No menu items!
27.3 C
Sri Lanka
5 November,2026

ශිරාන් බාසික්ගේ රැඳවුම් කොන්දේසි ගැන සොයා බලා වාර්තා කරන ලෙස අභියාචනාධිකරණයෙන් නීතිපතිට නියෝගයක්

Must read

රැඳවුම් භාරයේ සිටින  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව පැවසෙන  ශිරාන් බාසික්ට නිවසින් ලබාදෙන ආහාර ලබාගැනීමට සහ ඔහුගේ නීතිඥවරුන් හමුවීමට අවස්ථාව ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බලා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (05) නීතිපතිවරයාට නියම කර ඇති බව වාර්තා වේ.

ශිරාන් බාසික් රඳවා තබා ගැනීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම අද විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබේ. පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් නිකුත් කරන ලද රැඳවුම් නියෝගයක් යටතේ ශිරාන් බාසික් මේ වන විට රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බව වාර්තා වේ.

ඒ අනුව ඔහුට නිවසින් ආහාර ලබාගැනීමට සහ නීතිඥවරුන් හමුවීමට අවස්ථාව සැලසිය හැකිද යන්න පිළිබඳව සොයා බලා අධිකරණයට කරුණු වාර්තා කිරීමට නීතිපතිවරයාට නියම කර ඇත.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි