය තුළ වසර හත්දහසක් කියන්නේ මොකක්ද?

ක්ෂණික නූඞ්ල්ස්, ක්ෂණික ආහාර-පානවලට හුරුව සිටින මිනිසා සියල්ල අපේක්ෂා කරන්නේ ක්ෂණිකව ය. ඉවසා දරා සිටීම නම් වූ මනෝභාවය, ශක්තිය ප‍්‍රගුණ කරගැනීමේ අපොහොසත් යම් සත්ත්වයෙක් වේ ද, ඔහුට කියන්නේ ‘මිනිසා‘ යැයි කියා ය. X

‘තා ඕ-ස්වාභාවිකත්වයේ සදාතනික නීතිය’ විජේසූරිය ග‍්‍රන්ථ කේන්ද්‍රයේ ප‍්‍රකාශනයකි. 0112 696 675

  • කැත්ලීන් ජයවර්ධන

බිග්මැච් සමයේ බැට්ල් ඔෆ් ද බයිස්

0

මා මේ දිනවල රටින් බැහැර ව වෙසෙන නමුදු සිරි ලකෙන් ලැබෙන ඇමතුම් නම් නිමක් නැත. ඉන් බොහොමයක් ලැබෙන්නේ එතෙර වෙසෙන එහෙත් මේ දිනවල කොළොඹට ගොඩ බැස ඇති මගේ පාසල් මිත‍්‍රයන්ගෙන් ය. උතුරු ඇමෙරිකාව, යුරෝපය හා ඔස්ටේ‍්‍රලියාව වැනි නිල් ගොදුරු බිම්හි යසට දිවි පෙවෙත ගෙවන ඔවුහු ගිනි කාෂ්ඨක මාර්තුවේ මවු බිමට පෙරලා පැමිණෙන්නෝ වෙසෙස් හේතුවකට ය. එනම් බිග්මැච් නමින් හැඳින්වෙන කොළොඹ ප‍්‍රධාන පාසල් ජෝඩු අතර කෙරෙන වාර්ෂික ක‍්‍රිකට් තරඟ දැක බලා ගන්නට ය. මෙම  බිග්මැච් තරඟාවලි අගනුවර පමණක් නොව තදාසන්න පෙදෙස්වල ද ගාල්ල, මාතර හා නුවර වැනි නගරවල ද පැවැත් වේ.

නීල මහා සටන (රාජකීය හා ශාන්ත තෝමස්*, සාන්තුවරයන්ගේ සටන (ශාන්ත පීතර හා ශාන්ත ජෝසප්*, සුලෝහිතයන්ගේ සටන (ආනන්ද හා නාලන්ද*, ආදරවන්තයන්ගේ සටන (ගාල්ලේ රිච්මන්ඞ් හා මහින්ද*, උතුරේ සටන (යාපනය විද්‍යාලය හා ශාන්ත ජෝන්* ආදි වශයෙන් සමහර බිග්මැච් නාමකරණය වී ඇත. මේ අතර ලස්සන ම නම කළුතර පැත්තේ පාසල් දෙකක අතර පැවැත්වෙන බිග්මැචයේ භාවිත වේ. ඒ මැන්ගුස්ටින් සටන ය! නීල මහා සටන හෙවත් බැට්ල් ඔෆ් ද බ්ලූස් ලෙස හැඳින්වෙන රාජකීය හා ශාන්ත තෝමස් විදුහල්ද්වය අතර පැවැත්වෙන වාර්ෂික ක‍්‍රිකට් තරඟය ආරම්භ කරන ලද්දේ 1879 වසරේ ය. එදා මෙදා තුර වසර 141ක් නොකඩවා මෙම තරඟය වසරකට වරක් පවත්වා ඇත. මෙය ලෝක වාර්තාවක් බව ද සමහරු කියත්. ලෝක ඉතිහාස මට්ටමින් ගත්තත් ලෝක යුද්ධ දෙකක් කෙරෙද්දීත් මේ පාසල් දෙක තම බිග්මැචය ගැසූ හ.

ලාංකීය ඉතිහාසය ගත්ත ද ජනවාර්ගික කෝලහාල, කැරලි (1971, 87-89*, දශක තුනක ඇදී ගිය යුද්ධය, ගංවතුර, නියඟ, සාගත, වසංගත ආදි කලබැගෑනි කෙතෙක් පැවතිය ද රාජකීයයෝ හා තෝමසුවෝ භාරයක් ඔප්පු කරන්නා සේ නොකඩවා තම නීල මහා සටන පැවැත් වූහ. ඔවුහු දෙවැනි වන්නෝ රෝමයේ නීරෝට පමණි. මේ රට රාජපක්ෂවරුන්ට යන්නට පෙර පාලනය කළේ නීල මහා සටන කළ ආදි විරුවන් විසිනි. ඞී.එස්. හා ඩඞ්ලි සේනානායක, එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක නිදහසින් පසු ලාංකීය නායකත්ව තණතිල්ලේ මුල් පෙළ පිතිකරුවන් වූ අතර ඔවුහු ශාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවෝ ය. හැත්තෑ හතෙන් පසු ව ශ‍්‍රීමත් ගාර්ෆිල්ඞ් සෝබර්ස් මෙන් දීර්ඝ ඉනිමක් ක‍්‍රීඩා කළ තුන් ඉරියව්වෙන් ම දස්කම් පෑ ජේ.ආර්. ජයවර්ධන රාජකීයයෙකි. ඔහුගේ සුජාත අනුප‍්‍රාප්තිකයා වූ රනිල් වික‍්‍රමසිංහ හැත්තෑ හතේ සිට සිට නොදැවී තවමත් කඩුල්ලේ රැුඳී සිටියි. 2018 ඔක්තෝබරයේ සිකුරාදා රාත‍්‍රියක ෆ්ලඞ් ලයිට් දමා ගැසු සිරිසේන කුසලාන තරඟයේ දී වික‍්‍රමසිංහ කඩුල්ල මුවා කළ වරදට දැවී ගිය බවට තීරණය වුව ද තෙවැනි විනිසුරු දින පනස් දෙකක් කල් ගෙන එය ‘නොටවුට්‘ වශයෙන් තීරණය දෙන විට අලූත්කඬේ ක‍්‍රීඩාංගණයේ රාජකීය ඔල්වරසන් හඬ අග නුවර පුරාවට ම ඇසිණ.  ඕවර පනස් දෙකක් තුළ කඩුල්ලට කැඳවන ලද ක‍්‍රීඩකයා නයිට් වොච්මන් භූමිකාව පමණක් ඉටු කර ලකුණු නොලබා ම කඳුළු සළමින් ක‍්‍රීඩාගාරයට සෙමින් සෙමින් පියමං කළ අයුරු පේ‍්‍රක්ෂක අප බලා සිටියේ කම්පාවෙනි. එහෙත් ඔහු ජාත්‍යන්තර ක‍්‍රීඩා විචාරකයෙකුගේ මයිකය අමතා කීවේ ‘දෙයාර් ඊස් සෝ මච් කි‍්‍රකට් ඉස්ටිල් ඉන් මී’ කියා ය.     

රාජකීය-තෝමස් ප‍්‍රභූ පාසල්වලට ගිය සේනානායක, බණ්ඩාරනායක (බණ්ඩාරනායක මැතිනිය ද දියණිය ද උගත්තෝ ප‍්‍රභූ පාසලක් වන ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමයේ ය* ජයවර්ධන හා වික‍්‍රමසිංහ වැනි අය විසින් මෙරට පාලනය අවසන් කරමින් එවන් පාසලකට නොගිය මහින්ද රාජපක්ෂ ජනාධිපති පිත්ත කරකවමින් 2005 දී තණතිිල්ලට පිය මනිද්දී බමුණු කුලය බලා සිටියේ රටකට ගිය කල කියා හූල්ලමිනි. රාජපක්ෂ ‘ගේම් එක චේන්ජ්‘ කළ ක‍්‍රීඩකයෙකි. ඔහු සනත්, දිල්ශාන් හා මාලිංගගේ සම්මිශ‍්‍රණයකි. මාවන්, මහේල, සංගක්කාර වැනි ඔර්තොඩොක්ස් විලාසයට පිත්ත හසුරුවන්න තරම් ප‍්‍රතිභාවක් නොතිබුණ ද මහින්ද පොල්-අඩි පිතිකරුවෙකු ලෙස 2015 වන විට නොසිතූ විරූ ලෙස දැවී යද්දී පරම්පරා ගණනාවකට සරිලන ලකුණු ප‍්‍රමාණයක් ඔහු රැුස් කර ගෙන සිටියේ ය. ලකුණු පුවරුවේ ඇති නිල වශයෙන් සටහන් වූ එකතුවට වඩා ලකුණු ප‍්‍රමාණයක් ද ඩුබායි, සීෂෙල්ස් හා මෙකී නොකී වැනි ලකුණු පුවරුවල සටහන් වී ඇති බව ක‍්‍රීඩා විචාරකයෝ අදහස් පළ කළ හ. ඉනිම දෙකක් පමණක් ගැසෙන ක‍්‍රිකට් තරඟයේ නීති රීති ද මහින්ද ක‍්‍රීඩකයාට වෙනස් කරන්නට හැකි විය. අසීමිත ඉනිම් යන නව නීතිය ඔහු හඳුන්වා දුන්නේ ය. පන්දු යවද්දී වරෙක ඔහු ප‍්‍රධාන පිතිකරුවා නොව ප‍්‍රධාන විනිසුරු ද දවා ලීමට සමත් වූයේ දුස්රා පන්දුවක් දමා ගැසීමෙනි. ‘ගේම් චේන්ජර්‘ විරුදාවලියෙන් ඔහු ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සලයෙන් පිදුම් ලැබුවේ එහෙයිනි.

එතුමන්ගේ පුතුන් තිදෙනා ම ගියෝ බයි පාසලකට නොව අධිටොයි ශාන්ත තෝමස් විදුහලට ය. ඒ තමන්ට ලබා ගන්න නොහැකි වූ දෙයක් තම දරුවන්ට ලබා දීමට වෙර දරන දයාබර පියෙකුගේ උත්සාහයක ප‍්‍රතිඵලයක් වශයෙනි. සේනානායක බණ්ඩාරනායක වැනි පුරෝගාමී ආරම්භක පිතිකරුවන් මෙන් මිෂනාරීමය ප‍්‍රභූ ඔර්තොඩොක්ස් ක‍්‍රීඩා පුහුණුවක් තම දරුවනට ලබා දීම  ඕනෑම දේශපාලන පියෙකුගේ සිහිනයකි. ඒ පින් ලද පුතුන් තිදෙනා මනා සේ සිප් සතර හදාරා ගුණ නැණ බෙලෙන් යුතු ව නායකත්වයේ පිත්ත කවදා හෝ අතට  ගැනීමට සැදී පැහැදී සිටිත්. ක‍්‍රීඩාගාරයේ රැඳී සිටින කාලය නාස්ති නොකර ආචාර්ය උපාධි ගැසීම, කසාද බැඳීම, දරුවන් සෑදීම වැනි ගෘහස්ථ කර්මාන්තවල එ’දරුවෝ නිරත වී සිටින්නෝ රටට ම ආදර්ශයක් දෙමිනි. ලොකු පුතුට නිසි වයස එන තුරු පියා කඩුල්ලේ රැුඳී සිටින්නේ එකල රණතුංග මෙන් කම්මැලිකමට අනුන් දමා දුවන ආකාරයට නොවේ. කඩුල්ලේ එහා කොනේ සිටින්නේ දරුවන්ගේ බාප්පා ය. ඔහු පසුගිය වසර අවසානයේ කණ්ඩායමේ නායකයා බවට පත් විණ. එහෙත් ලකුණු අතර සිටින්නේ දරුවන්ගේ තාත්තා ය.  ඕවරයේ අවසාන පන්දුවට කෙසේ හෝ තට්ටුවක් දමා ලකුණක් කරා එහා කොනට දුවන තාත්තා ඊළඟ  ඕවරය පුරා ම පන්දුවට මුහුණ දෙයි. බාප්පා  ඕවර සියයක් අවසානයේ ලබාගෙන ඇත්තේ නිපන්දු කිහිපයක පමණි. එය තමාගේ වෙර වෑයමෙන් නොව පන්දු යවන වික‍්‍රමසිංහගේ ලයින් ඇන්ඞ් ලෙන්තයේ දෝෂයක් නිසාවෙනි. ජාත්‍යන්තර ක‍්‍රීඩා විස්තර ප‍්‍රචාරකයන් පවසන්නේ බාප්පාගේ කුසලතාව ඇත්තේ ක‍්‍රිකට් තුළ නොව ඇමෙරිකානු ක‍්‍රීඩාවක් වන බේස්බෝල්වල බව ය. කඩුලූ දෙක අතර දුවනවා වෙනුවට  පිත්ත පැත්තක දමා පිටිය වටා දුවන්නට බාප්පා තැත් දරන්නේ එහෙයිනි.  ඇලෙක්ස් කොන්ටෝරිගෙන් පසුව බිහි වූ හොඳ ම භෞතචිකිත්සකයා ලෙස සැලැකෙන   බැසිල් බාප්පාට ද ඊට පිළියමක් සොයා ගන්නට නොහැකි ව ඇත. දරුවන්ගේ තාත්තා මේ ආකාරයට ලකුණු අතර රැඳී සිටිමින් ක‍්‍රීඩාලෝලීන්ගේ ජයගොස විඳිමින් සිටින අතර බාප්පාගේ චියරින් ස්කොඩයේ සිටින වියත් මාමලා නැන්දලා පපරෙ බෑන්ඞ් කණ්ඩායමක්වත් වනාතමුල්ලෙන් හෝ ගෙන්නා ගන්න තැත් දරමින් සිටිති. මේ අනුව බලන කල මෙය  ටොයි-බයි  බිග්මැචයක් නොවේ. ‘බැට්ල් ඔෆ් ද බයිස්‘ හෝ කුරහන් සංග‍්‍රාමය ලෙස එය හැඳින්වීම වඩා උචිත බව ප‍්‍රවීණ ක‍්‍රීඩා විචාරකයෙකු මාධ්‍යයට තම අදහස් දක්වමින් පැවසුවේ ඒ නිසා විය හැක.

  • උදන් ප‍්‍රනාන්දු

නූතන ශෛලිය වෙනුවට රෝම ගොතික් මුහුණුවරින් දලූගම දෙව් මැදුර

0

දලූගම ෆ‍්‍රැන්සිස් සාලිස් දෙව් මැදුරෙහි මුහුණත විසල් මනහර වෙනසකට අලූතෙන් ඉදි වී ඇත. ආරම්භක පැරණි ම මුහුණතෙහි ඇති වූ කාලානුරූප වැහැරීමකට භාජනය වීම හේතුවෙන් එහි 1965 වර්ෂයේ දී එළඹුණු ශතසංවත්සරය කරණකොට ගෙන ඉදිකර තිබූ මුහුණත වෙනුවට යුරෝපීය ගොතික් රටාවෙන් අලූත් විසල් විචිත‍්‍රවත් ද්වාර මණ්ඩපයක් සහිත වන මොගොප්පුව සමග මෙවර වාර්ෂික මංගල්‍ය උත්සවය 2020 පෙබරවාරි 02 වන ඉරු දින පවත්වනු ලැබීය.

මධ්‍යම කාලීන යුගයේ එනම් වර්ෂ 1200 ගණන්වල ඇරඹි බටහිර යුරෝපීය ගොතික් නිර්මාණ ශෛලියට අනුගතව ඉදිකර ඇති අලූත් ද්වාරය සමග වන නිර්මාණය සැබවින් ම අලූත් විචිත‍්‍රවත් වෙනසකි. මිලේච්ඡ මිනිස් සංහාරයකින් රටේ පැවතුණු දරුණු අනාරක්ෂිත තත්ත්වයන් යටතේ පැවති සීමිතයන් සහ එකදිගට ම පැවති අසාමාන්‍ය වර්ෂාව පැවති සමයේ ඒ සියලූ බාධක මධ්‍යයේ මෙම ඉදිකිරීම ඉතා කාර්යක්ෂම ලෙස සිදු කිරීම ඉතා විශිෂ්ටය. මෙම ඉදිකිරීමෙහි නිමාවන් ඉතා උසස් මට්ටමකට එම බාධක මැද පැනවූ ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරු කාර්මික ශිල්පීන්ගේ ශිල්ප කුසලතාව හා කැප වීම ප‍්‍රසංසාකටයුතු ය. ද්වාරයේ කොන්ක‍්‍රීට් උඩු වියන් පියස්ස ඉංජිනේරුමය ශිල්පීය දක්ෂතාවෙන් එහි දෙපසින් වන එය දරා සිටින වෙනත් කුලූනු හෝ කොන්ක‍්‍රිට් බරාඳ කිසිවක් නැතිව එක ම සමතුලිත තලයකින් ඉතා විශිෂ්ට ලෙස නිම වී ඇත. මොගොප්පුවෙහි ද ද්වාරමූණතයන්හිද සිමෙන්තියෙන් අඹා ඇති විශේෂ නිර්මාණ කලා කැටයම් සැරසිලි ඉතා කෞශල්‍ය අන්දමින් නිම කර තිබීම මෙයට මහත් අගයක් ලබා දී ඇත. දලූගම දේවස්ථානයෙහි මෙම අලූත් මුහුණත හා සමඟ වන කොන්ක‍්‍රීට් වියමන, පියස්ස සමඟ වන විවෘත පෙදෙස සෑහෙන ජනවන්දනා වැඩි පිරිසක් එහි නියුතුවීමට, සිටීමට හැකි වන සේ ප‍්‍රධාන දේවස්ථාන ගොඩනැගිල්ලේ මු`ථ පළලටම, දෙපසටම ගෙන පු`ථල් ඉඩකඩකින් පෙරට වඩා වැඩි ඉඩ ප‍්‍රමාණයකින් යුතුවීම මෙම අලූත් ඉදිකිරීමෙහි විශේෂ වාසියකි.

දලූගම දේවස්ථානයේ මෙම අලූත් ද්වාර මණ්ඩපයට කලින් එහි වූ ද්වාර මණ්ඩපය සහ එහි මුහුණත පෞරාණික ඒරියන් කි‍්‍රස්තියන් සහ ගොත්තල ගෝත‍්‍රයන්් විසින් මුල පිරූ මධ්‍යකාලීන යුරෝපීය ගොතික් නිර්මාණ ශෛලියෙන් පසුව බටහිර යුරෝපයේ දී ම විවිධාකාර වෙනස්වීම්වලට භාජනය වීමෙන් පසුව බටහිර යුරෝපීය සහ ස්කැන්ඩිනේවියන් රටවල ප‍්‍රගමනය වූ නූතන වාස්තු විද්‍යා ශෛලිය ආශ‍්‍රිතව කරන ලද අලූත් නිර්මාණයකි.

දලූගම දේවස්ථානය 1965 දී ඉදිකළේ නූතන වාස්තු විද්‍යා ශෛලිය අනුවය. ගිහි සම්මුතියෙන් සහ සාමූහිකත්වයෙන් දෙව් මැදුරේ මුහුණත ඉදිකළ අතර ඊට පෙර එම දේවස්ථානයේ මීසම් පාලකව සිටි රෝම ඉතාලි ජාතික රැුන්චොන් පියතුමා තමන් උපන් දේශයේ ගොතික් රටාව අනුකරණය නොකළේය.

ඒ නිසා දෙව්මැදුරේ ඉදිරිපසින් අලූතින් ඉදිකර ඇති මුහුණතෙහි ගොතික් රටාවට නොවන ඒවායේ වන හතරැස් දොර ජනෙල් පියන් සහ මුහුණත සමඟ අදටත් ඉතා චාම් සැහැල්ලූ රටට හුරු දසුනකින් පැවතේ. එම ඉදිකිරීම් කිසිසේත් ගොතික් රටාවට අනුගත නොවේ.

ගොතික් ශෛලියෙන් වෙනස්ව ඉදි කරන ලද එවැනි බටහිර වාස්තුවිද්‍යා ශෛලියට අනුව නිර්මාණය වී ඇති දේවස්ථාන රෝම පුරවරයේ ද ප‍්‍රංශය ඇතුළු අන් බටහිර රටවල ද දැනටත් පවතී. අයෙකු අන්තර්ජාලයට පිවිසුණහොත් ගොතික් ශෛලියෙන් බැහැරව එවැනි බටහිර වාස්තු ශෛලියෙන් කරන ලද දේවස්ථාන දැකගත හැක. එවැනි නිර්මාණ ශී‍්‍ර ලංකාවේද වෙනත් ස්ථානවල දැකගත හැක.

දලූගම දේවස්ථානයේ ශත සංවත්සරය පැවති 1965 දී ඉහත දැක්වෙන කලින් තිබූ ද්වාර මණ්ඩපය සහ මුහුණුත එහි ජේසුස් ක‍්‍රිස්තුස් හිමිගේ කුරුසය දසුනට එකවර කේන්ද්‍රීයව දසුන්ගත කරන අතර දේවස්ථානය කැප කර ඇති ෆ‍්‍රැන්සිස් සාලිස් මුනිවරයාගේ පිළිරුව පියවි දසුනට පෙනෙන මට්ටමක තිබීම විශේෂත්වයකි. මෙහි වාස්තු විද්‍යා නිර්මාණකරු වූයේ දලූගම ග‍්‍රාමයේ ම බිහි වූ බි‍්‍රතාන්‍ය රාජකීය වාස්තු විද්‍යා ආයතන ආශි‍්‍රතක නාමධාරී වාස්තු විද්‍යාඥයෙකු වූ නීල් අලස් මහතාය. එම ශෛලියට අනුගත වූ විවිධාකාර නිර්මාණයන් අතර දලූගම පවතින නිවාස මෙන් ම කැලණිය ප‍්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ද වේ. ජාත්‍යන්තර කීර්තියට පත් බේරුවල නගරයේ වන මුස්ලිම් දේවස්ථානය ඔහුගේ නිර්මාණයකි.

මෙම ශෛලිය 1950-65 දශකයේ මෙරට නූතන වාස්තුවිද්‍යා රැුල්ලක් ඇතිකළ එකල අගමැතිනි සිරිමා බණ්ඩාරනායක ශ‍්‍රී ලංකාවේ සම්මානිත පුරවැසිකම ප‍්‍රදානය කළ මෙරට සිටි රාජකීය වාස්තු විද්‍යා යාවජීව වරලත් වාස්තු විද්‍යාඥ ලියොන් මන්ක් නම් වූ ඊශ‍්‍රායල් ජාතික නිර්මාණකරු විසින් මෙරටට එකල හඳුන්වා දුන්නකි. එය නව ජනප‍්‍රිය රැුල්ලක් විය. එයට සාමාන්‍ය ජනතාව ආශක්ත විය. ඔවුහු තම පෙට්ටි කඩ සහ කුඩා නිවෙස්වලටද ලියොන් මන්ක් මහතාගේ එම රටාව වැරදියට හෝ ගෙනාවෝය. ‘ඇමරිකන් ස්ටයිල්’ නමින් ප‍්‍රකට වූ, නූතන ඉදිකිරීම් රටා රැුල්ලක් සාමාන්‍ය ජනතාව අතර ඇති විය.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය ඇතුළු කොළඹ නගරයේ එකල බටහිර සමාජ සංස්කෘතියට අනුගත වූ ප‍්‍රභූ පන්තියට අයත් වූ තවමත් ඇති විශේෂිත නිවාස මනස්කාන්ත එම බටහිර නූතන වාස්තු විද්‍යා රටාව ලියොන් මන්ක් මහතාගේ නිර්මාණ විය. ලංකා දුම්කොළ සමාගමේ කොටහේන කාර්යාල ගොඩනැගිල්ල ඔහුගේ නිර්මාණයකි. එකල දිවයින පුරා පිහිටි ෂෙල් සහ කැල්ටෙක්ස් ඉන්ධන පිරවුම්හල් ඔහුගේ සමනල තටු ආකාර ඉදිරිපස කොන්කී‍්‍රට් පියසිවලින් යුත් ආකෘති විය. ජෝන් කීල්ස් සමාගමේ පැවති ප‍්‍රධාන කාර්යාලය, කලින් වූ කොලට්ස් ගොඩනැගිල්ල, ගාලූපාරේ සමනල තටු පියැසි දොරටු ෂෝවොලස් ගොඩනැගිල්ල, බ‍්‍රවුන්ස් සමාගම් පරිශ‍්‍රයෙහි එච්.එන්.බී. ගොඩනැගිල්ලට යාබද දැනට සින්ක් ඇලූමේනියම් ආවරණ රටා රැුල්ලෙන් මුහුණත ආවරණය කර ඇති ගොඩනැගිල්ල, ඒ අසල ඇති ඩෙල්මේජ් ෆෝසයිත් ගොඩනැගිල්ල මන්ක් මහතාගේ වාස්තුවිද්‍යා ශෛලිය පෙන්නුම් කරන ගොඩනැගිලිවලින් සමහරකි. මන්ක් මහතාගේ සුප‍්‍රකට සමනල තටු ආකාරයේ කොන්කී‍්‍රට් පියැසි මුහුණත රැගත් විවිධාකාර ගොඩනැගිලි සහ නිවාස අදටත් දැකගත හැක.

එම සමනල තටු කොන්කී‍්‍රට් පියැසි මුහුණත ඔහුගෙ එම ගුරුකුලයේම ගමන් ගත් නීල් අලස් මහතාගේ නිර්මාණයක් වූ  දලූගම දේවස්ථානයේ 1965 ඉදිකළ කලින් තිබූ ද්වාර මණ්ඩපයේ ඇත. ලියොන් මහතාගේ විශේෂිත සුළං කපොලූ හතරැුස් සිමෙන්ති ගි‍්‍රල් සහ එම ආකෘතියේම වූ හතරැස්  කවුළු රැුගත් ජනෙල් යකඩ ගි‍්‍රල් ඔහුගේ සෑම නිර්මාණයකම පාහේ විය. අදටත් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පිීඨයේ ඔහුගේ විශේෂ නිර්මාණ හතරැුස් සුළං කපොලූ සහ යකඩ ගි‍්‍රල් ආකෘතිය දැකිය හැකිය. ලියොන් මන්ක් මහතාගේ සියලූ නිර්මාණ පාහේ නිම කළේ ඔහුගේ යාවජීව කෞශල්‍ය ඉදිකිරීම් කර්මාන්තකරු වූයේ ශ‍්‍රී ලංකාවේ පැවති සෑම විවිධාකාර වාස්තු විද්‍යාඥයන්ගේ සෑම ගුරුකුලයකම පාහේ ඉතා කෞශල්‍යමත් ලෙස නිරතව සිටි දලූගම එස්.ඞී. ස්ටීවන් මහතා ය.

දලූගම දේවස්ථානයෙහි ශත සංවත්සරයේ දී 1965දී ඉදිකරන ලද ඉහත කී කලින් තිබූ ද්වාර මණ්ඩප ගොඩනැගිල්ලද එම ශෛලියේම නව දිසානතියක ගමන් ගත් වාස්තුවිද්‍යා ශිල්පි නීල් අලස් මහතා ඉදිකළේය. එහි ඉදිකිරීම්, පුහුණු ශ‍්‍රමික ශිල්පී නිමැවුම ඉතා විශිෂ්ට ලෙස නිම කළ ශිල්පියා වූයේ ද දලූගම ග‍්‍රාමයේ ම පරම්පරාගත ඉදිකිරීම් පරම්පරාවකින් බිහිව සිටි එකල ඉතා තරුණ රේමන් සමරතුංග මහතායි. උපදේශක හා සම්බන්ධීකාරක වශයෙන් එස්.ඞී. ස්ටීවන් මහතා මූලිකත්වය ගත්තේය.

ද්වාර මණ්ඩපය එසේ ඉදිකිරීම එකල දලූගම දේවස්ථානයේ දායකයන්ගේ පොදු තීරණයක් විය. මීසම් සභාව එම කර්තව්‍යය එස්.ඞී. ස්ටීවන් මහතා වෙත පවරා ඇත. දායකයෝ එක්ව සල්පිල් සැණකෙලි පවත්වමින් ආධාර උපකාර අරමුදල් රැස් කළෝය.

දේවස්ථානයේ 100 වෙනි ජයන්ති සැමරුම අළලා එකල නිකුත් කර ඇති සමරු කලාපයෙහි ඒ ගැන මෙසේ සඳහන්ය.

‘‘ඉදිරිපසින් සිට අප දෙව්මැදුර දෙස බලන ඔබට එය මෑතකදී ගොඩ නැගුණු නවීණ දෙව්මැදුරුවලින් එකක් එකක් ලෙස පෙනෙනු ඇත. පැරණි දෙව්මැදුරේ ඉදිරිපස කොටස (මොහොප්පුව* වසර 100ක් තිස්සේ ස්වභාවධර්මයාගේ අනුකම්පා විරහිත බලපෑම්වලට හසුවීමෙන් පුපුරාගොස් වැඩිකල් එලෙස නොපවත්නා තත්වයට පත්ව තිබුණි. සෑහෙන විශාල ප‍්‍රතිසංස්කරණයක් අනිවාර්යයෙන්ම කළ යුතු විය. ප‍්‍රායෝගික ගෘහ නිර්මාණ ශිල්පයෙහි පරම්පරානුගත පළපුරුද්දක්  හා පළල් දැනුමක් ඇති අප දෙව්මැදුරේ ජුබිලි කාරක සභිකයෙකු වූ ඇස්.ඞී. ස්ටීවන් මහතාගේ සැලකිල්ල මේ සම්බන්ධයෙන් යොමු කරවන ලද්දේ මේ 1963 ඔක්තෝබර් මාසයේ මැද හරියේදීය. 1965 එළැඹෙන ශතවර්ෂ ජයන්තිය වන විට එම කොටස කඩා දමා අලූතින් ගොඩනැංවිය යුතු යැයි මීසම් කාරක සභාව විසින් තීරණය කරන ලදි.’’

එම ශත සංවත්සර සමරු කලාපය අදටත් සුරැුකිව තමන් අත රැුඳි එම සඟරාවේ සංස්කාරවරයෙකු වූ මොරිස් බොල්ලෑගල මහතා වෙත ස්තූතිය පළ කරමු.

ලියොන් මන්ක්ට ආවේණික වූ හතරැුස් හුළං කපොලූ ගි‍්‍රල් ද, සමනල තටු මෙන් වන කොන්කී‍්‍රට් පියසිද දලූගම දේවස්ථානයෙහි දිස් විය.  බිත්ති විශේෂ නිමැයුම් රටාවකින් රතු තිරුවානාගලින් නිම කරන ලද්දක් විය. එම විශේෂිත රතු තිරුවානා ගල් එස්.ඞී. ස්ටීවන් මහතා අත්තනගල්ලේ වරපලාන වෙත ගොස් ලබාගෙන තිබුණි. ගොඩනැගිල්ල වෙත පරිසරය හා සබැ`දි රෝස පාට පැහැයෙන් යුත් ඉතා සෞම්‍ය පෙනුමක් ලබාදීමට එය හේතු විය. පසුකලෙක නොනැණවත් අයෙකු එම රතු පාට තිරුවානා ගල් බිත්ති සියල්ල පළමුව කළු පාට තීන්ත ද, ඉන් පසුව ඒ පාට මැකීමට සුදුපාට තීන්ත ද අවිචාරව තවරා තිබුණි.

ලංකා දුම්කොළ සමාගමේ පැරණි ගොඩනැගිල්ල ඉවත් කිරීමෙහිදී එහි වූ පැරණි යකඩ දඟර පඩි පෙළ, එම ගොඩනැගිල්ල ඉවත් කිරීමේ කටයුත්ත බාර වූ එස්.ඞී. ස්ටීවන් මහතා ගෙනවිත් දලූගම දේවස්ථානයට එක් කළේය. පල්ලිය ඇතුළට නෙරා කොන්කී‍්‍රට්වලින් එක් කළ ගායනා කණ්ඩායම්වලට ස`දලූ තලයේ සිට භාවිත කිරීමට අලූතෙන් නිර්මාණය කළ ස`දලූ තලය වෙත ගමන් කිරීමට එම තරප්පු පෙළ පාවිච්චි කෙරෙයි.

ඉහත කී 1965 වර්ෂයේ නිමවූ නූතන ශෛලියෙන් වෙනස්ව, ගොතික් නිර්මාණ ශිල්පීය රටාවට අනුගතව අලූතෙන් ඉදිකර ඇති ද්වාර මණ්ඩපය සහිත ගොඩනැගිල්ල ඉදිකළ අය කලින් තිබූ නූතන වාස්තු විද්‍යා නිර්මාණ ශෛලිය පිළිබඳව සහ එය තැනීමේදී තිබූ සාමූහිකත්වය සහ එහි විශේෂත්වය අවබෝධ කරගැනීම වටී. යමකු විසින් යහපත් සදාචාරයක් නොමැති වදන්වලින් කලින් කරන ලද ඉදිකිරීම වැරදි වැඩක්, අවැඩක් සේ එය පහත් කොට හෙලා දැක තිබුණි. යම් කෙනෙකු ඒ බව පුවත්පතකට පවා ලියා තිබුණි. පෙර ගොඩනැගිල්ල බැතිමතුන්ට අපහසුතාවක් ඇතිකරන බව එම ලිපියෙන් දක්වා තිබුණි. එම නිසා දලූගම පල්ලියේ කටයුතු එදිනෙදා වැඩවලට සීමා වූ බව එහි සඳහන්ව තිබුණි.

පල්ලිය ගොතික් ශෛලියට අනුකූල නොවූ පමණින් දලූගම දේවස්ථානයේ කටයුතු දුර්වල වුණේ කෙසේදැයි අප විමසා බැලිය යුතුය. අලූත් ගොතික් ද්වාර මණ්ඩපය සහ මොගොප්පුව තැනවීම නිසා ‘‘පැරණි ශී‍්‍ර විභූතිය’’ ඉස්මතු කෙරෙන බව ඒ ලිපියෙන් කියැවෙයි. ‘‘ශී‍්‍ර විභූතිය’’ නමින් අදහස් වෙන්නේ ශී‍්‍ර සෞභාග්‍යයයි. බටහිර ගොතික් ශෛලිය ‘ශ‍්‍රී විභූතියට’  ඕනෑ වන්නේ නැත. එකල දලූගම බැතිමතුන්ගේ අල්පෝක්තිය, චාම් බව මෙන්ම භෞතික ගොඩනැගිලිවලින් බැහැර වූ පැවැත්ම පෙර ගොඩනැගිල්ලෙන් සංකේතවත් විය. එදා දලූගමවාසීන් අතර අද ප‍්‍රාර්ථනා කරන ප‍්‍රචාරකවාදී වාණිජ සෞභාග්‍යයක් නම් තිබී නැත.

එදා දලූගම දෙව්මැදුර ආශි‍්‍රතව සිටියෝ ඉතා සරල ගැමියෝය. තම ආධ්‍යාත්මික සරල බව වාණිජත්ව ව්‍යාජ දැහැමි සථපිළිවලින් වසා නොගත්  තෝමස් අයියා, පොල් ජෝෂප් අයියා, පේදුරු බාස් උන්නැහැ, ස්ටීවන් බාස් උන්නැහැ නම් ආදර ගෞරව නාමයෙන් සිටි මිනිස්සු වූහ.

යුරෝපීය ගොතික් රටාවක් අනුකරණය කරමින් මුහුණත ද්වාරය සැකසීමෙන් පැරණි ශ‍්‍රී විභූතිය නැවත මතුකර ගැනීමේ කර්තව්‍යයක් සිදු වූ බවට ඇති ප‍්‍රකාශවලින් කියවෙන්නේ මධ්‍ය කාලීන යුගයේ අධිරාජ්‍ය රෝමයේ තිබූ සෞභාග්‍යය සේ දලූගම ග‍්‍රාමයේ ද යුරෝපීය පැරණි බටහිර චින්තනය සහ ඒ සමග බැඳි වෙළඳ සෞභාග්‍යය ශ‍්‍රී ලංකාවේ දලූගම දේවස්ථාන ආශ‍්‍රිත බැතිමතුන්ටත් ඒ අයුරින් ලබා ගැනීමේ අභිලාෂය බව ය. දලූගම වැසියන්ට සහ රටට ගැළපෙන්නේ ඒ අනුන්ට අයත් ශ‍්‍රී විභූතියද නැතිනම් අපගේ නූතන වාස්තුවිද්‍යා ශෛලියේ ශ‍්‍රී විභූතියද යන්න කල්පනා කළ යුතුය.

  • දලූගම ජයසිරි සමරතුංග

ජාතිකවාදය ගැන සංවාද කරන අතරේ කවුළුවෙන් පොලිතීන් විසිකරනවා

 ආචාර්ය  සුමිත් චාමින්ද

ලංකාවේ ජාතිකවාදී දේශපාලනය ඉන්දියාව එක්ක සංසන්දනය කළ හැක්කේ කෙසේද?

අපේ රටවල් පශ්චාත් යටත්විජිත විදියට සලකනවා. අපි යුරෝපීය රටවල් විදියට ඉඳලා නිදහස ලැබූ රාජ්‍යයන්. අපි වගේ රටවල නූතන ජාතික රාජ්‍යය ගොඩනැගුණේ යටත්විජිතවාදයෙන් පසුව නිර්මාණය වූ සුවිශේෂ ඓතිහාසික තත්වයන් තුළ. අපේ පසුබිම යුරෝපයේ නූතන ජාතික රාජ්‍යය ගොඩනැගුණු සන්දර්භයට වඩා වෙනස්. යුරෝපීය ජාතික රාජ්‍යය ගොඩනැගෙනකොට තිබුණේ එක භාෂාවක් කතාකරන ප‍්‍රජාවක් එක රාජ්‍යයක් බවට පත්වීම කියන සංකල්පය. සාමාන්‍යයෙන් එය හඳුන්වන්නේ භාෂාමය ජාතිකවාදය කියලා. ප‍්‍රංශ, ස්පාඤ්ඤ, ඉංග‍්‍රීසී ආදි ලෙස භාෂාව මත රාජ්‍යයන් ගොඩනැඟුණා. 18 සියවස පමණ වන විට මේ විදියේ රාජ්‍යයන් යුරෝපයේ බිහි වුණා. යම් යම් රාජ්‍යයන්ට ආගමත් බලපෑවා. උදාහරණයක් ලෙස ස්පාඤ්ඤයේ කතෝලික ආගම තිබුණා. මහා බි‍්‍රතාන්‍යයේ ක‍්‍රිස්තියානි ආගම තිබුණා. කෙසේ වෙතත් මේ ජාතිකවාදී රාජ්‍යයන් ගොඩනගනකොට තම රටේ හිටපු අනෙකුත් සුළුතර කණ්ඩායම්වලට එරෙහිව හිංසනයක් ක‍්‍රියාත්මක වුණා.

