No menu items!
23.6 C
Sri Lanka
8 December,2024

2023 දී මන්ත්‍රීවරුන් 10ක් බදු රහිත වාහන ගෙන්වලා

Must read

ලසන්ත රුහුණගේ

රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් වාහන ආනයනයට සීමා පනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් ලබාදීම අත්හිටුවූ බව කියනු ලැබූ තත්වයක් යටතේ තීරු බදු රහිත බලපත්‍ර යටතේ 2023 වර්ෂයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10ක් වාහන ආනයනය කර ඇති බව අනාවරණය වේ.

ඒ බව අනාවරණය වන්නේ ශ්‍රී ලංකා රේගුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 2023 වර්ෂයට අදාළ කාර්යසාධන වාර්තාවේ ඇතුළත් තොරතුරු මගින්ය. එම තොරතුරු අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් තීරු බදු රහිත වාහන බලපත් යටතේ වාහන ගෙන්වීම සඳහා පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 10 දෙනෙකුට අවසර හිමි වී තිබේ.

තීරු බදු රහිත වාහන බලපත් සඳහා අවසර ලබාදෙන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ඉල්ලීම් කළ අතර හිටපු ජනාධිපතිවරයාගෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයකු වාහන බලපත් සඳහා අවසර ලබාදෙන ලෙස කරන ඉල්ලීමක වීඩියෝ දර්ශනද අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

එම වාර්තාවට අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ යටතේ නිකුත් කරන ලද වාහන බලපත්‍ර 5144ක්, සාමාන්‍ය වාහන බලපත්‍ර 194ක්, විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ වාහන බලපත්‍ර 1ක්, පළාත් සභා යටතේ වාහන බලපත්‍ර 1397ක් බදු නිදහස් කිරීම් යටතේ එම වර්ෂයේදී ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ.

ඊට අමතරව 2023 වර්ෂයේදී කිරිපිටි සම්බන්ධයෙන් අවස්ථා 613කදී, උණ ලී සම්බන්ධයෙන් අවස්ථා 18කදී, තිරිඟු පිටි සම්බන්ධයෙන් අවස්ථා 716කදී, ගෑස් හා තෙල් සම්බන්ධයෙන් අවස්ථා 770කදී බදු නිදහස් කිරීම් ලබාදී ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති සඳහා බදු නිදහස් කිරීම් 3ක්ද, නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති සඳහා බදු නිදහස් කිරීම් 55 ක්ද, මහමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති සඳහා බදු නිදහස් කිරීම් 5 ක්ද, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ව්‍යාපෘති සඳහා බදු නිදහස් කිරීම් 58 ක්ද, උමා ඔය ව්‍යාපෘතිය සඳහා බදු නිදහස් කිරීම් 20 ක්ද, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ව්‍යාපෘති සඳහා බදු නිදහස් කිරීම් 31 ක්, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ව්‍යාපෘති සඳහා බදු නිදහස් කිරීම් 22 ක්, තාක්ෂණ අමාත්‍යාංශයේ ව්‍යාපෘති සඳහා බදු නිදහස් කිරීම් 1 ක්, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ව්‍යාපෘති සඳහා බදු නිදහස් කිරීම් 233 ක්, ලංකා විදුලි බල මණ්ඩලයේ ව්‍යාපෘති සඳහා බදු නිදහස් කිරීම් 65 ක්, අනෙකුත් අමාත්‍යාංශවල ව්‍යාපෘති සඳහා බදු නිදහස් කිරීම් 178 ක් ද ලබාදී ඇත.

ඊට අමතරව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට බදු නිදහස් කිරීම් 14ක් ලබාදී ඇති අතර බදු නිදහස් ලැයිස්තුව යටතේ බදු නිදහස් කිරීම්ද, බදු සහන ලැයිස්තුව යටතේ බදු සහනද ලබාදී තිබේ.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි