Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Author: ගාමිණි වියන්ගොඩ

අවරදිග ආවර්ජනා

ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අද්‍යතන ප‍්‍රශ්න(ය* කවරේද? (2) 

අපේ ප‍්‍රධාන ධනපති පක්ෂ දෙක, එනම්, එක්සත් ජාතික පක්ෂය සහ පොදුජන පෙරමුණ (පොහොට්ටුව/ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය* තුළ දෘෂ්ටිවාදීමය අඩංගුව වශයෙන් පවතින්නේ නව ලිබරල්වාදයේ සහ ජාතිකවාදයේ සම්මිශ‍්‍රණයකි. පොදුජන පෙරමුණ ජාතිකවාදය වැඩියෙන් තමන්ගේ පාවිච්චියට ගන්නා අතර, එක්සත් ජාතික පක්ෂය නව ලිබරල්වාදය වැඩියෙන් සිය ප‍්‍රයෝජනයට ගනී. එනම් මේ…

අවරදිග ආවර්ජනා

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අද්‍යතන ප්‍රශ්න(ය) කවරේද? (1) 

මුලින්ම 1977 වසරට යන්න. ලංකාවේ වර්තමානයේ අප මුහුණදෙන ඕනෑම ප්‍රශ්නයක් පැහැදිලි කරගැනීමේ ආරම්භක ස්ථානය 1977 යැයි බොහෝ දෙනා කියති. ඒ සෑම ප්‍රශ්නයකම නිර්මාතෘ වන්නේ ජේ.ආර්. ජයවර්ධන ය යන්න ඒ අයගේ හැඟීමයි. මෙය, ප්‍රශ්නය වටහා ගැනීම සඳහා මතුපිටින් පෙනෙන ඉතා පහසු ඉලක්කයක් සහ පුද්ගලයෙකු වශයෙන් ගත…

අවරදිග ආවර්ජනා

ජනතාව එක පැත්තක, පාලකයන් තවත් පැත්තක? 

මෙය, ජනප‍්‍රිය සමාජවාදී කියමනකි. ලංකා සමසමාජ පක්ෂය සහ ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වැනි සාම්ප‍්‍රදායික වාම පක්ෂත්, රෝහණ විජේවීර ඇතුළු නායකයන් පෙරමුණ ගත් විකල්ප මාක්ස්වාදී පක්ෂත් මේ කාරණය චිරාත් කාලයක් තිස්සේ අවධාරණය කොට තිබේ. ඒ අනුව, පාලක පංතියට විරුද්ධව තමන් ජනතාව සමග පෙළගැසෙන බව ඔවුන් කියන…

අවරදිග ආවර්ජනා

ප‍්‍රශ්නය වවාගෙන කෑම සඳහා විසඳුම මගහැර යාම 

ප‍්‍රශ්නයක් යනු විසඳුමක් අවශ්‍ය කරන දෙයකි. සාමාන්‍ය මනුෂ්‍යයෙකුට තුවාලය ප‍්‍රශ්නයකි. එහෙත් හිඟන්නෙකුට එය ප‍්‍රශ්නයක් නොවේ. මෙය, විශේෂයෙන් හිටපු පාලකයන් සම්බන්ධයෙන් දක්නට ලැබේ. ගෝඨාභය රාජපක්ෂ යනු, පසුගිය රජයේ මහ පරිමාණ ¥ෂණ සහ අපරාධ චෝදනාවන්ට ලක්ව ඇති තැනැත්තෙකි. ඔහුගේ දැන් සිරිත වන්නේ, තමාට අදාළ යම් අපරාධයක් හෝ…

අවරදිග ආවර්ජනා

ඔළුව අවුල් වීම, දේශපාලනඥයාට පමණක් නොව, නීතිපතිවරයෙකුට හෝ කාදිනල්වරයෙකුට වුව අවලස්සන ය 

නිසි බලධාරී ස්ථාන අවුල් වන විට බිහිවන්නේ රිසි බලධාරීන් ය. එවිට, ආයතන සහ පද්ධති යටපත් කොට පුද්ගලයෝ ඉස්මතු වෙති. මේ කියන රිසි බලධාරීන් වැඩි නැමියාවක් දක්වන්නේ, ප‍්‍රමිතියට ගරු කිරීමට වඩා සිතැඟියාවන්ට අනුගත වීමටයි. ඔවුන් නිසඟයෙන් නරක මිනිසුන් නොවිය හැකිය. එහෙත්, අනියම් න්‍යායපත‍්‍ර හේතුවෙන් ඔවුන් විකටයන්…