ප‍්‍රංශයේ ප‍්‍රධාන භාෂාව බවට ප‍්‍රංශ භාෂාව හැරෙනකොට වෙනත් භාෂා විශාල ප‍්‍රමාණයක් මර්දනය කළා. මහා බි‍්‍රතාන්‍යයේදී ඉංග‍්‍රීසි ආධිපත්‍යයක් ස්ථාපිත කිරීම සඳහා වේල්ස්, අයිරිෂ් සහ ස්කොටිෂ් කියන අනන්‍යතා යටපත් කිරීම සිදුවෙලා තියෙනවා. තවත් බටහිර රටක් වන ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉංග‍්‍රීසි භාෂා ආධිපත්‍යය ස්ථාපිත කරනකොට ස්පාඤ්ඤ භාෂාව කතාකරපු ප‍්‍රාන්තවලට බලපෑම් එල්ල වුණා. ඒ නිසා තනි භාෂාවක් හා ආගමක් මත පදනම් වූ බටහිර ජාතික රාජ්‍යය බිහිකළේ සුළුතර ජනවර්ගවලට මර්දනය ක‍්‍රියාත්මක කරමින් බව කිව හැකියි.

මේ තත්වය ලංකාව, ඉන්දියාව ආදි යටත්විජිත රාජ්‍යයන් නිදහස ලැබීමෙන් පසුව සංකීර්ණ වුණා. ඒවා විවිධ ජනවාර්ගික, ආගමික හා භාෂාමය කණ්ඩායම් අතරේ විවිධත්වයක් පැවති ප‍්‍රදේශ. ඒවාට ජාතික රාජ්‍යයක් ගොඩනඟාගැනීම සඳහා එක් නිශ්චිත ප‍්‍රවේශයක් තිබුණේ නැහැ. ඒ ඒ රාජ්‍යයන්ට තෝරාගැනීමක් කරන්න පුළුවන්කම තිබුණා. එක් පැත්තකින් අපි කලින් කීව බටහිර ආකෘතිය අනුගමනය කරමින් එක් භාෂාවක් කතාකරන, එක් ආගමක් අදහස තනි රාජ්‍යයක් බිහි කරගැනීමේ හැකියාව තිබුණා. පාකිස්ථානය කළේ ඒක. ආරම්භයේදී එය මුස්ලිම් ආගම මුල් කරගත් රාජ්‍යයක් බවට පත්වුණා. ලෝකයේ මුල්ම ව්‍යවස්ථාපිත මුස්ලිම් රාජ්‍යය එය. එහෙත් පසුව එය ආගමික අනන්‍යතාවටත් වැඩි බරක් තැබුවා. 1970 දී පාකිස්ථානයේ උර්දු භාෂාව කතාකරන බහුතරයෙන් වෙන්ව, භාෂාමය අනන්‍යතාව මත නැගෙනහිර පාකිස්ථානය වෙන්වුණා. ඔවුන් බෙංගාලි භාෂාව මුල් කරගත් බංග්ලාදේශය බිහි කරගත්තා.

ලංකාවේ මාර්ගය මොකක්ද?

ඇත්තටම ලංකාවේ ජාතික චින්තන ව්‍යාපාරය පෙනීඉන්නේ බටහිර ආදර්ශය වෙනුවෙන්. බටහිර ජාතික රාජ්‍යය අනුකරණය කරමින් සිංහල භාෂාව ප‍්‍රධාන වෙන්න  ඕනෑ, බෞද්ධාගම ප‍්‍රධාන වෙන්න  ඕනෑ කියලා කියනවා. ඒ මත ජාතික රාජ්‍යය ගොඩනගන්න  ඕනෑ බව ඔවුන්ගේ අදහස. ඇත්ටම මහාචාර්ය නලින් ද සිල්වාගේ භාෂාවෙන් කීවොත් එය බටහිර අනුකාරකවාදයක්. ඒ අනුව ලංකාවේ ලොකුම බටහිර අනුකාරකවාදීන් තමයි සිංහල බෞද්ධ ජාතිකවාදීන්.

ඉන්දියාව තෝරාගත්තේ ඔවුන්ගේම මාර්ගයක් නේද?

ඉන්දීය නිදහස් අරගලයේදී ජවහර්ලාල් නේරු, මහත්මා ගාන්ධි, බී.ආර්. අම්බෙඞ්කාර් වගේ අය වෙනස් ජාතිකවාදයක් ගෙනාවා. ඔවුන් නිදහසෙන් පසු ඉන්දීය ජාතික රාජ්‍ය්‍ය ගොඩනැගුවේ හින්දු ආගම හෝ වෙනත් ආගමක් පදනම් කරගෙන නෙවෙයි. හින්දි භාෂාව පදනම් කරගෙනත් නෙවෙයි. මහත්මා ගාන්ධි කීවේ හින්දු රාෂ්ට‍්‍ර හෙවත් හින්දු රාජ්‍යයක් ගොඩනැගීමේ ව්‍යාපාරය දේශද්‍රෝහී ව්‍යාපාරයක් බව. ඔවුන් දැනගෙන හිටියා එක් භාෂාවක් හෝ ආගමික කණ්ඩායමක් පදනම් කරගත් ජාතිකවාදයකින් ඉන්දියාව කෑලිවලට කැඩිලා යන්න ඉඩ තිබුණු බව. භාෂාව ගැන උදාහරණයකට ගතහොත්, ඉන්දීය ජාතික ගීය රබීන්ද්‍රනාත් තාගෝර් ලීවේ බෙංගාල භාෂාවෙන්. එය ඉන්දියාවේ ඉතාම සුළු පිරිසක් කතාකරන භාෂාවක්. එහෙත් බහුතර ජනවර්ග ඒක පිළිගත්තා.

ඉන්දියානු රාජ්‍යය නිරාගමිකයි නේද?

ඉන්දීය ව්‍යවස්ථාවේ තියෙනවා ඉන්දියාව නිරාගමික රාජ්‍යයක් බව. 1950 දී තමයි අම්බෙඞ්කාර්ගේ නායකත්වයෙන් ඉන්දීය ව්‍යවස්ථාව සකස් කළේ. ඉන්දියාව නිරාගමික රාජ්‍යයක් කියන වගන්තිය එම ව්‍යවස්ථාවට එකතු කළේ 1976 දී. ඒ අනුව ඉන්දියාව නිරාගමික සමාජවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයක් වුණා. එහෙත් ඊට ආසන්න වසරක් වන 1972 දී ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් බෞද්ධාගම රාජ්‍යයේ ප‍්‍රමුඛස්ථානයට පත් කරන බව සඳහන් කළා. ඉන්දියාවට වඩා වෙනස් මාර්ගයක් ගත්තා. 1956 දී පමණ ඉන්දියාවේ විවිධ ප‍්‍රාන්ත රජයන්ට තම තමන්ගේ භාෂාවලින් වැඩකටයුතු කරන්න ඉඩකඩ ලබාදුන්නා. ඒ කාලසීමාවේදී ලංකාවේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කළා.

කෙසේ වෙතත් ලංකාවේ සහ ඉන්දියාවේ පැහැදිලි වෙනසක් තියෙනවා. අපි බටහිර ආදර්ශය අනුව එක භාෂාවක්, එක ආගමක් සහිත බටහිර ජාතික රාජ්‍යයක් බිහි කළා. ඉන්දියාව තමන්ගේම මාර්ගයක් අරගෙන බහුත්වවාදී නිරාගමික රාජ්‍යයක් ගොඩනැඟුවා.

පසුකාලීනව බටහිර රාජ්‍යයන් ආගමෙන් මිදුණා. දැන් බටහිර රටවල් නිරාගමික රාජ්‍යයන්. ඒ රාජ්‍යයන් සහ ඉන්දීය නිරාගමික රාජ්‍යය අතර

වෙනසක් තියෙනවාද?

ඉන්දීය නිරාගමිකවාදය යනු බටහිර නිරාගමිකවාදය නෙවෙයි. මහත්මා ගාන්ධි දේශපාලනයෙන් ආගමික හා ආධ්‍යාත්මික වටිනාකම් ඉවත් නොකළ යුතුය කියන අදහසේ හිටියා. රාජ්‍යය එක ආගමක පැත්ත නොගත යුතු බව තමයි කීවේ. බටහිර නිරාගමිකවාදය බිහිවුණේ යම් ඓතිහාසික පසුබිමක් තුළ. ප‍්‍රධාන වශයෙන්ම යුරෝපයේ වාණිජවාදයේ නැගීමත් එක්ක රාජ්‍යය සහ පල්ලිය අතර දීර්ඝකාලීන ගැටුමක් ඇතිවුණා. ඒකේ ප‍්‍රතිඵලයක් විදියට තමයි පල්ලියේ දේශපාලන බලය අහෝසි කරලා දේශපාලන බලය ලෞකික රාජ්‍යයට දිනාගැනීමේ අදහස ආවේ. එවැනි අත්දැකීමක් ලංකාවට හෝ ඉන්දියාවට නැහැ. අපි ඉන්නේ වෙන සන්දර්භයක. අනෙක් පැත්තෙන් බටහිර නිරාගමිකවාදයට තේරුම් දෙකක් තිබුණා.

ඒ මොනවාද?

එකක් තමයි රාජ්‍යය සහ ආගම එකිනෙකින් වෙන්කිරීමේ අදහස. අනෙක තමයි ජන සමාජය ලෞකිකකරණය වීමේ අවශ්‍යතාව. ඒ අනුව රාජ්‍යය පමණක් නොව, සමාජය පවා ආගමෙන් ඈත් වුණා. 18 වැනි සියවසේදී විද්‍යාත්මක චින්තනය පදනම් කරගත් ප‍්‍රබුද්ධ ව්‍යාපාරයක් වර්ධනය වුණා. මිනිසුන් තර්ක බුද්ධිය විශ්වාස කරමින් ආගමෙන් ඈත් වුණා. අද ඒ රටවල බහුතරයක් කිසිදු ආගමක් විශ්වාස නොකරන අය. ඉන්දියාව සම්බන්ධයෙන් එසේ කියන්න බෑ. ඉන්දියාවෙහි යුරෝපයේ වුණා වගේ විද්‍යාත්මක චින්තනයේ වර්ධනයක් සිද්ධවුණේ නැහැ. අද ඉන්දීය සමාජය නිරාගමික බව කියන්න බැහැ. මිනිසුන් පල්ලි සහ කෝවිල් යනවා. අදේවවාදීන් ප‍්‍රමාණය සාපේක්ෂව අඩුයි. ඒ අනුව මිනිසුන් ආගමික විශ්වාසයන් තිබියදීම නිරාගමික රාජ්‍යයක් ඇති කිරීම ගැන අදහසක් ගාන්ධි, නේරු වගේ නායකයන්ට තිබුණු බව පෙනෙනවා.

ඉන්දියාවේ අද තියෙන හින්දුත්වවාදී ව්‍යාපාරය බිහිවුණේ කොහොමද?

ඉන්දියාවේ ගාන්ධියානු, නේරුයානු ජාතිකවාදයට සමාන්තරව හින්දුත්වවාදී ව්‍යාපාරයකුත් මුල සිට තිබුණා. ඇත්තටම 1920 ගණන්වලම තමයි රාෂ්ටී‍්‍රය ස්වයංසේවක් සංග් හෙවත් ආර්එස්එස් සංවිධානය බිහිවුණේ. ඔවුන්ගේ මූලික සටන්පාඨය වුණේ හින්දු රාෂ්ට‍්‍ර හෙවත් හින්දු රාජ්‍යය බිහිකරන්න  ඕනෑ බව. එහෙත් ඒ ව්‍යාපාරයට සැලකිය යුතු බලයක් දිනාගන්න ලැබුණේ නැහැ. 1990 ගණන්වල ඉන්දියාව නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තිවලට නැඹුරු වන විට ඇතිවුණු සමාජ කැළඹීම් මධ්‍යයේ ආර්එස්එස් දේශපාලනය වඩා ශක්තිමත් වුණා. පසුව ඔවුන්ගේ දේශපාලනික ප‍්‍රකාශනය බවට භාරතීය ජනතා පක්ෂය පත්වුණා. නරේන්ද්‍ර මෝඩි බලයට ආවේ ආර්එස්එස් හා භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන හින්දුත්වවාදී ව්‍යාපාරයේ ප‍්‍රතිඵලයක් විදියට. ඉන්දියාවේ මෙතෙක් පැවති නිරාගමික, බහුත්වවාදී ජාතිකවාදය යටපත් කරමින් හින්දුත්වවාදය මුල් කරගත් අන්ත දක්ෂිණාංශික ජාතිකවාදයක් බවට එය අද පත්වෙලා.

අවුරුද්දකට කලින් භාරතීය ජනතා පක්ෂයට විශාල ඡුන්ද ප‍්‍රමාණයක් දුන්න ඉන්දියාවේ පොදුජනයා අතරින් අද එම ආණ්ඩුවට විරුද්ධව විරෝධතා මතුවෙන්නේ ඇයි?

ඇත්තටම නරේන්ද්‍ර මෝඩි අගමැතිවරයාට පළවැනි ධුර කාලයේදී හින්දුත්වවාදී ප‍්‍රතිපත්ති එතරම් දරුණු විදියට ක‍්‍රියාත්මක කරන්න ලැබුණේ නැහැ. අනෙකුත් පක්ෂ සහිත සන්ධානයක් විදියට බලයේ ඉන්න සිද්ධවුණ නිසා. එහෙත් පහුගිය අවුරුද්දේ තනි බලයක් ලැබුණා. එයින් පසුව ඔවුන් මුලින්ම කරපු දෙයක් තමයි කාශ්මීර් ප‍්‍රාන්තයට තිබුණු සාපේක්ෂව ස්වාධීන තත්වය ඉවත් කිරීම. ඉන් පස්සේ එම ජනතාවට එරෙහිව විශාල හිංසනයක් දියත් වුණා. පසුව පුරවැසි පනත සංශෝධනය කළා. එහි ප‍්‍රතිඵලයක් විදියට මුස්ලිම් ජනයාට ඉන්දීය රාජ්‍යය වෙනස් ආකාරයකට සලකන තත්වයක් ඇතිවුණා. එය නිරාගමික රාජ්‍ය සංකල්පයට පටහැනියි. ඇසෑම් ප‍්‍රාන්තයේ විශේෂයෙන්ම පුරවැසිභාවය ඔප්පු කරන්න බැරි බව හඳුනාගත් ලක්ෂ ගණනක් ජනයාට දැන් රටක් නැති තත්වයක් ඇතිවෙලා තියෙනවා. මේක ගාන්ධි සහ නේරු ස්ථාපිත කරපු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉන්දියාව නෙවෙයි. මේක හින්දුත්වවාදී සම්ප‍්‍රදාය ඉදිරියට පැමිණ අනෙකුත් ජනවර්ග මර්දනය කිරීමක්. ඒ අනුව ඉන්දීය ජාතිකවාදය පිළිබඳ විශ්වාසය තැබූ ජනයා නැගී සිටිනවා. දැන් මේ  සම්ප‍්‍රදායන් දෙක අතර ගැටුම තමයි පෙනෙන්නේ. ඉන්දියාවේ ශිෂ්‍ය ව්‍යාපාරය දරුණු ලෙස පුරවැසි පනතට විරුද්ධව නැගී සිටියේ ඒ අනුව. එයට ප‍්‍රතිචාර ලෙස ආර්එස්එස් සංවිධානයත් මැදිහත් වෙලා පුරවැසි පනතට පක්ෂව උද්ඝෝෂණ කරන්න පටන් අරගෙන. නවදිල්ලි නගරයේ මුස්ලිම් විරෝධී හිංසයක් දරුණු ලෙස දියත් කරලා තියෙනවා. මම හිතන්නේ මේක ලෝකය පුරාවට ඇතිවෙන අන්ත දක්ෂිණාංශික ජාතිකවාදී රැුල්ලේ ලක්ෂණයක්.

ඉන්දියාවේ මුස්ලිම් අය ගැන සඳහන් කළ එකම එක පනතක් නිසා ශිෂ්‍යයන් නැගී සිටිනවා, ජනප‍්‍රිය නළු නිළියන් පවා ඒ ගැන දැඩිව අදහස් දක්වලා තිබුණා. එහෙත් ලංකාවේ සුළුතර ජනවර්ග පීඩාවට පත්කරන සිදුවීම් කෙතරම් සිදුවුණත් එයට ජාතික මට්ටමේ විරෝධයක් පැනනඟින්නේ නැත්තේ ඇයි?

එයට හේතුව තමයි අපේ ජාතික රාජ්‍යයන් බිහිවූ පදනම. ඉන්දියාවේ නිරාමිකවාදී සහ බහුත්වවාදී දේශපාලනයට ජාතික සම්ප‍්‍රදායක් තියෙනවා. ගාන්ධි තමන්ගේ පාදයාත‍්‍රා දියත් කළේ හින්දු මුස්ලිම් ගැටුම්වලට විරුද්ධව. ගාන්ධිට  ඕනෑ වුණේ සියලූ කණ්ඩායම් එකතු කරගත් ව්‍යාපාරයක් ගොඩනගන්න. එහෙත් ගාන්ධිගේ අවසන් උපවාසය දියත් කළේත් වාර්ගික හිංසනයට විරුද්ධව. ගාන්ධියානු සම්ප‍්‍රදාය තුළ ඇත්තටම ජාතිකවාදයකට වඩා දේශපේ‍්‍රමය ඉහළට ගැනුණා. ජාතිකවාදය හා දේශපේ‍්‍රමය අතර වෙනසක් තිබුණා. ගාන්ධිව ඝාතනයට ලක් කළේත් හින්දු අන්තවාදී ආර්එස්එස් සංවිධානයේ සාමාජිකයෙක්. ඒ උරුමය එක්ක තමයි අද ඉන්දියාවේ ප‍්‍රබල බහුජන ව්‍යාපාරයක් ගොඩනගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඇත්තටම අද භාරතීය ජනතා පක්ෂයට අභියෝගය එල්ල වෙන්නේ කොංග‍්‍රස් පක්ෂයෙන් නෙවෙයි, අර බහුජන ව්‍යාපාරයෙන්.

ලංකාවේ එවැනි පුළුල් ජාතිකවාදී ව්‍යාපාරයක් ගොඩනගන්න නායකයන් අසමත් වුණා. ලංකාවේ ආරම්භයේ සිට ජනවාර්ගික ජාතිකවාදය තමයි ප‍්‍රධාන දේශපාලන ධාරාව බවට පත්වෙලා තිබුණේ. හැට ගණන්වල ඉඳලා වාමාංශික ව්‍යාපාරයත් ඒකට අනුගත වුණා. ජවිපෙ අසූ ගණන්වල අග භාගයේදී ගෙනා ව්‍යාපාරය ඇත්තටම සුළුතර ජනවර්ගයකට දේශපාලන බලය බෙදීමට විරුද්ධ ව්‍යාපාරයක්. දේශපේ‍්‍රමී ව්‍යාපාරයක් කීවාට සිංහල බෞද්ධ ජාතිකවාදී ව්‍යාපාරයක් ඔවුන් ගෙනාවේ. අපට එවැනි සම්ප‍්‍රදායක් නොමැතිකමේ ප‍්‍රශ්නය තියෙනවා. ලංකාවේ පැරණි වමේ ව්‍යාපාරය නියෝජනය කරන සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය වගේ කණ්ඩායම්වල පමණක් යම් විදියකට ගාන්ධියානු ස්වරූපයේ බහුත්වවාදී ප‍්‍රවේශයක් තිබුණා. එහෙත් අද ඒ ප‍්‍රවණතා නැහැ.

අනෙක් අතට ලංකාවේ ජනප‍්‍රිය සංස්කෘතිය හා ප‍්‍රබුද්ධ සංස්කෘතිය තුළත් තිබුණේ සිංහල බෞද්ධ මුල් කරගත් අදහසක්. අමරදේව වැනි ප‍්‍රබුද්ධ ගායන ශිල්පීන් හෝ ලංකාවේ සිටි වෙනත් ප‍්‍රබුද්ධ කලාකරුවන්ට මේ ගැන දැක්මක් තිබුණේ නැහැ. ජනප‍්‍රිය සිනමාවෙන් පවා එවැන්නක් යෝජනා කළේ නැහැ. ඉන්දියාවේ ජනප‍්‍රිය සිනමාවෙන් පවා යෝජනා කළේ පුළුල් ජාතිකවාදයක් නේද?

ඔබ පෙන්වූ කාරණය හරි. ඇත්තටම ගාන්ධිටත් කලින් මානවවාදී, විශ්වීය දර්ශනයක් ගොඩනඟන්න උත්සාහ කළ කෙනා රබීන්ද්‍රනාත් තාගෝර්. ඔහු ප‍්‍රජාතාන්ත‍්‍රික ව්‍යාපාරයට අවශ්‍ය කරන ජන විඥානය ගොඩනැගුවා. සත්‍යජිත් රායි වගේ අයගේ සිනමාව තුළත් එය තිබුණා. ඊට අමතරව ප‍්‍රසිද්ධ ඉන්දීය සාහිත්‍යය තුළත් ඒ පුළුල් දර්ශනය තිබුණා. එය ජනප‍්‍රිය සංස්කෘතියේත් තිබුණා. එහෙත් ලංකාවේ එහෙම තිබුණේ නැහැ.

ඔබ ගාන්ධි දේශපේ‍්‍රමයට වැඩි තැනක් දුන්න බව කීවා. ඉන්දියාවේ දේශපේ‍්‍රමය කියන්නේ මොකක්ද?

 ඕනෑම වචනයකට දේශපාලන සන්දර්භය තුළ එකිනෙකට වෙනස් අර්ථකථන තියෙනවා. මේ වචනවලට තියෙන්නේ කතිකාමය අර්ථ. ගාන්ධියානු සම්ප‍්‍රදාය තුළ දේශපේ‍්‍රමය කියන එකට ලැබුණේ ඉන්දියාවටම ආවේණික අර්ථයක්. ජාතිකවාදය බොහෝ විට ජනවාර්ගික හෝ ආගමික අනන්‍යතාවක් එක්ක සම්බන්ධ වෙනවා. ගාන්ධි දේශපේ‍්‍රමය ඊට වඩා වෙනස් භූගෝලීය, ප‍්‍රදේශමය බැඳීමක් මත අර්ථකථනය කළා. මනුෂ්‍යයෙක් තමන්ගේ ගමට හා නගරයට ආදරය කිරීම, ප‍්‍රාන්ත රාජ්‍යයට ආදරය කිරීම, ඉන්දියාවට ආදරය කිරීම ආදි තල ගණනාවක දේශපේ‍්‍රමය අර්ථකථනය කළා. දේශපේ‍්‍රමයට යම්කිසි ලෞකිකවාදී පැහැදිලි කිරීමක් තිබුණා. ඒක ලංකාවේ  තියෙන ජාතිකවාදය මත අර්ථකථනය වූ දේශපේ‍්‍රමයට වඩා වෙනස්.

තවත් පැහැදිළි කළොත්..

ප‍්‍රායෝගික භාවිතයෙන් උදාහරණයක් කීවොත් මෙහෙමයි. ලංකාවේ ජාතිකවාදය ගැන කතාකරන බොහෝ දෙනෙක් විශාල වශයෙන් පරිසරය විනාශ කරනවා. මිනිසුන් දුම්රියේ ජාතිකවාදය ගැන සංවාද කරමින් යන අතරේ දුම්රිය කවුළුවෙන් එළියට පොලිතීන් බෑග් විසිකරනවා. ගාන්ධිගේ අර්ථකථනය අනුව එය දේශද්‍රෝහී ක‍්‍රියාවක්. දේශපේ‍්‍රමය අනුව තමන්ගේ ප‍්‍රදේශයේ සම්පත් ආරක්ෂා කිරීම, පොදු දේපළ වර්ධනය කිරීම ආදිය වැදගත්. ඒ අර්ථයෙන් අසූහත අසූනවය කාලේ දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය යන නමින් ක‍්‍රියාත්මක වූ ජවිපෙත් දේශපේ‍්‍රමී නැහැ. ඔවුන් පොදු දේපළ විනාශ කළා, ලංගම බස්රථ ගිනි තිබ්බා, ට‍්‍රාන්ස්ෆෝමර් විනාශ කළා. ලංකාවේ මෙවැනි දේශපේ‍්‍රමී සම්ප‍්‍රදායක් නැහැ. අවාසනාවකට ලංකාවේ වාමාංශික දේශපාලනය තුළ හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කතිකාව තුළ ජනවාර්ගික නොවන ලෞකික දේශපේ‍්‍රමය ගැන සාකච්ඡුාවක් නැහැ. ඒ නිසා පොදු දේපළ විනාශ කිරීම ඉතාම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. දේශපාලනඥයන් විතරක් නෙවෙයි, සාමාන්‍ය පුරවැසියන් පවා පොදු දේපළ විනාශ කරනවා. ජනවාර්ගික හෝ ආගමිකවාදී නොවන දේශපේ‍්‍රමය පිළිබඳ සංවාදය ඉන්දියාවෙන් ගේන්න පුළුවන් එය හරිම වැදගත්.x

ලංකාවට නීතියක් එපාද?

0

ජනතාව මහින්ද ගෙදර ඇරියේ ඒ අවකල් කි‍්‍රයා නිසාය. නීතියක් ඇති නිසාය. නැවත එතැනට තල්ලූ වෙන්නේ මහින්ද නොවේ. ගෝඨාභය රාජපක්‍ෂ ය. ගෝඨා ඊට කැමතිද? වියත් මග ඊට කැමතිද? එළිය ඊට කැමතිද? සිංහල බෞද්ධයන් ඊට කැමතිද? මල්වත්ත අස්ගිරිය  ඊට කැමතිද? කාදිනල් මැල්කම් රන්ජිත් ඊට කැමතිද? මේ කී සියලූ පාර්ශ්ව නොවැම්බරයේ බලය දුන්නේ ගෝඨාභය රාජපක්‍ෂටය.

  • නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

රාජපක්‍ෂලා නිරාවරණය වෙමින් පවතී. රාජපක්‍ෂවරු  රාජ්‍ය පාලනය සඳහා තුනෙන් දෙක ලබා ගැනීමට කඩිමුඩියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියාහ. රාජපක්‍ෂලා රාජ්‍ය සේවක පුහුණුව ආරම්භ නො කර ඡුන්දයක් දිනන්න බැරි තැනට  පත්ව ඇත. එය  බෙහෙවින් ඛේදජනකය.  පුහුණුව නතර කළ පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිවරණ කොමිෂන් සභාවට ටිකක් සැරෙන් කතා කළේ ය. ඊටත් වඩා සැර කතාවක් හෙතෙම නිදහස් දවසේ ජාතිය අමතමින් කීය. එහි අර්ථය රටේ ජනතා අවශ්‍යතා ඉටු කිරිමේදී රාජ්‍ය සේවය ව්‍යවස්ථාදායකය හෝ අධිකරණය බාධාවක් නොකළ යුතු බවය. එසේම ශී‍්‍ර ලංකා නීතිඥ සංගමය අමතා පසුගිය පෙබරවාරි 14 වෙනිදා මීගමුවේදී සංවර්ධනය සඳහා විධායකය ගනු ලබන ප‍්‍රයත්නවලදී අධිකරණය බාධා නොකළ යුතු ය යන  බරපතළ පණිවිඩය නිකුත් කළේය. 

මැතිිවරණ කොමිසම පාලකයන්ගෙන් අපූරු ප‍්‍රශ්නයක් ඇසීය. ඔය වැඬේ ඉවර කර පාර්ලිමේන්තුුව විසුරුවා නො හැරියේ ඇයි? එයින් කියැවෙන්නේ අතපය හයියෙන් සහ ඔ`ථවෙන් කළ හැකි දේ පටලවා නොගත යුතු බවය. හෝ වෙනම තේරුම් ගත යුතු බව ය. රටේ නීතියක් පවත්නා බව සහ ඊට ඉහළින් කිසිවෙකුට යා නොහැකි බව ගෝඨාභය රාජපක්‍ෂ නොදන්නවා නොවේ. වීරකැටිය සොහොනට වැය කළ රාජ්‍ය මුදල් පරීක්‍ෂණ ආරම්භ කළ වහාම ආපසු ගෙවන ලද්දේ ඒ නිසාය. එය විනයකි. වරද තේරුම් ගැනීමකි.  පරම්පරා නාමය රාජපක්‍ෂ වුණාට මහින්ද කළ දේ ගෝඨාභයගෙන් මේ රටේ මිනිස්සු අපේක්‍ෂා නොකරති. එසේම කරන්නත් බැරිය. රටේ ජනාධිපති මහින්ද නොවන බව රටම දනිති. ගෝඨාභය රාජපක්‍ෂත් ඒ ටික දැනටම යම් ප‍්‍රමාණයකට තේරුම් ගත යුතුවේ. නීතිය අතට ගත් මහින්දට වැරදුණේ ඒ ටික නොදැන සිටි නිසාය. පාලකයන් ලෙස රාජපක්‍ෂලාගේ කැරැුට්ටුව යහපත් නැත. රනිල් වික‍්‍රමසිංහට පින් සිද්ධ වෙන්න එකදු රාජපක්‍ෂ කෙනෙකු හෝ හිරේ විලංගුවේ වැටුණේ නැත. ඒත් නඩු කෝටියකි. මේ කතා කරන්නේ දේශපාලනය නොවේ.

තෝමස් හොබ්ස්ට අනුව ලෝකයේ ආණ්ඩු ක‍්‍රම තුනකි. ඒ රාජාණ්ඩු, රදළ ආණ්ඩු සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු යනුවෙනි. හොබ්ස් මේ න්‍යාය දක්වා සිය ලෙවියානන් කෘතියෙන් වඩාත් යහපත් යයි වර්ණනා කළේ රාජාණ්ඩු ක‍්‍රමයයි. හොබ්ස් අගය කළ රාජාණ්ඩු ක‍්‍රමයේ ලාංකේය අත්දැකීම කුමක්ද? ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ කුදලා එංගලන්තයේ රජුට භාරදී,  රටේ අයිතිවාසිකම් ගිවිසුමකින් තහවුරු කර ගැනීමය.  විනිසුරුවරුන් එළවා, විවේචකයන් මරා පවත්වා ගෙන ගිය මහින්ද රාජපක්‍ෂගේ රදළ ආණ්ඩුව 2015දී ජනතාව විසින් පළවා හැරියයේය. අද රටේ ඇත්තේ ව්‍යවස්ථාදායකය, අධිකරණය, විධායකය වෙන්ව පවත්නා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයකි. කුඹුරක් වපුරා අස්වැන්න ගෙට ගැනීමේ කි‍්‍රයාවලිය ගොවියාට භාරය. එහෙත් මීයාටත් වවුලාටත් ගැඩවිලාටත් පැවරුණ කුඹුරේ කිසිදු රාජකාරියක් ගොවියා පවරා නොගත යුතු බව තුන් සිංහලයම දනිති.

පසුගිය නොවැම්බර් මැතිවරණය ප‍්‍රතිඵලය සාධාරණ මෙන්ම නිදහස් නිවහල් එකකි. හේතුව රටේ මැතිවරණ නීතිය හරියටම කි‍්‍රයාත්මක වීමය. ඒ ගෞරවය එළඹෙන මහ මැතිවරණය ප‍්‍රතිඵලයට නො ලැබෙන බවට කරුණු පෙළ ගැසෙනු පෙනේ. බත් දන්සැල් විවෘත වේද? සිල් රෙදි බෙදයිද? ජනාධිපති මැතිවරණය දිනුවේ රටේ නීතියක් පැවති නිසාය. ඒ නෛතික රාමුව තුළ මහ මැතිවරණය ජයගත යුතුව ඇත. රටේ නීතිය එයයි.

2010දී මහින්දට තුනෙන් දෙක නොලැබිණ. අල්ලස් දී රනිල්ගේ ගෝලයන් බාගෙන තුනෙන් දෙක හදා ගත්හ. 18 වෙනි සංශෝධනය හරහා රාජපක්‍ෂවරු ස්වාධීන කොමිෂන් සභා අහෝසි කළහ. 19 වෙනි සංශෝධනය හරහා යළි ස්වාධින කොමිෂන් සභා නැවත ස්ථාපිත විය. ඒ කොමිෂන් සභා කි‍්‍රයාත්මක රටේ ඡුන්ද නීතියට අත තැබීමට 2015 බැංකු කඩා අසුවූ රනිල්ලාට නොහැකි විය. ඒ හපන්කම 2020 කර පෙන්විිමට 2015ට පෙර බැංකු කැඩූ රාජපක්‍ෂලා සැලසුම් කරමින් සිටිති.

17 වෙනි සංශෝධනයේ ගෙළ මිරිකීමට පෙර මහින්ද රාජපක්‍ෂ කීවේ වීරකැටියේ පොලිසියේ  ඕඅයිසී මාරු කිරීමට මට බැරි නම් ඒ නීතියෙන් පලක් නැති බවය. ශිරානි බණ්ඩාරනායක සිද්ධියේදී කීවේ අපේ මිනිහෙක් නම් මම ෂේප් කරලා දානවා කියාය. නීතිය යනු පාලකයා කැමති දේ කිරීමට නොහැකිකමය. පාලකයාට නීතිය යටත් විය යුතුද? අකුරැුස්සේ සාරුව සුනිල්ලා හිච්චි කෙල්ලන් විනාස කර පාටි දැමුවේ මහින්ද රාජපක්‍ෂගේ  ඕඅයිසී මාරු කරන ක‍්‍රමය යටතේය. එය නැවත මේ රටේ ඇති නොවිය යුතු බව ගෝඨාභය රාජපක්‍ෂ තේරුම් ගත යුතුව ඇත. නිදහස් දින ප‍්‍රකාශ කළ පරිදි  ජන වරමක් ලැබී ඇති බව සැබෑය. ජන වරම යනු ගම් දනව් විනාස කරන ළැව් ගින්නක් නොවේ. ජනාධිපති පත් වුණේ රටේ නීතියට අනුවය.  නීතියට අනුව පත්වූ ජනාධිපති රටේ නීතියට යටත් ය. හෙතෙම  රටේ නිතිරිති ගණන් ගත යුතු නැතැයි කොහේවත් ලියා නැත.

ගෝඨාභයගේ ලොකු අයියා මාව විදුලි පුටුවට ගෙනියන්න හදනවෝ කියා කෑගැසුවා මතකද? ඒ රටේ නීතිය කඩා සෙල්ලම් පෙන්නූ මහින්ද ලෝක නීතියක් පවත්නා බව පිළිගත් හෙයිනි. ප‍්‍රංශ ජනතාව කැරලිි ගසා රජු සහ පවුල මරා දැමීය. හිට්ලර් සිය පවුලට වස කවා වෙඩි තබා දිවි නසා ගත්තේය. ඉතිහාසය යනු නැවත නැවත නොවෙනස්ව සිද්ධවන කි‍්‍රයාදාමයකි. ව්‍යවහාර වසර පනහක් යනු ඉතිහාසයේ සමහර විට එක දවසකි. ඒ අර්ථයෙන් විධායක ජනාධිපතිගේ සිව් අවුරුදු කාලය ඉතිහාසය අනුව නම් තත්පර ගණනකි.

යම් නීතියකින් බැරි නම්…? එහි අර්ථය කුමක්ද? අර්ථය කුමක් වුණත් සිරිසේන වැනි කඩමාල්ලක් වනවා, ජනතාව මහින්ද ගෙදර ඇරියේ ඒ අවකල් කි‍්‍රයා නිසාය. නීතියක් ඇති නිසාය. නැවත එතැනට තල්ලූ වෙන්නේ මහින්ද නොවේ. ගෝඨාභය රාජපක්‍ෂ ය. ගෝඨා ඊට කැමතිද? වියත් මග ඊට කැමතිද? එළිය ඊට කැමතිද? සිංහල බෞද්ධයන් ඊට කැමතිද? මල්වත්ත අස්ගිරිය  ඊට කැමතිද? කාදිනල් මැල්කම් රන්ජිත් ඊට කැමතිද? මේ කී සියලූ පාර්ශ්ව නොවැම්බරයේ පොහොට්ටුවට කතිරය ගසා බලය දුන්නේ ගෝඨාභය රාජපක්‍ෂටය.

ස්වාධීන කොමිෂන් සභා හරහා කොණ්ඬේ දිග ගැහැනු ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කළ නොහැකි විය. විධායක ජනාධිපති සිරිසේනට අගමැති මාරු කිරීමට තබා පොලිස්කාරයෙකු මාරු කිරීමට ඉඩ නොලැබිණ. එය නරකද? මේ අවස්ථාවේ ඉල්ලා සිටින තුනෙන් දෙක ගැනද යමක් කිව යුතුවේ. පාර්ලිමේන්තුව ඒකමතිකව බල ගැන්වූ 17 වෙනි සංශෝධනය අහෝසි කොට 18 සංශෝධනය පාස් කර ගත්තේ කුලියට ගත් එජාප මන්තී‍්‍ර කට්ටන් ලවාය. 19 වෙනි සංශෝධනයට තුනෙන් දෙක ගෙනාවේ පාර්ලිමේන්තුවේ එකෙක් පමණක් විරුද්ධ වූ අතිබහුතරයක් විසිනි. ඒ ටික නැවත සිද්ධ වෙනවාට රටේ ජනතාව කැමති නැත.

මහින්ද චින්තනය යනු බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම මෙන් ඉතිහාසය ඉරා විසි කළ කොළ කිහිපයකි. යහපාලනයත් වචන හරඹයක් පමණක් බව රනිල් වික‍්‍රමසිංහ තහවුරු කළේය. රනිල් වික‍්‍රමසිංහලා සජිත්ලා පරදවා ගෝඨාභය රාජපක්‍ෂ පත්වුණේ යහ පාලනය අහවර කිරීමට නොවේ.   දේශපාලනඥයන්ගේ අවකල්කි‍්‍රයා නතර කිරීමටය. අවකල් කි‍්‍රයා යනු කුමක්ද? දුලාංජලී පේ‍්‍රමදාස  අත පැවති හොර සල්ලි කොළ සිද්ධියෙන් ඇය බේරුණේ මහින්දගේ අවකල් කි‍්‍රයා හෙවත් නීතිය යටපත් කිරීම  නිසාය. අද සජිත් පේ‍්‍රමදාසලා මහින්දට ණය ය. රනිල්ට එරෙහිව පිටකෝට්ටේ පාර බ්ලොක් කිරීමට යූඇන්පිකාරයන් ආ දවසේ පිටකෝට්ටේ පාරට තාර දැමීමට පාර වසා රනිල් බේරුවේ මහින්ද විසිනි. ඒ උදව්වට රාජපක්‍ෂලාගේ සියලූ දූෂණ රනිල් වික‍්‍රමසිංහ විසින් යටපත් කළේය.

වීරවංශ බේරුවේත් රනිල්මය. අර්ජුන් මහේන්ද්‍රන් රට පටවා නීතියෙන් බේරුවේද රනිල්මය. මේවා අවකල් කි‍්‍රයා වෙයි. ඔවුන් බලය එකිනෙකාගේ වාසියට හුවමාරු කර ගනිමින් සිටිති. ගෝඨාභය දිනූ දවසේම 19 වෙනස් කිරීමට එජාපය කැමති බව ලක්‍ෂ්0මන් කිරිඇල්ල කීවේ ඒ නිසාය. එහි තේරුම් සජිත් ආවත් රනිල් ආවත් 19ට එරෙහිව තුනෙන් දෙක දෙන බවය. ඒ නිසා එන මහ මැතිවරණයේදී එජාපයේ ලක්‍ෂ ගණනක් ජනතා විමුක්ති පෙරමුණට කතිර ගසනවාය. ජවිපෙය ආසන 10ක් ලැබුණත් ඔවුන් ආසන සීයක හයියෙන් විරුද්ධ වෙනවාය. ඒ රටට නීතිය යහ පාලනය උවමනා නිසාය.  රනිල් සජිත් සමග ආසන සියක් දිනුවත් ඒ සියලූ දෙනාම රාජපක්‍ෂලාට අත ඔසවනවාය. රනිල් ආවත් සජිත් ආවත් දෙන්නාම මැදමුලනට හීලෑ අපතයන් බව රහසක් නොවේ. පෝ්ලිං ගස්වා හිරකාරයන් මැරූ කාලය නැවත අවශ්‍ය නැත. X

මේ මගේ රටේ සිංහයා පුකේ!

0

කාලෙකට පස්සේ අපේ කොල්ලෝ ක‍්‍රිකට් සීරීස් එකක් දිනපු සතුට අස්සේ ම, අප‍්‍රසන්න දර්ශනයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වුණා. බීගත් මනුස්සයෙක්, සූරියවැව ක‍්‍රීඩාංගණයේ ලංකාවේ ටීම් එකට චියර් කරමින් මැච් එක බලමින් හිටිය විදේශික තරුණියකට ඇගේ පෙම්වතා ඉදිරියේම තර්ජනය කිරීමයි ඒ. තර්ජනය කරමින් කියා සිටියේ ඇය පොරවාගෙන සිටි සිංහ කොඩිය අයින් කරන්නට කියායි. ඇගේ පෙම්වතා ඇඳ  සිටියේ ද ‘ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්’ ටී ෂර්ට් එකක්. කොඩිය ඇෙඟන් අයින් කරන්නැයි බීගත් මිනිසා ඇගේ  ‘උරහිසට තට්ටු‘ කරමින් කියනවා. ඔහු තරුණියගේ ඇඟට අත තබන විට තරුණයා ඊට විරෝධයක් පෑවා. තරුණයාට ද තර්ජනය කරමින් බීගත් පුද්ගලයා ඒ තරුණියට තර්ජනය කළේ ” ˜‍This is my country (මේ මගේ රට*”  කියමිනුයි. මේ බීගත් නරුමයාට නොතේරෙන්නේ ඒ තරුණිය ද චියර් කරමින් සිටියේ ‘උගේ රටේ’ ක‍්‍රිකට් කණ්ඩායමට බව.

බීගත්ත පිස්සෙකුගේ වැඩක් කියලා ඒ විදේශික ක‍්‍රීඩාලෝලීන් දෙදෙනා හිත හදාගත්තා වෙන්න පුළුවන්. ඒත් ඒක දැක දැක අර පිස්සාගේ ක‍්‍රියාව නතර කරන්න ඉදිරිපත් වෙන්න කාටවත් හයියක් නොතිබුණු එක සුළුකොට තකන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ, එසේ නිහඬව සිටීම සමාජයක් හැටියට අපේ සාමූහික හෘදය සාක්ෂිය ප‍්‍රශ්න කරන නිසා. ඒ සිදුවීම නරඹමින් අවට සිටි ‘පිරිමි’ එක්කෝ ඒ ක‍්‍රියාව අනුමත කළා. එසේ නැත්නම්, ඒ තර්ජනය කළ තැනැත්තා චණ්ඩියෙක් නිසා ඌට විරුද්ධ වෙන්න බය වුණා.

ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජවන හා පිටිය මලල ක‍්‍රීඩා තරගවලට සහභාගි වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජයග‍්‍රහණයෙන් පසුව මාධ්‍යවලට කතා කරන්නේ සිංහ කොඩිය පොරවාගන. ඔලිම්පික් රිදී පදක්කම දිනූ සුසන්තිකා ජයසිංහ තමන්ට චියර් කළ ක‍්‍රීඩාලෝලීන්ට අත වනා ආචාර කළේ ද සිංහ කොඩිය පොරවාගන බව අපට මතකයි. කවුරුත් එය සිංහ කොඩියට හෝ ශ‍්‍රී ලංකාවට කළ අපහාසයක් ලෙස සැලකුවේ නැහැ. ඇය ඊට වඩා වැඩි, මිනිය නොහැකි තරම් ගෞරවයක් ඒ වෙනකොට ශ‍්‍රී ලංකාවට දිනා දී තිබුණා.

නිදහස් උත්සවේ කාලෙට මස්කඩවලත් ලෙලදෙන සිංහ කොඩිය දැන් පූජනීය සංකේතයක් බවට පත්වෙලා. ආගමික සංකේතත් එහෙමයි. දේශයට ආදරය කිරීමයි, ඒ ආදරයේ මුවාවෙන් විදේශිකයෙකුට හෝ සුළු ජාතික පුරවැසියෙකුට තර්ජනය කිරීමයි කියන්නේ දෙකක්. එසේ තර්ජනය කරන්න බොහෝ වෙලාවට යොදා ගැනෙන්නේ ‘ජාතික හෝ ආගමික සංකේත‘.

මැච් එක බලමින් සිටි විදේශික තරුණිය සිංහ කොඩිය පොරවගන සිටියේ තම උරහිස වටා. ඒක සරමක් වගේ ඇඳගන ඒ මත ඉඳගන හිටියේ නැහැ. එහෙම හිටියත් මට නම් වරදක් නැහැ. දේශපේ‍්‍රමය තියෙන්න  ඕන හිතේ. ඒ සංචාරක තරුණ යුවල අපේ ටීම් එකට චියර් කිරීමෙන් ඔවුන් ගෞරව කළේ අපේ කණ්ඩායමට. සමහර විට ඒ පිටුපස තියෙන්නේ, ඔවුන්ගේ සංචාරක කාල සීමාව තුළ තමන් විඳි සත්කාරවලට කෘතගුණ දැක්වීමක් වෙන්න පුළුවන්. ‘මගේ රට’ට ගෞරව කරනවා කියන්නේ කොඩියකට ගෞරව කරනවා කියන එක නෙවෙයි. රටේ පුරවැසියන් ලෙස රට ගැන ගෞරවයක් ඇතිවන පැවැත්මක පිහිටීමයි. එදා ඒ බීගත් මිනිසා කෙළෙසුවේ ආගන්තුක සත්කාර දන්නා මිනිසුන් සිටින්නේ යැයි සුපතළ, නිතර සුහද සිනහවක් මුවඟ රැුඳී මිනිසුන් සිටින්නේ යයි ප‍්‍රචලිත රටක අභිමානය යි. බුදු රුව අතේ පච්චයක කොටාගන සිටි කාන්තාවට හිරිහැර කිරීමෙන් කෙලෙසුවේ ද පිරිසිදු ථෙරවාදී බුදුදහම තියෙනවා යයි අපිම පම්පෝරි ගහන රටේ නම්බුවයි.   

කොහොම වුණත් ‘දේශපේ‍්‍රමය‘ කියන්නේ ම තක්කඩියෙකුට තම තක්කඩිකම වසා වෙස්වලාගන්න පුළුවන් ඇඳුමක්. මිනිසුනට, සතුනට සහ ගහ කොළට ආදරය නොකරන කෙනෙකු තුළ සැබෑ දේශපේ‍්‍රමියෙකු සිටින්නට පුළුවන්කමක් නැහැ. එවැන්නෙකුට දේශපේ‍්‍රමය කියන්නේ ‘අනෙකා’ පෙළීමට ඇති මෙවලමක් පමණයි.

  ”දේශපේ‍්‍රමය කියන්නේ තක්කඩියෙකුගේ අවසාන රැකවරණය” කියලා 1775 දී,  සැමුවෙල් ජොන්සන් කීවෙත් ”දේශපේ‍්‍රමය කියන්නේ දුෂ්ටයන්ගේ ගුණාංගයක්” කියලා ඔස්කා වයිල්ඞ් කිවුවේත් ඒ නිසයි..

ඇත්ත වශයෙන්ම, දේශපේ‍්‍රමය කියන්නේ ගුණධර්මයක් නම්, එය කුමන ආකාරයේ ගුණාංගයක් විය හැකිද කියන එක හරියටම පැහැදිලි නැහැ. දේශපේ‍්‍රමය මගින් ප‍්‍රවර්ධනය කරනු ලබන යහපත කුමක්ද කියන එක ගැන අදහසකුත් නැහැ. නිසැකයෙන්ම දේශපේ‍්‍රමය කියන්නේ බොහෝ විට අපරාධ තාර්කික කිරීම සඳහා යොදා ගැනෙන්නක්. 1963 දී, ඇමෙරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි ඝාතනය කළේ ලී හාවී ඔස්වල්ඞ් කියලා මාක්ස්වාදී ක‍්‍රියාකාරිකයෙක්. ඔහු විශ‍්‍රාමික ඇමෙරිකානු නාවික සෙබළෙක්. (ඒ නිසාම දේශපේ‍්‍රමියෙක්?*. කෙනඩිව ඝාතනය කිරීමෙන් ටික කාලෙකට පස්සේ ජැක් රූබි කියන මැරයෙක් ඔස්වල්ඞ්ව ඝාතනය කළා. රූබි ඒක කළෙත් දේශපේ‍්‍රමී උද්යෝගයකින් බව ඔහු ඇඟවූවේ, ” You killed our President, Rat!” (උඹ අපේ ජනාධිපතිව මරා දැමුවා, මීයා!”* කියමින්. දේශපේ‍්‍රමයේ නාමයෙන් කෙනෙකුට පුළුවන් නීති කඩන්න. මිනී මරන්න.

2018 අවුරුද්දේ අපේ‍්‍රල් මාසෙ හතර වෙනිදට යෙදී තිබුණා රොබට් ප්රෙගර් (Robert Prager * කියන එක්සත් ජනපද පුරවැසියා ඝාතනය කිරීමේ ශත සංවත්සරය. ”දේශපේ‍්‍රමී මිනීමැරුමක්” ලෙස නිල වශයෙන් වාර්තා වෙන එකම ඇමෙරිකානු පුරවැසි ඝාතනය මේ ප්රෙගර් ඝාතනය ලෙස සැලකෙනවා. ජර්මනියේ උපන් ප්රෙගර් ඇමෙරිකාවට සංක‍්‍රමණය වන්නේ වයස අවුරුදු දාහතේදී. එහෙම ඇවිත් ඉලිනොයිස්හි කොලින්ස්විල් නම් කුඩා පතල් නගරයක පදිංචි වෙනවා. ඇමෙරිකාව පළමුවන ලෝක සංග‍්‍රාමයට ඈඳුණාට පස්සේ, ප්රෙගර් ඇතුළු තවත් බොහෝ ජර්මානු- ඇමෙරිකානුවන් ද්‍රෝහීන් සහ ඔත්තු සපයන්නන් ලෙස හංවඩු ගැහුණා. ජනාධිපති වුඩ්‍රෝ විල්සන් තමන්ගේ කතාවකදී ”විදේශීය ධජ යටතේ උපත ලැබූ අපේ ජාතික ජීවිතයේ ධමනි තුළට ද්‍රෝහීකමේ වස විස කාන්දු කළ ඇමරිකානුවන්” ගැන සඳහන් කිරීමත් එක්ක වැඬේ දරුණු අතට හැරුණා. ජනාධිපති විල්සන් තමන්ගේ කතාව අවසන් කළේ ”.. මේ ද්‍රෝහීන්, අරාජිකයන් තුරන් කළ යුතුයි.” කියලා.

එක් බ‍්‍රහස්පතින්දාවක සවස් වරුවේ කොලින්ස්විල්හිදී ඇමෙරිකානු ධජය ඔසවාගෙන යන තුන්සියක පමණ මැර පිරිසක් ප්රේගර්ට පහර දී බලහත්කාරයෙන් නගරය හරහා පාවහන් පවා නොමැතිව පෙළපාළියක ඇදගන ගියා. ‘තරු සහ ඉරි‘ සහිත අමෙරිකානු කොඩිය ඔහුගේ හිස වටා ඔතා දවස පුරා දේශානුරාගී ගී ගායනා කිරීමටත්, එක්සත් ජනපදයට පක්ෂපාතී බවට දිවුරුම් දීමටත් බල කර සිටියා. ඒ රාත‍්‍රිය ගෙවී යද්දී ප්රේගර් ද කැටුව මේ අශ්වාරෝහක පෙරහැර නගරය අද්දර පිහිටි හැක්බෙරි ගසක් මුලට පැමිණුණා. ප්රේගර්ගේ දෑත් ලේන්සුවකින් බැඳ තිබූණා. ගෙල වටා එතුණු තොණ්ඩුවක රැුහැන්පට හැක්බෙරි අත්තක් හරහා ඇදෙමින් ප්රෙගර්ව රාත‍්‍රී අහසට ඇදගන ගියා. ඔහුගේ බෙල්ල කැඞී යද්දී රැුස්ව සිටි සමූහයා රතු, සුදු සහ නිල් වර්ණ වෙනුවෙන් ප‍්‍රීති ඝෝෂා තුනක් (Three Cheers * දුන්නා.

87-89 කාලේ ආණ්ඩුවේ හමුදා මර්දනයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණටත් සිදුවුනා මිනිස් ඝාතන කරන්න. එහෙත් ඒ මිනීමැරීම් සඳහා ඔවුන් විවෘත කළ ගිණුම තමයි ‘දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය’. දේශපේ‍්‍රමයට පුළුවන් මිනීමැරීම් යුක්ති යුක්ත කරන්න.   

පසුගිය කාලේ වුණු දේශපේ‍්‍රමී හිංසන දිහා බලනකොට ඉස්මතුවන තවත් කාරණයක් තමයි, අපේ අයගේ දේශපේ‍්‍රමය බොහෝ වෙලාවට දෝරේ ගලන්නේ කාන්තා සිරුරු මතින් බව. 

කාන්තාවනට හිරිහැර කිරීමේ වුවමනාව සමහරුනට මානසික අවශ්‍යතාවක්. බොහෝ විට එසේ කරන්නේ කාන්තාවකට ඇති සරාගික ආශාවක් නිසා ම නෙවෙයි. තම ආධිපත්‍යය තහවුරු කිරීමේ මෙවලමක් ලෙස කාන්තාව පාවිච්චියට ගන්නයි. කාන්තාවකට එසේ හිරිහැර කිරීමට තමන්ට හිමිකමක් (entitlement) තියෙනවා කියලා සමහර පිරිමි හිතනවා. අත පත ගෑමට හෝ ඇයට නොහොබිනා අසභ්‍ය කතාවක් කීමට තමන්ට හිමිකමක් තියෙනවා කියලා හිතෙන අයට තමන් කරන්නේ වරදක් බව දැනෙන්නේ නැහැ. සිංහ කොඩිය පොරවාගන ඉන්නා තරුණියගේ ඇඟට කිසිදු බියක් සැකක් නැතිව අත තියමින් සිංහ කොඩිය ඉවත් කරගන්න ලෙස ඇයට තර්ජනය කරන්නේ ‘ඇය තමන්ට අයිති භාණ්ඩයක්‘ සේ සලකායි. අපට වගේ නෙවෙයි. සුද්දියෙකුට පිරිමියෙක් නොදැනුවත්ව අහම්බෙන් ගෑ වෙනවා කියන එක මහා දෙයක් නොවන්න පුළුවන්. එහෙත්, තමාගේ අවසරයකින් තොරව කෙනෙක් තම සිරුරට හිතාමතා අත තැබීම කියන්නේ බරපතළ දෙයක්. මෙහිදී සිදුවන්නේ කෙනෙක් තවත් කෙනෙකුගේ පුද්ගලික අවකාශය ආක‍්‍රමණය කිරීමයි. ඔහු ඇගේ පෞද්ගලික සීමාව නොසලකා හරිනවා. අවසරයකින් තොරව ඇගේ පුද්ගලික සීමාව ආක‍්‍රමණය කරනවා.

සමාජ ජාලා කැළඹු සූරියවැව සිද්ධියේ සිනහවට කාරණය සිදු වී තිබුණේ ඒ ක‍්‍රීඩාංගණයේ ම වෙනත් තැනක. ‘මේ මගේ රටේ’ ම තරුණයෙක්, තම පස්ස පැත්තේ කුණු ගෑවෙනවාට දෝ සිංහ කොඩිය බිම් ඇතුරුමක් සේ එලා ඒ මත ඉඳගන තරඟය නරඹන සේයාරුවක් ද සමාජ ජාලා ඔස්සේ දැක ගන්න ලැබුණා. එය ෂෙයා කළ කෙනා රූපයට මාතෘකාව ලෙස යොදා තිබුණේ ‘සිංහයා පුකේ’ කියායි.!

x අශෝක හඳගම

මුස්ලිම්ද, දෙමළද කියලා අහනවා

මන්නාරම් දිස්ත‍්‍රික්කයේ සිවිල් ක‍්‍රියාකාරික : මුජුබර් රහුමාන්

මන්නාරම ප‍්‍රදේශයේ යුද්ධයෙන් අවතැන්වූවන්ගේ ප‍්‍රශ්න විසඳිලාද?

යුද්ධයෙන් අවතැන්වූවන්ගේ ඉඩම් ප‍්‍රශ්න තවම විසඳිලා නැහැ. මන්නාරමේ ඉඳලා අවතැන් වෙලා ගිහින් පුත්තලමේ ජීවත් වුණු මුස්ලිම් ජාතිකයන්ගේ ප‍්‍රශ්න තවමත් තියෙනවා. ඉදිරියට එන්නේ ඡුන්ද කාලයක් නිසා අපි මේ ගැන ප‍්‍රධාන වශයෙන්ම කතා කරන්න  ඕනෑ. මන්නාරමේ ඉඳලා අවතැන් වෙලා පුත්තලමට ගිය පවුල්වලින් සීයයට 55ක් විතර තවම ඉන්නේ පුත්තලමේ. පුත්තලමේ ජීවත් වෙන මිනිස්සු තමන්ගේ ඡුන්දය භාවිත කරනවා නම් මන්නාරමට එන්න  ඕනෑ. ජනාධිපතිවරණයේදී ඡුන්දය භාවිත කරන්න පුත්තලමේ ඉඳලා ආපු මිනිසුන්ට තන්තිරිමලේදී පහරදීලා තිබුණා. දැන් තමන්ගේ ඡුන්දය භාවිත කිරීමට පුත්තලමේ ඉඳලා මන්නාරම නගරයට පැමිණීම ජනතාවට අවදානම්සහගත කාර්යක් වෙලා. මේ ප‍්‍රශ්නයට රජය කිසිම මැදිහත් වීමක් කරලා නැහැ. පුත්තලමේ ඡුන්ද මධ්‍යස්ථානයක් පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දීමක් කරලා තිබුණා. එහෙත් මේ වෙන තෙක් ඒ බව නීත්‍යනුකූලව දන්වලා නැහැ.

අවතැන් වූ අයට ඉඩම් නොදුන් තැන් තියෙනවා නේද?

යුද්ධය වෙලාවේ අතහැරලා ගිය මිනිස්සුන්ගේ ඉඩම් යුද හමුදාව සහ නාවික හමුදාව යටතේ තියෙනවා. ඒ ඉඩම්වල හමුදා කඳවුරු හදලා. යුද්ධය නිමා වෙලා අවුරුදු 10ක් ගතවෙලා තියෙද්දීත් අවතැන් වු අයට තමන්ගේ ඉඩම් ලැබිලා නැහැ. දකුණේ අය කියන්නේ දැන් බලයට පත්වෙලා ඉන්නේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකියන ආණ්ඩුවක්. ඒ නිසා රටේ කවුරුත් ආරක්ෂාව සම්න්ධයෙන් බය වෙන්න  ඕනෑ නැහැ කියලා. මේ ආණ්ඩුව මේ තරම් ආරක්ෂාවට වගකියනවා නම් ඇයි මේ තරම් යුද හමුදා කඳවුරු දාලා තියෙන්නේ. අසරණ මිනිසුන්ට ඒ අයගේ ඉඩම් ලබා දෙන්න පුළුවන්නේ. ඒ මිනිස්සු තමන්ගේ ඉඩම්වල පදිංචි වෙලා. මේ රජයට මල් තියලා වඳීවි.

මන්නාරමේ ගොවීන්ට ගොවිතැන් කිරීම අසීරුද?

ගොවිතැන් කරන්න වතුර නැතිවීම නම් සෑහෙන්න බලපානවා. වතුර  ප‍්‍රශ්නය අපි උතුරේ දේශපාලන නායකයෝ එක්ක කතා කළා. ඒ අය ඉන්පස්සේ අපිට ගොවිතැන් කරන්න වතුර ලබා දෙන්න ක‍්‍රමයක් හදන්නම් කියලා පොරොන්දු වුණා. මල්වතු ඔයෙන් අපිට වතුර ලබා දෙන්න ව්‍යාපෘතියක් ආරම්භ කළා.  මල්වතු ඔයෙන් තන්තිරිමලය හරහා ගලාගෙන එන වතුර මන්දගාමී කරලා. ඒ වතුර ගලා ගෙන එන්න තවත් වැවක් හදලා ඒ වැවෙන් මන්නාරමේ ගොවීන්ට වතුර ලබා දෙන්න තමයි මේ ව්‍යාපෘතියෙන් සැලසුම් කරලා තිබුණේ. ජනාධිපතිවරණයට කලින් රනිල් වික‍්‍රමසිංහ සහ මෛත‍්‍රිපාල සිරිසේන මහත්වරුන් ඇවිත් ඒ ව්‍යාපෘතියට මුල්ගල තිබ්බා. නමුත් මේ වෙන කොට ඒ ව්‍යාපෘතිය නැවතිලා.

පානීය ජලය පහසුකම් තියෙනවාද?

මන්නාරමේ මිනිස්සුන්ට බොන වතුර සම්බන්ධයෙන් විශාල ගැටලූවක් තියෙනවා. උණුසුම වැඩි නිසා ආණ්ඩුවෙන් කියන්නේ මේ කාලේ හොඳට වතුර බොන්න කියලා. මන්නාරම ලංකාවේ උණුසුම වැඩිම ප‍්‍රදේශයක්. එහෙත් අපට බොන්න වතුර ලැබෙන්නේ ඉතා සීමීත විදියට බවුසර්වලින්. අවශ්‍ය ප‍්‍රමාණයට බොන්න වතුර නැතිව අපි පීඩා විඳිනවා. ප‍්‍රදේශීය සභාවෙන් දවසකට එක පවුලකට වතුර ලීටර් 20ක් වගේ ප‍්‍රමාණයක් තමයි බෙදන්නේ. සාමාජිකයන් වැඩි පවුලකට නම් මේ වතුර ලීටර් 20 මදි. පානීය ජලය විකුණන තැන් තියෙනවා. එහෙත් සාමාන්‍ය දුප්පත් මිනිසුන්ට සල්ලි දීලා වතුර ගන්න තරම් වත්කමක් නැහැ. ඒ නිසා මිනිසුන් සෑහෙන්න අසරණ වෙනවා.

ධීවර වෘත්තියට පහසුකම් කොහොමද?

මන්නාරමේ ජීවත්වෙන ධීවරයන්ට තියෙන ප‍්‍රධාන ප‍්‍රශ්නය තමයි ඉන්දියාවේ ධීවරයන් මන්නාරම් මුහුදට ඇවිත් මාළු ඇල්ලීම. ඉන්දියාවේ ධීවරයන් එන්නේ ට්‍රෝලර් යාත‍්‍රාවලින්. ඉන්දියාවෙන් මන්නාරමේ මුහුදේ මාළු අල්ලන ධිවරයෝ පොඩි මාළු පැටවුනුත් අල්ලාගෙන යනවා. අනෙක් එක අපේ ධීවරයන්ගේ දැල් කපලා දාලා යන්නේ. මේ විදියේ සිදුවීම් හැමදාම වාර්තා වෙනවා. හැමදාම ඉන්දීය ධීවරයෝ ඇවිත් මන්නාරමේ මාළු අල්ලනවා. නමුත් අත්අඩංගුවට ගන්නේ ඉතා සුළු ප‍්‍රමාණයක්. කිසිම ආණ්ඩුවකින් මේ ඉන්දීය ධීවරයන් මන්නාරම් මුහුදට පැමිණීම සම්බන්ධයෙන් කිසිම පියවරක් ගත්තේ නැති බව කියන්න සිද්ධවෙනවා. මන්නාරමේ ධීවරයෝ ඉන්දිය ධීවරයන් නිසා සෑහෙන්න දුෂ්කරතාවට පත්වෙලා ඉන්නේ. ඒ නිසා රජය මැදිහත් වෙලා මේ ප‍්‍රශ්නයට ඉක්මනින් විසඳුමක් ලබා දෙන්න  ඕනෑ. මේ තරම් ආරක්ෂාවක් තිබිලාත් ඉන්දීය ධීවරයෝ අපේ මුහුදට ඇවිත් අපේ මාළු ටික අල්ලාගෙන ඉන්දියාවට යනවා. ඇයි මෙහෙම වෙන්නේ කියලා අපිට හිතා ගන්න බැහැ.

උතුරු පළාතේ හමුදා සෝදිසි මාර්ග බාධක වැඩිවෙලාද?

මේ වන විට උතුරේ හැමතැනම හමුදාවෙන් සහ පොලීසියෙන් සෝදිසි මාර්ග බාධක දාලා. ඒ අතරින්  මන්නාරමේ මාර්ග බාධක වැඩියෙන් තියෙනවා. ඒ සෝදිසි බාධක දාන්න හේතුවක් විදියට ඒ අය කියන්නේ මන්නාරමෙන් ලංකාවට මත්කුඩු ගෙන්වන බව. ඒ නිසා මේ විදියට සෝදිසි බාධක දාලා තියෙනවාලූ. ලංකාවේ අනෙක් මුහුදු ප‍්‍රදේශවලිනුත් මත්කුඩු අල්ලනවා. මන්නාරමට විතරක් විශේෂයෙන් සෝදිසි බාධක දාලා සෝදිසි කරන්නේ ඇයිද කියා අපැහැදිලියි. පාස්කු  ප‍්‍රහාරයෙන් පසුව කාලයක් යන තුරු මන්නාරමේ සෝදිසි බාධක දැම්මා. නමුත් ටික කාලයකින් ඒ සියල්ලම ඉවත් කළා. ප‍්‍රහාරයෙන් පසුව කළ පරීක්ෂා කිරීම්වලින් පසුව ප‍්‍රදේශයේ විශාල සෝදිසි මෙහෙයුම්  ඕනෑ වුණේ නැහැ. එහෙත් ජනාධිපතිවරණයෙන් පස්සේ නැවත සෝදිසි මාර්ග බාධක දාලා තියෙනවා. දැන් දැඩි සෝදිසි කිරීම් සිද්ධවෙනවා. ඊට අමතරව හිටපු ගමන් ජංගම සෝදිසි මෙහෙයුම් කරනවා. මොනවා හොයනවාද කියලා අපි දන්නේ නැහැ. සෝදිසි කරන අය අපෙන් අහනවා මුස්ලිම් අය ඉන්නවාද, දෙමළ අය ඉන්නවාද කියලා. අපි දන්නේ නැහැ එහෙම දෙමළ, මුස්ලිම් අය ගැන විශේෂයෙන් සෙවීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා.x

ජනාධිපති කොමිසම අධිකරණය ඉදිරියේ යටත් වූ හැටි

‘ජනාධිපතිවරයා විසින් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීම සඳහා කොමිසමක් පත්කර තිබෙන්නේ ඉතාම යහපත් චේතනාවකින් වුවත්, මෙවැනි අත්තනෝමතික ක‍්‍රියාකලාපයන් හරහා එම කොමිසමේ කොමසාරිස්වරුන් ජනාධිපතිවරයාගේ කීර්තිනාමයටද හානි කරමින් සිටිනවා.’

අලි රොෂාන් හෙවත් නිරාජ් රොෂාන් ඇතුළු විත්තිකරුවන් පස් දෙනකුට එරෙහිව, අලි ඇතුන් පස්දෙනකු නීති විරෝධීව තබාගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව විභාග කරන ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ සභාපති විනිසුරු විකුම් කළුආරච්චි මාර්තු 10 වැනිදා විවෘත අධිකරණයේදී පැවසූ වචනය, ඒ. එම නඩුවට අදාළ පොලිස් පරීක්‍ෂණ ගොනු, දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පත්කර තිබෙන කොමිසමට ගෙනගොස් ඇති බැවින්, ඒවා නොමැතිව මහාධිකරණ නඩු විභාගය පැවැත්වීමට නොහැකි හෙයින්, ඒවා මාර්තු 6 වැනිදා, අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොමිසමේ ලේකම් පර්ල් කේ වීරසිංහ මහත්මියට සිතාසි නිකුත් කර තිබිණ. එහෙත් ඇය එදින ඒවා බාර නොදුන් නිසා, ඇය අත්අඩංගුවට ගෙන 10 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට විශේෂ මහාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කෙළේය. නඩුව කැඳවූ අවස්ථාවේද, අදාළ පරීක්‍ෂණ ලිපිගොනු අධිකරණයට ලැබී නොතිබුණු අතර, කොමිසමේ ලේකම්වරිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර තිබුණේ ද නැත. පොලිස්පතිවරයා වෙනුවෙන් කරුණු දක්වමින් පොලිස් පරීක්‍ෂකවරයකු අධිකරණයට කිව්වේ, අධිකරණ වරෙන්තුවට අනුව, බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පිහිටි කොමිෂන් සභාවේ කාර්යාලයට තමන් ගිය බවත් එහි ලේකම්වරිය නොසිටි බවත්ය.

මේ අනුව, පොලිසිය කොමිෂන් සභාවේ කාර්යාලයට ගිය විට එක්කෝ ඇය එහි සිට නැත. නැතිනම් හිඳිමින් නැති බව කියා තිබේ. ඒත් නැතිනම්, පොලිසියට ඉදිරිපත් නොවන ලෙස ඇයට කිසිවකු උපදෙස් දී තිබේ. මින් නිවැරදි කුමක්ද?

පොලිසියේ පිළිතුර ගැන සිය විරෝධය පළකළ විනිසුරු මඬුල්ල, ‘වීරසිංහ මහත්මිය වැනි රාජ්‍ය නිලධාරිනියක අත්අඩංගුවට ගත නොහැකි පොලිසිය අපරාධ හා ත‍්‍රස්තවාදී ක‍්‍රියාවලට සම්බන්ධ සකකරුවන් අත්අඩංගුවට ගන්නේ කෙසේදැ’යි ප‍්‍රශ්න කෙළේය.

‘මේ කරුණු ගැන සෑහීමට පත්වන්නට අධිකරණයට බැහැ. මේ නිලධාරිනියගේ පත්වීම් බලධාරියා වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය. ජනාධිපති ලේකම් කාර්යාලයට ගියා නම් ඇය පිළිබඳව තොරතුරු හොයාගන්න තිබුණා. එහෙත් තමුන් එහෙම කළේ නැහැ. මේ ක‍්‍රියාව මගින් පොලිස්පතිවරයා අධිකරණ නියෝගයක් ක‍්‍රියාත්මක කිරීම පැහැර හැර ඇති බව පෙනීයනවා. ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් පෙනී යනවා. එම ක‍්‍රියාව තුළින් පොලිස්පතිවරයා රටේ නීතිය අගෞරවයට ලක්කර තිබෙනවා. ඒ තුළින් ඔහු පොලිස් දෙපාර්තමේන්තුව පමණක් නොව මුළු රටම අවාසනාවන්ත තත්ත්වයකට ඇද දමා තිබෙනවා.’ යි සභාපති විනිසුරුවරයා කීවේය. රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ඇමතූ සභාපති විනිසුරු ඔහුගෙන් ‘මේ පරීක්‍ෂණ කොමිසමේ ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් නීතිපතිවරයා නිසි පියවරක් නොගන්නේ ඇයිදැ’යි විමසීය. රජයේ නීතිඥවරයා කීවේ, ඒ සම්බන්ධයෙන් ඉහළ අධිකරණයට ගොස් සහනයක් ලබාගැනීමට නීතිපතිවරයා කටයුතු කරමින් සිටින බවයි.

ජනාධිපති කොමිසම ගැන තවදුරටත් කරුණු දැක්වූ සභාපති විනිසුරුවරයා, ‘පොලිසිය, අල්ලස් කොමිසම සහ නීතිපති දෙපාර්තමේන්තුව යන ආයතනවලින් කරගෙන යන විමර්ශන නීති කටයුතුවලට අගතියක් හා බාධාවක් නොවන පරිදි කටයුතු කළ යුතු බවට කොමිසම පත්කරමින් ජනාධිපති නිකුත්කළ අධිකාර පත‍්‍රයේ සඳහන් කර තිබෙනවා. කොමිසමට අධිකරණ බලයක් තබා අර්ධ අධිකරණ බලයක්වත් නැහැ. එය කොමිසමේ කොමසාරිස්වරුන් හරිහැටි වටහාගෙන නැති බව තමයි අපට පෙනෙන්නේ. අපි කිසි අවස්ථාවක ජනාධිපති කොමිසමේ ලේඛන හෝ තොරතුරු ඉල්ලා සිටියේ නැහැ. මේ නඩුවේ කිසිම විත්තිකරුවකු දේශපාලන පළිගැනීමක් ගැන ඒ කොමිසමට පැමිණිල්ලක් කර ඇත්තේත් නැහැ. අප ඉල්ලා සිටියේ මෙම නඩුවට අදාළව කොමිසම විසින් රැුගෙනගොස් ඇති පොලිස් වාර්තා නඩු විභාගය සඳහා ආපසු ලබාදෙන ලෙස පමණයි.’

විනිසුරු ගනේපොල කීවේ, කොමිසමට අධිකරණ කටයුතුවලට මැදිහත් වන්නට බලයක් නැති බවයි. එහෙත් කොමසාරිස්වරුන් අවබෝධයකින් තොරව කරන අත්තනෝමතික ක‍්‍රියා නිසා අධිකරණය සහ විධායකය අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය වීමේ පසුබිමක් උදාවනු ඇතැයිද ඔහු කීවේය. පටබැඳි විනිසුරුවරයා කීවේ, අධිකරණය නිකුත් කළ වරෙන්තු ක‍්‍රියාත්මක නොකිරීම නිසා පොලිස්පතිවරයා පොලිස් දෙපාර්තමේන්තුව කෙරෙහි පවතින මහජන ගෞරවයද හීන කරගෙන ඇති බවයි. ඔහු තවදුරටත් කීවේ, මහජනතාවට නීතියේ රැුකවරණය ලැබෙන්නේ නීතිය ආරක්‍ෂා වුවහොත් පමණකිය කියාය.

රජයේ ජේ්‍යෂ්ඨ නීතිඥවරයා ඉල්ලා සිටියේ, අධිකරණ නියෝග පැහැර හැරීම ගැන, ජනාධිපති කොමිසමේ ප‍්‍රධානීන්ට හා වැඩබලන පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ කටයුතු කරන ලෙසය. ඒ ගැන තමන්ගේ දැඩි අවධානය දැනටමත් යොමුවී තිබෙන බවද ඉදිරියේදී ඒ ගැන තීරණයක් ප‍්‍රකාශයට පත්කරන බවද සභාපති විනිසුරු ප‍්‍රකාශ කෙළේය.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයාගේ ඉල්ලීමට වැදගත් පදනමක් තිබේ. අධිකරණය වරෙන්තුවක් නිකුත් කළේ, සාමාන්‍ය අපරාධ නඩුවක පාර්ශ්වකරුවකු සඳහා නොවේ. ජනාධිපති කොමිසමක, ලේකම් වන රජයේ වගකිවයුතු නිලධාරිනියක වෙතය. පොලිස්පතිවරයා ඒ වරෙන්තුව නොසලකා හැර ඇත. එය පැහැදිලිවම අධිකරණයේ අධිකාරයට කළ අපහාසයකි. ඒ වාගේම එම නිලධාරිනිය, කිසිම හේතුවක් නොදක්වා අධිකරණය ඉදිරියේ පෙනීසිටීම වුවමනාවෙන්ම මගහැර තිබේ. රජයේ වගකිවයුතු නිලධාරිනියක හැටියට, ජනාධිපතිවරයා පත්කළ කොමිසමක ලේකම් හැටියට, ඇයද අධිකරණය මායිම් කර නැත.

ඊළඟට කොමිසම, අධිකරණය ඉදිරියේ විභාගවන නඩුවලට අදාළ කටයුතු නවත්වන ලෙස නීතිපතිවරයාට නියෝග කර තිබේ. අධිකරණයක නඩුවක පැමිණිල්ල මෙහෙයවන විට නීතිපතිවරයාද සැලකෙන්නේ අධිකරණ නිලධාරියකු වශයෙනි. එවැනි අධිකරණ නිලධාරියකුට සිය වැඩකටයුතු අත්හිටුවන්නැයි නියම කිරීමෙන් කොමිසම අධිකරණයට අයුතු මැදිහත් වීමක් කර නැතිද? මේවා නීතිය ගැන සාමාන්‍ය දැනුමක් තිබෙන අයට වුවද පැහැදිලි කාරණා වෙයි. ඉතින් එවැනි ක‍්‍රියාකාරිත්වයක් අධිකරණයට අපහාස කිරීමක් නොවෙන්නේ කෙසේද?

මාර්තු 12 වැනිදාට ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නැවත වරෙන්තු නිකුත් කළ මහාධිකරණය, යම් හෙයකින් එසේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ නොහැකි නම් පොලිස්පතිවරයා පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනීසිට ඒ බව පැහැදිලි කළ යුතුයැයිද නියම කරන ලදි.

එහෙත්, 11 වැනිදා අපරභාගයේ කොමිසමේ ලේකම් පර්ල් එස් වීරසිංහ මහත්මිය නීතිඥයකු මාර්ගයෙන් මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් වූවාය. ඇයට එරෙහිව කටයුතු නොකරන මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටි ඇගේ නීතිඥවරයා ඒ සඳහා දැක්වූ හේතුව සිත්ගන්නාසුලූ එකකි.

නීතිඥවරයා කිව්වේ, තම සේවාදායිකාව ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ලේකම්වරිය පමණක් බවත් එම කොමිසමේ කටයුතු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඇයට හැකියාවක් නොමැති බවත්ය. එසේම, කොමිසමේ ‘ඉහළ නිලධාරීන්ගේ’ නියෝග මත කටයුතු කිරීමට ඇයට සිදුවී ඇති බවත්ය. මෙම නඩුවට අදාළව කොමිසමේ ඇති ලේඛන අධිකරණයට බාරදෙන ලෙස කළ නියෝගය පිළිබඳව තම සේවාදායිකාව කොමිසමේ ‘ඉහළ නිලධාරීන්’ දැනුවත් කළ බවත්, ඔවුන්ගේ නියෝග හා උපදෙස් මත තම සේවාදායිකාව කටයුතු කළ බවත් දැනුම් දුන් ඇගේ නීතිඥවරයා, කෙසේ නමුත් මෙම නඩුවට අදාළව කොමිසමේ ඇති ලේඛන අධිකරණයට දැන් බාරදීමට හැකි බවද පැවසීය.

ඒ අනුව අදාළ ලේඛන සියල්ල මාර්තු 12 දින තුළ රහස් පොලිසිය වෙත බාර දෙන්නැයි කොමිසමේ ලේකම්වරියට නියෝග කළ ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල, ඇය වෙනුවෙන් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන්නට නියෝග කළේය. සාමාන්‍ය වරෙන්තු කරන ලද පුද්ගලයෙකුගේ වරෙන්තුව ආපසු කැඳවීමේදී බැඳුම්කරයක් නියම කරන නමුත්, ජනාධිපති පරීක්ෂණ කොමිසමට තිබෙන ගරුත්වය සහ ලේකම්වරිය අධිකරණයට ඉදිරිපත් වීම සැලකිල්ලට ගෙන එවැනි බැඳුම්කරයක් නියම නොකරන බවද ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු විකුම් කළුආරච්චි විවෘත අධිකරණයේ සඳහන් කළේය.

ඒ අනුව, අධිකරණය සහ ජනාධිපති කොමිසම අතර මෙතෙක් පැවැති කඹ ඇදිල්ලක පළමු අදියර අවසන් වී තිබේ. ඒ, ජනාධිපති කොමිසම, අධිකරණය ඉදිරියේ දණ නැමීමෙනි. මේ අවස්ථාවේදී ඍජුව ක‍්‍රියාකරමින් මුළුමහත් අධිකරණයේම ගෞරවය ආරක්‍ෂා කර ගැනීම ගැන ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු විකුම් කළුආරච්චි, විනිසුරු ධම්මික ගනේපොළ, විනිසුරු ආදිත්‍ය පටබැඳි මහත්වරුන්ට යුක්තිගරුක මිනිසුන්ගේ ප‍්‍රශංසාව හිමිවිය යුතුය.

දේශපාලන පළිගැනීම් ගැන සොයාබැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පත්කර ඇති පරීක්‍ෂණ කොමිෂන් සභාව, තමන් පත්වූ දා සිට කටයුතු කර ඇති අත්තනෝමතික ආකාරය, පසුගිය දිනවල මහත් විවාදයට බඳුන් විය. අලි රොෂාන්ගේ නඩුවට අදාළ ඉහත ජවනිකා ඒ නාට්‍යයේ එක් කොටසක් පමණි.

කොමිෂන් සභාව පත්කළ පසු, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, අද්මිරාල් ඞීකේපී දසනායක, හිටපු මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ ඇතුළු පිරිසක්, කොමිසමට පැමිණිලි කළහ. ඔවුන් තිදෙනා පුද්ගලයන් පැහැරගෙන යෑම් හා අතුරුදන් කිරීම්, බලපත‍්‍ර නැතිව අලි පැටවුන් සන්තකයේ තබාගැනීම් වැනි අපරාධ සම්බන්ධයෙන් මහාධිකරණය ඉදිරියේ (හරියටම කියනවා නම් ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ ඉදිරියේ* චුදිතයන්ව සිටිනවුන්ය. මේ අයගේ පැමිණිලි බාරගත් කොමිසම මුලින්ම කළේ, තමන් හමුවේ විමසුමට භාජනය වන සිදුවීම්වලට අදාළ නඩු, ඒවා විභාග කෙරෙන අධිකරණ හමුවේ ඉදිරියට ගෙනයෑමෙන් වළකින ලෙස නීතිපතිවරයාට නියම කිරීමය. එහෙත්, නීතිපතිවරයා නිවැරදි තීරණයක් ගනිමින්, හැරෙන තැපෑලෙන්ම කොමිසමට, ‘එය කළ නොහැකියැ’යි නීතියත් කියා දෙමින් පිළිතුරු දුන්නේය. ‘නඩුවක් විභාග කිරීම හෝ පසෙක තැබීම කරන්නේ අධිකරණය විසිනි. ඒ ගැන මැදිහත්වීමට තමාට බලයක් නැතැ’යිද, එසේ කරන ලෙස තමාට නියම කිරීමට කොමිසමට ද බලයක් නැතැ’යිද නීතිපතිවරයා සිය පිළිතුරෙන් කීවේය.

ඉන්පසු ඉදිරියට ආවේ වැඩබලන පොලිස්පතිවරයායි. ඔහු නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේ, කොමිසම හමුවේ විභාග වන පැමිණිලිවලට අදාළ නඩු කටයුතු ඉදිරියට ගෙනයෑමෙන් වළකින ලෙසය. නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාටද නීතිය කියා දුන්නේය.

ඒ අතර, පොලිසිය භාරයේ තිබුණු. තමන් ඉදිරියේ විමර්ශනයට භාජනය වන පැමිණිලිවලට අදාළ ලිපිගොනු කොමිසම රැුගෙන යාමෙන් අලි රොෂාන් ඇතුළු පස්දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව ඉදිරියට ගෙනයන්නට නොහැකි නිසා, කොමිසමේ ලේකම්වරියට, එම ගොනු වහා භාරදෙන්නැයි මුලින් කී නියෝගය නිකුත්කරන්නට අධිකරණයට සිදුවිය.

ඉන්පසු, මාර්තු 6 වැනිදා ජනාධිපති කොමිසම අපූූරු පුවත්පත් නිවේදනයක් නිකුත් කෙළේය. එහි මෙසේ සඳහන්ය.

‘මෙම කොමිෂන් සභාවේ ලේකම් වෙත 2020.3.3 වන දින කොමිෂන් සභාව භාරයේ ඇති ලිපිගොනු කීපයක් ඉදිරිපත් කිරීමට කොළඹ ත‍්‍රිපුද්ගල මහාධිකරණය විසින් දන්වා තිබුණි. එම දැන්වීම මත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ, හිටපු මහේස්ත‍්‍රාත්වරයකු වූ තිළිණ ගමගේ මහතා විසින් මෙම කොමිසමට ඉදිරිපත් කර තිබුණු දේශපාලන පළිගැනීම් පිළිබඳ පැමිණිල්ලට අදාළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ තිබූ ලිපිගොනු කීපයකි.

මේ සම්බන්ධව අද දින කොමිෂන් සභාව නියෝගයක් කරමින්් දන්වා සිටියේ, ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව ස්ථාපිත කරන අධිකාරි පත‍්‍රයට අනුව කොමිෂන් සභාවට ඉදිරිපත් කරන පැමිණිලි පිළිබඳව විමර්ශනයක් හෝ පරීක්‍ෂණයක් හෝ ඒ දෙකම සිදුකිරීමෙන් අනතුරුව රැුස්කරගත් තොරතුරු සහ ඒ මත සකස්කරගනු ලැබූ අතුරු පරීක්‍ෂණයක් හෝ ඒ දෙකම සිදුකිරීමෙන් අනතුරුව රැුස්කරගත් තොරතුරු සහ සකස්කරගත් අතුරු හෝ අවසාන වාර්තා ඉදිරිපත් කළ යුතු වන්නේ අතිගරු ජනාධිපතිතුමා වෙත බැව් දන්වා සිටී.

එකි වාර්තා හෝ යම් තොරතුරු කොටසක් හෝ වාර්තාවේ කොටසක් ඉල්ලා සිටීමට කිසිදු ආයතනයකට හෝ පුද්ගලයකුට නෛතික හැකියාවක් නොමැති වන අතර, එම වාර්තා අතිගරු ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරන තෙක් රහස්‍ය වාර්තා ලෙසට පවත්වාගෙන යන බව කොමිෂන් සභාවේ සභාපති විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා වැඩිදුරටත් එම නියෝගයේ සඳහන් කරයි.

ඒ අනුව, කොමිසමේ තොරතුරු වාර්තා ලේඛන, ලේඛන ගොනු හෝ කිසිම  ඕඩියෝ, වීඩියෝ රෙකෝඩන ඉදිරිපත් කරන ලෙස බල කරමින් හෝ නියම කරමින් කොමිෂන් සභාවේ නිලධාරීන්ට සිතාසි නිකුත් කිරීමට කිසිදු නීතියකින් හෝ රීතියකින් විධානයකින් බලයක් නොමැති බව එම නියෝගයේ සඳහන් කරයි.

එමෙන්ම කොමිෂන් සභාවේ ලේකම් උසාවිය ඉදිරියේ සාක්‍ෂිකරුවකු ලෙස නම් කිරීම හෝ ලේකම්ට සිතාසි නිකුත් කිරීම පූර්ණ වශයෙන් බලයෙන් පිට ක‍්‍රියාවක් ලෙසට කොමිෂන් සභාව තීරණය කරයි.

එවැනි ඉල්ලීමක් කිරීම කොමිෂන් සභාවේ අධිකාරියට අවමන් කිරීමක් සහ එහි වැඩ කටයුතුවලට බාධා පැමිණවීමක් සිදුකරනු ඇති බවත් ජනාධිපති කොමිෂන් සභා පනතේ 10 සහ 12 වගන්තියේ සඳහන් විධාන පරිදි එවැනි ක‍්‍රියා සම්බන්ධයෙන් කොමිෂන් සභාවට තීරණයක් ගෙන ක‍්‍රියා කිරීමට සිදුවන බව අවධාරණය කරයි.

මේ හේතුවෙන් කොමිෂන් සභාවේ ලේකම්වරයා කොළඹ ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු අංක ටීඒබී/504/2019 නඩුවේ සාක්‍ෂිකරුවකු වශයෙන් මෙම කොමිෂන් සභාවේ ලේකම්වරිය පත්කිරීමට නීතිපතිවරයා කටයුතු කිරිම තුළින් ඔහු සිතාමතාම ඉහත කී ක‍්‍රියා කලාපයට ප‍්‍රවේශ වී ඇති බව පෙනීයන බැවින්, උක්ත මහාධිකරණයෙන් ඉල්ලා ඇති ලිපිගොනුවලට අදාළව මෙම කොමිෂන් සභාව ඉදිරියේ විභාග වන පැමිණිලි විභාග කර අවසන් වන තෙක් එකී පැමිණිලිවලට අදාළව පවරා ඇති නඩු ඉදිරියට පවත්වාගෙන යාමෙන් වළකින ලෙසට කොමිෂන් සභාව විසින් මේ වන විටත් නීතිපති වෙත නියෝග කර එකී නියෝගය තවමත් නොවෙනස්ව පවතී.

එසේ හෙයින් එම කරුණු කොමිෂන් සභාවේ දැඩි අවධානයට යොමුවී ඇති අතර කොමිෂන් සභාවේ වැඩ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව උපරිමයෙන් ආරක්‍ෂා කළ යුතු බැවින් එවැනි තත්ත්වයක් ඉතා හොඳින් දැන සිටින නීතිපති හා/හෝ ඔහුගේ බලයලත් නිලධාරීන් මේ අන්දමින් ක‍්‍රියාකිරීම පැහැදිලි ලෙසම කොමිෂන් සභාවේ අධිකාරයට අවමන් කිරීමක් වන අතර, පරීක්‍ෂණ කොමිෂන් සභා පනතේ 10වැනි වගන්තිය යටතේ ක‍්‍රියා නොකළ යුත්තේ මන්ද යන්න කොමිෂන් සභාව ඉදිරියට පැමිණ හේතු දැක්වීමට 2020.03.11 වන දින පෙරවරු 10ට නීතිපතිවරයාට සිතාසි නිකුත්කර ඇති බවට කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.’

කොමිෂන් සභාවේ මේ නියමයට, නීතිපතිවරයා දුන් පිළිතුර කුමක්ද?

11 වැනිදා කොමිෂන් සභාවට නොගොස්, දීර්ඝ ලිපියක් පමණක් යවමින් නීතිපතිවයරයා සඳහන් කෙළේ, ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය මණ්ඩලය ඉදිරියේ තමාගේ ක‍්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් නියෝග දීමට ජනාධිපති කොමිසමට නීතිමය අධිකරණ බලයක්, අධිකාරියක් නැති බවයි.

මේ සියලූ කාරණාවලින් පැහැදිලි වන්නේ තමන්ගේ බල සීමාව ඉක්මවා කටයුතු කරමින් සිටින්නේ ජනාධිපති කොමිසම බවයි. කොමිසමේ ලේකම්වරිය අධිකරණයට ඉදිරිපත් වෙමින් කළ ප‍්‍රකාශය අනුව,  මෙම නඩුවට අදාළව කොමිසමේ ඇති ලේඛන අධිකරණයට බාරදෙන ලෙස කළ නියෝගය පිළිබඳව ඇය කොමිසමේ ‘ඉහළ නිලධාරීන්’ දැනුවත් කර තිබේ. ඇය ඉන්පසු කටයුතු කර ඇත්තේ ‘ඔවුන්ගේ’ නියෝග හා උපදෙස් මතය. ධුරාවලිය අනුව, කොමිෂන් සභාවේ ලේකම්ට ඉහළින් සිටින්නේ කොමිසමේ සාමාජිකයන් පමණකි. එබැවින් ඇය කියන්නේ, ලිපිගොනු භාර නොදී, අධිකරණයටත් ඉදිරිපත් නොවී සිටින්නට ඇයට නියෝග හා උපදෙස් දී ඇත්තේ කොමිසමේ සාමාජිකයන් තිදෙනා බවද?

එහෙත් අවසානයේ සිදුවුණේ කුමක්ද? කොමිසම කී නිසා ලිපිගොනු නොදී සිටි ලේකම්වරිය, අත්අඩංගුවට ගන්නවායැයි අධිකරණය නියෝග කළ පමනින් අධිකරණය ඉදිරියට ගොස්, ලිපිගොනු අධිකරණයට භාරදෙන්නට පොරොන්දු වීමය. ඒ ගැන ඇයට ගෞරව කළ යුතුය. වැදගත් වන්නේ කොමිසම නොවේ. රටේ අධිකරණ පද්ධතියයි. ඉනුත්, ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් සිටින මහාධිකරණය විශේෂය. එවැන්නක් පත්කෙරෙන්නේ සුවිශේෂ නඩු සම්බන්ධයෙන්, නීතිපතිවරයාගේ ඉල්ලීමෙන්, අගවිනිසුරුවරයා විසින් වන බැවිනි.

ජනාධිපති කොමිෂන් යනු අධිකරණ නොවේ. තමාට වුවමනා යම් දෙයක් ගැන තොරතුරු සොයා දෙන ලෙසත් ඒ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කරන ලෙසත් නියම කර ජනාධිපතිවරයා පත්කරන කමිටුවකි. එහි එක් සාමාජිකයකු පමණක්ද, සාමාජිකයන් කිහිප දෙනක්ද සිටිය හැකිය. අවශ්‍ය කාරණය සම්බන්ධයෙන් පුද්ගලයන් ගෙන්වා දිවුරුම් පිට ප‍්‍රසිද්ධියේ හෝ අප‍්‍රසිද්ධියේ හෝ, මාධ්‍ය ඉදිරිපිට හෝ මාධ්‍ය පිටමං කොට හෝ සාක්‍ෂි ගැනීමට, ලිපි ලේඛන කැඳවීමට කොමිසමට හැකිය. කොමිසමේ කාරිය වන්නේ ජනාධිපතිවරයා නියම කළ දිනට, තමන් එකතුකර ගත් සාක්‍ෂි ඇසුරෙන් අතුරු හෝ අවසන් වාර්තා ඉදිරිපත් කිරීමයි. එම වාර්තාව ප‍්‍රසිද්ධියට පත්කරනවාද, නැද්ද යන්න ජනාධිපතිගේ තීරණයකි.

1948 අංක 17 දරන පරීක්‍ෂණ කොමිෂන් සභා පනත මගින් පත්කෙරන මෙවැනි පළමුවැනි කොමිසම පත්කළේ, 1963 ජුනි 28 වැනි දින පිහිටුවූ එස්ඩබ්ලිව්ආර්ඞී බණ්ඩාරනායක ඝාතනය ගැන තොරතුරු සෙවීමට පත්කළ පරීක්‍ෂණ කොමිසම හැටියටය. එහි ඇති සුවිශේෂ කාරණය නම්, කොමසාරිස්වරුන් හැටියට, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විනිසුරු අඩෙල් යුනිස් සහ ඝානාවේ අභියාචනාධිකරණ විනිසුරු ජේඒ මිල්ස් යන විදෙස් විනිසුරුවරුන් කටයුතු කිරීමයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ටී සැමුවෙල් ප‍්‍රනාන්දු සභාපති විය. එදා මෙදා තුර පත්කරන ලද පනහකට ආසන්න කොමිෂන්වලින් නිකුත් කළ වාර්තා එක අතක ඇඟිලි ගණනටවත් සමීප නැත.

එයින් පෙනෙන්නේ, මෙය ජනාධිපතිගේ ‘කරුණු සෙවීමේ වුවමනාවට’ පත්කරන්නක් බවයි. කොමිෂන්් සාමාජිකයන්ගේද වගකීම ඒ වාර්තාව සකසා දීමයි.

එහෙත්, රජයත්, රජයට ගැති මාධ්‍යත් කොමිසම අධිකරණයකටත් වඩා ඉහළට ඔසවා තිබේ. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු මුලසුන හොබවන කොමිසම කටයුතු කරන ආකාරය පුදුම තරමට හිතුවක්කාරය. රටේ අධිකරණ පද්ධතියටත්, නීතියේ පාලනයටත් විටින් විට බාධා පමුණුවමින්, අධිකරණය ඉදිරියේ ඇසෙන නඩුවලට බාධා ඇතිකිරීම සිය දෛනික රාජකාරිය බවට කොමිසම තේරුම් ගෙන ඇතිවාදැයි සැකයක් ඇතිවේ. තමන්ගේ වගකීම සහ වගවීම කුමක්දැයි කොමිසම දැනගත යුතුය. ජ්‍යෙෂ්ඨ අධිකරණ විනිසුරුවරුන් දෙදෙනකු සහ හිටපු පොලිස්පතිවරයකු සිටින කොමිසමට එය කළ නොහැක්කක් නොවේ. එහෙත්, ඒ සීමාව පැන කටයුතු කරන්නට යෑමෙන් කොමිසම අපහාස කරන්නේ, අවමාන කරන්නේ තමන් පත්කළ ජනාධිපතිවරයාටය.x

මේ ගඟ මේ දුරු කතර ගෙවා ඇයි මෙතැනින් සයුරේ ගිලූණේ

0

ඊනියා ජනමතයෙන් ව්‍යවස්ථාව යටපත් කළ හැකිද?

‘නඩුකාර හාමුදුරුවනේ! අනේ අපට ඡුන්දෙ දාන්න ඉඩ දෙන්න’ ලෙස සටහන් වූ ‘ඩබල් ඩිමයි’ පෝස්ටරයක් 2018 නොවැම්බර් මාසයේදී කොළඹ නගරයේ තාප්ප පුරා අලවා තිබිණි. ‘යුතුකම‘ සංවාද කවය විසින් ප‍්‍රසිද්ධ කරනු ලැබූ මේ පෝස්ටරයට නිමිත්ත වූයේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවීමට නියෝග කරනු ලැබීමෙන් අනතුරුව ඒ සම්බන්ධව පැවැති නඩු විභාගයයි.

පාර්ලිමේන්තුව කල් පිරීමට පෙර විසුරුවා හැරීමෙන් ජනාධිපතිවරයා තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බව කියමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 126 දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළහ. මෙසේ අභියෝග කරන ලද්දේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සහ එහි 19 වන සංශෝධනය මගින් විධායක ජනාධිපතිවරයාගේ බලයට පනවා ඇති සීමාවන් මතය. සිවිල් සමාජයේ අතිවිශාල බහුතරයක් මේ මතයට සහාය පළ කළ අතර ඒ වෙනුවෙන් ධෛර්යවන්ත ලෙස පෙනී සිටියහ. ‘යුතුකම‘ සංවාද කවය ඇතුළු විකල්ප සිවිල් සමාජය කියා සිටියේ රටේ පාලනයේ සුජාතභාවය පිළිබඳ අර්බුදයක් පවතින අවස්ථාවේදී ඒ පිළිබඳව අවසන් තීරණය ගැනීම සඳහා පරමාධිපත්‍ය බලය හිමි මහජනතාවට පැවරීම වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පියවර නොවන්නේ ද කියාය.  මෙහිදී තේරුම් ගැනීමේ පහසුව පිණිස සිවිල් සමාජය ප‍්‍රමුඛ යහපාලන බලවේගය ‘රිපබ්ලිකන්වරුන්‘ ලෙසත්, ‘යුතුකම‘ සංවාද කවය ප‍්‍රමුඛ විකල්ප සිවිල් සමාජය ‘ඩිමොක‍්‍රටික්වරුන්‘ ලෙසත් සාවද්‍ය ලෙස හැඳින්වීමට අපට පුළුවන.

මෙම තර්කය කොළඹ වීදිවල පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණය තුළ ද සාකච්ඡුා විය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බල රහිත කරමින් ‘රාජවරෝද්‍යම් සම්බන්ධන් එරෙහිව නීතිපති’ නඩුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිශ්චය මණ්ඩලය ලබා දුන් ඓතිහාසික තීන්දුවේ මේ කාරණය විසඳා ඇත්තේ මෙසේය.

‘නඩුවේ පෙත්සම්කරුවන්ගේ අයැදුම්පත් ප‍්‍රතික්ෂේප කිරීම මගින් ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශනයෙහි දක්වා ඇති පරිදි මහ මැතිවරණයක් පැවැත්වීමට ඉඩ සැලසෙන හෙයින් එයින් මහජනතාවගේ ඡුන්ද බලය බලාත්මක වන බැවින්, මෙම අයදුම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ප‍්‍රතික්ෂේප කිරීම සාධාරණීයකරණය වන බව, මෙම නඩු කටයුත්තට (පසුව* එකතු කරන ලද සමහර වගඋත්තරකරුවන් විසින් ප‍්‍රකාශ කරන ලදි. මෙම කරුණු දැක්වීම නිවැරැුදි නොවේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි විධිවිධානවලට පටහැනිව සිදු කරන ලද පාර්ලිමේන්තුව විසුරුවාහැරීමෙහි ප‍්‍රකාශනයක ප‍්‍රතිඵලයක් ලෙස කැඳවනු ලබන මහ මැතිවරණයක් පැවැත්වීමට අධිකරණය විසින් අවසර දීම මගින් ජනතාවගේ ඡුන්ද බලය බලාත්මක නොවෙයි. එවැනි මහ මැතිවරණයක් පැවැත්වෙනු ඇත්තේ නීති විරෝධීව වන අතර, එයින් ලැබෙන ප‍්‍රතිඵලය විවාදයට තුඩු දෙනු ඇත. මැතිවරණයක් වලංගු වන්නේ එය නිත්‍යනුකූලව පවත්වන ලද්දේ නම් පමණකි. එබැවින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි විධිවිධානයන්ට පටහැණිව සිදු කරනු ලබන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප‍්‍රකාශනයක ප‍්‍රතිඵලයක් ලෙස පැවැත්වෙනු ලබන මහ මැතිවරණයක් මගින් ජනතාවගේ ඡුන්ද බලය සැබෑ ලෙස අභ්‍යාස කිරීමක් සිදු නොවනු ඇත. (රාජවරෝද්‍යම් සම්බන්ධන් එරෙහිව නීතිපති, මූලික අයිතිවාසිකම් නඩු තීන්දුව-85 පිටුව, 3 වන ෙඡ්දයෙහි සිංහල පරිවර්තනය ලියුම්කරු විසිනි.*

ජනප‍්‍රිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී තර්කය පිළිකෙව් කරමින් මේ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලද්දේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමෙන් බවයි. ඒ අනුව ඩිමොක‍්‍රටික්වරුන්ගේ තර්කය පරාජය කරමින් රිපබ්ලිකන්වරුන්ගේ මතය ජය ලබා ඇත.

එක්සත් ජාතික පක්ෂය (එජාප* වනාහි විපක්ෂයේ ප‍්‍රධාන පක්ෂයයි. එමෙන්ම රාජපක්ෂ රෙජීමයෙහි පාලනයට එරෙහිව විපාක්ෂික සහ සිවිල් සමාජ බලවේග පෙළ ගස්වන ලද්දේ එම පක්ෂයේ නායකත්වය කේන්ද්‍ර කර ගෙනය. ‘නිදහසේ වේදිකාව‘ (2009*, ඒකාධිපති වියරුවට එරෙහි ජනතා ව්‍යාපාරය (2010*, විපක්ෂයේ විරෝධය (2011* සහ සමගි බලවේගය (2013* ඒ සඳහා නිදසුන් වෙයි. එමෙන්ම 2015 ජනවාරියේ රාජපක්ෂ පාලනය පෙරළා දැමීමෙන් අනතුරුව, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කරන ලද්දේද එජාප නායකත්වයෙහි මූලිකත්වයෙන් පැවැති ආණ්ඩුව විසිනි. අද වන විට නැවතත් රාජපක්ෂ පාලනයක් මහජනතාවගේ වරමක් ලැබ බලයට පත්ව තිබුණද, එම පාලනයට තමන්ට රිසි පරිදි හැසිරීමට නොදී එහි අතිකරණයන් සීමා කරන ලද්දේ එකී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ මගින් ගොඩ නගන ලද ආයතන ව්‍යුහයෙහි සහ සම්ප‍්‍රදායෙහි ශක්තියෙනි. එයට මෑතම නිදසුන ජනාධිපති විසින් පත් කරන ලද පරීක්ෂණ කොමිෂන් සභාව ක‍්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් නීතිපතිවරයා මෙන්ම ත‍්‍රිපුද්ගල මහාධිකරණය විසින් ප‍්‍රතිචාර දක්වා ඇති ආකාරයයි. එකී ප‍්‍රතිසංස්කරණ සහ එමගින් ගොඩනගන ලද ආයතන පද්ධතිය මගින් ඇති කරන සංවරණ සහ තුලනයන් තම ගමනට බාධාවක් ලෙස ඡුන්දයෙන් පත්වූ විධායක ජනාධිපතිවරයා සලකන බව පෙනෙයි. එබැවින්, මීළඟ පාර්ලිමේන්තු ඡුන්ද විමසීමේදී 2/3 ක බලයක් ලබා ගෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය වෙනස් කිරීම තම අභිප‍්‍රාය බව ඔහු කියයි. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඒ දෑත ශක්තිමත් කිරීම තම බලාපොරොත්තුව බව හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කියයි.

එහෙයින් එයට එරෙහිව එකී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන පද්ධතිය සහ 19 වන සංශෝධනය ආරක්ෂා කර ගැනීම සඳහා පෙරගමන්කරු ලෙස කටයුතු කළ යුත්තේ එජාපය වෙයි. මේ නිසා විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගය හැරුණු විට සෙසු පක්ෂ සහ සිවිල් සමාජ කණ්ඩායම් එජාපය සමග සෘජුව හෝ වක‍්‍රව සන්ධානගතව සිටී යැයි කීම අතිශයෝක්තියක් නොවෙයි. මෙම තතු යටතේ එජාපය බිඳී ගොස් කණ්ඩායම් දෙකක් ලෙස පාර්ලිමේන්තු ඡුන්ද විමසීම තරග කරන තත්ත්වයක් ඇතිවීම ‘රිපබ්ලිකන්වරුන්ගේ‘ කණස්සල්ලට හේතු සාධක වී ඇත. 

පසුගිය සතියේ ලිපියෙන්ද දක්වා ඇති පරිදි විපක්ෂයේ සන්ධානයට එක්ව ඇති බලවේග අලූත් ඒවා නොවේ. ඒවා එජාපයේ නායකත්වය විසින් මෙහෙයවන ලද ඡුන්ද ව්‍යාපාරයකට ‘අලියා‘ ලකුණෙන් ඉදිරිපත්ව ජයග‍්‍රහණය කොට එම නායකත්වය විසින් අග‍්‍රාමාත්‍ය ධුරය දරමින් අමාත්‍යවරුන් වශයෙන් පත් කළ යුතු යැයි ජනාධිපතිවරයාට නිර්දේශ කිරීමෙන් අනතුරුව කැබිනට් අමාත්‍යවරුන් වශයෙන් සාමූහික වගකීමෙන් බැඳී කටයුතු කළ පිරිසකි. ඔවුන් සමග එක්ව සන්ධානයක් ගොඩ නැගීමට අවශ්‍ය මැන්ඬේට් එක හෙවත් අධිකාර බලය පැන නගින්නේ එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව තීරණ ගන්නා මණ්ඩලය වන කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙතිනි. 2020 ජනවාරි 30 වන දින රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින්  යෝජිත සන්ධානයේ නායකත්වය සහ එහිදී එජාපය නියෝජනය කිරීමේ වගකීම විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස වෙත පැවරීමටද, එම් සන්ධානයෙහි තීරණ ගන්නා මණ්ඩලවල බහුතර බලය එජාප නියෝජිතයන්ට ලැබිය යුතු බවද තීරණය විය. යෝජිත සන්ධානයෙහි ප‍්‍රධාන ලේකම් ධුරය දැරීම සඳහා සුදුසු පුද්ගලයෙකු එජාප සාමාජිකයන් අතරින් සන්ධානයේ නායක සජිත් පේ‍්‍රමදාස විසින් නාම යෝජනා කළ යුතු අතර එකී නාම යෝජනාව සඳහා එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාව අවශ්‍ය වෙයි. තරග කරනු ලබන අපේක්ෂකයන් තෝරාගැනීම සඳහා වන නාම යෝජනා මණ්ඩලයේ සභාපතිත්වය සන්ධානයේ නායක සජිත් පේ‍්‍රමදාස විසින් දරනු ලැබිය යුතු අතර සෙසු නිලධාරී මණ්ඩලය එහි සාමාජිකත්වය දරයි. අවසාන නාම යෝජනා ලැයිස්තුවට එජාප නායක රනිල් වික‍්‍රමසිංහගේ එකඟත්වය ලබා ගත යුතු බවද තීරණයේ දැක්වෙයි. ආසන සහ දිස්ත‍්‍රික් සංවිධායකවරුන් පත් කිරීම සම්බන්ධව පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ සන්ධානයේ නායක සජිත් පේ‍්‍රමදාස විසින් සාකච්ඡුා කළ යුතු බවද කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තීරණය කොට ඇත.

එසේ නම් සජිත් පේ‍්‍රමදාස සන්ධානය ගොඩ නැගිය යුතුව තිබුණේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණය ප‍්‍රකාරව වෙයි. එහෙත්, පක්ෂයේ බහුතර සහ සුළුතර කණ්ඩායම් අතර ඝට්ටනය හේතුවෙන් සජිත් පේ‍්‍රමදාස විසින් ගොඩ නගා ඇත්තේ සන්ධානයක් නොව වෙනම දේශපාලන පක්ෂයකි. මින් ඉහත එජාපය සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කර අලියා ලකුණ යටතේ ඡුන්දයට ඉදිරිපත් වූ රවුෆ් හකීම්, රිෂාද් බදියුදීන්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් සහ චම්පික රණවක වැනි නායකයන් කර ඇත්තේ එජාපය වෙනුවට සමගි ජන බලවේගය පක්ෂය සමග අවබෝධතා ගිවිසුම්වලට එළැඹීමයි. මෙහිදී ගැටලූව වන්නේ සමගි ජන බලවේගය සමග  අවබෝධතා ගිවිසුමකට ඇතුළත්වීමට එජාපයට නොහැකි වීමයි. එජාප නායකයාට සහ මහ ලේකම්වරයාට තම පක්ෂයේ වෙනත් සාමාජිකයන් දෙදෙනෙකු සමග අවබෝධතා ගිවිසුමකට ඇතුළත් විය නොහැකිය. එබැවින් එජාපය යෝජනා කරන්නේ එය සමගි ජන බලවේගය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹී ඡුන්දයට තම පක්ෂයේ නම සහ ලකුණ යටතේ ඉදිරිපත් වන්නට සූදානම් බවයි.

නමුත්, මෙම එකඟතාව භාර ගැනීමට සජිත් පේ‍්‍රමදාස ප‍්‍රමුඛ කණ්ඩායම සූදානම් නැති බැවින් ඔවුන් ප‍්‍රකාශ කොට සිටින්නේ තමන් සෙසු පක්ෂ සමග එකව ‘දූරකථනය‘ ලකුණෙන් තරග කරන බවයි. මේ තත්ත්වය යටතේ එජාප ය මැතිවරණ කොට්ඨාස 22 කටම ‘අලියා‘ ලකුණෙන් තරග කිරීමට තීරණය කොට ඇත. එජාප ව්‍යවස්ථාවෙහි 3.3 වගන්තිය ප‍්‍රකාරව ‘පක්ෂයේ ප‍්‍රතිපත්ති පිළිගනිමින් සහ පක්ෂයෙ අපේක්ෂකයන්ට හැකි සියලූ සහයෝගය ලබා දෙමින් කටයුතු කිරීමටත්, එමෙන්ම වෙනත් දේශපාලන ක‍්‍රියාකාරිත්වයකට සහය නොවීමටත් තමන් වගබලා ගත යුතු බව පක්ෂයේ සියලූ පළාත් පාලන ආයතන නියෝජිතයන් වෙත මහ ලේකම්වරයා විසින් මේ වන විටත් දන්වා ඇත. මෙම තීරණයට පටහැනිව ක‍්‍රියාකරන පළාත් පාලන නියෝජිතයන්ගේ පක්ෂ සාමාජිකත්වය පක්ෂ ව්‍යවස්ථාවේ 3.4 වගන්තිය අනුව අහෝසි වනු ඇත. එම තීරණය බහුතරයගේ හිත සුව පිණිස නොවිය හැකි වුවද, තම පක්ෂය සහ පක්ෂයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර ගැනීමට තම පක්ෂ ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීමට එම පක්ෂයට අයිතිවාසිකමක් පවතින බව ඩිමොක‍්‍රටික්වරුන්ට කෙසේ වුවත් රිපබ්ලිකන්වරුන්ට තේරුම් ගත හැකි විය යුතුය.

  • x සුදර්ශන ගුණවර්ධන

විත්තිකරුවන් සමග හෙලූවෙන්

0

‘ඇවන්ගාඞ්’ සභාපති නිශ්ශංක සේනාධිපතිට සහ ‘රක්නා ලංකා’ සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දුට එරෙහි නඩුව සම්බන්ධයෙන් විත්තියෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප‍්‍රතික්ෂෙප කළ කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය එම නඩුව ජුනි මස 04 වැනිදා සිට විභාග කිරීමට 11දා තීරණය කළාය. ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සලසා දීම සඳහා රුපියල් ලක්ෂ 355ක මුදලක් තුටුපඬුරක් ලෙස පිරිනැමීමෙන් හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පනතේ දූෂණය නමැති වරද කළ බවට විත්තිකරුවන්ට විරුද්ධව චෝදනා ගොනු කර තිබේ.

මහාධිකරණ විනිසුරුවරිය එම තීරණය දුන්නේ, අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේම අත්සන නැතිව අධිචෝදනාවක් ගොනුකිරීමට කොමිසමට බලයක් නැතැයි විත්තිකරුවන්ගේ නීතිඥවරුන් කළ කරුණු දැක්වීම පිළිනොගනිමිනි. අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් චෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කිරීම සඳහා ලිඛිත අවසරයක් ලබාදෙමින් අත්සන් කිරීම පරිපාලනමය කටයුත්තක් බවත් ඒ සඳහා කොමිෂන් සභාවේ සියලූ කොමසාරිස්වරුන් අත්සන් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් විනිසුරුවරිය පෙන්වා දුන්නාය.

මේ නඩුවේ විත්තිකරුවකු වන නිශ්ශංක සේනාධිපති, පසුගිය දිනෙක රටේ අධිකරණ ඇමතිවරයා, නිමල් සිරිපාල ද සිල්වා, සමග එකම වේදිකාවක යාබද ආසන දෙකක වාඩිවී සිටියහොත් කොහොමද? ලක්‍ෂ 355ක තුටුපඬුරක් දීම ගැන විත්තිකරුවෙකු රටේ අධිකරණ ඇමති සමග එකට වාඩිවීමෟ එවැනි රටක නීතිය හා නීතියේ පාලනය ගැන කුමන කතාද?

ඒ රටේ ජනාධිපතිවරයාද, ඊට දෙවැනි නැත. ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාග වන නඩුවක, අධිකරණය මගහරිමින් සිටින විත්තිකරුවකු සමග, එනම් වසන්ත කරන්නාගොඩ සමග ඔහු එකට වාඩිවී සිටින විට තත්ත්වය කුමක්ද? ඒ රටේ නීතියේ ආධිපත්‍යයට ඊටත් වඩා අවමානයක්, අපකීර්තියක් අත්කර දිය හැකිද?

මේ නිමිතිවලින් පෙන්වන්නේ රටේ නීතියේ ආධිපත්‍යය ගැන රාජ්‍ය නායකයාත්, අධිකරණ ඇමතිවරයාත් තුට්ටුවකට සලකන්නේ නැති තත්ත්වයක් නම් ඒ වනාහි කුමන රටක්ද? ලංකාවේ කිසිම රාජ්‍ය නායකයකු, අධිකරණ ඇමතිවරයකු මේ ලෙස නඩුවල විත්තිකරුවන් සමග ප‍්‍රසිද්ධියේ එකට සිටි අවස්ථාවක් ඔබට මතක තිබේද?

  • තිවංක සපරමාදු