Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Author: ගාමිණි වියන්ගොඩ

අවරදිග ආවර්ජනා

පාස්කු බෝම්බකරුවන්ගේ තිඹිරිගෙය ආගම ය 4 

ආගම යනු ඇදහීමකි. එනම්, විශ්වාසයකි. විශ්වාසයක් වැරදි වන්නටත් පුළුවනි. නිවැරදි වන්නටත් පුළුවනි. වැරදි වුවත්, නිවැරදි වුවත්, සමහර විශ්වාස අහිංසක ය. තවත් සමහර විශ්වාස භයානක ය. මා ගෙදරින් එළියට යාමට සැරසෙන අවස්ථාවක, වැස්සකට ඉඩ ඇතැයි විශ්වාස කරන මගේ බිරිඳ මට කුඩයක් අරගෙන යන්නැයි ඇවිටිලි කරයි. මගේ…

අවරදිග ආවර්ජනා

පාස්කු බෝම්බකරුවන්ගේ තිඹිරිගෙය ආගම ය 3 

ආගම් අදහන්නන් සියලූ දෙනා විවිධ අවස්ථාවලදී එකිනෙකාට විරුද්ධව පාවිච්චි කොට ඇති මතවාදීමය සහ ප‍්‍රායෝගික ආයුධ බොහෝ විට එක සමාන ය. දෙවියන් වහන්සේ ගත්තොත්, දේවවාදය මුල් කර ගත් සෑම ආගමක්ම එකම මැවුම්කාර දෙවි කෙනෙකු ගැන විශ්වාස කළත්, ඒ මැවුම්කාර දෙවියන් අදහන ප‍්‍රජාව විසින් දෙවියන්ගේ ස්වරූපය, එක…

අවරදිග ආවර්ජනා

පාස්කු බෝම්බකරුවන්ගේ තිඹිරිගෙය ආගම ය (2) 

බුද්ධාගම, ක‍්‍රිස්තියානිය, හින්දු, ඉස්ලාම් සහ යුදෙව් වැනි සංස්ථාපිත ආගම් අද ඉටු කරන්නේ, මීට පෙර ලිපියේ කියා ඇති පරිදි, ලෝකෝත්තර නිෂ්ඨාවක් සැපයීමට වඩා පුද්ගලයාට සහ ජනවර්ගවලට ලෞකික අනන්‍යතාවක් සපයා දීම බව පැහැදිලිව පෙනෙන්ට තිබේ. මේ අනන්‍යතා සහතිකය කුඩා කල සිට කෙනෙකුගේ පැවැත්ම තුළට කෙතෙක් එන්නත් කොට…

අවරදිග ආවර්ජනා

පාස්කු බෝම්බකරුවන්ගේ තිඹිරිගෙය ආගම ය 1 

21 වැනි දා පාරට පැමිණි පාස්කු බෝම්බකරුවන්, ඔවුන්ගේ විශ්වාසය අනුව, මේ වන විට ‘පාරාදීසයට’ ගොස් ඇති. ඔවුන්ට සහාය වූ සෙසු අන්තවාදීන්ගෙන් අතිබහුතරය මේ වන විට අත්අඩංගුවේ සිටිති. මේ දෙපිරිසම, දෘෂ්ටිවාදීමය වශයෙන් ඔවුන් සමග අනන්‍ය වන තවත් නිර්නාමික පිරිස් සමග එකට ගත්තත්, ලංකාවේ සමස්ත මුස්ලිම් ප‍්‍රජාවෙන්…

අවරදිග ආවර්ජනා

ජාතියේ මළගම ගෝඨාභයට රජ මගුලකි 

අඩුම වශයෙන්, ඝාතනයට ලක්වූ මිනිසුන් හඳුනාගෙන ඔවුන්ගේ සිරුරු භූමදානය කරන තෙක්වත් ඒ මළමිනීවලින් පටු වාසි ගැනීමට බැලීමෙන් වැළකී සිටීම ශිෂ්ට සමාජයක පිළිගත් සිරිතයි. ඊටත් වඩා, යම් ව්‍යසනයකින් වැඩිම වාසි ලබන්නා තමා බව ව්‍යංගයෙන් හෝ හෙළිදරව් වීම නිසා, එකී ව්‍යසනයේ කර්තෘකත්වයෙන් කොටසකුත් තමන්ට බැර වීමට ඉඩ…

අවරදිග ආවර්ජනා

‘සිවිල් සහ දේශපාලනික අයිතීන් සඳහා වන ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය’ යටතේම කලාකරුවෙකුගේ ප‍්‍රකාශනයේ නිදහස පැහැර ගැනීම 

ශක්තික සත්කුමාර ලේඛකයෙකි. කවියෙකි. කෙටිකතාකරුවෙකි. ඔහු දැන් මාසයකට පමණ පෙර ‘අර්ධ’ නමින් කෙටිකතාවක් ලියා ඔහුගේ මුහුණුපොතේ පළකොට තිබේ. මේ කෙටිකතාව තුළ සාකච්ඡුාවට ගැනෙන්නේ, පැවිදි ජීවිතය සහ උපැවිදි ජීවිතයත්, සමලිංගිකත්වයත් ය. මෙය විශිෂ්ට කෙටිකතාවක් නොවේ. විටෙක අපේ ප‍්‍රබුද්ධ යැයි සැලකෙන කෙටිකතාකරුවන් අතින් පවා ලියැවෙන සාමාන්‍ය කෙටිකතාවකි….

අවරදිග ආවර්ජනා

ඒ ඇත්තන්ගේ විත්ති: මහින්දගේ ඇවැස්ස මස්සිනා ජාලිය වික්‍රමසූරිය 

ඔහුගේ නම ජාලිය චිත්‍රාන් වික්‍රමසූරිය ය. නෑ කමින්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඇවැස්ස මස්සිනා ය. රාජපක්ෂ පාලන කාලයේ ලංකාව නියෝජනය කරමින් ඇමරිකාවේ සිටි ශ්‍රී ලංකා තානාපතිවරයා ය. ලංකාව, හොරකම් කළ හැකි රටකි. ඇමරිකාවත් හොරකම් කළ හැකි රටකි. එහෙත් රටවල් දෙක අතර ප්‍රධාන වෙනසක් තිබේ. ලංකාවේ…

අවරදිග ආවර්ජනා

යහපාලකයන් නැති යහපාලනයක් 

යහපාලනය සඳහා මූලික කොන්දේසි තුනක් ප්‍රධාන වශයෙන් හඳුනා ගත හැකිය. පළමුවැන්න වන්නේ, යහපාලනික පද්ධති ජාලයක් පැවතීමයි. දෙවැන්න වන්නේ ඒ පද්ධති නිසියාකාරයෙන් හැසිරවීමට උරදෙන යහපාලකයන් සිටීමයි. තෙවැන්න වන්නේ, එවැනි යහපාලකයන් බිහි කළ හැකි සමාජයක් තිබීමයි. මේ ලිපියේ සාකච්ඡා කෙරෙන්නේ පළමු කාරණා දෙක ගැන පමණි. මේ යහපාලනික…

අවරදිග ආවර්ජනා

ජනවාරි උරුමය ගැන ජනපතිගේ අඳෝනාව 

ප‍්‍රතිපත්තියක් වෙනස් වීම විවිධාකාරයෙන් සිදුවිය හැකිය. එහෙත් ප‍්‍රධාන වශයෙන් එහිදී දෙයාකාරයක් දක්නට ලැබේ. එකක් වන්නේ, පවතින විෂයබද්ධ තත්වයන් කැපී පෙනෙන වෙනසකට භාජනය වී ඇති අවස්ථාවක, අලූත් තත්වයන් යටතේ ප‍්‍රතිපත්ති යළි සකස් කර ගැනීමට කෙනෙකුට සිද්ධ වීමයි. දෙවැන්න වන්නේ, විෂයබද්ධ තත්වයේ වෙනසක් ඇතිව හෝ නැතිව, හුදු…

තවත් ‘ජාතික ආණ්ඩුවක්’ යනු යහපාලනික සාරයට වෙට්ටු දැමීමකි 

2015 දී ‘ජාතික ආණ්ඩුවක්’ පිහිටුවා ගැනීමට හේතුවක් තිබුණි. එදා, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දුන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනත්, එක්සත් ජාතික පෙරමුණට නායකත්වය දුන් රනිල් වික‍්‍රමසිංහත් ‘යහපාලනය’ සම්බන්ධයෙන් සිටියේ දළ වශයෙන් එක මතයක ය. ඒ මතය ක‍්‍රියාවට නැගීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර මතභේද පැවතියත්, ප‍්‍රතිපත්තිමය වශයෙන් අවම…