අවරදිග ආවර්ජනා

දොස්තර මොහොමඞ් ෂාෆි: ලංකාවේ ඩ්‍රේෆුස් 

පාස්කු ත‍්‍රස්තවාදය වැළැක්වීමට ආණ්ඩුවට නොහැකි විය. ඊළඟට, ඒ ප‍්‍රහාරය විසින් ඇති කළ ජාතිවාදී සහ ආගම්වාදී උමතුව මැඩලීමට ආණ්ඩුව අසමත් විය. අස්ගිරියේ මහනායක භික්ෂුවගේ අභද්‍ර ප‍්‍රකාශයට විරුද්ධව කතා කිරීමට කොන්දක් තිබුණේ එක් ඇමතිවරයෙකුට පමණි. අගමැතිවරයා ඒ ගැන වචනයක් කීවේ නැත. බුද්ධ ශාසන ඇමතිවරයා ඒ ගැන වචනයක්…

අවරදිග ආවර්ජනා

මරණ දඬුවම ඉල්ලා සිටීම සහ හිට්ලර් කෙනෙකු ඉල්ලා සිටීම 

මේ ඉල්ලීම් දෙක පසුපසම ඇත්තේ එකම රෝග නිදානයකි. එනම්, මහා අසාර්ථකත්වයකින් සිදුවන මංමුළාවකින් ගොඩඒම සඳහා යම් සමාජයක් ක්ෂණික සහ හදිසි විසඳුමක් කෙරෙහි විශ්වාසය තැබීමට දක්වන ආවේගශීලී ආශාව ය. මෙය අපි පැහැදිලි කර ගමු. මරණ දඬුවම සැලකෙන්නේ රටක අපරාධ මර්දනය කිරීම සඳහා යොදාගත හැකි කාර්යක්ෂම නිවාරකයක්…

අවරදිග ආවර්ජනා

ගල් ගසා බුදුන් නසන අස්ගිරියේ බුද්ධාගම 

ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ ආරක්ෂක අංශ විසින් යාපනේ පුස්තකාලය ගිනි තබා විනාශ කිරීමේ කම්පනය ලංකාවේ විශිෂ්ට කවියෙකු වන එම්. ඒ. නුහුමාන් වරක් කවියට නැගීය. එය, ‘බුදුන් නැසීම’ නම් විය. එම කවිය ගොතා තිබුණේ, කෙනෙකු දුටු සිහිනයක් වශයෙනි. ඒ සිහිනය තුළ, පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කළ…

අවරදිග ආවර්ජනා

පාස්කු බෝම්බකරුවන්ගේ තිඹිරිගෙය ආගම ය (6* 

දේව වාක්‍යය හෝ දේශනා වශයෙන් ගැනෙන සියල්ල, මීට බොහෝ කලකට පෙර විසූ අප වැනි මිනිසුන් විසින්, එදා යුගයේ අවශ්‍යතා සැලකිල්ලට ගෙන සංගෘහිත කරන ලද පෘථග්ජන විශ්වාසයන් මිස, දිව්‍යමය දේවල් නොවන බව, එකී සෑම ආගමක් සහ ශාස්තෘවරයෙකු සම්බන්ධයෙන්ම දක්නට ලැබෙන අතිමූලික සත්‍යයකි. එබැවින් ඉහත කී ශාස්තෘවරයන්ගේ…

අවරදිග ආවර්ජනා

පාස්කු බෝම්බකරුවන්ගේ තිඹිරිගෙය ආගමය 5 

යම්ආගමකින් උගන්වන දෙයක් නොතකා කෙනෙකු අපරාධ කිරීම එකකි. ආගමකින් උගන්වන දෙයක් නිසා කෙනෙකු අපරාධ කිරීම තවත් එකකි. බුද්ධ ධර්මයේ කිසි තැනක ව්‍යංගයෙන් හෝ අන්‍යාර්ථයෙන් හිංසාවට ඉඩක් ඉතිරි කොට නැත. එහෙත්, පසුකාලීනව මහාවංශයේ ඇතැම් ප‍්‍රබන්ධ මත බුද්ධ ධර්මය සංශෝධනය කර ගත් දා පටන්, එනම් බුද්ධ ධර්මය…