No menu items!
27.9 C
Sri Lanka
22 June,2024

සංවර්ධන කමිටු 4ක සභාපති මම කතානායක කියයි

Must read

තමා වැලිගම, වැලිපිටිය, මුලටියන හා තිහගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරේ සංවර්ධන කමිටුවල සභාපති ධුරය දරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන විශ්වාසභංග යෝජනාවෙන් පසු පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා ඇත.

ඔහු ඒ බව පවසා ඇත්තේ වැලිගම සංවර්ධන කමිටුවේ සභාපති ධුරය දරන බවට කරන චෝදනාව අර්ධ සත්‍යයක් බව පවසමින්ය. එමෙන්ම වැඩිදුරටත් එහිදී ප්‍රකාශ කර ඇත්තේ මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේද ඔහු සාමාජිකයෙකු බවයි.

සංවර්ධන කමිටු යනු ප්‍රදේශයේ මාර්ග, වාරිමාර්ග, යටිතල පහසුකම් හා සුභසාධන කාර්යයන් සලසන යාන්ත්‍රණ වන බවද, ඔහු කුමන තනතුරේ කටයුතු කළද ඔහුට ඡන්දය දුන් ජනතාව කිසි දිනෙක අමතක කර නැති බවද ප්‍රකාශ කර ඇත.

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි