No menu items!
22.5 C
Sri Lanka
19 May,2024

ව්‍යවස්ථා සභාව නිර්දේශ හා අනුමත කිරීම් සඳහා රීති හදයි

Must read

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් එම සභාවේ කර්තව්‍ය හා වෙනත් කරුණු සම්බන්ධයෙන් රීති අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත. ඒ එම සභාවේ සභාපතිවරයා විසින් පසුගිය දෙසැම්බර් 31 වැනිදාය.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති කොමිෂන් සභාවලට නිසි සුදුසුකම් ඇති සාමාජිකයන් හා සභාපතිවරුන් පත් කිරීම යටතේ සඳහන් කර ඇත්තේ කොමිෂන් සභා සභාපතිවරයා වශයෙන් තුන්දෙනෙකුගේ නම් ජනාධිපතිවරයාට නිර්දේශ කරන බවයි.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිශ්චිතවම සඳහන් යම් ධුරයක් සඳහා පත්කරනු ලැබිය යුතු තැනැත්තන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් කරන ලද නිර්දේශ සලකා බැලීම සහ එම නිර්දේශ අනුමත කිරීම හෝ අනුමත නොකිරීම කරනු ලැබිය යුතුය යන්නය.

තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ වෙනත් යම් ලිඛිත නීතියක් මගින් කලින් කලට එම සභාව වෙත පනවනු ලබන හෝ පවරනු ලබන වෙනත් යම් කාර්ය හෝ කර්තව්‍ය ඉටුකරනු ලැබිය යුතුය යන්නය.

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි