ලසන්ත රුහුණගේ
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තමා තරග නොකරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය. ඔහු ඒ බව පැවසුවේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඔහු තරග කරනවාද නැද්ද යන්න හා ඒ කිනම් පක්ෂයකින්ද යන්න පිළිබඳ කළ විමසීමේදීය.
ඔහු ඉදිරි මහා මැතිවරණයට තරග නොකළද ඔහුගේ දරුවෙකු තරග කිරීමට නියමිත දැයි කළ විමසීමේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසුවේ ඔහුගේ දරුවන්ට මැතිවරණයට ඉදිරිපත් වීමට අදහසක් නොමැති බවයි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන ශ්රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය. එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ පිරිසෙන් මේ වනවිට එම පක්ෂයේ ඉතිරි වී සිටින්නේ සු`ඵ පිරිසක් පමණය.