No menu items!
23 C
Sri Lanka
14 September,2024

අදානි ව්‍යාපෘතිය නීති විරෝධියි

Must read

මෙගාවොට් 500ක සුළං බල ව්‍යාපෘතියක් සඳහා ඉන්දියාවේ අදානි සමූහය සමඟ අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම නීති විරෝධී බැවින් ඉන් ඉවත් වන ලෙස හා එසේ නොවුණහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා සුළං බල සංගමය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරියට දැනුම් දී තිබේ.

ජුනි 02 සහිතව යොමුකර ඇති එම දැනුම්දීමේ සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා විදුලි බල පනත අනුව විශාල විදුලි බල ව්‍යාපෘති ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව ස්වේච්ඡා යෝජනා මත ලබාදිය නොහැකි බවත්, ලබා දෙනවානම් එසේ ලබාදිය හැක්කේ ආණ්ඩු දෙකක් අතර සිදුකරන ගනුදෙනුවකදී පමණක් බවත්ය. එහෙත් අදානි සමාගම යනු ඉන්දීය රජයට අයත් සමාගමක් නොවන බවත් එය එම රටේ ඇති පෞද්ගලික සමාගමක් බවත් එහි සඳහන් කර තිබේ.


එමෙන්ම ශ්‍රී ලංකාවේ සුළං බලය සම්බන්ධයෙන් ඇති ඉතාම වටිනා ස්ථාන වන මන්නාරම හා පුනරීන් යන ප්‍රදේශවල මෙම ව්‍යාපෘතියට ඉඩ ලබාදී ඇති බවත්, ඒ සඳහා ඉදිරිපත් කර ඇති ඒකකයකට ඇමරිකානු ඩොලර් 7.55ක් යන මිල ලෝකයේ එවැනි ව්‍යාපෘති සමඟ ගත්කළ ඉතා ඉහළ අගයක් බවත්, දේශීය සුළං බල නිෂ්පාදකයින් ඒ සඳහා ඇමරිකානු ඩොලර් 5ක මුදලක් ඉදිරිපත් කළද එය ප්‍රතික්ෂේප කළ බවද එහි සඳහන් කර තිබේ. එමෙන්ම ඇමරිකානු ඩොලර්වලින් මෙම මුදල් ගෙවීමට සිදුවීම නිසා විදේශ විනිමය විශාල ප්‍රමාණයක් රටින් පිටවීමට නියමිත බවද එහි සඳහන් කර තිබේ.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි