No menu items!
27.3 C
Sri Lanka
5 November,2026

හිටපු උතුරු මැද ආණ්ඩුකාර මහීපාල හේරත් ඉන්ධන අක්‍රමිකතාවට රුපියල් ලක්ෂ 11.7ක් ගෙවයි

Must read

හිටපු උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා විසින් අයථා ලෙස භාවිත කළ බවට චෝදනා එල්ල වූ ඉන්ධන ලීටර් 11,320ක වටිනාකම වන රුපියල් මිලියන 1.17ක (රුපියල් 11,70,000ක) මුදල ගෙවා පියවා තිබේ.

විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විගණනයකදී හිටපු ආණ්ඩුකාරවරයා ඉන්ධන ලීටර් 11,320ක් භාවිත කිරීම චක්‍රලේඛ උපදෙස්වලට පටහැනි බව පෙන්වා දී තිබිණි. ඒ අනුව අදාළ මුදල අයකර ගන්නා ලෙස පළාත් සභාවට උපදෙස් දී තිබේ.

හිටපු ආණ්ඩුකාරවරයා අදාළ මුදල මුදල් වශයෙන් ගෙවා පියවා ඇති බව උතුරු මැද පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් අරුණ රවී මහතා මාධ්‍ය වෙත නොවැම්බර් 04 ප්‍රකාශ කර ඇත. මෙම අක්‍රමිකතාවට වගකිව යුතු නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද විගණකාධිපති දෙපාර්තමේන්තුව දැනුම් දී තිබිණි.

කෙසේ වෙතත්, අදාළ නිලධාරීන් මේ වන විට සේවයෙන් විශ්‍රාම ගොස් ඇති බැවින් ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි බව නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා සඳහන් කර ඇත.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි